IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ඝාතනය කර වැසිකිළි වළක දමා තිබු මවගේ සිරුර ගොඩගනී

(විමුක්ති සංජය පෙරේරා)

රිදීමාලියද්ද  යකහඋල්පොත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක 2021 වර්ෂයේ පෙබරවාරි මස ඝාතනය කර අලුතින් කැපු වැසිකිලි වළකට දමා සැගවා තිබු මෘත දේහය අද  (31) දහවල් මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි පි රඹකැන්පුර මහතා ඉදිරියේ ගොඩ ගනුලැබිය.

මෙසේ ඝාතනය කර වැසිකිළි වළකට දමා තිබුණේ ඩබ්ලිව්.ඒම් සෝමාවති (50) හැවිරිදි දෙදරු මවකි.

සිරුර ගෙඩ ගැනිමට පැය 5 ක පමණ කාලයක් ගතවු අතර මේ සදහා රිදීමාලියද්ද ප්‍රාදේශිය සභා සේවකමහතුන්, රිදීමාලියද්ද පොලිසිය , බදුල්ල සෝකෝ අංශයේ නිළධාරින් ඇතුළු මහියගණ විශෙෂඥ  අධිකරණ වෛද්‍ය තරංග නායකරත්න යන මහත්වරු ද සභාගි වුහ.

මෘත දේහය කොළ පැහැති පැදුරක ඔතා හිස කොටස රෙදි කැබැල්ලකින් ඔතා ඊට උඩින් වයර් ඒකකින් ගැට ගසා තිබු අතර දෙහෙයේ අස්ති කොටස් පමණක් ඉතිරිව තිබු අතර දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා මහියංගන මුලික රෝහලේ මාත ශාරිරාගාරයට යැවිමට සදහා මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි පි රඹකැන්පුර මහතා විසින් නියෝග කෙරිණ .

රිදීමාලියද්ද පොලිස් වසමට අයත් රිදීමාලියද්ද යකහඋල්පොත ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒම් සෝමාවති (50) හැවිරිදි දෙදරු මවක් 2021 වර්ෂයේ පෙබරවාරි මස ඝාතනය කර අළුතින් කැපු වැසිකිලි වලකට දමා සැගවු  බවට සැක පිට 72 හැවිරිදි පියා සහ 26 හැවිරිදි පුතා  ඉකුත් (29) අත්අඩංගුවට ගත් අතර ඔවුන් සිදුකර පාපොච්චාරණයට අනුව ඊයේ 31 දහවල් මෙම සැකරරුවන් ඒම ස්ථානයට කැදවාගෙනවිත් ඔවුන් පෙන්වු ස්ථානය හරා බැලිමේදි මෙම මෘත දේහය සොයාගැනිමට හැකිවිය .

බදුල්ල දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ සහ රිදීමාලියද්ද සහකාර පොලිස් අධිකාරි සරත් බණ්ඩාර පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් මත රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.සි වීරකෝන් මහතාගේ මෙහෙය විමෙන් පොලිසි විශේෂ කාර්යංශයේද සහය ඇතිව පො.සැ 47153 ජයවීර,පො.සැ 40895 රත්නායක ,කා.පො.සැ 1751 ජනිතා ,පො.කො 36381 ප්‍රභාත් ,පො.කො 44792 කුමාර,පො.කො 68183 සදරුවන් ,පො.කො 96108 දිසානායක,ක.පො.කො 11668 සෙව්වන්දි යන නිළධාරිහු  වැඩිදුර පරික්ෂණ පවත්වති .

 

 



අදහස් (0)

ඝාතනය කර වැසිකිළි වළක දමා තිබු මවගේ සිරුර ගොඩගනී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 48 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 228 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 187 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 711 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 293 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 567 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site