IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


චිත්රූ පාඨලී ආදරය ගැන රහසක් හෙළි කරයි

2016-06-16-ent-52

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ අවසන් අදියර දක්වා පැමිණි ගැඹුරු කටහඬක් හිමි ගායිකාවක ලෙසින් චිත්රූ පාඨලී හැඳින්විය හැකිය. මේ දිනවල ඇගේ නවතම ගීතය වූ "සුන්දරයි ආදරේ" ජිප්සීස් වෙතින් නිර්මාණය කළ ගීතයක් එළිදක්වා තිබේ. ඒ පිළිබඳව හා ඇගේ නවතම කටයුතු පිළිබඳව විමසීමට අපි ඇය සමගින් කතාබස් කළෙමු.2016-06-16-ent-53

 

මුලින්ම ගීතය ගැන කතා කළොත්?

මේ ගීතය ජිප්සීස් කණ්ඩායමේ ගීතයක්. මම ඩ්‍රීම්ස්ටාර්වල අවසන් හයදෙනාගේ වටයේ ගායනා කළා ඕයේ ඔජායේ ගීතය. ඒ ගීතය අහලා ඔහු කිව්වා මෙහෙම ගීතයක් තිබෙනවා ඒක ඔයාගේ හඬට ගැළපෙන නිසා ඔයා දින්නත් පැරදුනත් ඒක මං ඔයාට දෙන්නම් කියල. අවසාන මහා තරගෙන් පස්සෙ කතාබස් කරලා එහි වැඩ පටන් ගත්තා. සංගීතය සුනිල් පෙරේරා සහ පියල් පෙර්රා. පදරචනය චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ. ගීතය ගැන කියනවානම් මෙය වර්තමානයේ රැල්ලට හැදෙන ගීතත් එක්ක වෙනස්. දැන් කාලෙ හැදෙන්නෙ බූට් සින්දුනෙ. හැම තිස්සෙම ආදරය වේදනාවක් කියන ගීත තමයි නිර්මාණය කෙරෙන්නෙ. මෙය එහෙම ගීතයක් නෙවෙයි. වෙනස් වෙන්නෙ එය ආදරයේ විවිධ පැතිකඩවල් ගැනයි කතා කරන්නෙ.

සුන්දරයි ආදරේ ....එක වෙලාවකට චණ්ඩ මාරුතයක් වගේ. තවත් වෙලාවකට නිසලව ගලන ගඟක් වගේ. විවිධාකාර වූ හැඟීම් සමුදායක් කැටි කරගත්ත දෙයක් තමයි ආදරේ. එය තමයි මේ ගීතය පුරාවටම තියෙන්නෙ.

ඩ්‍රීම්ස්ටාර්වලින් පස්සෙ දැන් මම සම්බන්ධ වෙලා තිබෙනවා දෙරණ ස්ටාර් සිටි වැඩසටහනට. හඳුනාගත් තරු කණ්ඩායම් තුනකට බෙදිලා තරග වදිනවා. දැන් අපි අර්ධ අවසන් පූර්ව වටයට තේරිලා ඉන්නෙ. මේ දවස්වල එහි වැඩකටයුතුවල නිරත වෙනවා. ඊට පස්සෙ %සුන්දරයි ආදරේ^ ගීතයේ වීඩියෝවේ රූගත කිරීම් මේ මස අගදී නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. අලුත් ගීතයක් මේ වසරේ අගදී නිකුතුවකට සූදානම්. ගීත සේරම ලෑස්තියි. නමුත් එය නිකුත් කරන්නේ මේ වසරේ අවසානයේදියි.

 

ඔබ ඔය ස්ටයිල් එකේ ගීත විතරද ගායනා කරන්නෙ.

නැ... නෑ.. මම ගොඩක් ආසයි රොක් සංගීතය පැත්තට...නමුත් ශාස්ත්‍රීය පැත්තටත් ආසයි. මම බටහිර ගායිකාවක්. මගේ ඊළඟ තේමාව පරපුරු අතර වෙනස (Generation gap) එක ගැනයි. අපි තරුණ පරපුරට තේරෙන්නෙ නෑ වැඩිහිටියො කියන දේවල්. ඔවුන් කියන දේවල් වැඩිහිටියන්ට තේරෙන්නෙ නෑ. එවැනි අදහසක් තියෙන දෙයක්. මම හරි ආසයි අප්‍රිකානු සංගීතයට සහ පර්යේෂණාත්මක දේවල්වලට.

 

සටහන ඉඳුනිල් සින්දු

 

2016-06-16-ent-51



අදහස් (0)

චිත්රූ පාඨලී ආදරය ගැන රහසක් හෙළි කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 229 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 920 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1429 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 346 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1001 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1868 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site