IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


චිත‍්‍ර අඳින, කවි ලියන, නිළිය මමයි

2016-11-11-ent-03

ජාතික රූපවාහිනියේ නැට්ටුක්කාරයෝ සමග හරඹ දක්වමින් සිටි ඇය වේදිකාවේ ”රජා මං වහලා” වී මේ දිනවල සිරස අරුමවන්තී සමග ආලින්දයට පැමිණෙන්නීය. රංගනය වෙතින් විවිධ හැඩකාර චරිත සොයා යන මේ උමයංගනා යනු ඇය සතු හඬ සහ රුව ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට පමණක් සීමා කළ ශිල්පිනියක නොවේ. වේදිකා රංගනයට, ගුවන්විදුලි සහ රූපවාහිනී හඬ කැවීමේ අංශයට මෙන්ම නිවේදනයට ද බෙහෙවින් දක්ෂ වූ ශිල්පිනියකි. 2016 රාජ්‍ය නාට්‍ය උළෙලේදී චාමික හත්ලහවත්තගේ ”රජා මං වහලා” රඟපෑම උදෙසා හොඳම නිළියට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබූ උමයංගනා මේ සතියේ සඳැල්ල කතාබහ හැඩ කළේ මෙලෙසිනි.

 

"රජා මං වහලා" චරිතයෙන්ම පටන් ගනිමු. එය මොන වගේ චරිතයක්ද?

2016-11-11-ent-06මේ වේදිකා නාට්‍ය මම දකින්නේ ලාංකීය වේදිකාවට වෙනස් අත්දැකීමක් ලෙසයි. ලාංකීය වේදිකාවේ කතාන්දර කියන කලාවට වෙනස් රිද්මයක් ගෙන දුන් නාට්‍යයක්. පර්යේෂණාත්මක ගණයේ නිර්මාණයක් කිව්වොත් වඩාත් නිවැරැදියි. රංගනයෙන් ඊට දායක වන අපි එක කණ්ඩායමක්. චරිතයෙන් චරිතයට මාරු වෙමින් අපි කරන ඒ රංගනයෙහි වෙනස දැක ගන්න නම් මේ අපූරු නාට්‍ය නරඹන්නම වෙනවා.

 

"අරුමවන්තී" ගැන හිතන්නෙ කොහොමද?

එහි අංජලි නමැති චරිතය රඟපාන්නෙ මම. මේ දිනවල ඒ නාට්‍යය නරඹලා ගුණ දොස් කියනවා නම් දැනගන්න කැමැතියි.

 

මේ දිනවල අරුමවන්තී වූ ඔබ ඒ හැර වෙනත් මොනවටද දායක වෙන්නේ?

සිරස ටීවී ගෙන එන සංජය ලීලා බන්සාලි අධ්‍යක්ෂවරයාගේ ”සරස්වතීචන්ද” ටෙලි මාලාවේ ප‍්‍රධාන චරිතයක් වන ”කුමුද්” නමැති කාන්තා චරිතයට හඬ කවනවා. ඒ හැර සුපුරුදු පරිදි නිවේදන කටයුතු කරගෙන යනවා.

 

වෘත්තිය වෙනුවෙන් මේ කලා කටයුතුවල විතරද නිරත වන්නේ?

රංගන කටයුතුවල නිරතවන අතරේ මාත් මගේ මල්ලිත් එකතු වෙලා ”ඩි‍්‍රම් සිටි” හෙවත් සිහින නගරය නමින් නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනවා. වෙළඳ දැන්වීම් නිර්මාණ කටයුතු වගේම විවිධ අවස්ථා සංවිධානය වීම ඒ මගින් සිදු කෙරෙනවා.

 

ගෙවී ගිය කාලය ගැන නැවත සිහිපත් කළොත්?

බොහොම සතුටට හේතු වූ කාරණා තිබුණා. විශේෂයෙන්ම මේ වසරේදී සම්මාන ලැබීම වගේම ”රජා මං වහලා” නාට්‍ය වෙනුවෙන් බොහෝ කැපවුණා. ඒ නිසාම ටෙලිනාට්‍ය චරිත පවා බාර ගත්තෙ අඩුවෙන්.

 

පුද්ගලික ජීවිතය ගැන කිව්වොත්?

සුපුරුදු ලෙස බොහොම සතුටින්, හොඳින් ඉන්නවා.

