IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඝාතන තුනක් ගැන මර්වින් කියයි


ලසන්ත වික්‍රමතුංග, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, රාගම ලොකුසීයා ඝාතනයටත් සුදු වෑන් සංස්කෘතිය නිර්මාණය කිරිමටත් පසුගිය රජයේ ප්‍රභලයකු සම්බන්ධ බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියයි. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මේ බව කීවේය.
එම ප්‍රභලයා සහ තවත් හිටපු අමාත්‍යවරයකු තමන්ට කෙනිත්තූ බවත් මේ ප්‍රකාශය හා පැමිණිලි කරන්නේ වගකීමෙන් යුතු බවත් ඔහු කියා සිටියේය.
‘‘මාව මරලදායි. මම බෙලිඅත්තේ මිනිහෙක්. ඇත්ත කියලා ජීවිතේ නැතිවුණත් ප්‍රශ්නයක් නෑ“ යැයි ද මර්වින් සිල්වා කීවේය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර ඝාතනය, රාගම ලොකුසීයා ඝාතනය, සුදු වෑන් සංස්කෘතියේ කතෘ ගොඨාභය රාජපක්ෂ" යැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කීවේය.

හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙතෙම මෙම අදහස් දැක්වීය.

"වගකීමෙන් කියන්නේ. මාව මරලාදායි ඇත්ත ප්‍රකාශ කරලා ජීවිතේ නැතිවුණත් ප්‍රශ්නයක් නෑ." යනුවෙන්ද හෙතෙම කීවේය.

- See more at: http://www.ada.lk/article/46341/%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA---%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A#sthash.xspSsLEr.dpuf



අදහස් (0)

ඝාතන තුනක් ගැන මර්වින් කියයි

සුදේශ් විජේනායක Sunday, 18 January 2015 03:07 AM

ජනාධිපතිතුමනි, කරුණාකර අපරාදකරුවන් නීතිය හමුවට ගේන්න රටේ යහපාලනය වෙනුවෙන් (නදී)

:       0       0

අනුර යු.ඒ.ඊ Sunday, 18 January 2015 03:09 AM

යු අැන් පි ඇමති මණ්ඩලය කතා නැහැ යහ පාලනය නිසාද නැතිනම් තමන්ගේ කුණු ගොඩවලුත් එලියට එන හින්දද ? (නදී)

:       0       0

අජිත් Sunday, 18 January 2015 03:43 AM

පොලිසියට මේක තාම ඇහිලා නැද්ද? ඇයි මෙයාගෙන් ප්‍රශ්න නොකරන්නේ. මේ චෝදනා බරපතලයි (නදී)

:       0       0

ටිරෝන් Sunday, 18 January 2015 03:54 AM

ප්‍රියන්ත හරියටම හරි. මේ හාදයා මැරිලා ඉපදිලා. අර බේබිලා මෙයාගේ බේබිට කරපු දේටයි ඔය තරහා ඔය පිරිමහන්නේ. ජනාධිපතිතුමනි අපි ඔබතුමාව පත් කලේ කොල්ලකාපු ධනය ආපසු ජනසතු කරන්න. ඔන්න එ්කට නම් සමාව දෙන්න එපා (නදී)

:       0       0

පාලිත Sunday, 18 January 2015 03:57 AM

ඔක්කොටොම කලින් මෙයාව දාන්න ඇතුලට, මෙයා දැන් පෙර අයගේ වැරදි කියල ඔය හදන්නේ ආණ්ඩුවට මුක්කු ගහන්න. ඕවට අහුවෙන්න එපා. මෙයත් ඔය කියන හැම දේකටම සම්බන්ද කෙනෙක්. මෙයාලගේ ප්‍රතිපත්තිය තමයි, අලුතින් එන ආණ්ඩුවට හේත්තු වෙන එක පෙර ආණ්ඩුවේ වැරදි කියලා. මොලේ තියෙන මිනිස්සු දැන ගන්න ඕන මෙයත් හිටපු ඇමතිවරයෙක්. මෙයාගේ සහ මෙයාගේ පුතාලගේ වැඩත් ජනතාවට අමතක නැහැ (නදී)

