IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


චෝදනාවලට ඉන්දීය අගමැතිගෙන් පිළිතුරු

ඇමෙරිකාවේ වෙසෙන සීක් ජාතිකයකු ඝාතනය කිරීමට ඉන්දීය ඒජන්තවරුන් උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකාවට ප්‍රතිචාර දැක්වීය.

ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව එල්ල කළ එම චෝදනාව සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙයයි.

ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඉන්දීය රජයේ ඒජන්තවරුන් ඝාතනය කිරීම තැත් කර ඇත්තේ ගුර්පත්වාන්ත් සිං පනූන් නමැති ඉන්දීය ඇමෙරිකන් සීක් ජාතිකයාය.

ඉන්දීය රජයට අනුව, ගුර්පත්වාන්ත් සිං පනූන්, සීක් බෙදුම්වාදී නායකයකු සහ කලිස්තාන් ත්‍රස්තවාදියෙකි. කලිස්තාන් ත්‍රස්තවාදීන් යනු සීක්වරුන් වෙනුවෙන් ඉන්දියාවේ වෙනම රටක් ඉල්ලන කණ්ඩායමකි.

ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඉන්දීය ඒජන්තවරුන්, පසුගිය නොවැම්බරයේ නිව්යෝක් නුවරදී, නිකිල් ගුප්තා නමැති ඉන්දියානුවකුට ඇමෙරිකන් ඩොලර් 10,000 ක් ලබා දී ඇත්තේ, ගුර්පත්වාන්ත් සිං පනූන්, ඝාතනයට කිරීමට යැයි චෝදනා එල්ල වී තිබේ. ඇමෙරිකන් ආරක්ෂක අංශ වහා මැදිහත් වී, නිකිල් ගුප්තා අත්අඩංගුවට ගත් බව ද පැවැසෙයි.

‘ඇමෙරිකාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අප විමර්ශනයක් පවත්වනවා. සිදුවුණේ කුමක්දැයි සොයා බලනවා. නීත්‍යාණුකූලව කටයුතු කරනවා. ඇමෙරිකාව එල්ල කරන චෝදනා මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් ඉන්දියාවත් අතර ඇති මිත්‍රත්වය කිසිම අවස්ථාවක පළුදු වෙන්න දෙන්නේ නැහැ’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

ඉන්දියාවෙන් පිට සීක් වැසියන් බහුලව ජීවත් වන්නේ කැනඩාවේය. ඊට අමතරව, ඕස්ටේ්‍රලියාවේත්, එක්සත් රාජධානියේත්, ඇමෙරිකාවේත් සීක් වැසියෝ ජීවත් වෙති.

ඇමෙරිකාවෙන් චෝදනා එල්ල වීමට මාස දෙකකට පෙර, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ඉන්දීය රජයට චෝදනා කළේ එරට සීක් නායක හර්දීප් සිං නිජාර් ඉන්දීය ඒජන්තවරුන් ඝාතනය කළ බවටය.

එම චෝදනා මුල්කොට ගනිමින්, ඉන්දියාවත් කැනඩාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හටගත්තේය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

චෝදනාවලට ඉන්දීය අගමැතිගෙන් පිළිතුරු

Aravinda Monarawila Thursday, 21 December 2023 10:41 AM

මොදි කැනඩාවට දැම්ම පාට් එක ඇමෙරිකාවට දාන්නෙ නැහැ, වෙනසක අරුමය ?

:       2       27

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි
2025 අප්‍රේල් මස 24 16 0

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.


අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 529 2

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 359 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි
2025 අප්‍රේල් මස 24 422 1

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස


ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ට ඇප
2025 අප්‍රේල් මස 24 340 0

ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය


දළදා වන්දනාව හැම වසරකම?
2025 අප්‍රේල් මස 24 1103 9

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 708 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 351 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 499 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site