IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


චොගම් සමුළුවෙන් පස්සේ

මිස් ෆ‍්‍රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ  කිරුළ සඳහා තරග වදින   අවසන් වටයට තේරුනු සුරූපී ප‍්‍රංශ යුවතියන්  තිස්තුන් දෙනෙකු  අද ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ. 

මෙම සුරූපිනියන් සමග 2013 මිස් ෆ‍්‍රාන්ස් කිරුළ හිමිකරගත්  මැරීන් ලෝෆෙලීන් මෙනවියද  වුවාය. ඇය පසුගිය ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත්තාය.

මිස් ෆ‍්‍රාන්ස් රූ රැජින තරගාවලියේ මුලික වටයේ තෝරා ගැනීම්  ප‍්‍රංශයේ පැරිස් නුවර ආශී‍්‍රතව සිදු කර ඇති අතර  ප‍්‍රංශයේ කලාප 33 කින් පැමිණි  වයස 18 ත් 25 ත් අතර වයසේ පුසවන සුරූපී  යුවතියන් දහස් ගනනක් අතරින් අවසන් වටයට තේරුන සුරූපිනියන්ට මෙම ශ‍්‍රී ලංකා සංචාරය හිමි විය.

සිනමන් හෝටල් කාර්‍යමන්ඩලය සහ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්‍යමණ්ඩලය  විසින්  ගුවන්තොටුපොළ සේද මාවතේදී මෙරටට පැමිණි සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය.

මෙම  සංචාරයේ ප‍්‍රචාරන කටයුතු සඳහා විදෙස් මාධ්‍ය වේදීන් 23 දෙනෙකුද අද දිවයිනට පැමිණි අතර එරට ප‍්‍රමුඛ පෙලේ පුද්ගලයින් 50 කට අධික පිරිසක්ද  මෙරටට පැමිණියහ.

 යුරෝ පන්ලක්ෂය වඩා වටිනාකමින් යුතු ප‍්‍රචාරන ප‍්‍රසිද්ධියක් ලබා ගනිමින් මෙය ටීඑෆ්1  ඔස්සේ මිලියන 10 කට අධික ලෝක වාසී පේ‍්‍රක්ෂයන් වෙත සජීවීව විකාශය කිරීමටද නියමිතය.

මීට පෙර තායිලන්තය, මාලදිවයින, මෙක්සිකෝව හා මුරුසි වැනි රටවල් කරා මිස් ෆ‍්‍රාන්ස් හි වැඩසටහන් ගමන් කර ඇතත්  මිස් ෆ‍්‍රාන්ස් තරගාවලි ඉතිහාසයේ පළමු වරට එහි අවසන් වටයේ තරගකාරිනියන් ශ‍්‍රී ලංකාවට පැමිනි  අවස්ථාව මෙය වෙයි.

ප‍්‍රංශ යුවතියන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය සඳහා නිල චාරිකා  සහකරු ලෙස ශ‍්‍රී ලංකන් ගුවන්සේවයද, නිල සත්කාරක සේවා සහකරු ලෙස සිනමන් හෝටල් හා රෙසෝට්ස් ජාලය කටයුතු කරයි.

මෙම සංචාරයේදී සිනමන් ලොජ් හබරණ හා සිනමන් බේ බේරුවල යන සිනමන් හෝටල්හි මෙම පිරිස නවතැන් ගැන්මට අපේක්ෂිතය. විශේෂයෙන් සංස්කෘතික ත‍්‍රිකෝණයට හා වනජීවී උද්‍යාන වලට මධ්‍යගතව පිහිටා ඇති සිනමන් ලොජ් හබරන ඔස්සේ අතිශය සුන්දර සංස්කෘතික විවිධත්වය හා වනජීවී සුන්්දරත්වය සංචාරයට එක්කරන අතර සිනමන් බේ බේරුවල හරහා රන් පැහැ වෙරළ තිරයක විවේකී සුන්දරත්වය ලගා කරමින්  සුර්්‍යාලෝකය විඳිමින්  මුහුද හා වෙරළ හරහා මොවුන් යොමු කිරීමට කටයුතු කර ඇත.

2014 වසරේ මිස් ෆ‍්‍රාන්ස් කිරුළ දිනාගන්නා ජයග‍්‍රාහිකාව මෙම සංචාරයෙන් පසු නැවත මෙරටට පැමිනෙන අතර එහිදි සිනමන් හෝටල් හා රෙසෝට්හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරමින් මෙරටදි මෙන්ම ප‍්‍රංශයේදී ද විවිද වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිතය.

සිනමන් හෝටල් හා රෙසෝට්හි සන්නාම අලෙවි ප‍්‍රධානී හා උප සභාපති දිලිප් මුද්දෙනිය මහතා පැවසූවේ මෙම උත්කර්ශවත් අන්තර්ජාතික ඉසව්ව සඳහා නිල සත්කාරන සේවා සැපයුම්කරු ලෙස කටයුතු කිරීමට ලැබීම මහත් ගෞරවයක් වන බවයි.

2014 මිස් ෆ‍්‍රාන්ස් තරගාවලිය ඔස්සේ   ශ‍්‍රී ලංකාව උසස් තත්වයේ ගමනාන්තයක්  ලෙස ගෝලීය වශයෙන් අවධානයට පත්  වන බවත් ඔහු පැවසීය.

මෙරට සුන්දර දර්ශන තල ආශ‍්‍රීතව සිදුකෙරෙන රූප ගත කිරීම් හරහා මෙරට සුන්දරත්වය පිළිබිඹු කරන අතරේදීම මෙරට සතු අද්විතීය සංස්කෘතිය හා උනුසුම් ආගන්තුක සත්කාරශීලිත්වය තරගාවලිය නරමන්නන් කරා ගෙන යා හැකි වන බවත් කීය.

 තමන් ඇතුළු සමස්ත සිනමන් කාර්‍ය මණ්ඩලයම මෙම සුන්දර යුවතියන් පිළිගෙන ඔවුන්ට හරවත් අත්දැකීමක් සමීප කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් කීවේය.