:       0       0

ශාන් Sunday, 18 January 2015 04:12 AM

ඔන්න දැන් තමයි ඇත්ත එලියට එන්නේ. මේවා කලින් කිව්වා නම් මේ වෙනකොට මර්වින් ඉවරයි. වහාම මේ හොර මිනීමරුවෝ ටික අත් අඩංගුවට ගන්න. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 18 January 2015 04:22 AM

බැලුවම මහින්ද මහත්තය රට කරවල තියෙන්නේ කොයි වේලාවේද දෂ්ට කරන්නේ කියල බලාගෙන විස දත් අමෝර ගත්ත විසකුරු සර්පයෝ ගොඩක් මැද ඉදලනේ. මිනිසුන් හදුනාගෙන දේශපාලනය කරන්න එතුමාට මේ සිදුවීම දේවාශිර්වාදයක් වේවි (නදී)

:       0       0

ගාමිණී Sunday, 18 January 2015 04:30 AM

අපරාධයක තොරතුරු වසන් කිරීමත් දඬුවම් ලැබිය යුතු වරදක්. පසුව හෝ සත්‍ය හෙලිකිරීම ගැන හිටපු ඇමති තුමාට ගෞරව කරමු. (නදී)

:       0       0

ගුණවර්ධන Sunday, 18 January 2015 04:35 AM

එකට එක්වී එකට කාබී එකට සැතපීලා. සිංදුව තමා මට මතක් වෙන්නේ (නදී)

:       0       0

සරත් Sunday, 18 January 2015 04:52 AM

කකුල් දෙකෙන් එල්ලලා දෙකක් දෙන්න. සියල්ල වමාරයි.(නදී)

:       0       0

චන්න Sunday, 18 January 2015 05:13 AM

පිවිතුරු යහපාල ඕව ගණන් ගණන් එපා. අපිත් ඔබතුමා බන්දුල පෙරේරා කාලේ මෙතන ඉඳන් ඔබතුමාගේ දෂ්ඨ කිරිල්ල ඉවසගෙන අදහස් ලිව්වේ. ඉතින් ඕක මොකක්ද ? (නදී)

:       0       0

ජනක Sunday, 18 January 2015 05:15 AM

සර්පයෝ ගොඩක් මැද්දේ ඊට වෙනස් කෙනෙකුට ඉන්න පුලුවන්ද කියල මම මේ කල්පනා කලේ (නදී)

:       0       0

රුවන් Sunday, 18 January 2015 05:18 AM

ඒ කියන්නේ පිවිතුරු යහපාල හෙවත් බන්දුල පෙරේරා පිලිගන්නවා හිටපු ජනපති තුමා වටේට හිටියේ විසකුරු සර්පයෝ කියලා. ඉතින් අපි ඕක සෑහෙන කලක සිට මෙතන ලියමින් බන්දුලට දැනුම් දුන්නම අපිට පෙනේ පිප්පුවා මිසක් පිළිගත්තේ නැහැනේ. (නදී)

:       0       0

ජෙරාඩ් Sunday, 18 January 2015 05:34 AM

මේ පිළිබඳව පරීක්ෂණ වහාම කරන්න. එ්ත් එක්කම පුතාගේ වැරදි පිළිබඳව පරීක්ෂණ කරන්න අමතක කරන්න එපා. මෙයා හොඳ මිනිහෙක් නෙවේ. (නදී)

:       0       0

සුනිල් Sunday, 18 January 2015 05:42 AM

මෙයාගේ පුතාව නිදහස් කරලා මෙයාවත් ආණ්ඩුවට ගන්නකෝ. ඒකනේ මේ නොකිය වටේ යන්නේ. මේවගේ මිනිස්සුන්ගෙන් කොයි ආණ්ඩුවත් පරිස්සම් විය යුතුයි. (නදී)

:       0       0

බණ්ඩා Sunday, 18 January 2015 06:10 AM

මේ හැමෝම ගැන ඇහැ ගහගෙන ඉන්න වෙලාව මේ (දිල්)

