IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


චිත්‍ර කතා පුරෝගාමියා මෙහෙවර නිම කරයි

කාටූන් හා චිත්‍ර කථා කලාවේ පුරෝගාමියකුවූ දයා රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 78 වැනි වියේ පසුවූ රාජපක්ෂ මහතා විජය පුවත්පත් සමාගමේ සේවය කළේය. ඔහු වෘත්තීය ජීවිතයට පිවිසියේ ලේක් හවුස් ආයතනයෙනි.

ජනප්‍රිය චිත්‍ර කථා රාශියක් නිර්මාණය කර ඇති දයා රාජපක්ෂ මහතාගේ චිත්‍ර කථා බොහොමයක් ටෙලි නාට්‍ය හා චිත්‍රපට බවටද පත්විය.

සිළුමිණ පුවත්පතේ වානරයෝ චිත්‍ර කතාවෙන් සිය චිත්‍ර කථා කලාව ආරම්භ කළ රාපජපක්ෂ මහතාගේ සක්විති සුවිය, හුලවාලි, තවලම ආදී චිත්‍ර කථා රැසක් සිනමා නිර්මාණ බවට පත්විය.

දුලාරි, හතේ වසම, බොරළු පාර, අනූපමා ආදී චිත්‍ර කථා රැසක් ටෙලි නාට්‍යටද නැගුණි.

ලංකා ඊ නිවුස් විශේෂ ලිපිය -

චිත්‍රයත් කතාවත් කවියත් උපහාසයත් අදීනත්වයත් දෝත දරා දශක 5 කට අධික කාලයක් දිනපතා ජනතාව පිනැවූ දයා රාජපක්ෂ - http://www.lankaenews.com/news/2343/si

07-06-2015-28

2015-07-12-16

SLDMre-14-06-2015-18 21-06-2015-32 Thak_28-06-2015-30 Thak-14-06-2015-32

 



අදහස් (0)

චිත්‍ර කතා පුරෝගාමියා මෙහෙවර නිම කරයි

ග්‍රණසේකර Sunday, 26 July 2015 06:10 AM

රූපවාහිනී නැති යුගයක ඔබ මැවු සිත්තම් වලට උපහාර සමගින් මරණය ඔබ‍ට සදා සැනසිලි ගෙන දේවා (නදී)

:       0       0

හේවා සරත් Sunday, 26 July 2015 06:13 AM

නිවන් සුව පතමි (නදී)

:       0       0

අශෝක Sunday, 26 July 2015 06:24 AM

මගේ ආදරණීය කල කරුවාණෙනි ... ඔබේ මියගිය ආත්මය ඔබට විචිත්‍රවත් වාසනාවන්ත නව ආත්මයක් ඉතාම ඉක්මනින් ළඟාකර දෙනු ඇති...ඔබට නිවන් සුව.. (ම)

:       1       0

වීර Sunday, 26 July 2015 12:15 PM

ඔබගේ චිත්‍රකතා රුපවාහිනී නොතිබූ අපේ කාලයේ රසදුනක් විය. ඊළඟ කොටස කියවන තෙක් ආශාවෙන් බලා සිටියෙමු කොටස් වශයෙන් කතා එකතු කළෙමු ඔබට නිවන් පුරේ දොර ඇරේවා (බ)

:       0       0

සජී Sunday, 26 July 2015 06:51 PM

ඔබතුමාට නිවන් සුව පතමි! (ම)

:       0       0

කලුගල්ල Sunday, 26 July 2015 06:57 AM

අන්තිම දක්ෂයෙක් මොහු. අහෝ මොන දුක්කදායක පුවතක්ද!(නදී)

:       0       0

සි. ගංගොඩ Sunday, 26 July 2015 07:00 AM

මගේ ළමා අවදියේ සිට මේ දක්වාම වඩාත්ම ඇලුම් කළේ ඔබගේ චිත්‍ර කතා නිර්මාණ වලටය. සොබා දහම අනුව අප කවුරුත් අවසන් ගමන් යා යුතුය. ඔබ සුගතිගාමී වෙත්වා ! නිවන් සුවය ලබත්වා ! (නදී)

:       0       0

චලන Sunday, 26 July 2015 07:08 AM

උසස් කලා කරුවෙක්. (නදී)

:       0       0

වින්සන්ට් Sunday, 26 July 2015 08:30 PM

මෙතුමාගේ චිත්‍රකතා කියවීමට පුවත්පත එනතුරු මඟ බලා සිටි ජනතාවක් එදා සිටිය අතර ඒ හැමගේ හදවත් තුළ එතුමා නොමැකි පවතිනු ඇත. සල්ගාදු- ප්‍රංසය මහතාගේ පැතුම එතුමා වෙනුවෙන් මගේද පැතුමයි!(ම)

:       0       0

එච්.එච්.එස්.ප්‍රියන්ත Sunday, 26 July 2015 07:29 AM

ඔබගෙන් දුටු ඒ චිත්‍ර ඒ කථා විලාසය නැවත වෙන කාගෙන්වත් නොලැබේවි. අපට තිබුණු තවත් පහනක් නිවී ගියා. ඔබතුමාට නිවන්සුව අත් වේවා! (බ)

:       0       0

රයල් Sunday, 26 July 2015 08:19 AM

දයා ඔබට නිවන් සුව පතමි! (ම)

:       0       0

දයා Sunday, 26 July 2015 08:24 AM

ඔබ තුමාට නිවන්සුව අත්වේවා ! (ම)