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

චොගම් සමුළුවෙන් පස්සේ

ගායනා නෙත්මි අබේකෝන් Tuesday, 19 November 2013 01:58 AM

සමහරු මේකටත් බනිනවා..! සංස්කෘතියට මුකුත් වෙන්නෑ.. දකින දකින හැම එකම කරන්න යන්නේ නැත්නම්. අනික ඔය ශාමලී මහත්මිය කියන තරම් නිරුවක් නම් මම මෙතන දැක්කේ නෑ.. සමහරු කොහොමත් බලන්නේ අඩ නිරුවතින් දැක්කොත් ඒක තමන්ගෙ ඇස් වලින් සම්පූර්නෙන්ම නිරුවත් කරගෙන බලන්න නේ.. එහෙම බලනවා නම් පිටරැටියන්ට ආඩපාලි කියන්න කලින් රටේ ඉන්න සමහර ප්‍රවීනයන්ගේ නිරුවතට පත්තර කොළ අලවලා ඉන්න ඕන. මෙවැනි වැඩසටහන් ලංකාවටත් එන එකෙන් අපේ රට ගැන/ රටේ සෞභාග්‍යය ගැන ලෝකේ ප්‍රරාවට ප්‍රචලිත වෙනවා..ඒ වගේම රටට එන සංචාරකයන් ප්‍රමානය ඉහල යනවා.. අනේ මේවට අද කුද කියන අය ටිකක් නිහඩ වෙලා ඉන්නකෝ.. මේ දියුණු වෙන ලෝකේ.. අපේ රටටත් ටිකක් හරි ඉදිරියට යන්න දිලා.. හැමදාම නහයෙන් ඇඩුවොත්.. කිසිම වගතුවක් නැ.. පිට රටින් එන දේවල් වලින් අපිට ගන්න පුළුවන් දේ පමනක් ගන්න . එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

ඉන්දික Saturday, 16 November 2013 10:33 PM

අහා..මෙන්න තිලක් ඩුබායි මතුවෙලා.පසුගිය දවස්වල දැක්කේ නැහැ.චෝගම් වලට බනින්න විදියක් හොයාගන්න තිබුනේ නැද්ද? එකපාරටම මත්තලට බනින්න පටන අරගෙන.මේ රටේ හොඳ දේවල් හොඳ දේවල් විදියට දකින්න බැරි මිනිස්සු ගැන කවර කතාද. (නි)

:       0       0

ඉන්දික Saturday, 16 November 2013 10:37 PM

මේ ටිකිරිබණ්ඩා නමින් ඉන්න කෙනා තමුන්ගේ අතින් මුදල් දෙනවා වගේනේ කතාව.හැමතැනම යන මුදල් ප්‍රමාණය ගැන බලන්න හදනවා මුදල් ඇමති වගේ. (නි)

:       0       0

සමරනායක Sunday, 17 November 2013 09:46 PM

මේවා දකින්න සළස්වන අපේ ජනාධිපතිතුමාට ජයවේවා! සුබ උපන්දිනයක් වේවා! (නි)

:       0       0

චන්දි Saturday, 16 November 2013 10:46 PM

කොතරම් ලස්සන වුණත් මට ඊෂ්‍යවකුත් අැතිිවෙනවා මම ඒතරම් ලස්සන නැති හන්දා (නි)

:       0       0

එස්ඩීසී Monday, 18 November 2013 10:56 AM

ලැජ්ජයි.... අඩ නිරුවතින් එන්නෙ. පොඩ්ඩක් කියන්න බලන්න අර රටේ සංස්කෘතිය ගැන දොඩන අය කොහෙද කියල? (නදී)

:       0       0

කුමාර වීරවංශ Monday, 18 November 2013 10:57 AM

මේ චොගම් අස්සේ ආවේ ඇයි? (නදී)

:       0       0

මාගලී Saturday, 16 November 2013 04:07 PM

නිරුවත තියෙන්නේ ලංකාවේ අයගේ. මෙයාලගේ එහෙම දෙයක් නැහැ. ඉරිසියා කරන්න එපා.සතුටු වෙන්න (නි)

:       0       0

හංසි Monday, 18 November 2013 10:59 AM

මම නම් හිතන්නේ මේ පින්තූර ටිකේ ලස්සන කැත බලනවට වඩා හිතන්න ගොඩක් දේ තියෙනවා. මෙම වැඩසටහන මඟින් අපේ රටට විශාල සංචාරක ආකර්ෂණයක් ලබා ගන්න පුලුවන් වේවි. ඒ වගේම අපේ රටට තවත් මෙවැනි අවස්ථාවන් රැසක් පස්චාත් චෝගම් සමයෙන් පසු බලාපොරොත්තු විය හැකිය. මගේ ර‍ටට දළදා සමිදු පිහිටයි! (ස)

:       0       0

සෑම් Saturday, 16 November 2013 11:06 PM

දැන් බඩු මිල වැඩිවේද දන්නේ නැහැ? (නි)

:       0       0

සම්පත් Sunday, 17 November 2013 12:31 PM

ලංකාවේ කෙල්ලෝ තරම් ලස්සන නෑ.(නදී)

:       0       0

ඩයස් Saturday, 16 November 2013 11:07 PM

දිගටම තියාගන්න බැරිද ඔවුන්ව? (නි)

:       0       0

රොහාන් Saturday, 16 November 2013 04:19 PM

මට නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කෙල්ලෝ ටික ලස්සනයි (නි)

:       0       0

ශාන්ති Saturday, 16 November 2013 11:36 PM

අපේ ලංකාවේ කෙල්ලෝ ටික ලස්සනයි මේ කට්ටියට වැඩියෙන් (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 16 November 2013 04:28 PM

මම හිතන්නේ අපේ දේශපාලකයන් සහ ඔවුන්ගේ දරුවන්ගේ "වැඩ කිඩ" නොදැන යවපු ගමනක් මේක. (නි)

