චෙක් ජනරජයේ මගී ප්‍රවාහන දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් සිව් දෙනකු මියගොස් 23 දෙනකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ.
දුම්රිය අනතුර ඊයේ (5) රාත්‍රියේ සිදුව ඇති බවත් තුවාල ලැබූ 23 දෙනාගෙන් තිදෙනකු බරපතළ තුවාල ලබා ඇති බවත් චෙක් බලධාරීහු පැවැසූහ. ප්රාග් නගරයේ සිට නැගෙනහිර දෙසට දිවයන ප්‍රධාන දුම්රිය මාර්ගයේ පාර්ඩුබිස් නගරය ආසන්නයේදී මෙම දුම්රිය අනතුර සිදුව ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය විට් රකුසාන් ප්‍රකාශ කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීන් 300 ක් පමණ ගමන් කර ඇති බවත් රේජියෝජෙට් සමාගම යටතේ ධාවනය වී ඇති මෙම දුම්රිය ප්රාග් නගරයේ සිට බටහිර යුක්රේනයේ චොප් නගරය වෙත ධාවනයවී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.දුම්රිය අනතුරෙන් අවම වශයෙන් මගී දුම්රියේ එක් මැදිරියක් මාර්ගයෙන් ඉවතට පැන ඇති බවත් ඉදිරියේදී තුවාල ලැබූ සහ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අනතුරට හේතුව තවමත් අනාවරණයවී නොමැති බවත් ඒ පිළිබඳ සෙවීම සඳහා විමර්ශන කණ්ඩායමක් පත්කරන බවත් අමාත්‍යවරයා පැවැසුවේය.
(විමුක්ති එස් රොද්‍රිගෝ)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චෙක් ජනරජයේ දුම්රිය අනතුරක්