IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඝාතනයට හවුල් නැතැයි තංගල්ල හිටපු සභාපතිත් කියයි

තමාගේ චරිතය හා දේශපාලන ජීවිතයට හානි කිරීම සඳහා තම දේශපාලන හතුරන් තමා කුරාම් ෂේක් මිනී මැරුමට සම්බන්ධ කර ඇතැයි ද, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ ප්‍රකාශ කළේය.

හිටපු සභාපති මෙසේ ද කීවේය.

මා දේශපාලනයට ආවේ වයස 24දි. කුරාම් ෂෙයික් සමග හෝ ඔහුගේ පෙම්වතිය සමඟ මගේ තරහක් නෑ. එදා ඔවුන් සමඟ ගැටුමක් ඇති වුණෙත් නෑ. වික්ටෝරියා දූෂණය කළෙත් නෑ. කුරාම් ඝාතනයට මගේ වගකීමකුත් නෑ.

පළමු වැනි සැකකාර ලහිරු කැලුම් ද විත්තු කූඩුවේ සිට ප්‍රකාශයක් කළේය.

එදා - 2011.12.24 වැනි දා- මා හෝටලයට ගියේ නත්තල් සාදයේ නටන්නයි. 150ක් පමණ එහි සිටියා. විදේශිකයනුත් හිටියා. ශාලාවේ හරියට එළිය තිබුණේ නෑ. රෑ 12ට පමණ රතිඤ්ඤා පත්තු වුණා. ගෝරියක් ගෝරියක් යනුවෙන් කවුද කෑ ගැහුවා. මා කිසිවකුටත් ගැහුවේ නෑ. කුරාම්ටවත් ඔහුගේ පෙම්වතියටවත් ගැහුවේ නෑ. අනිත් අය සමඟ මාත් දිව්වා. පසුව මා පොලිසියට ගියා. පසුවදා පියාත් නීතීඥයකුත් මා සමඟ ආවා. එදා රෑ පොලිසියෙන් මා රහස් පොලිසියේ ජගත් රෝහණට භාර දුන්නා.

ඔහු මගේ අත් පා බැන්දා. ඇසුත් බැන්දා. කොහේදෝ රැගෙන ගියා. පහර දුන්නා. පසුදා හෝටලයට ගෙනාවා. මූ තමයි මිනිහා කියා පොලිසිය එහිදී කිව්වා. පසුව උසාවියෙදි මා රිමාන්ඩ් කළා.

දෙවැනි සැකකාර සමන් දේශප්‍රිය මෙසේ කීවේය.

‘මම දෙදරු පියෙක්. හෝටලයට එදා ගියේ මුල් වතාවටයි. මටත් පොල්ලකින් කවුදෝ ගැහුවා. යකෝ මොනවන බලන්නේ කියා කවුදෝ මගෙන් ඇහුවා. කුරාම් මරා දමා ඇති බව දැනගත්තේ පහුවැනි දා.

සිව්වැනි සැකකාර ප්‍රදීප් චතුරංග සිය ප්‍රකාශයෙන් මෙසේ කීවේය.

‘කුරාම්ගේ පෙම්වතිය මම දූෂණය කළේ නැහැ. එතන රණ්ඩුවක් ඇති වුණු බව දැක්කා. බෝතල්වලින් ගහ ගත්තා. බෝතල් බිඳී තිබුණා.

පස් වැනි සැකකාර සරත් සහන් මෙසේ කීවේය.

‘මට උපාධියක් තිබෙනවා. දහම් පාසලෙත් උගන්වා තිබෙනවා. මම මානව සම්පත් කලමනාකරුවෙක්.‘

 ප්‍රගීත් චතුරංග නම් සැකකරු ද විත්ති කූඩුවේ සිට පැවසුවේ තමා මේ අපරාධයට හවුල් නොවූ බවයි.

අඟහරුවාදා (08) පැමිණිල්ලේ දේශන ඇරැඹීමට නියමිතය.



අදහස් (0)

ඝාතනයට හවුල් නැතැයි තංගල්ල හිටපු සභාපතිත් කියයි

ප්‍රසා Monday, 07 July 2014 06:37 PM

එතකොට මිනිහටම ගහගෙන කෙල්ලත් දුෂණය කරලා මරුණ.(අ)

:       0       0

දිසාල් Tuesday, 08 July 2014 05:50 AM

අහිංසකයෝ ටික පව් නේද? (නි)

:       0       0

ඉන්දික Monday, 07 July 2014 06:44 PM

අනේ පව්, මට මේ කතා කියවන කොට හරියට දුක හිතුනා. කා ගැනවත් නොවේ, අහිංසක මහජනතාව ගැන. මිනී මැරුම්, දුෂණ වලට අපේ ගරු අදිකරණයෙන් දෙන තීන්දුව දෙස ලෝකයම බලා සිටී. යලි මෙවැනි දේ නොකිරීමට දැඩි දඩුවම් දෙන්න. (නදී)