:       0       0

සමනල Sunday, 17 November 2013 10:50 PM

අනේ මීට වඩා අපේ සිංහල කෙල්ලෝ ලස්සනයි.මොකෝ මෙයාලා වයසට යන්නේ නැතුවයැ? හම රැලි වැටුනම වැඩක් නැහැනෙ. (නි)

:       0       0

අජ්ජා Sunday, 17 November 2013 10:52 PM

මීට වඩා කොච්චර ලස්සනද අර අපේ ලංකාවේ ශ්‍රී ලංකන් එයාලයින් එයාර් හොස්ටර් අර තලෙළු කොන්ඩය කඩාගෙන ඉන්න ගැහැනු ළමයා? (නි)

:       0       0

අනුර ඒ ඒ ඇස් එල් Saturday, 16 November 2013 04:30 PM

ගුවන් තොටේ අපේ දරුවනුත් හරි පෙනුමයි මේ අයටත් වඩා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 16 November 2013 04:30 PM

අපිට ඉතින් කිව්වේ නැහැනේ ඔය සදහා විය හියදම් පැත්තෙන් කව්ද භාරකාරත්වය දරන්නේ කියලා.මේ අපිද දන්නේ නැහැ. (නි)

:       0       0

චානක Saturday, 16 November 2013 04:37 PM

සිත කඩන දර්ශනයක්! (නි)

:       0       0

මුතු බණ්ඩා Saturday, 16 November 2013 04:40 PM

ආසියාවේ ආශ්චර්යය...!!! මොනවා වුණත් කමක් නැහැ. අපේ කෙල්ලෝ අපිට අගෙයි. අාපු විදියටම යන්නත් ඉඩ පාඩු සකසා දුන්නොත් හොදයි. අපේ පුතාලා ගැන ලියන්න අවශ්‍ය නැහැනේ ... (නි)

:       0       0

සිසිල් Sunday, 17 November 2013 12:27 AM

අපේ කෙල්ලෝ ටික ලස්සනයි (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 18 November 2013 11:44 AM

ඔබලාගේ පැමිණීම සතුටක්...!!! (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 16 November 2013 04:50 PM

දිගට හරහට ෆොටෝ අරන් වගෙයි (නි)

:       0       0

රත්ගමයා Sunday, 17 November 2013 12:46 AM

මටත් අපේ කෙල්ලෝ ටික හොදයි. ප්‍රංශ යුවතියන් කිසි ගතියක් නැහැනේ. කොහෙද මෙයාලගේ ලස්සන? (නි)

:       0       0

විධුෂක Saturday, 16 November 2013 04:58 PM

"එසැණ පුවත්" විසින් වැඩිම ඡායාරූප ප්‍රමාණයක් (36) යොදාගනිමින් පලකළ පුවත ලෙස වාර්තාගත වනු ඇත. මේ ඡායාරූප දිහා බලලා උඩුහිත කියනවා ෂාහ්!! හරිම ලස්සනයි!!! මනස්කාන්තයි !!! සුන්දරයි!!! යටිහිත කියනවා ඔබ මනෝ විකාර සුනාමියකට හසුවෙලා උඩුහිත කියලා. ඒ වුණාට සුන්දරයිනේ.යටි හිත සුන්දර වෙන්නේ කොහොමද? කපුටා දන්නවද මිදී රස? මම දන්නවා සුරලොවයි පිළිස්සුන හේනකයි අතර වෙනස. මම අතරමං වෙලා වගේ දැනෙනවා (නි)

:       0       0

කින් බෙනට් Monday, 18 November 2013 11:58 AM

මේ පින්තුර ටික දැක්කම මට සතියක් විතර හිතේ හැටියට තනියම විනෝද වෙන්න පුළුවන් .. (ස)

:       0       0

ලාරා කෑගල්ල Saturday, 16 November 2013 05:01 PM

මෙයාලට පුරවැසිකම දීලා තියාගන්නකෝ (නි)

:       0       0

නිරුපා Saturday, 23 November 2013 06:44 PM

ඔයාලට අනිත්‍ය ගැන මෙනෙහි කරන්න හිතෙන්නේ නැද්ද... මට නම් කටු සැකිලි ටික පෙනෙනවා (අ)

:       0       0

සඳුන් Sunday, 17 November 2013 01:31 AM

4, 5, 6 පින්තූර වල බලන්න. ප්‍රංශ කෙල්ලන්ට එස්කැලේටර් එක වෙන් කරලා. සාමාන්‍ය මිනිසුන් පඩි පෙලේ බෑග් උස්සාගෙන එනවා. ඕක තමයි ලැබෙන දේ ඉදිරියටත්. (නි)

:       0       0

ජයතිලක Sunday, 17 November 2013 01:48 AM

කළුපහන, ඇයි මේ මිනිපහන් වගේ එන අයට ඕනෑ නැති වදන් පවසන්නේ ? (නි)

:       0       0

ශකිලා Sunday, 17 November 2013 11:59 PM

අපේ ලංකාවේ අයත් කොටට ඇදලා ඉන්නේ ඕනෑ තරම්. මට නම් සතුටුයි.ඒ අය ලංකාවට ආ එකට (නි)

:       0       0

සනි Saturday, 16 November 2013 05:13 PM

එන්න නංගි එන්න !!! ඔයාලා වගේ අය එන්න ඕනෑ (නි)

:       0       0

ජනක Monday, 18 November 2013 12:20 AM

හා හොදයි (නි)

:       0       0

දොන් සේතං Saturday, 16 November 2013 05:24 PM

කැසිනෝ සම්පුර්න වෙන්න මෙන්න මේ වගේ අයත් ඉන්න ඕනේ.(නදී)

:       0       0

ශාන්ත ලාල් Saturday, 16 November 2013 05:29 PM

ප්‍රවේශම් කරලා නැවත යැවුවොත් සංචාරක ව්‍යාපාරයට නව ජිවයක් (නි)