:       0       0

කුමාර Sunday, 26 July 2015 08:52 AM

ඔබට නිවන්සුව ! (ම)

:       0       0

විකී ප්‍රියාන් Sunday, 26 July 2015 02:03 PM

මම ලංකාවේ විදුලිය අහිමි ගමක ඉපදුනෙමි. ඉස්කෝලේ යන ගමන් කමතට ගොස් අම්මට හොරෙන් ඔබගේ චිත්‍ර කතා කියවු වෙමි. උඉනගත් දේවල් බොහෝමය. අද මා පිටරටක ජීවත් වෙමි. තවමත් ඔබගේ චිත්‍ර කතා සමග මාගේ සිත ගමට වේලට දොලට ය. මෙවන් රටක සිටියානම් ඔබ වෙනුවෙන් නගර නිර්මාණය වන්නේය. ඔබගේ නවරියන් චිත්‍ර කතා පෙළ අදද මා ලග ඇත. ඔබට සුන්දර නින්දක්.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 26 July 2015 02:03 PM

දේදුනු කැලුම් චිත්‍ර කතාව අපේ පාසල් කාලයේ හරිම ජනප්‍රිය කතාවක් උනා. අපේ පාසලේ ගැහැණු ළමයි දේදුනු මෝස්තරේට කොණ්ඩය සකස් කරගෙන පාසල් ඇවිත් ගුටිත් කැවා. අපි ඒකාලේ පාසල් පොත්වල පිට කවරේ සරසන්නේ දේදුනුගේ හරි කැලුම්ගේ හරි වර්ණවත් ලොකු සිතුවමකින්. ළමා, තරුණ, මහලු හදවත් දිනු සුහද කලාකරුවාණනි, ඔබතුමාට නිවන් සුව පතමි! (නදී)

:       0       0

උපුල් Sunday, 26 July 2015 09:19 AM

හද පිරි සෝකය සමග ඔබට නිවන් සුව.....(ස)

:       0       0

ඇන්ටන් Sunday, 26 July 2015 09:56 AM

ඔබගේ හැකියාව ඔබ මෙලොවට දායාද කර ඔබ සමුගෙන ඇත මෙවන් මහැඟී සේවාවක් ලොවට ලබාදිය හැකි සුළුතරය අතර ඔබත් කෙනෙකි ඔබට නිවන් සුව පතමු (බ)

:       0       0

සල්ගාදු ප්‍රංසය Sunday, 26 July 2015 10:01 AM

නිවන් සුව ලැබේවා , දෙව් මව් තුරුලේ සැතපේවා , ස්වර්ග මෝක්ෂයට ඇතුළු වේවා , අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබේවා (බ)

:       0       0

ජගත් වෙත්තසිංහ Sunday, 26 July 2015 11:02 AM

ජාතිය වැලදගත් කලාකරුවෙක්. අඩසිය වසක මතක සිතුවම් අමරණීය සිහිවටන වේවි .පුදුමයක හැටි ඔබ අපට නොකියම ගිහින් .....(බ)

:       0       0

සුකිත් අබේ Sunday, 26 July 2015 04:39 AM

නිවන් සුව අත්වේවා ! (නදී)

:       0       0

දීපාල් කැන්ඩි Sunday, 26 July 2015 04:39 AM

අහෝ දුකකි ඔබ වැනි කලාකරුවන් ලක් මවට අහිමි වීම බොහෝ පාඩුවකි. මම කුඩා කාලයේ සිටම ඔබගේ කලාවට දැඩි සේ ආදරය කරන ලදී. ඉතින් කෙසේ සමු දෙන්නද ගරුතර මැතුදුනි ඔබට. නමුත් ඔබ අප හැරදමා ගොස්ය. (නදී)

:       0       0

නීල් මා ගෙදරගමගේ Sunday, 26 July 2015 04:42 AM

ඔහු ඉතා සංවේදී චිත්‍ර ශිල්පියෙක්. ඔහුට නිවන් සැප ලැබේවා! (නදී)

:       0       0

සමන්මලී Sunday, 26 July 2015 11:29 AM

නිවන් සුව පතමි ! (බ)

:       0       0

බන්දුල Sunday, 26 July 2015 04:54 AM

රුපවාහිනී නැති කාලයක චිත්‍රය යොදාගෙන ජනතාවට හිත කාවදින චරිත ඉදිරිපත් කල කලාකරුවනි ,ඔබට නිවන් සුව ! (නදී)

:       0       0

බන්දුල වික්‍රමසිංහ Sunday, 26 July 2015 05:21 AM

එදා ඔහුගේ චිත්‍ර කතාවෙන් මා ලැබූ වින්දනය ඉන්පසු පැමිනි කිසිම විද්‍යුත් මාද්‍යයකට ලබා දිය නොහැකි විය. ඔහුගේ චිත්ත සන්තානයේ ඉපිද තෙලිතුඩින් පන පෙවුන නෙක චරිත අදත් මා ඉදිරියේ ඒ අපූර්ව වූ දෙබස් තෙපලමින් සිටී. හද පිරි සෝකය සමග නිවන් සුව පතමි. (නදී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Sunday, 26 July 2015 06:08 AM

මම ඔබේ ච්ත්‍ර කලාවට ආදරය කෙළෙමි. ඔබට නිවන් සුව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 223 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1559 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 971 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1567 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1155 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2741 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20774 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19730 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site