IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


චිත‍්‍රපට පිටපතක් ලියාගෙන යනවා

2016-05-27-ent-105

විටෙක දයාබර ප්‍රේමවන්තයෙකු ලෙසත් තවත් විටෙක හිතුවක්කාර තරුණ පුතෙකු ලෙසත් පුංචි තිරයේ දී අපට හමුවන ඔහු වඩා කඩවසම්ය. ඒ හේතුව නිසාම තරුණ පරපුර අතර ඔහු නොමඳ ආකර්ෂණයට ලක්වේ. හැඩ වැඩ මෙන්ම හඬද හොඳ පදමට සැපයිය හැකි මේ තරුව වෙන කවරෙකුවත් නොව වර්තමාන පරපුරේ කුසලතා පූර්ණ රංගවේදියෙකු වන ධනංජය සිරිවර්ධනයි. මේ දිනවල සිරස වන් නාලිකාව ඔස්සේ විකාශය වන ”Colours with Dananjaya” වැඩසටහනින් ඔහු තම කලා දිවියට නව ප‍්‍රවේශයක් ලබා දී තිබේ. ඒ පිළිබඳව සහ කලා ලොවේ තතු පිළිබඳවත් කතා කිරීමට ඔහු අප හා එක්වූයේ මෙසේයි.

 

2016-05-27-ent-104මේ දිනවල ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?

පසුගිය කාලේ ජැක්සන් ඇන්තනි මහත්මයගේ ටෙලිනාට්‍යයක මාස 4 ක් එක දිගටම රූගත කිරීම්වල නිරත වෙලා හිටියා. ගොඩක් කාර්යබහුල කාලයක්. අධික වෙහෙසක් දරලා කරපු නාට්‍යයක්. ඒ වෙහෙස නිසා මේ මාසෙ වැඩ භාරගත්තේ නෑ. විවේකයෙන් ඉන්නවා.

 

සිරස වන් නාලිකාවෙ අලූත් වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්නවනෙ. ඒ ගැන කතා කරමුද?

ඔව්, මම ඉතා සතුටින් භාරගත්ත වැඩක්, ටී.වී. වන් නාලිකාවෙ අධ්‍යක්ෂ බුද්ධික තමයි ආරාධනා කළේ. ෂර්ලි පී. දෙලංකාවල වැඩසටහන් අධ්‍යක්ෂණය කරනවා.

ලංකාවේ කලර්ස් පෙන්නපු ලෙජන්ඞ් එක්කන් ඇවිල්ලා එයාගෙ නියම කලර් එක මොකක්ද කියලා බලාගන්න, එයාගෙ ජීවිතේ ගැන කතා කරන්න. ”කලර් විත් ධනංජය” කියන වැඩසටහන ආරම්භ වුනේ. ඉතින් එමඟින් ලංකාවේ ලොකුම ලෙජන්ඞ් ඇවිල්ලා තමන්ගේ ජීවිතය මගේ ඉදිරියේ දිග අරිනවා. ඒක ප්‍රේක්ෂකයන්ටත් අලූත් අත්දැකීමක්. එහිදී අපි ගොසිප් නෙමෙයි කතා කරන්නෙ. ඇත්තටම ඔවුන්ගේ ජීවිතේ ලෙජන්ඞ් එකක් බවට පත්වුණේ කොහොමද කියන දේ. ඉතින් මේ වැඩසටහන අවසානයේදී ප්‍රේක්ෂකයන්ට පැහැදිළි වෙන විදියට තමයි අන්තර්ගතය හදලා තියෙන්නේ.

 

දැන් මේ වෙනුවෙන් කී දෙනෙක් විතර සහභාගී වුණාද?

මේ වෙද්දි වැඩසටහන් තිහකට අධික සංඛ්‍යාවක් කරලා තියෙනවා. නම් වශයෙන් කියනවනම් මේ වැඩසටහන ආරම්භ කළේ යශෝධාගෙන්. එතැනින් පසුව බුඩි කීර්තිසේන, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, සුනිල් ආරියරත්න, අනෝජා වීරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය වගේ දැවැන්තයින් සහ අලූත් පරම්පරාවෙ කිහිප දෙනෙකුත් මේ වෙනුවෙන් සම්බන්ධ කරගෙන තියෙනවා. සෙනසුරාදා රාත‍්‍රී 7 සිට 8 දක්වාත් සඳුදා සවස 5 සිට 6 දක්වාත් තමයි මේ වැඩසටහන විකාශය වෙන්නෙ.

 

එහිදී කතා කරන්නෙ මොනවද?