:       0       0

අශාන් Sunday, 17 November 2013 02:33 AM

සමහර අදහස් දැක්කම ඊර්ෂ්‍යාවද මෝඩකමද කියලා හිතා ගන්න බැහැ. (නි)

:       0       0

රුපවති Sunday, 17 November 2013 02:23 PM

ඕක නිසා තමයි චන්දි නංගි මම නිෂ්ශබ්දව ඉන්නේ..? ලස්සන ගැහැණු ළමයි ටිකක් ...ඊරිසියාව අපේ කටියගේ ..බේරෙනවා ..?අපේ කට්ටියටත් ඔහොම ඇදුම් අන්දුවනම් ඔය අසහනකාරයින්ගේ ලෙඩ සුව වෙනවා ..පාර අතුගාන ඇදුම් නිසා තමයි .. ඔය වීඩියෝ කාරයෝ වැහි වැහැල තියෙන්නේ...? (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 17 November 2013 02:42 AM

අපේ ශ්‍රි ලංකන් කෙල්ලො ටික ඊට වඩා සුරූපියි (නි)

:       0       0

ඇසළ Saturday, 16 November 2013 05:35 PM

ගුණේ විතරයි හරියට කල්පනා කරලා ලියල තියෙන්නේ. හරියට හරි පලා බබාලගෙන් තමයි පරෙස්සම් කරලා ඉක්මනට පිට කරන්න තියෙන්නෙන් රටේ නම කන්නේ නැතුව. (නදී)

:       0       0

දොන් සේතන් Saturday, 16 November 2013 05:36 PM

නියමයි කෙල්ලෝ ටික. කැසිනෝත් එනවගේ නියම ප්‍රතිලාභ ගන්න පුලුවන්.(නදී)

:       0       0

ජනක Monday, 18 November 2013 01:10 AM

මේවා ජාතික අපරාධ (නි)

:       0       0

අසෝකා Saturday, 16 November 2013 05:38 PM

ලංකාවේ නම කැතවෙන වැඩ සිදු නොවී රටට ගෞරවයක් සහ ආදායමක් වෙන විදියට සියල්ල සිදුවේවා! (නදී)

:       0       0

මොහමඩ් Sunday, 17 November 2013 03:07 AM

පසිදු-නුගේගොඩ,නුඹට බඩගිනිද?කොයිවෙලෙත් කන එක ගැනම කතාකරන්නේ? (නි)

:       0       0

තිලක් කුමාර Saturday, 16 November 2013 05:45 PM

‍මේවා ලාංකීය බෞද්ධ සමාජයම විනාශ කරන බටහිරකරනයට ආවඩන දරිද්‍රතාවයෙන් පෙළෙන සමාජයටම කරන්නාවු විශාල අපරාධයක් ලෙස අප දකිමු.(නදී)

:       0       0

දාස් Sunday, 17 November 2013 04:12 AM

නංගිලා, ජංගම දුරකතන තියාගෙන ඉන්න අපේ අය ළගින් යන්නේ පරිස්සමින්. (නි)

:       0       0

ලංකා Saturday, 16 November 2013 05:53 PM

බලන්න. අපේ රටේ ගුවන්තොටුපල කාර්ය මණ්ඩලයේ නිරතව සිටින යුවතියන්ගේ රුව හා මොවුන්ගේ රුව සැසදිය හැකිද? අපේ රටේ යුවතියන් කොතරම් ලස්සනද? (නි)

:       0       0

රෝහිත Saturday, 16 November 2013 05:55 PM

ලබන ආත්මෙවත් මේ වගේ කෙනෙක් බදින්න පුලුවන් වුණොත්? (නි)

:       0       0

සරත් Sunday, 17 November 2013 05:22 AM

චාන්දීම, ඔබ හරියට හරි. ඔය තිලක් කුමාර වගේ කුහකයන් ඉන්නා තාක්කල් කිසිම රටක්හරි, ජනතාවක් හරි දියුණු වෙන්නේ නැහැ. (නි)

:       0       0

දොඩන්ගොඩ Sunday, 17 November 2013 05:25 AM

මේ කෙල්ලෝ ටික අරගෙන තංගල්ල පැත්තේ යන්න එපා. අනික් එක සමහර ඇමති පුතුන්ගෙනුත් පරිස්සම් කරන්න හොඳට. ලංකාවේ නම කැත නොවන්නට (නි)

:       0       0

ඇන්ටන් Saturday, 16 November 2013 05:59 PM

අනේ ළමයිනේ, තංගල්ලේ පැත්තේ යනවා නම් පරිස්සමින් (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 22 November 2013 01:40 AM

සහෝදරවරුනි,අපේ මේ ශරීරය පිටින් ලස්සනට පින්තාරු කරපු අසූචි ගොඩක් වගේ. ඔය කව්රුත් ඒ ගැන හිතලා කාමුක සිතුවිලි වලින් ඈත් වන්න.අපි සරසවියේ ඉන්න කාලේදී හිත හදා ගත්තේ ඔය ක්‍රමයට තමයි. (නි)

:       0       0

දම්මික පෙරේරා Sunday, 17 November 2013 06:10 AM

මේ කෙල්ලෝ ටික ලංකාවට ආසා වෙලා යන්න බැහැ කිව්වොත් අපි තියාගනිමු. මමත් තාම තනිකඩ ජිවිතේ. මම කෙනෙන් බඳිනවා නවතිනවා නම්. අපේ ගමේ ගෙදර ඉන්න පුළුවන්. කෙසේ වෙතත් මම පතනවා ලංකාවේ සුන්දර ප්‍රදේශ නරඹා සතුටෙන් ආ කාරණා ඉටු කරගෙන ආපසු ගියාම රටට කියන්න අපේ රටේ සුන්දරත්වය පුළුවන් තරම් අපේ රටේ ලස්සන සුන්දරත්වය බලන්න එන්න කියලා. ඔබලාට කිසිදු පීඩාවක් කරදරයක් නොවේවා ලංකාවේ ගත කරන කාලයේ කියා පතමි (නි)

