IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


චොකා මල්ලි බන්ධනාගාර රෝහලට

(ජයන්ත සමරකෝන්)

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මෙතෙක් රඳවා සිටියේ ‘වයිඕ‘ සිරවාට්ටුවේය. මරණ දඬුවම නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ ප්‍රතිකර ලබමින් සිටින අතර අංක 3 වාට්ටුවේ මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, තංගල්ල ප්‍රාදේශීය  සභාවේ හිටපු සභාපති සම්පත් විධානපතිරණ , විශ්‍රාමික මේජර් ජෙනරාල් අජිත් ප්‍රසන්න යන අයද බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (20)

චොකා මල්ලි බන්ධනාගාර රෝහලට

විජේ Sunday, 30 August 2020 12:27 PM

අනේ කරුණාවෙන් සලකන්න...

:       0       0

mohan Sunday, 30 August 2020 01:02 PM

මරණ දඬුවම නියම වූ කෙනෙක් කොහොමද මහතා වෙන්නේ...?

:       0       0

Hafeel Sunday, 30 August 2020 01:30 PM

බලනකොට අපේ පාර්ලිමේන්තුවටයි, බන්ධනාගාරයටයි එතරම් වෙනසක් නැහැ වගේ.. ඉතා ආදර්ශමත් දේශපාලකයෝ...

:       0       0

ferna Sunday, 30 August 2020 03:25 PM

චොකා මල්ලි කොකා පෙන්නන්න වගේ...

:       0       273

රේණුක Sunday, 30 August 2020 04:13 PM

එක රටක්.. එක් නීතියක්...

:       0       579

siri Sunday, 30 August 2020 04:22 PM

මෙ තැනැත්තා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම නීතිවිරෝධියි කියලා ලිඛිතව දන්වා ඇති බව ඉරිදා පුවත්පතක පලවී තිඛෙනවා දුටුවා.

:       0       386

දිමුත්Monday, 31 August 2020 06:48 AM

ඒ වුනාට 2/3 තියෙනවනේ....

:       0       0

බද්රානි Sunday, 30 August 2020 07:28 PM

අනේ මට නම් බුද්ධිමත් ජනතාවගේ ඡන්දෙන් පත් වුණු චොකා මල්ලි ගැන නම් කිසිම අහිතක් නැහැ. ඒ වුණාට නූගත් ජනතාවගේ මුදලින් ඉගෙන ගත්ත චොකා මල්ලිගේ ලෙඩේ හොයා ගත්ත දොස්තර ගැන පොඩි කුකුසක් තියනවා. මොකද ලෝකයේ කිසිම වෛද්‍යවරයෙකුට හොයාගන්න බැරි ලෙඩක් අපේ ලංකාවේ දොස්තර හොයා ගෙන තියනවා. ඒ දොස්තරටත් රහසේ පුදන සම්මානවලට වඩා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සම්මානයක් පුදන එක නේද සාධාරණ? මාෆියා කල්ලි වලට සල්ලි උනන හැටි නම් හරිම අමුතුයි නේද?

:       0       0

damith Sunday, 30 August 2020 11:14 PM

පව් අප්පා, එච්චර වයසට ගිහිල්ලා නැතත් මේ අයට පුදුම ලෙඩ ගොඩක්නේ ඇත්තේ. අනිත් එක අපි නම් ඉස්පිරිතාලේ හිටියොත් සතියෙන් දෙකෙන් ටිකට් කපනවා... සමහර විට කොච්චර අමාරු වුණත් ඉස්පිරිතාලේ ඉඩ නෑ කියලා.

:       0       0

puppa Monday, 31 August 2020 12:34 AM

රටටම එක නීතියක් කියන්නේ ඕවාට තමයි. දුප්තා වැට්ටුවේ.. බලවතා රෝහලේ... ෆොන්සේකා මහත්තයා හිරේ හිටපු හැමදාම හිටියේ හිරකූඩුවේ. ඒත් බොරු නඩුවලට පටලවලා. නමුත් මේ නම් මිනීමරලා උසාවියෙන් තීන්දු දීලා.