:       0       0

කමල් Tuesday, 08 July 2014 05:51 AM

විත්තිකරුවන්ගේ ප්‍රකාශ වලින් පෙනෙන්නේ මෙම මිනීමැරුමට වගකිවයුත්තේ පිටසක්වල ජීවීන් කොටසක් බවද? මේ අහිංසකයන්ට චෝදනා කිරීම උගුලක් වෙන්න ඇති නේද? මේ බලවේගයන්ට මුහුණදීම සඳහා දෑත් ශක්තිමත් කිරීම මේ අවස්ථාවේ අපි කාගේත් යුතුකමක්. (නි)

:       0       0

ලොයිඩ් Monday, 07 July 2014 06:45 PM

එතකොට අපිද කුරාම් මරා පෙම්වතිය දුෂණය කලේ (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 08 July 2014 05:53 AM

ඉස්සර කොහොමට තිබුන තංගල්ලද අද මෙහෙම වෙලා තියෙන්නේ? (නි)

:       0       0

දම්මලගේ කුමාර Monday, 07 July 2014 06:45 PM

දැන් එතකොට අපිද මිනී මැරුවේ (නදී)

:       0       0

විපුල Monday, 07 July 2014 06:48 PM

පොඩි බබාල ටික, ලබන අවුරුද්දේ මොන්ටිසෝරියට දාන්න ඕනෑ. පොත් බෑග් සහ කිරි බෝතල් ගන්නේ කොහොමද? (නදී)

:       0       0

ගිහාන් Tuesday, 08 July 2014 10:21 AM

රට කරවන නායකයෝ මේවට වග කියන්න ඕන ඍජුවම. (දී)

:       0       0

කුමාරසිරි Monday, 07 July 2014 06:49 PM

දැන් එතකොට මිනි මරලා ගැණු දුෂණය කරලා තියන්නේ අපි ද? (නදී)

:       0       0

විදුෂ Monday, 07 July 2014 06:51 PM

අනේ කොපමණ අහිංසක වැදගත් උදවියටද මේ අද්භූත චෝදනා නගලා තියෙන්නේ. දහම් පාසලේ උගන්වන උපාධිදාරී උදවිය ස්ත්‍රී දුෂණ කරාවිද ? ඔන්න බලන්න අපේ ප්‍රාදේශීය තුමාලා අමාරුවේ දාන්න කවුදෝ ගුණමකු කෙනෙක් හදපු උගුලක් මේක. (නදී)

:       0       0

සුදත් ශ්‍රී Monday, 07 July 2014 06:54 PM

එතකොට කුරාම් තම පෙම්වතිය දූෂණය කරලා, බෝතලයක් බිඳල අරන් ඇන ගත්ත කියලද කියන්නේ? මේ රැලට උපරිම දඬුවම් ලැබෙන්න ඕනෑ. (නදී)

:       0       0

මොහොමඩ් Tuesday, 08 July 2014 06:36 AM

මේ ගැන මුලු ලෝකයක්ම බලාසිටින බව මතක තබාගන්න (නි)

:       0       0

ගයානි Tuesday, 08 July 2014 06:57 AM

දැන් මේකට වරදකරු කවුද? (නි)

:       0       0

රංග Monday, 07 July 2014 07:08 PM

දැන් එතකොට මේක කියවන අපි තමා කුරාම් ව මරල එයාගෙ කෙල්ලව රේප් කරල තියෙන්නෙ..එහෙමද? (අ)

:       0       0

නුවන් Monday, 07 July 2014 07:10 PM

සුප්පුව ගෙනල්ල මෙයාට කිරි දෙන්න ඕන! (අ)

:       0       0

බන්දුල රත්නායක Monday, 07 July 2014 07:12 PM

බලන්ඩකෝ ඉතින් මේ පොලිසියේ උදවියගේ වැඩවල හැටි මේ අහිංසකම කිපදෙනෙකුටනේ නඩුදාළ තියෙන්නේ, (අ)

:       0       0

ශංක Monday, 07 July 2014 07:17 PM

අනේ හරි අහිසක දේශපාලුවෙක්. අදහන්න වටිනවා ළදරුවෙක් වගේ (නදී)

:       0       0

ලංකා තිලක් Monday, 07 July 2014 07:22 PM

මෙතන මොකක් හරි අපි නොදන්නා කතාවක් ඇති. මේ දේශපාලක තුමා වැරදි කරන්නේ නැතුව ඇති. මම කියපු දෙයක් කවදාවත් වැරදිලා නැහැ. තව ටික දවසකින් මෙතුමාව නිදොස් කොට නිදහස් වෙයි. එතකොට කට්ටියට මම කොච්චර බුද්ධිමත්ද කියල තේරෙයි. (නදී)

:       0       0

කරෝලිස් අප්පු Monday, 07 July 2014 07:24 PM

මට පිස්සු වගේ (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 07 July 2014 07:29 PM