:       0       0

පද්මිණි Saturday, 16 November 2013 06:07 PM

ලංකාවේ ගත කරන මේ සතිය ලෝකය පුරා සජීවීව විකාශනය වීම අපේ රටට වාසිදායකයි. ශ්‍යාමලී, අපි මීට වසර 35 කට එහා ඇන්දේ මීටත් කොටට.ඒ කාලේ ගත් ෆොටෝ දැක්කම දැන් ලැජ්ජයි. (නි)

:       0       0

චන්දිම Saturday, 16 November 2013 06:07 PM

පසිඳු ඇතුලු මෝඩ රැල,කොහෙද කියලා තියෙන්නේ මේකට අපි වියදම් කරනවා කියලා.ඔයගොල්ලොන්ගේ පව තමයි. හැමතිස්සෙම මොකක් හරි නැති වැරැද්දක් අල්ලාගෙන ඔලුව නරක් කරගෙන ලේ පුච්චා ගන්නවා. කවදාවත් හිත හොඳින් නැහැ. මනුස්සයෙක් විදියට ඉපදුන පළියට මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න බැහැ කියලා මේකෙන් හොදටම් තේරෙනවා.මේ ආත්මෙදිවත් පින් කරගන්න ලබන ආත්මේ ඉඳලා මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා (නි)

:       0       0

සුනිල් Monday, 18 November 2013 03:11 AM

මගේ රටට දළදා හිමි සරණයි! (නි)

:       0       0

ගුණරත්න Saturday, 16 November 2013 06:14 PM

ප්‍රංශයේ කොහොමත් ගැහැනු අය ඇදුම් අඳින්නේ මේ විදියට තමා. අපේ රටට වෙනසක් විදියට පෙනුනට මේක ප්‍රංශයට සාමාන්‍ය දෙයක්.කොහොම වුණත් හොදින් ප්‍රවේශම් කරන්න වෙයි.නැත්නම් දන්නවනේ ඉතින් (නි)

:       0       0

චන්දිම Saturday, 16 November 2013 06:14 PM

තිලක් කුමාර,බෞද්ධකම තියෙන්න ඕනෑ ඒක අදහන කෙනාගේ හිතේ. නැතුව වටපිටාවේ ඉන්න අයගේ ඇඳුම් වල නෙමෙයි. තමන්ට තමන්ගේ හික්මීම පවත්වාගන්න බැරි වුණහම ඒකට අනිත් මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ.ඔයගොල්ලෝ කියන විදියට ලංකාවට කාටවත් එන්න බැරි වෙනවා. ඇයි තිලක්ලාගේ සීලේ බිදෙනවලුනේ (නි)

:       0       0

ගාමිණී - සිරි Saturday, 16 November 2013 06:17 PM

අපේ පලා බබාලාත් තවම ක්‍රීඩාවට හරිම කැමතියි. (නි)

:       0       0

සුදා Sunday, 17 November 2013 06:57 AM

ලස්සන කෙල්ලෝ ටික. කිසිම ආඩම්බරකමක් නැහැ (නි)

:       0       0

නිශාන්ත Saturday, 16 November 2013 06:20 PM

බලන්න අපේ දියුණුව. මට හිතාගන්නවත් බැහැ (නි)

:       0       0

රොහාන් Monday, 18 November 2013 01:56 PM

මට නම් ලස්සනම 19,22,23 පින්තූර වල ඉන්න අපේ නිල් පාට සාරිය ඇඳන් ඉන්න ළමයා. හරිම හැඩයි. ඒ ගෑනු ළමයා මේ අදහස් බලත්වා... (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 17 November 2013 03:45 PM

නාමල් අපිව ගාව නොගෙන ඔයාගේ පවුලේ අයව ලවා ඔය වැඩේ කර ගත්තානම්. මොකද මම(නිලූ)චන්දි අක්කා,රුපවති,ඉන්දු,ඔයාගේ පවුලේ අය වගේ නෙමේ. විහිලු කරාට හැදියාව උපරිම තියනවා. ඒ වගේම ඔයාගේ පවුල් වල මට්ටමෙන් අපිව මනින්න එපා කියා මා ඔබට කියා සිටිනවා. (නදී)

:       0       0

කුස Saturday, 16 November 2013 06:47 PM

අම්මෝ! මොවුන්ගේ ලස්සන. (නි)

:       0       0

පැංචි Sunday, 17 November 2013 07:50 AM

ලංකාවේ කෝච්චි වල නම් අනුරාධපුරේ පැත්තේ යන්ට එපා. එයාලා කෝච්චි පාරේ නිදාගෙන අපි වෑන්වල කොළඹ ගේනවා. (නි)

:       0       0

සුනිල් Saturday, 16 November 2013 06:50 PM

ඔය ඔක්කොමලට වඩා අර ශ්‍රී ලංකන් ළමයා ලස්සනයි.(නදී).

:       0       0

කීර්ති Monday, 18 November 2013 07:47 AM

හොදයි. ලස්සනයි (නි)

:       0       0

සන්ද්‍යා Saturday, 16 November 2013 01:17 PM

අපිට හරිම සතුටුයි(දිල්)

:       0       0

කමල් Saturday, 16 November 2013 07:21 PM

පව්! පිටිගල මිලානෝ, එයාගේ නෝනත් නාන්නේ නැති කෙනෙක්ලු. (නි)

:       0       0

රවී මිලානෝ Saturday, 16 November 2013 01:32 PM

ඇමති පුතාලගෙන් පරිස්සම් වෙන්න (දිල්)

:       0       0

පසිදු - නුගේගොඩ Saturday, 16 November 2013 01:34 PM

ඔන්න කට්ටිය අතින් වියදම් කර ගෙන ආවා නම් කමක් නැත.එකටත් අපෙන්ම වගෙයි පෙන්නුම් කරන්නේ.කරන්න දෙයක් නැහැ නම් කුසගින්නේ ඉන්න කෙනෙකුට කන්න දෙන්න.පිනක්.(දිල්)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 16 November 2013 07:23 PM

