IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


චිත්‍රපටියට කෝටි 37ක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

ජාතික චිත්‍රපට සංස්ථාව  දිවයින පුරා  සිනමාහල්වලින් රුපියල් කෝටි 37 ක මුදලක් අය කර ගැනීම පැහැර හැර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

වසා දමන ලද සිනමාහල්වලින් රුපියල් කෝටි දාහතරක මුදලක්ද   සිනමා ප්‍රදර්ශන මණ්ඩලවලට අයත්ව ක්‍රියාත්මක වන සිනමා ශාලාවලින් කෝටි විසිහතරක මුදලක්ද මෙසේ අය කරගෙන නැතැයි එම වාර්තාවේ දැක්වේ.

සිනමා ශාලා 137 කින්  2020 දෙසැම්බර් 31 දිනට  අයවිය යුතු වර්ෂ 19කට වැඩි පැරණි හිඟ මුදල් එකතුව රුපියල් කෝටියකට ආසන්න බව සඳහන් කරන විගණන වාර්තාව මණ්ඩලවලට බෙදීමෙන් පසු 2020 දෙසැම්බර් 31 දක්වා වසා දමන ලද සිනමා ශාලාවලට අදාලව අය විය යුතු හිඟ මුදල්වල වටිනාකම  රුපියල් කෝටි දාහතරක් බවද ප්‍රකාශ කරයි.

මේ අතර සංස්ථාවට අයත් තරංගනී සිනමා ශාලාව සඳහා රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති ප්‍රොජෙක්ටරයට අදාල ලිපි ගොනු විධිමත්ව සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන ගොස් නොතිබූ ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම ප්‍රොජෙක්ටරය සවිකිරීමෙන් පසු අවස්ථා ගණනාවකදීම එය  අක්‍රියවී තිබූ බවද   වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (1)

චිත්‍රපටියට කෝටි 37ක පොල්ලක්

Rocky Friday, 23 February 2024 06:22 PM

ඕවා ඔක්කොගේම සභාපති වෙලා හිටපු මහාචාරයතුමන්ගෙන් අහන්න...!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 58 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 41 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 201 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 460 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1042 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1218 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site