මුලින්ම සඳහන් කළා වගේ ඔවුන්ගේ ලෙජන්ඞ් එකක් දකින්නේ කාලාන්තරයක් ක්ෂේත‍්‍රයේ රැුඳී සිටියට පසුවනෙ. නමුත් ඔවුන් නොදන්න ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම කලූ, සුදු යුගයක් ඔවුන්ටත් තිබුණා. එක පාරටම ලංකා ලෙජන්ඞ් බවට පත් වුණේ නෑ. ඔවුන් ජීවිතේ ගොඩක් අමාරුවෙන් එතනට පැමිණි අය. ඒ ජීවන අත්දැකීම් බලද්දි අහගෙන ඉන්න අයටත් ඒ පිළිබඳ ආශ්වාදයක් ඇති කරවනවා මටත් කවදහරි මේ තැනට එන්න පුළුවන් නේද කියලා. මොකද ඔවුනුත් මේ පොළොව තුළ ඉඳලා තමන්ගෙ ජීවිතේ හොයාගත්ත අය කියලා එමගින් පැහැදිළි වෙනවා.

 

ඒ වැඩසටහන ඔබ දකින්නේ කොහොමද?

එය මම දකින්නේ වැඩසටහනට එන අයටත්, බලන අයටත් මතක ගබඩාවක් විදිහට තියාගන්න පුළුවන් වැඩසටහනක් ලෙස. මොකද දැන් මිනිස්සු වැඩිපුර ටී.වී. බලන්නේ නෑ. අන්තර්ජාලය සමග වැඩිපුර ගනුදෙනු කරන්නේ. ඒ නිසා අපි ඉදිරිපත් කරන හැම වැඩසටහනක්ම අන්තර්ජාලයට නිකුත් කරනවා. පසුව එය මුළු ජීවිත කාලයම අන්තර්ජාලයෙ තියෙනවා. අපි හිතමු ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ජීවිතය මොකක්ද කියලා දැනගන්න ඕනෑ කියලා ඒ හැමදේම මේ වැඩසටහන හරහා දැකගන්න පුළුවන්. ඔවුන්ගේ විස්තර සියල්ලම එහි අන්තර්ගතයි. මෙමගින් පුස්තකාලයක් තමයි නිර්මාණය වෙලා තියනේනේ.

 

මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරද්දි ඔබත් ඒ දැවැන්ත පුද්ගලයන් පිළිබද අධ්‍යයනයක සිටිය යුතුයිනෙ. එය අසීරු වුණේ නැද්ද?

ඉතාමත් අසීරු වුණා. ඒත් මම හරිම කැමැත්තෙන් ඒක කරන්නෙ. ඒ හැම කෙනෙක් ගැනම මම හොයනවා. ක්ෂේත‍්‍රයේත් ගොඩක් කාලයක් වැඩ කළ නිසා ඔවුන් පිළිබඳ හොයන්න අසීරු වුණේ නෑ. වැඩසටහනට කලින් මේකයි සිද්ධ වෙන්නේ කියලා ඒ හැම පුද්ගලයෙක් එක්කම කතා කරනවා.

 

ඒ අතරතුර සිදුවූ මතක සටහන් තියෙනවද?

හැම වැඩසටහනක්ම මතක සටහන්. මොකද ඒ සෑම පුද්ගලයෙක්ම මගේ පොතේ යම්කිසි සඳහනක් ලියලා යනවා. ඒ සොඳුරු සටහන් ගොඩක් මට එකතු වුණා. විශේෂයෙන්ම ඔවුන් වැඩසටහන සහ මා සම්බන්ධයෙන් විශේෂ සඳහනක් ලියලා යන්නෙ.

ඒ සඳහන් ලියූ පොත යළි යළි කියවද්දි තේරෙනවා කලාකරුවෙක් වීමේ වාසනාව කොයිවගේද කියලා. මොකද මම නළුවෙක් හැටියට ඔවුන් එක්ක වැඩ කරපු කෙනෙක්. නිවේදකයෙක් හැටියට මම යම්කිසි සාර්ථකත්වයෙක් ලැබුවා නම් ඒ සාර්ථකත්වයට හොඳම සාක්කිය තමයි ඔවුන් මේ පොතේ තබන සටහන. එහි ලොකු ආදරයක් තියෙනවා. ඒ ගැන හිතට දැනෙන්නේ ලොකු සතුටක්.

 

මේ අවුරුද්දේ හිරු ඔඪ හි ”අවුරුදු කුමාරයා” කිරුළ ඔබට ලැබුණා නේද? ඒ ගැනත් කතා කරමුද?

ඒක ඉතින් බොහොම විනෝදෙට කරපු වැඩක්. මේ සඳහා සහභාගි වුණේ අපේ සහෝදර කලා ශිල්පීන්මයි. ඒ හැමෝම මිනිස්සු ගොඩක් ආදරය කරන ශිල්පින්. ඒ අතරෙ සමහර අය හිටියා ජාත්‍යන්තර මට්ටමින් ලංකාවට කීර්තියක් ගෙන දුන් කලාකරුවන්. ඉතින් අපි හැමෝම එකතුවෙලා හරිම විනෝදෙන් මේ සඳහා ඉදිරිපත් වුණා. අවුරුදු දවස නිසා අපිටත් ඕන වුණේ ඒ දවස ගොඩක් සතුටින් ගත කරන්න.