අනේ අම්මපා අවුරුදු තුන හතරකට කලින් නැව් ගුවන් යානා ගෙන්න ගන්න වෙනම රක්ෂණ ගෙවන්න උණු රටකට ගිය කල..මිනී කන්නන්ගේ දේසෙකට ගිය කල..නේද ඩුබායි තිලක් මහත්තයෝ..ටිකිරි බන්ඩෝ....තාමත් ඩුබායි තිලක්ට ප්ලේන් එකට නගින කොට බය හිතෙනවද? (නදී)

:       0       0

සමදරා Sunday, 17 November 2013 05:30 PM

මාවත් දාන්න ඔය තරඟයට මම පළවෙනියා වෙලා පෙන්වන්නම්. ඔය ඔක්කොටම වඩා මම උසයි, සම මෘදුයි සහ දඹ රන් පැහැයයි (දිල්)

:       0       0

සන්ජීව Saturday, 16 November 2013 01:37 PM

කෙනෙක්ව බදින්න පුලුවන්නම් (දිල්)

:       0       0

ලාල් Saturday, 16 November 2013 07:25 PM

අම්මෝ මෙයාලගේ උස? පසිදු මොකක් ගැනද කියන්නේ? (නි)

:       0       0

නීල් රණා Sunday, 17 November 2013 09:03 AM

ලස්සන නම් නෑ පෙනෙන්නේ.. කොක්කු වගේ උසැති ළඳුන්නේ.. (නි)

:       0       0

ශ්‍යාමලී කළුපහන Saturday, 16 November 2013 01:37 PM

ලැජ්ජයි.... අඩ නිරුවතින් එන්නෙ.පොඩ්ඩක් කියන්න බලන්න අර රටේ සංස්කෘතිය ගැන දොඩන අය කොහෙද කියල?(දිල්)

:       0       0

සන්ජය Saturday, 16 November 2013 01:38 PM

පොල් කඩන්න වගේ හොඳ නැද්ද (දිල්)

:       0       0

අනුර Saturday, 16 November 2013 07:28 PM

ගුණේ හරි (නි)

:       0       0

සිසිර Saturday, 16 November 2013 01:38 PM

රවී හරි , මුළු ලංකාවම හොඳි උන් ටික ඇරෙන්න (දිල්)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 16 November 2013 07:31 PM

කෝටි ප්‍රකෝටි ගානක් මුදල් යොදවලා හදපු මත්තලින් එන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

ශානුක Saturday, 16 November 2013 01:44 PM

ආසියාවේ සුන්දරම දිවයිනට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු (නි)

:       0       0

ලාල් Saturday, 16 November 2013 07:33 PM

මම දකින විදිහට හොදම අදහස දාලා තියෙන්නේ අසෝකා. (නි)

:       0       0

අමිළ කටුනායක Saturday, 16 November 2013 01:49 PM

ඊයේ පුවතක් තිබුනා රටවල් 33 ක් ආවා කියලා. අද කියනවා කෙල්ලෝ 33 ක් ආවා කියලා. අපේ කොල්ලන්ගෙන් කෙල්ලන්ට කිස්.(නදී)

:       0       0

රූපිකා Saturday, 16 November 2013 01:49 PM

බුදුන් වහන්සේ ඛේමා වට කියපු දෙය පොඩ්ඩක් මෙයාලට දේශනා කරන්න .අපේ රටට ආපු එකේ ජිවිතේටම වටින පණිවුඩයක් වෙවි එයාලට.අනේ අපොයි උපදිනවා, පවතිනවා, නැති වෙන කුණු ශරීරය.(නදී)

:       0       0

රජිත් Saturday, 23 November 2013 11:46 PM

සුද්දියෝ කොච්චර ලස්සනද? (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 16 November 2013 01:55 PM

හරිම සතුටුයි...!!(නදී)

:       0       0

ෆස්ලි Sunday, 17 November 2013 09:29 AM

මේ වගේ ගොඩාක් අය සමග මම ආශ්‍රය කරලා තිබෙනවා පිට රට වල, ලස්සන වුණාට වැඩක් නැහැ ...රැවටෙන්න එපා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 16 November 2013 07:42 PM

බන්දුල පෙරේරා,2012 දී මාසෙටම දවස් දෙකක් ආ එයාර් අරාබිය දැන් මත්තලින් එන්නේ නැහැ.ඩිරාම් 300 (රුපියල් 9,000)ට සෙනග ගෙන්වා ගන්න බැරි වූ නිසා දැන් මත්තල කියන නමත් ඉවත් කරලාලු. (නි)

:       0       0

ලලිත් අපොන්සු Saturday, 16 November 2013 07:46 PM

තිලක් කුමාර නමැති පුද්ගලයා බෞද්ධ මෝහයෙන් මුලාවෙලා (නි)

:       0       0

චන්දි Saturday, 16 November 2013 07:47 PM

මෙතනත් කැපිල්ල දාල අපිට නේද...? කමක් නැහැ.හරිම ලස්සන කෙල්ලෝ ටිකක්. බලාගෙන නගෝ,අපේ ශ්‍රී ලංකන් අයියලා, මල්ලිලා වීඩියෝ කරනවා. පරිස්සමින් හොදේ ....!!! (නි)

:       0       0

අජිත් Sunday, 17 November 2013 09:36 AM

ලස්සනට ලස්සනයි කියන්න ඕනෑ,ඒත් අපිට අපේ කෙල්ලෝ තරම් සුන්දරව පෙනෙන්නේ නැහැ. මොනවා වුණත් කැමරාවට නම් පිස්සු හැදිලා. (නි)

:       0       0

ජී. Saturday, 16 November 2013 07:58 PM

රවී කියන එක හරියටම හරි. මොන ලෝකයෙන් ආවත් ඇමති පුතාලා සැප ගන්නමයි බලන්නේ. (නි)