අනේ මේ අහිංසකයෝ ටික කිසි වරදක් කරලා නැහැ. විපක්ෂය බොරුවට කියනවා කුරාම්ම එයාගේ පෙම්වතිය දුෂණය කරලා කුරාන්ම සියදිවි නසාගෙන කියා. බයවෙන්න එපා ඔයාලට උසාවියෙන් මොන තීන්දුව දුන්නත් පොදු සමාව යටතේ නිදහස ලැබෙනවා. ඕන නම් ටික දවසක් හිරේ ඉන්න වේවි. නමුත් ඉක්මනින් එලියට එන්න පුළුවන්. (නදී)

:       0       0

ගයන් Monday, 07 July 2014 07:32 PM

එතකොට සියඹලා ගෙනාවෙ නෑ (නදී)

:       0       0

චන්දිම Monday, 07 July 2014 07:35 PM

මෙම නඩුව දිහා මුළු ලෝකයම බලාගෙන ඉන්නේ. පක්ෂග්‍රාහී තීන්දුවක් දුන්නොත් ශ්‍රී ලංකා ප්‍රජාවටම හොඳ නැහැ (නදී)

:       0       0

මංජුල Tuesday, 08 July 2014 08:01 AM

පහුගිය දවස්වල පරීක්ෂණ වලින් තහවුරු වුණා නේද ලේ සාම්පල සැකකරුවන්ගේ ලේත් එක්ක ගැළපෙන බව. ඒවත් එහෙනම් බොරුද? (නි)

:       0       0

කෙවින් Monday, 07 July 2014 07:40 PM

දැන් මේ සැකකරුවන් කවුරුවත් මේක කලේ නැති නම් අවශේෂ ජනයා වන අපි නේද ඊළඟ සැකකරුවෝ.? ඔන්න හැමෝම එදා මේ සිද්ධිය වුන දවසේ හිටපු තැන සහ කරපු දේ මේ සභාවේ කියන්න හොඳේ. (නදී)

:       0       0

නිශාන්ත Monday, 07 July 2014 07:45 PM

රටේ හැම දේ වගේම මේකත් විපක්ෂය සහ විදේශ බලවේග වලින් කෙලවර වේවි. ලෝකයේම ආශ්චර්ය (නදී)

:       0       0

එඩ්වර්ඩ් Tuesday, 08 July 2014 08:10 AM

පුදුම ආශ්චර්යක් මේක නම්. ඇසින් දුටු ශාක්ෂි තිබියදීත් මොනවද මේ දොඩවන්නේ? (නි)

:       0       0

වසන්ත ද සිල්වා Monday, 07 July 2014 07:45 PM

මේ අය වැලිකඩ යවන්න ඕනා (නදී)

:       0       0

ඩෙන්සිල් Monday, 07 July 2014 07:46 PM

ලංකාව ලෝකයෙන් බොහොම ඉක්මනින් තනිවෙනවා. ගොනා හැරෙනකොට පොල් ගහට වන දෙය හිතාගන්න පුළුවන්. (නදී)

:       0       0

සඳරුවන් Monday, 07 July 2014 07:51 PM

මම ඕක කලින්ම කිව්වා. අන්තිමට කුරාම් එයාවම මරාගෙන එයාගේ පෙම්වතිය බොරුවට දූෂණය වෙලා මේ අහිංසකයෝ ටික බොරුවට අහු කරලා තියෙන්නේ. ලංකාව තරන් මිනිස්සුන්ට විහිළු සපයන රටක් ලෝකේ තියා මුළු ග්‍රහ මණ්ඩලේම නැතුව ඇති. (නදී)

:       0       0

ලසිත් Monday, 07 July 2014 07:52 PM

දැන් එතකොට කවුද මේකට වග කියන්න ඕනා. මේ ජෝඩුවට ලංකාවට ඇවිත් මේ අමාරුවේ වැටෙන්න ගුවන් ටිකට් පත නිකුත් කල කෙනා වෙන්න ඕනා. එහෙම නැති නම් අදාළ වීදුරු බෝතලේ නිෂ්පාදකයා ද , එහෙමත් නැතිනම් හෝටලයේ නවාතැන් දීපු උදවිය ද , අහල පහල කාමරවල තුෂ්නිම් භූත වූ උදවියද . ? (නදී)

:       0       0

ධම්මික Monday, 07 July 2014 07:56 PM

හම්බන්තොටනේ එ්කයි එයාල එහෙම කියන්නේ. අනේ ටිකිරි ඔළුවට තේරෙන්නේ නැද්ද ? (නදී)

:       0       0

විද්‍යා Tuesday, 08 July 2014 08:18 AM

කාට කියන්නද මේ අවනඩු? (නි)

:       0       0

පාරා Monday, 07 July 2014 07:57 PM

බලනකොට ඔක්කොම බබාල. හිතුවද දන්නේ නැහැ අපිට අන් තියනවා කියල. (නදී)