මෙවැනි වැඩසටහනකට මීට පෙර කිසිම දවසක සහභාගීවෙලත් නෑ. ඉතින් ඒ තරගයට සහභාගී වෙලා ජයග‍්‍රහණය කරපු දවස ගොඩක් ලස්සනයි.

ඉදිරියට නම් මම එවැනි තරගයකට සහභාගි වෙන එකක් නැහැ.

 

ජීවිතේ දුකක් දැනුණු දවසක් තියෙනවද?

මේ දවස්වල නම් ගොඩක් දුකෙන් ඉන්නෙ. මොකද පසුගිය කාලයේ රඟපාපු ”රතු අහස” ටෙලි නාට්‍යයේ විරාගගෙ චරිතය වෙනුවෙන් යම්කිසි ඇගයීමක් ලැබෙයි කියලා ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියෙ. නමුත් ඒ ඇගයීම නොලැබීම ජීවිතේ ප‍්‍රථම වතාවට දුකක් වුණා. කලා ක්ෂේත‍්‍රයේ මා ලද ලොකුම දුක තමයි ඒ. මම සම්මානයක් වෙනුවෙන් දුක්වෙලා නෑ. සම්මාන බලාපොරොත්තුවෙලත් නෑ. නමුත් ඒ චරිතෙ රඟපෑ පසුව ඒ සඳහා ලැබුණු ප‍්‍රතිචාර ඉතා ඉහළයි. ලංකාවෙ කලා රසය දන්නා අයගෙන් ඉහළම ප‍්‍රතිචාර තිබුණා.

විශේෂයෙන්ම ඒ නාට්‍ය චරිතයෙ තියෙන්නෙත් තමන්ගේ නිසි ඇගයීම නොලැබුණු කලාකාරයෙක්ගෙ ඉරණම පිළිබඳව. ඒ ඛේදවාචකය හා සමාන දෙයක් තමයි මටත් සිදුවුණේ. ඒ පිළිබඳ දුකෙන් තමයි මේ දවස්වල ඉන්නෙ.

 

පවුල් ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?

සුපුරුදු පරිදි ගෙවීගෙන යනවා. බිරිඳ ලංකාවට ඇවිල්ලා දැන් ටික කාලයක් වෙනවා. ඇය තාම විවේක ගන්නවා. ඒ ඇය ගත කළේ කාර්යබහුල කාලයක් නිසා.

 

දැන් දෙන්නා තුන්දෙනා වෙන්න කාලේ හරි කියලා හිතෙන් නැද්ද?

ඒක නම් තාම නෑ. මොකද මගේ තව බලාපොරොත්තු වගයක් තියෙනවා. ඒ වගේම ගෙයක් හදනවා. ඒ හැමදේම අවසන් වුණාට පසුව තමයි ඒ ගැන බලාපොරොත්තු වෙන්නෙ.

 

ඉදිරි වැඩකටයුතු මොනවද?

ඉදිරි වැඩකටයුතු කිහිපයක් තියෙනවා ටෙලි නාට්‍ය කීපයකටත් කතා කරලා තියෙනවා. ඒ වගේම චිත‍්‍රපට පිටපතක් ලියාගෙන යනවා. මගේ ජීවිතේ තිබුණු ලොකුම හීනයක් ඒක. අලූතින්ම සිනමාව තුළ නොවුණු විදියෙ පිටපතක් තමයි ලියාගෙන යන්නෙ.

 

ඒ කියන්නේ චිත‍්‍රපට අධ්‍යක්ෂණයටත් ළඟදිම සම්බන්ධ වෙයි නේද ?

තවම නෑ. අධ්‍යක්ෂණයට තව කල් තියෙනවා. ඒ සඳහා මම ඉක්මන් වෙන්නෙ නෑ. නිෂ්පාදනය කරයි. තිර පිටපත් ලියයි. නමුත් අධ්‍යක්ෂවරයෙක් කියන්නෙ වෙනත් කාර්යයක්. ඒ සඳහා මට තව කල් තියෙනවා. සමහර විට ඒ අධ්‍යක්ෂවරයාගේ පුටුවෙ වාඩිවුණොත් ඒ පුටුවෙන් නැගිටින්නෙත් නැතිවෙයි.

 

ධනු විජේරත්න 

 

sandalla

 



අදහස් (0)

චිත‍්‍රපට පිටපතක් ලියාගෙන යනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 293 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 220 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 581 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 271 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 264 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site