:       0       0

ලුම්බිණි Monday, 31 August 2020 12:48 AM

හිරගෙවල් වල සිදුවෙන අක්‍රමිකතා නවතනවා කිව්වට කෝ? ලංකාවේ නීති දෙකක් කියන්නේ බොරුවටද?

:       0       0

Prasad Monday, 31 August 2020 03:11 AM

මිනීමරුවන් ඔක්කොම බන්ධනාගාර රෝහලේ... මේ හිටන් රට පාලනය කරන නිසානේ.. අපේ සර් ජනාධිපති වුණාම ... එක රටක්, එක නීතියක් පේනවා.

:       0       0

gamage Monday, 31 August 2020 04:12 AM

මේ රටේ මරණ දඬුවම නියම වී ඇති සියලු දෙනාම සිටින්නේ 3වැනි වාට්ටුවේද?එහෙමනම් සාධාරණ රටක්...

:       0       0

Raveendra Monday, 31 August 2020 06:16 AM

චොකා මල්ලි කියනා රහස කුමක්ද? තරාදිය ඉදිරියේ පෙන්නුව කොකා නිසාද...? කබාකාරයින් ටික නිසා මම බේරුණා නේද...? තරාදිය හොඳයි දඩමස් පමණක් කිරන්නට...

:       0       0

Bamunuarachchi Monday, 31 August 2020 06:29 AM

මිනීමරුවෙකුටත් පාර්ලිමේන්තුවට තෝරපු මිනිස්සු ඉන්න රටක් මේක... මම හිතුවේ අප්සට් ඡන්ද දායකයෝ ඉන්නේ ගම්පහ විතරයි කියලා.. ඉතින් පුදුමයක්යැ සමගි ජනබලවේගයට ආසන 54ක් ලැබුණු එක...

:       32       0

Rata Perata Monday, 31 August 2020 06:30 AM

එක රටක්, එක නීතියක්... කයිවාරු විතරයි. දැක්කනේ ලොක්කා පවුලත් බේරගෙන සංහරාජයත් කන්න තීරණය ගත්ත හැටි... බයියන්ට දැන් සැපද?

:       0       0

Bamunuarachchi Monday, 31 August 2020 11:25 AM

පොඩි ලැසීලගේ ගොඩේ ඉන්න ඕන අය විජේදාස රාජපක්ෂලාගේ ගොඩේ ඉන්න එක ගැන අපිට දුකයි. මොනවා කරන්නද? බුද්ධිමත් ජනතාවගේ තේරීමක්නේ..

:       0       0

Bishan Monday, 31 August 2020 07:16 PM

මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිකමක් දෙන්න... බමුණුඅාරච්චිලා උඩ පැන්නේ මේවට තමයි.

:       0       0

මෝ Monday, 31 August 2020 09:54 PM

මිනීමරුවෙක් පාර්ලිමේන්තු ගේන්න දඟලන දැඟලිල්ල. මේ ආණ්ඩුවත් රටට කරයි කියලා හිතන්න බෑ.

:       0       0

ගයාෂාන් Tuesday, 01 September 2020 04:42 AM

මෙයා කොහොමත් වැඩිකල් හිරේ ඉන්නේ නෑ. මෙයාව හිරේ දැම්මේ ඡන්ද ගුණ්ඩුවක් විදියට නීතිය හැමෝටම සමානයි කියලා පෙන්නන්න. තව ටික දවසකින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරලා එළියට දායි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 141 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 43 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මෛත්‍රී ඝාතන තැතේ චෝදනා වසර 15කට පසු ගොනු කරලා
2025 අප්‍රේල් මස 28 211 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව


කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 28 1148 0

චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය


ආණ්ඩුව කුජීත වුණ බව චන්න කියයි
2025 අප්‍රේල් මස 28 744 0

මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ


තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම
2025 අප්‍රේල් මස 28 775 0

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1004 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 433 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 581 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site