:       0       0

අහිංසා Monday, 07 July 2014 08:06 PM

අනේ අහිංසක රැල. කටේ කිරි සුවඳවත් ගිහින් නැහැ. (නදී)

:       0       0

විශ්වවිජූර්ලක Monday, 07 July 2014 08:07 PM

මේ අය ඉතා අහිංසක බැවින් නැවතත් දිනවමු. මේවා මේ අයට බලය දුන්නු අයගේ කුසල කර්ම. තෙරුවන් සරණයි. (නදී)

:       0       0

චාපා Tuesday, 08 July 2014 08:42 AM

මොවුන් එම අපරාධය කළේ නම් මේ ආත්මයේ හෝ මතු යම් ආත්මයකදී මීට වන්දි ගෙවනු ඇත (නි)

:       0       0

samitha Tuesday, 08 July 2014 11:12 AM

කුරාම් වික්ටෝරියා දුෂනයකර සිය දිවි හානිකරගෙන ඇථ.

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 08 July 2014 08:43 AM

විත්තිකාරයින් කියනවා ඒගොල්ලෝ මේකට සම්බන්ධ නැහැ කියලා. එහෙම නම් මේක පිටසක්වල ජීවීන්ගේ වැඩක්ද? ඔවුන්ද මිනිස් වෙසින් ඇවිල්ලා මේක කළේ? (නි)

:       0       0

ලලිත් Tuesday, 08 July 2014 08:48 AM

මැරුණු මිනිසුන්ට කතා කරන්න පුලුවන් නම්.... (නි)

:       0       0

ටෙනී Monday, 07 July 2014 08:18 PM

අනේ ලංකා තිලක් ගේ බුද්ධිමත් අනාවැකිය බොහොම දෙනෙක් කලින්ම දන්නවානේ. මේක පල කරන්න ඔබ ප්‍රමාද වැඩියි. (නදී)

:       0       0

හේමන්ත Monday, 07 July 2014 08:23 PM

මේ අයට උපරිම දඩුවම් දිය යුතුයි. අගතියට පත් අයට සාදාරණය ඉටුකරන්න .මෙම නඩු තීන්දුව.දෙස ගොඩක් රටවල් බලාගෙන ඉන්නවා. (නදී)

:       0       0

ෆාරු Tuesday, 08 July 2014 08:58 AM

මේවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණද? (නි)

:       0       0

සුදේශ් Monday, 07 July 2014 08:30 PM

ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මොකක්ද? අපේ මිනිස්සු හරි හොඳ යි. මේ පිට රට අය අපිට මඩ ගහන්න කතා හදනවා. මන් හිතන්නේ මේක කරලා තියෙන්නේ ඒ අයමයි (නදී)

:       0       0

උපසේන Tuesday, 08 July 2014 09:07 AM

මට කේන්ති මේ අය එක්ක නොවේ. මේ අය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් සමඟයි (නි)

:       0       0

ප්‍රසාන් Sunday, 13 July 2014 05:45 AM

මටත් අදහස් ගලාගෙන එනවා ලියනවා නම් පොතක් පිරෙන්න. නමුත් මගේ හිතට නැගෙන අදහස් ශිෂ්ඨ ලෝකයා ඉස්සරහ එළිදක්වන්න බැරි නිසා සද්ද නැතිව ඉන්නවා. (ස)

:       0       0

ධර්මපාල Monday, 07 July 2014 08:36 PM

" කුරාම් විසින් එයාටම පිහියෙන් ඇනගෙන මැරිලා. " එහෙමද වෙන්නේ (නදී)

:       0       0

ලංකා තිලක් Monday, 07 July 2014 08:37 PM

ඩුප්ලිකේට් එක මට කලින් වැට පැනලා. ආසාවනේ. දෙන්නම ඉතින් හවුලේ අදහස් දාමු. කොහොම උනත් මගේ ප්‍රාර්ථනය මේ පාපතරයින්ට අවශ්‍ය දඩුවම ඉක්මනින් මේ නඩුවෙන් ලැබෙන්න කියල. ඔවුන් මේ රටට කල අවමානය කැළල යන්තම් හෝ මකාගාන්න පුළුවන් වෙන්නේ මොවුන් සියලු දෙනා හැකි ඉක්මනින් පෝරකය වෙත දැක්කවිමෙන් පමණයි. (නදී)

:       0       0

ධර්මපාල Monday, 07 July 2014 08:39 PM

නීති උපදේශකයා ලස්සනට කියන්න ඕන විදිහ උගන්වල තියනවා. නීතියෙන් බේරුනත් ඔය අපරාධවල විපාක දරු මුනුබුරන්ටත් ගෙවන්න වෙනවාමයි. (නදී)

:       0       0

මොහාන් Tuesday, 08 July 2014 09:14 AM

එතකොට කුරාම් සිය දිවි නසා ගත්තාද? (නි)

:       0       0

සෝමා Monday, 07 July 2014 08:48 PM

තොත්ත බබාල ටික එන්න මගේ උකුලට නලවන්න (නදී)

