IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඞී. එස්. සේනානායක ‐ මහානාම වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය 21‐23

කොළඹ ප‍්‍රධානතම පාසල් දෙකක් වන මහානාම විද්‍යාලය සහ ඞී. එස්. සේනානායක විද්‍යාලය අතර හත්වැනි ‘රන් හටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය මේ මස 21 සහ 22 දෙදින කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ. මේ දක්වා පැවැති තරගය හයම විසඳුමකින් තොරව අවසන් වී තිබීම කැපී පෙනේ.

මෙවර ඞී. එස්. සේනානායක විදුහල් පිලේ නායකයා ලෙස දුලීක බ‍්‍රහක්මනගේ ද, මහානාම විදුහල් පිලේ නායකයා ලෙස පවන් දේවින්ද ද, කටයුතු කරති.
 

ඞී. එස්. සේනානායක විදුහල මෙම තරගවාරයේ තරග 16 දී ලූම්බිණි විදුහලට සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලට එරෙහිව පූර්ණ ජය ලබා සෙසු තරග විසඳුමකින් තොරව අවසන් කර තිබේ.

ශිෆ්රාන් මුතාලිප් මෙම තරග වාරයේ තරග 15 කදී ලකුණු 458 ක් රැස්කරමින් මෙවර ඞී. එස්. සේනානායක විදුහලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. දුලීක බ‍්‍රහක්මනගේ (407), සුපුන් මධුසංඛ (380), උවින් බණ්ඩාර (374) සහ කනිෂ්ක ප‍්‍රෂාන් (358* මෙවර ඞී. එස්. සේනානායක විදුහල සතුව සිටින සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.
ඞී. එස්. සේනානායක විදුහල් පිලේ ප‍්‍රබලතම පන්දු යවන්නා වන බිනුර ප‍්‍රනාන්දු කඩුලූ 66 ක් දවාගෙන තිබේ. ඊට අමතරව සුපුන් මධුසංඛ (44), හරිත් මධුවන්ත (25) සහ සුචින්ත කරුණාරත්න (22) පන්දු යවන්නන් ලෙස පෙරමුණේ පසු වෙති.

මහානාම විදුහල මෙම තරග වාරයේ තරග 14 කදී තරග තුනක් පරාජයට පත්ව ඇති අතර සෙසු තරග විසඳුමකින් තොරව අවසන් කර තිබේ.  

මහානාම විදුහලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා වන නායක පවන් දේවින්ද තරග 14 කදී ලකුණු 1,156 ක් රැුස්කිරීමට සමත්ව සිටියි. කලිඳු ලක්‍ෂාන් (354), සුබුද්ධි කෞෂල්‍ය (331), ගිහාන් සජීව (278) සහ නවීන් සිල්වා (240) මහනාම විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප‍්‍රබලයෝ වෙති.

දුලංජන සෙනෙවිරත්න මෙම තරග වාරයේ කඩුලූ 62 ක් දවාගනිමින් මහානාම විදුහලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි. කලන අෂාන් (23), නයන ප‍්‍රභාත් (22) සහ ගිහාන් සජීව (22) මහානාම සෙසු දක්‍ෂ පන්දු වන්නෝ වෙති.

දෙවිදුහල් අතර වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගය මේ මස 24 වැනිදා එස්. එස්. සී. ක‍්‍රීඩාගංණයේදී පැවැත්වේ.  

ඞී. එස්. සේනානායක විදුහල් සංචිතය:
දුලීක බ‍්‍රහක්මනගේ (නායක), සුපුන් මධුසංඛ (උප නායක), බිනුර ප‍්‍රනාන්දු, හරිත් මධුවන්ත, ඇන්ජලෝ රවීන්ද්‍රන්, ගීත් පෙරේරා, කනිෂ්ක ප‍්‍රෂාන්, නදීෂ ධනුෂික, අනිල් ඉන්හම්, සුචින්ත කරුණාරත්න, රවීන් ද සිල්වා, උවීන් බණ්ඩාර, බිනුර ප‍්‍රනාන්දු, තිමිල විද්‍යාසේකර, කවීන් බණ්ඩාර, නිමේෂ් වේරගල, උදේෂ් සේනානායක, විෂාල් අමුගොඩ සහ ශිෆ්රාන් මුතාලිප්  

මහානාම විදුහල් සංචිතය:
පවන් දේවින්ද (නායක), නවීන් සිල්වා (උප නායක), තරංග මධුසංඛ, සහම් පීරිස්, කලන අෂාන්, දිනුක කරුණානන්ද, දුලංජන සෙනෙවිරත්න, දුලන්ජ මල්ෂිත, චාමර සිල්වා, නයන ප‍්‍රභාත්, ගිහාන් සජීව, සුබුද්ධි කෞෂල්‍ය, කලිඳු ලක්‍ෂාන්, තනුල සංදීෂ්, සෙනුර වෙළගෙදර, ප‍්‍රනීත් සතරසිංහ සහ කාවිංග දර්ශන



අදහස් (0)

ඞී. එස්. සේනානායක ‐ මහානාම වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය 21‐23

කාලිංග ප්‍රියන්ත Wednesday, 20 March 2013 11:23 AM

මහානාමයට ජයවේවා (දී)

:       0       0

ශාන් Wednesday, 20 March 2013 12:10 PM

අපි දිනනවා. මම මහානාමේ (දී)

:       0       0

දිල්ශාන් Wednesday, 20 March 2013 02:42 PM

සාමදානයෙන් නිම වෙන්න. අපේ ප්‍රාර්ථනය (දී )

:       0       0

කවීෂා Wednesday, 20 March 2013 02:56 PM

මේ අය මීටපෙර වෙනත් පාසලක් සමග බිග් මැච් එකක් ගහන්න ගිහින් හොදටම ගහගත්තලු නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනතාවාදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනී ඉන්නවා
2024 ඔක්තෝබර් මස 03 29 0

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 146 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 383 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 244 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 566 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1681 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38721 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25440 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 287 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 978 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site