:       0       0

සමන් Saturday, 16 November 2013 02:09 PM

අනේ පව් දන් නැතිව ඇවිල්ල වගේ දවසින් තේරෙයි (දිල්)

:       0       0

ලාල් Saturday, 16 November 2013 08:01 PM

ඉඩෝරයේ නගර කොනේ අයිපල් සිමාවේ..... නුඹව පෙනේ ...../ ප්‍රංශ යුවතියන්.... හදේ කොන අරන්.... ලිලි මල් සුළං මීදුමෙන් වහන් මායාවී පායාවි පමාවී....../ (අමල් පෙරේරා) (නි)

:       0       0

රුවන් Saturday, 16 November 2013 08:05 PM

මට නං අපේ කෙල්ලො ටික ලස්සනයි (නි)

:       0       0

රාමා Saturday, 16 November 2013 02:18 PM

අහ එයාල තවමත් මිනි ගවුම් අඳින්නේ අපේ අය ඕව ඇන්දේ 1977 නේ අපේ අය ඊට වැඩ කොච්චර දියුණුද.(දිල්)

:       0       0

ගිම්හානි Saturday, 16 November 2013 02:22 PM

ඇත්ත පසිදු .ලෝකය ගැන සමහර විටක කල කිරෙනවා (දිල්)

:       0       0

සෑම් Thursday, 21 November 2013 07:20 PM

අම්මෝ! මේ පින්තූර වල ඉන්න අක්කලාගේ උස? (නි)

:       0       0

ජයතිලක Sunday, 17 November 2013 10:11 AM

පැංචි, ඔය කඩේ යනවා වගේ.ට්‍රයි එකක් දෙන්නකෝ චැනල් 4 කට්ටියත් එක්ක ලන්ඩන් යන්න. (නි)

:       0       0

පියල් ඉන්ද්‍රජිත් - පිලියන්දල Saturday, 16 November 2013 02:34 PM

සන්ජීව ....ඔව් බදින්න පුලුවන් නම් දැවැද්දට හොද දේවල් ලැබෙයි.(නදී)

:       0       0

රොෂාන් ද සිල්වා, කටාර් Saturday, 16 November 2013 02:38 PM

අල වගේද ගෝවා කියල ඇහුවලු. දැන් චෝගම් ඉවරයි. ඉතින් මෙම වැඩ සටහන ගොඩක් වටිනවා ලංකාවේ සුන්දර නම ලොව වටා ගෙනියන්න. මෙම උළෙල සංවිදානය කරන සැමට අපේ ගෞරවය හිමිවෙනවා. රටක් හැම පැත්තෙන්ම දියුණුවෙන්න මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා. ලංකාව සුන්දර රටක් වගේම සෑම දේටම නිදහසක් තියෙන රටක් නිසා මෙම වැඩසටහන ගොඩක්ම ලස්සන වේවි. මම නම් කියන්නේ මේක ඉවර වෙනකොටම තව වැඩසටහනක් දියත් කරන්න ඕනි. ඒකට තමයි කියන්නේ විප්ලවීය වෙනස කියලා. මම කියන්නේ සංචාරක කර්මාන්තයේ දියුණුව ගැන. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 16 November 2013 02:40 PM

මේ කෙල්ලෝ ටිකනම් හරිම ලස්සනයි. ලංකාවේ නෑනේ මෙහෙම කෙල්ලෝ .කොහෙද අපේ අය නාන්නේ නෑනේ.(නදී)

:       0       0

අකිල Saturday, 16 November 2013 02:45 PM

ශ්‍යාමලී කළුපහන, ලංකාවේ අය ඔයිට වඩා අඩ නිරුවතින්නේ පාරේ යන්නේ. ඒ අයට සංස්කෘතිය අවුලක් නැද්ද?(නදී)

:       0       0

සමිත් පෙරේරා Monday, 18 November 2013 09:44 AM

අපේ ලංකාව කෙල්ලන්ගේ පැත්තකින් වත් තියන්න බෑ. ගම්පහ පැත්තෙ පන්ති ඇරුන වෙලාවක ගියොත් මේ කෙල්ලෝ කැලේ. මීට වඩා හොඳයි අපේ කෙල්ලන්ට සාරි අන්දවල ලස්සනට තිබුන නම්.ලංකාව කෙල්ලෝ තරම් ඔය මොකවත් ලස්සන නෑ. (ස)

:       0       0

සම්පත් ප්‍රියංකර Saturday, 16 November 2013 02:46 PM

ගින්දර....!! (නදී)

:       0       0

සුදර්ශන - දෝහා කටාර් Sunday, 17 November 2013 10:32 AM

ලස්සනම යුවතිය ඉන්නේ 19,22,23 යන ෆොටෝස් වල නිල්පාට සාරියක් ඇඳන් !(නදී)

:       0       0

නාමල් Saturday, 16 November 2013 02:51 PM

කොහොමද රූපයි ,චන්දියි ,කුසුමයි සමදරාටයි,නිලුටයි ඉන්දුටයි මේ වගේ අන්දලා කැකනදුර පැත්තේ බැස්සුවා නම්!(නදී)

:       0       0

කුමාරණ Saturday, 16 November 2013 02:54 PM

අපි මොනවා කිව්වත් ඔයාල දියුනුයු කියන ලෝකේ ඕවට තමා ඉල්ලුම වැඩි. ඉල්ලුමට සරිලන සැපයුම තිබුනොත් අපී ආර්ථිකයට හොදයි. මේ වගේ කිරිල්ලියන් පුළුවන් තරම් ඇමරිකාවෙන්, එංගලන්තෙන්, ජර්මනියෙන් ගෙන්නලා මාද්‍ය මෙහෙයුමක් තියන්න ඕනේ. විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා සිකුරුයි. අද ඔක්කොමටම ඕනේ සල්ලි. සල්ලි වියදම් කරා නම් ඔය චෝදනා මොහොතින් උඩු යටිකුරු කරන්න පුළුවන්. (නදී)