:       0       0

නවෝද් Thursday, 10 July 2014 01:49 AM

මේකේ තීන්දුව දිහා ලෝකෙම බලා ඉන්නවා (දී)

:       0       0

මේනක Tuesday, 08 July 2014 09:18 AM

මට හරි දුකයි අපේ ශ්‍රී ලංකාව ගැන සහ අපේ අනාගතය ගැන.අපේ පැතුම් හැමදාම සිහිනයක්. (නි)

:       0       0

බන්දුල.පෙරේරා Tuesday, 08 July 2014 12:15 PM

ඇයි රකිත සමහර අපේ උත්තමයෝ බය කරන්න බොරු සෙල්ලම් පිස්තොලත් තියනවනේ. (අ)

:       0       0

කුසුම් Monday, 07 July 2014 09:15 PM

මෙම සමාජ දුෂකයන් සමාජය පමණක් නොව හිර ගෙවලුත් දුෂණය කරාවි. ඉක්මනින්ම පෝරකයටම තමයි දක්කන්න ඕන. එත්, ඊළඟ ආත්මෙදි වත් ලෝකෙට කරදරයක් නොකර ඉන්න ආත්මෙක ඉපදෙයි කියල කියන්න බැහැ. ඒ තරමටම පව් කාරයෝ. (අ)

:       0       0

චානක. Monday, 07 July 2014 09:18 PM

දෙසපලකයෝ වනාහි දැලි පිහිය අතට ලැබුණු වදුරෝය.මොවුන්ට නිසි දඬුවම නොදුනහොත් යහ සමාජයේ පිළිකුල දෙගුණ තෙගුණ වේවි. (අ)

:       0       0

තිළිණ Monday, 07 July 2014 10:01 PM

මේ පළමු විත්තිකරු වන විදානපතිරණ මුසාවක් නොව සත්‍යම ප්‍රකාශ කරන බවට ප්‍රතිඥා දීමෙන් පසුව නේද සිය ප්‍රකාශය කර තිබෙන්නේ?(අ)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 08 July 2014 09:39 AM

අනේ! හරිම අහිංසක විත්තිකරුවන් පිරිසක්නේ (නි)

:       0       0

රකිත් Tuesday, 08 July 2014 09:40 AM

අනේ පව්. මෙහෙමත් වැඩ කරනවද? එතකොට වික්ටෝරියා හඳුනාගත්තා කියන එකත් බොරුවක් වෙන්න ඇති. (නි)

:       0       0

පියල් Monday, 07 July 2014 10:08 PM

මුළු ලෝකයම බල ඉන්නේ තීන්දුව දිහා. එංගලන්තය අපි එක්ක ජම්මාන්ත වෛරය කින් ඉන්නේ මේ වැඩ නිසා(අ)

:       0       0

ධම්ම Tuesday, 08 July 2014 09:49 AM

බිල් ක්ලින්ටන් මොනිකා ලුවින්ස්කි සිද්ධියේදී වගේ ඩීඑන්ඒ පරීක්ෂණයකට යන්න මොනවාවත් ඉතුරුවෙලා නැද්ද? (දී)

:       0       0

අනුර Tuesday, 08 July 2014 09:50 AM

ඔබ වැරද්දක් කරලා තියෙනවද නැද්ද කියල උසාවිය තීරණය කරයි (දී)

:       0       0

පුන්‍යසෝම Monday, 07 July 2014 10:25 PM

මට පෙනෙන විදියට කුරාම් විසින් සිය පෙම්වතියව දුෂණය කර තමා තමාටම ගසාගෙන මිය ගිය බවක් පෙනේ සැකකරුවන් අහිංසක අය බව පේනවා

:       0       0

ප්‍රශාන්ත Tuesday, 08 July 2014 09:54 AM

ජාත්‍යන්තර කුමන්ත්‍රණ (දී)

:       0       0

තිලක් Tuesday, 08 July 2014 10:01 AM

එක්කෙනෙක් සතුටු කරන්න කියල මුළු ලංකාවම පාවල දෙන්න එපා. අසරණ ලංකාවාසී ජනතාවම පාවල දෙන්න එපා.එහෙම වුනොත් ලංකාව තවත් මිනිකන්නන්ගේ දේශයක් බව ලෝකෙටම ඔප්පු කරාවි. (ස)

:       0       0

අමිල සුගන්ද Monday, 07 July 2014 10:39 PM

නෑ නෑ කුරාන් මැරුවේ මම එයාල හරිම අහිංසකී අනේ (අ)

:       0       0

ටිකිරි Tuesday, 08 July 2014 10:02 AM

මේ නඩුව මෙච්චරකල් ඇදෙන්නේ මොකද කියල මොලේ කළඳක් තියෙන ඕනම කෙනෙකුට තේරෙනවා. (ස)

:       0       0

ටිරෝන් Tuesday, 08 July 2014 10:09 AM

මේ මනුස්සයට ගිනස් වාර්තාවක් තියන්න පුළුවන් ඩි.එන්.එ.පරීක්ෂණ බොරු කරලා. (නදී)