 

ජීවිතය සතුටින් ගෙවන්න කළ දේ මොනවාද?

නිතරම වර්තමානය එක්ක ජීවත්වීම සහ හොඳ දේ එක්ක, හොඳ සිතිවිලි එක්ක ජීවත් වුණාම ඒ සතුට දැනෙනවා.

 

රංගනයේදී නිතරම ඔබ අපේක්ෂා කරන චරිත ලැබෙනවාද?

චරිතයක් ලැබුණාම එය හොඳ චරිතයක් වෙන්නෙ අපි ලබා දෙන දායකත්වය අනුවයි. ඒ විදියට හොඳින් දායක වූ චරිත අගැයීමටත් ලක්වුණා.

 

රංගනයට නෑවිත් ඉගෙනීමෙන්ම ඉදිරියට ගියේ නම්?

උසස් පෙළට විද්‍යා විෂයයන් වලින් පෙනී සිටියෙ. පසුව ඖෂධවේදිනියක වීමේ අපේක්ෂාවෙන් කටයුතු කළා. ඒ සඳහා සුදුසුකම් ලබලා තිබුණෙ. වෛද්‍යවරියක වීමේ අරමුණක් තිබුණා. නමුත් ඒ සියල්ල අතරේ රඟපෑමට එක්වුණාම ජීවිතය රංගනයට වඩාත් කැප කළා. කලා ක්ෂේත‍්‍රයට පැමිණීමේදී ලාල් හේමන්ත මාවලගේ ගුරුතුමා යටතේ ජනමාධ්‍යකරණය ගැන හැදෑරුවා. එයින් ලද ආභාෂය නිසා පසු කලෙක දෙරණ ටීවී ප‍්‍රවෘත්ති නිවේදිකාවක පවා වීමට හැකි වුණා.

 

ඔබට හොඳට "චිත‍්‍ර" අඳින්නත් පුළුවන්ලූ නේද?

පාසල් සමයේදී චිත‍්‍ර විෂයයටත් දක්ෂ වුණා. ඒ නිසාම තරගවලට චිත‍්‍ර යොමුකොට සහතික පවා ලැබුණා. ඒ වගේම ”කවි” ලිවීමටත් දක්ෂ වුණා. ඒ අංශයෙනුත් ජයග‍්‍රහණ ලැබුවා. දැන් නම් එදා ලිව්ව කවිත් මතක නැහැ.

 

"රජා මං වහලා" නාට්‍යයේ ඔබ ඇතුළු රංගන ශිල්පී කණ්ඩායම එකතුවී ගීතයක් ගයනවා නේද?

ආදරණීය යුද්ධය

රමණීය යුද්ධය

සිල්වත් යුද්ධය

හිතමිතුරු යුද්ධය

යු..... යුද්ධය....

ඒ විදියට අපි අපූරුවට ගයන ඒ ගීතය අහන්න ඕනෑ නම් ඒ නාට්‍ය නරඹන්න.

 

ඔබට ඇත්තටම "බැරි" දේ මොනවාද?

බැරි දේ බොහෝමයි. පුළුවන් දේ ඇත්තෙන්ම ටිකයි.

 

ඔබ කවුද? ඇත්තටම?

සරළව ජීවත් වෙන්න කැමැති කෙනෙක්. හැබැයි ඒක මට වඩා ඇසුරු කරන අය කළ යුතු විග‍්‍රහයක්.

 

ඔබ කවුද?

ඔබ මොනවද හොයන්නෙ කියා මම දන්නවා.

මම ඔබට උදව් කරන්නම්”

"රජා මං වහලා" නාට්‍යයේ ඒ දෙබසටත් මම ආසයි.

 

උමයංගනා, ෆෝන් එකට එන්නෙ නැහැ කියන්නෙ?

රඟපෑමට ගියාම මම රූගත කරන තැනට ෆෝන් ගෙනයන්නෙ නැහැ. ඒක මගේ සිරිතක්. චරිතයට නියම ගෞරවය වගේම නියැලෙන කාර්යයට අපි ගරුකරන්න ඕනෑ.

 

2016-11-11-ent-07
2016-11-11-ent-05
2016-11-11-ent-04
2016-11-11-ent-02
2016-11-11-ent-01



අදහස් (0)

චිත‍්‍ර අඳින, කවි ලියන, නිළිය මමයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 497 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 517 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 245 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 329 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 823 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 257 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39917 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 168 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site