:       0       0

අචි Saturday, 16 November 2013 03:01 PM

මට නම් අපේ කෙල්ලෝ පොඩී මේක්අප් එකක් දාල ඔසරියක් අන්දලා ගත්තම හරිම ලස්සනේ (දිල්)

:       0       0

ව. සුමේධ ෆෙර්ණන්දෝ Sunday, 17 November 2013 10:55 AM

ඕගොල්ලොත් ඒ වගේ බොලද දේවල් නම් හොදට කවර් කරලා තියනවා අපරාදේ කියන්න බෑ.(නදී)

:       0       0

වෙදමහත්තයා Saturday, 16 November 2013 03:03 PM

ශ්‍යාමලී කළුපහනට එයාගෙම නිරුවත පෙනිලා වාගේ. මේ ඇවිත් සිටිනා ප්‍රංශ යුවතියන්ගේ නිරුවතක් පෙන්නේ නැහැ අප කාටවත්. එහෙත් ශ්‍යාමලී කළුපහන ට මොනවා හෝ පේනවා . මම සිතන්නේ එයා දකින්නේ එයාගෙම නිරුවත.(නදී)

:       0       0

සිල්වා Saturday, 16 November 2013 09:16 PM

ශ්‍යාමලී කළුපහන, ඔයාට ඊර්ෂ්‍යාව වගෙයි නේද? (නි)

:       0       0

ෆෙඩෝ Saturday, 16 November 2013 09:19 PM

දෙකක් නැහැ අපේ රටේ සල්ලේ තමා මේ. අහිංසක මිනිස්සු දුක් විදිනවා රටේ කන්න නැතුව. මෙයාලා පිස්සු නටනවා. (නි)

:       0       0

චන්දි Sunday, 17 November 2013 10:59 AM

මෙතනත් මගේ නමින් අදහස් දාල මොන කරදරයක්ද මේ , කව්ද මේ හොර නම් වලින් දාන්නේ, (නදී)

:       0       0

පද්මිණි Saturday, 16 November 2013 09:21 PM

අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවෝ ටික ගොඩක් ලස්සනයි. ප්‍රංශ රූ රැජිණිය සදහා සිහින් සිරුර, උස, ඒ වගේම බුද්ධි පරික්ෂණයකුත් තිබෙනවා(.අධ්‍යාපන සුදුසුකම්).... (නි)

:       0       0

යු. එස්. ඒ Saturday, 16 November 2013 03:08 PM

මේක ලංකාවට හොඳම අවස්ථාවක් සංචාරක ව්‍යාපාරය ලොව පුර ගෙන යෑමට . මේවගේ දෙයක් ලංකාවේ පවත් වීමෙන් මෙය ප්‍රන්සයේ සහ ලොව පුරා රුපවාහිනී නාලිකා වලින් ප්‍රදර්ශනය වනවා . මෙහි ගත කරනා කාලයේදී මැති ඇමති පුතුන් අතින් කරදර නොමැතිව ඔබලාගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට සතුටින් ගතකිරීමට හැකිවේවා පතමි (දිල්)

:       0       0

ශාන්ත ඉතාලිය Saturday, 16 November 2013 09:29 PM

මෙතන අදහස් පළකරලා තිබෙන ගොඩක් නෝනලා මහත්තුරු ඊර්ෂයාව හා නොහැකියාව පෙන්නුම් කරලා තියෙන්නේ.පරිඝනකයක්,ඉන්ටර්නෙට් ,සිංහල අකුරු ,තිබුන පළියට ලියන්නේ නැතුව ලියූ දේ දෙපාරක් හිතලා පළ කළා නම් නේද හොද? (නි)

:       0       0

අනුර Friday, 22 November 2013 02:09 PM

කවුරු මොනවා කිව්වත් අපේ ලංකාවේ කෙල්ලෝ තරම් නම් එයාල ලස්සන නැහැ....... (ස)

:       0       0

ජයේ Monday, 18 November 2013 10:18 AM

අපේ කෙල්ලො ලස්සනයි කියන සෙට් එකට මේ මං අහන්නෙ.බැරි වෙලාවත් ඔය කෙල්ලො වෙනුවට ප්‍රංශ කොල්ලො සෙට් එකක් බැස්සා නම් අපේ කෙල්ලො ටික කියයිද අපේ ලංකාවේ කොල්ලො මීට වඩා කඩවසම් කියලා. (ස)

:       0       0

ගුණේ Saturday, 16 November 2013 03:29 PM

මේ කට්ටිය යන ප්‍රදෙස වල ඉන්න පළාත් සබා මන්ත්‍රී වරුන්ට පිස්සු බලු එන්නත විදලා දන්වැල් වලින් ගැටගසා තිබ්බොත් හොදයි.(නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Monday, 18 November 2013 10:35 AM

ෂා ... ලස්සන ගැහැණු ළමයි ටික... සාදරයෙන් පිළි ගනිමු ! (ස)

:       0       0

චන්දිම Saturday, 16 November 2013 09:51 PM

රුවන් ඔයා හරි.අපේ කෙල්ලෝ හොඳයි (නි)

:       0       0

පැංචි Sunday, 17 November 2013 09:19 PM

අත තැබීමෙන් වළකින්න (නි)

:       0       0

රූපිකා මහවිතා Saturday, 16 November 2013 03:45 PM

මෙයාලට බණ ටිකක් අහන්න දීලා අර කුණු කය වැහැරෙන විදිහත් පොඩ්ඩක් හරි කියලා දීලම යැවුවා නම් නේද එයාලාගෙ අනාගතයට ,ජීවිතයට මෙහෙන් ඇත්තටම යමක් ගත්තා වෙන්නේ. (නි)

:       0       0

දමයන්ති Saturday, 16 November 2013 03:53 PM

ප්‍රවේශම් වෙන්න හොදේ (නි)

:       0       0

සුනිල් Saturday, 16 November 2013 10:10 PM

හොද දේ හොදයි. ලස්සන දේ ලස්සනයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 22 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1028 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1712 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 739 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 185 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 520 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site