:       0       0

උපාලි Tuesday, 08 July 2014 10:11 AM

දහම් පාසල් ඇසුරු කරන , රටට වැඩ කරන, කුරා කුම්බියෙකුට වත් උඹ නොදකින් කියා වත් නොකියන මේ අහිංසක මිනිස්සු උසාවියට දක්කල බොරු නඩුවක් පටලලා කරපු අපහාසෙට වික්ටෝරියාට සහ ශ්‍රී ලංකා පොලිසියට දෙන දඬුවම මොකද්ද කියල මුළු ජනතාවම බලාගෙන ඉන්නේ. (නදී)

:       0       0

හේවා Monday, 07 July 2014 11:23 PM

එක්දහස් නමසිය පනස් ගණන් වල ලංකාවේ හිටපු ප්‍රසිද්ද මහේස්ත්‍රාත් වරයෙක් තීරණයක් දුන්නා වන් ගෙඩියක් මිනීමරුවා කියලා (නදී)

:       0       0

අනුරාධ Tuesday, 08 July 2014 10:15 AM

ඔන්න අපිව එහෙම ගාව ගන්න එපා (දී)

:       0       0

කුමාර Tuesday, 08 July 2014 10:18 AM

මේක කලේ මේ අය නෙවෙයිනම් පොලිසිය පොල් ගානවද අපරාද කාරයන් අල්ලන්නේ නැතිව. (දී)

:       0       0

සොහාන් Monday, 07 July 2014 11:26 PM

උඩ ඉන්න දෙවියන්ටවත් මේවා පෙනෙන්නේ නැද්ද, දෙවියනේ? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 08 July 2014 10:20 AM

ඕවා වෙන්න කලින් හිතන්න ඕන තමන්ගේ අනාගතයට මොකද වෙන්නේ කියලා.දෙයක් උනාට පස්සේ පුරසාරම් දොඩලා වැඩක් තියෙනවද.. (දී)

:       0       0

සංජීව Monday, 07 July 2014 11:32 PM

මේ අහිංසකයින් ඇයි මේවට පැටලුවේ? (නි)

:       0       0

සරත් Monday, 07 July 2014 11:32 PM

"කොළොම්තොටින් නැව්නැග්ගා අපේ රටේ මනුස්සකම ............., ඒ වෙනුවට ගොඩබැස්සේ ආශ්චර්යයයි කොළොම්තොටට......." (නි)

:       0       0

ප්‍රසන්න Monday, 07 July 2014 11:35 PM

තව ටික දවසකින් කියයිද දන්නෙ නැහැ මුකුත් මතක නැහැ කියලා? (නි)

:       0       0

සේනක Tuesday, 08 July 2014 10:25 AM

අපරාධ කල අයට වඩා කවදා හරි විඳවන්නේ ඔවුන්ට අනුග්‍රහය සහ රැකවරණය සපයන උදවියයි. තමන්ට පල නොදුන්නත් තමන්ගේ දරු මුණුපුරන් ඇතුළු ඊළඟ පරම්පරාවේ උදවියට හරි විඳවන්න වෙනවා. ස්ත්‍රී දුෂණ කළා නම් පරම්පරාව ගෙන යාමට දරුවන් නැතිවීම ආදී මෙකී නොකී ඔක්කොම ඉදිරියේදී ලැබේවි. (දී)

:       0       0

රකිත් Tuesday, 08 July 2014 10:27 AM

තමා විසින් තමාම ගස් බැඳගන්න රාජ්‍ය සේවකයන් සිටින, ඔලුව පැලෙනකන් තමාටම ගසා ගන්නා හමුදා මේජර්වරුන් සිටින, දඩ කොලයක් දුන්විට සිය වාහනය ඉබේ ගිනි ගන්නා පොලිස් නිලධාරීන් සිටින, ගුරවරු සහ ගුරුවරියන් දණ ගස්වන රටේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් සිය රුසියානු පෙම්වතිය දුෂණය කොට තමාම වෙඩි තබාගෙන සිය දිවි නසා ගත නොහැක්කේ මන්ද? (ස)

:       0       0

ශ්‍රීසර Tuesday, 08 July 2014 10:35 AM

සුද්දො එයාලගේ රටට වෙලා ඉන්නේ නැතුව මෙහෙ ඇවිත් අපේ අහිංසක කොල්ලෝ ටික අමාරුවේ දාන්න හදනවා... මෙයාල මල් වගේ අහිංසක කොල්ලෝ ටිකක්... පව්... හිරේ දුක් විඳිනවා. (ස)

:       0       0

අචිර Monday, 07 July 2014 11:57 PM

එතකොට මේවා ඔවුන්ම කරගත්තා කියලද අපිට හිතාගන්න වෙන්නේ? (නි)

:       0       0

වීරසේකරගේ Tuesday, 08 July 2014 10:44 AM

කඩේ යන තොත්ත බබාලා. (ස)