:       0       0

දේවින්ද Sunday, 18 January 2015 07:25 AM

මෙයා සහ පුතා ගැන ඉස්‌සෙල්ලා පරීක්‍ෂණ කළා නම් මහින්ද මහත්තයාට අඩු වුණු ඡන්ද ලක්‍ෂ 4 1/2 අනිවාර්යෙන්ම ලැබෙනවා. ගෝඨාභය මහත්තයා රට බේරා ගත්ත බව අමතක කරන්න එපා. එතුමාගෙන් රටට හොඳටම වැඩ ගන්න පුලූවන් බව අමතක කරන්න එපා. රට දියුණු කරන්න නම් වැඩ ගන්න පුලූවන් අයගෙන් වැඩ ගන්න. (නදී)

:       0       0

මදුර Sunday, 18 January 2015 08:54 AM

මෙයා කියන දේවල් පිලිගන්න බැහැ. මේ වගේ අයව තමයි අතුගාලා දාන්න ඕනේ (නදී)

:       0       0

රාමීය Sunday, 18 January 2015 08:55 AM

මෙයා දැන් මේ ආණ්ඩුවෙන් ලකුණු දා ගෙන පුතා නිදහස් කර ගන්න හදන්නේ. (නදී)

:       0       0

නදිනි රණවීර Sunday, 18 January 2015 09:04 AM

පිවිතුරු යහපාල මහත්තය යථාර්තය තේරුම් අරගෙන නිවැරදි අදහසක් පලකොට තිබෙනවා. ඔබ තුමා කියපු ඒ එතුමා වටේ විතරක් නෙමේ මේ රට වටේම හිටිය විෂකුරු සර්පයින්ගෙන් මේ රටේ ප්‍රබුද්ධ ජනතාව අනේක දුකක් වින්දා. අන්න ඒ නිසා තමයි "යහ පාලනය " කියන සංකල්පය බිහි උනේ. සමහර සර්පයෝ හිටියේ පෙනේ පුප්ප ගත්තු ගමන්මයි. ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්ම වෙලා ගෙන උන් ඒ සර්පයින්ගෙන් මේ රට මුදවා ගැනීමට තමයි මේ මෛත්‍රී යහ පාලනයේ වගකීම. (නදී)

:       0       0

මෙලනි Sunday, 18 January 2015 09:12 AM

දේවින්ද, මම නම් දෙපාරක් ඡන්දය දුන් මහින්ද මැතිතුමාට මෙවර ඡන්දය නොදුන්නේ මර්වින් පුත්‍ර රත්නය නිසා නෙවෙයි. මාලිගාව ඉස්සරහ රේස් යවා බවලතුන් නටවන , බාලිකා පාසල් වලට කඩා පැනල දැරිවියන්ට නටන්න අඬ ගහන පුතෙක් වලක්වන්න කිසිම උවමනාවක් නොතිබුන නිසා. එහෙම වගකීමක් නැති කෙනෙක් රටේ අනුප්‍රාප්තිකයා වුනොත් අපේ දරුවන්ගේ දරුවන්ටත් යන කලක් නැහැ. (නදී)

:       0       0

ශාන්ත Sunday, 18 January 2015 10:27 AM

විෂකූරු සර්පයෝ එක්ක ජිවත් වෙන්න පුළුවන් තවත් විසකුරු සර්පයෙකුට විතරක් බවත් අමතක කරන්න එපා. (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Saturday, 17 January 2015 10:45 PM

මෙන්න නියම ඇත්ත, හෙළිකරන තොරතුරු සත්‍ය බව මෙතුමා කියනවා නම්, මෙතුවක් කලක් ක< ඝාතන දැන් හෙළිකර ගත හැකියි. මෙතුමා තවත් දේ දන්නවා වගේ පේන්නේ. පොලිස්පති තුමනි කරුණාකර මෙයා රැකගැනීම ඔබ සතුයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 472 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 52 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 381 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 482 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 693 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 983 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site