:       0       0

කමනි Tuesday, 08 July 2014 10:55 AM

එතකොට රජයේ රස පරීක්ෂකගේ වාර්තා බොරු . මෙයාල ඔක්කොම සුදනෝ . එහෙමනම් ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වැඩක් නැහැ නේද ? මේ ඔක්කොම එකතුවෙලා කරපු අපරාධයට දඩුවම් දෙන්නම ඕන. (ස)

:       0       0

සැමුවෙල් Tuesday, 08 July 2014 11:00 AM

අනේ මාව නම් අල්ලන්න එපා . ඔය දවසේ මම නම් හිටියේ කොළඹ. ඔය කට්ටිය අහිංසකයෝ නම් කරපු අය අල්ල ගන්න එකයි ඇත්තේ. .(දී)

:       0       0

නසුර්දින් නිසම්ඩින් Tuesday, 08 July 2014 11:00 AM

කාට කියන්නද මේ අවනඩු? (දී)

:       0       0

රූපවතී Tuesday, 08 July 2014 12:24 AM

අනේ! ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ වරදකරුවන්ට උපරිම දඩුවම් දී එල්ලුම් ගහට යවන්න කියායි. නැත්නම් අපේ රටට වූ කළු පැල්ලම මකන්න බැරිවේවි (නි)

:       0       0

ජගත් Tuesday, 08 July 2014 12:34 AM

අපේ රටේ හැමතැනකදීම වගේ දැන් දැන් ප්‍රකාශ වෙන්නේ තමන්ටම ගහගත්තා, තමන්ම දූෂණය කරගත්තා වගේ වචන. ජාත්‍යන්තරයටත් ගිය මේ නඩුවට ලෝකය ඉදිරියේ අපේ රට ලැජ්ජාවට පත්කරන්න එපා. (නි)

:       0       0

සෑම් Tuesday, 08 July 2014 11:11 AM

කුරම් වික්ටෝරියාව දූෂණනය කරලා සියදිවි නසාගෙන වගේ. අනේ පවු ඔය විත්තිකරු පැන්චන්ට (නදී)

:       0       0

අශෝක Tuesday, 08 July 2014 12:52 AM

එතකොට කොහොමද එදා විදේශීය කාන්තාව සාක්ෂිදෙද්දී මේ හොඳ මහත්වරුන්ට වැරදුනේ? (නි)

:       0       0

ඉෂාර Tuesday, 08 July 2014 01:20 AM

මේක ගැන ලංකාව විතරක් නෙමෙයි ලෝකයම බලාගෙනයි ඉන්නේ (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 08 July 2014 01:21 AM

ආශ්චර්ය ළඟදීම බලාගන්න පුලුවන් අපිට (නි)

:       0       0

රමිත Tuesday, 08 July 2014 11:22 AM

කාට මොනවා කියන්න බැරිද (දී)

:       0       0

කුමාර් Tuesday, 08 July 2014 02:35 AM

මට අපේ රටේ මිනිසුන් ගැන කණගාටුයි (නි)

:       0       0

ප්‍රියාන් Friday, 11 July 2014 04:40 PM

මේවා කාට කියන්නද? (දී)

:       0       0

මහින්ද Tuesday, 08 July 2014 03:21 AM

බැරිද මේ අයත් ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න? (නි)

:       0       0

නලින් Tuesday, 08 July 2014 03:36 AM

ගමකට බැනුම් ඇහුවට පස්සේ ලංකා තිලක්ට පොඩ්ඩක් ලැජ්ජාව ඇවිල්ලා වගෙයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 08 July 2014 03:43 AM

ලංකා තිලක් කඩේ යන්නේ ප්‍රාදේශීය සභා මට්ටමෙන් උඩින් ඉන්න කට්ටියට වගේ. (නි)

:       0       0

නිශා Monday, 07 July 2014 05:58 PM

අනේ කව්ද මේ අහිංසකයෝ ටික ට නඩු දැම්ම . මට නිකම් කැරකිල්ල වගේ (අ)

:       0       0

ජයන්ත Monday, 07 July 2014 06:07 PM

කුරාම් කුරම්ව විසින් මරා දමා ඇත. (අ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 08 July 2014 04:23 AM

අනේ පවු! අහිංසක සැකකරුවන් ටිකක්. මෙයාලගේ කතා අහනකොට දුක හිතෙනවා, කිසිකෙනෙකු කිසිම වැරැද්දකට සම්බන්ධ නැහැ. (නි)

:       0       0

මෛත්‍රී Tuesday, 08 July 2014 12:43 PM

මෙහෙවු රටක අපි ඉපදුනේ මොකටද කියලා අපෙන්ම අහනවා මිසක් අපි වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

ඇසළ Monday, 07 July 2014 06:17 PM

කිතුල් ගහට ගිය මිනිහටත් තිබුනනේ නිදහසට උත්තර. අනේ පව් මේ පලා බබා සහ තාම කිරිබොන ගෝලයෝ ටික මුකුත්ම දන්නේ නැහැ. (අ)

:       0       0

දේශප්‍රිය Tuesday, 08 July 2014 12:43 PM

තව නොබෝ දිනකින් නඩු තීන්දුව අනුව මෙම ඉතා අහිංසක, නිහතමානී, බෝ පැළ වැනි වූ සභාපතිතුමා සහ දහම් පාසල් ගුරුතුමා ඇතුළු චෝදනා ලැබූ සියලු දෙනාම නිදොස්කොට නිදහස් වෙයිද? ඉන්පසුව එළඹෙන ඡන්දයේදී මෙම පිරිස අතරින් වැඩිදෙනෙකු තංගල්ල නුවරවාසී බුද්ධිමත් ජනතාවගේ වැඩි මනාපයෙන් නැවත වරක් අතිවිශිෂ්ට ජනතා සේවය සඳහා පත්වෙන්නත් පුලුවන් (නි)

:       0       0

අනුර Tuesday, 08 July 2014 04:57 AM

මම දන්නා විදිහට නම් විදේශ රටවල නීතිඥ මහත්වරුන්ට අවසර නැහැ අධිකරණය නොමඟ යන සාක්ෂි දෙන තම සේවාදායකයන් හට ආරක්ෂාව දෙන්න හෝ ඒ අයව මෙහෙයවන්න. අවුරුදු කීයකට පස්සේ හරි අහුවුණොත් දඬුවම් ලැබෙනවා. ලංකාවේ නම් කෙසේද කියා මම දන්නේ නැහැ. (නි)

:       0       0

ජීවක Monday, 07 July 2014 06:23 PM

පොව් අහිංසකයෝ! (අ)

:       0       0

පද්මිණි Monday, 07 July 2014 06:24 PM

අනේ, බෝ පැල වගේ! දහම් පාසලේ උගන්නලත් තියෙනවා. ඔය සාක්කි මදැයි නිදහස් කරන්න. (අ)

:       0       0

රවීන්ද්‍ර - ඕමාන Thursday, 10 July 2014 02:50 PM

අපිත් ලංකාවේ නොහිටියට මේක මුල ඉඳලම බලාගෙන හිටියේ. වැරදි කාරයන්ට නිසි දඬුවම් දෙන්න ඕනා. නීතියෙන් නොලැබුනොත් ස්වභාව ධර්මයෙන් ලැබෙයි (නදී)

:       0       0

සිරිසේන Tuesday, 08 July 2014 05:18 AM

අනේ මේ අයව ආයුධ පෙන්වන්න එක්කගෙන යන්නෙ නැද්ද? (නි)

:       0       0

නිපුණ Monday, 07 July 2014 06:29 PM

මුන් ඔක්කොම තොත්ත බාබාලා කුරාම් තමයි පිහියෙන් ඇනගෙන මැරිලා තියෙන්නේ .... වික්ටෝරියා දුෂණය වෙලා තියෙන්නේ එයා විහින්මයි ...... අනේ පවි ... අහිංසකයෝ ටික (අ)

:       0       0

අහිංසා Monday, 07 July 2014 06:29 PM

මුන් ඔක්කොම රස්තියාදුකාරයෝ. අපේ රටේ නමේ ඇසුචි ගෑවා. මිනි මරුවෝ. (අ)

:       0       0

හේරත් Tuesday, 08 July 2014 12:55 PM

බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

සදුනි Tuesday, 08 July 2014 05:26 AM

අහිංසක සභාපති ඇතුළු පිරිස නිදොස්කොට නිදහස් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 07 July 2014 06:33 PM

කුරාම් ෂෙයික් විසින් ඔහුගේ පෙම්වතිය දුෂණය කර අවසන් වෙද්දී පෙම්වතිය විසින් කුරාම් ෂෙයික් ඔලු කටු කුඩු වෙන්නම වෙඩි තියල මරල වෙනත් අයව පටලව ගන්න හැදුවට මේ අය මොනවා කරන්නද? (අ)

:       0       0

නන්ද Tuesday, 08 July 2014 05:30 AM

මේ අහිංසකයින් නිදහස් කරන්න (නි)

:       0       0

මහින්ද Tuesday, 08 July 2014 05:30 AM

දැන දැන වැරදි කරන අය නැවත සමාජයට මුදා හැරීමෙන් ඇතිව ඇති භයානක තත්ත්වය ගැන කුමන කතාද? අධිකරණය නිවැරදි තීරණයක් ගැනීම අපගේ එකම බලාපොරොත්තුවයි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 07 July 2014 06:36 PM

අපි දැක්කනේ හිරේ හිටියත් මෙයාල විඳින සැප.තුන් වේලම කෑම පවා පිටතින් ගෙන්වාගෙන කනවා අන්තරජාලයේ පෙන්වල දුන්නනේ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 138 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 157 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 250 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 872 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 567 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 386 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site