IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


චීනාගේ ලක්ෂ හැත්තෑ දෙක රාජසන්තකයි

රුපියල් හැත්තෑ දෙලක්ෂයක් වටිනා ඇමරිකානු ඩොලර් හැට දහසක් රැගෙන බැංකොක් බලා යාමට කටුනායකට පැමිණි චීන ජාතික සංචාරකයෙකුට තරයේ අවවාද කළ රේගුව එම මුදල් සියල්ල රාජසන්තක කළේය. මොහු මීට දින දෙකකට පෙර දිවයිනට පැමිණ ඇති බවත් නැවත අද අළුයම ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 886 දරණ ගුවන්යානයෙන් බැංකොක් බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අල්ලා රේගුවට බාර දුන් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය. ඔහුගේ සාක්කුවල සහ ගමන් මල්ලේ මෙම මුදල් තිබූ බව රේගුව කියයි. රේගු නිලධාරීන්ගේ ප‍්‍රශ්ණ කිරීම් හමුවේ මොහු පවසා ඇත්තේ මෙම මුදල් මෙරට සිටින ඔහුගේ මිතුරන් විසින් චීනයට රැගෙන යාම සදහා ලබා දුන් බවය. මේ පිළිබද විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නොනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙයෙවීමෙන් රේගු අධිකාරී ඞී. රත්නකුමාර , සහකාර රේගු අධිකාරීවරුන්වන හසන්ත කෞෂල්‍ය, දිනූෂ හෙට්ටි ආරච්චි, රුවන් අල්විස් යන නිලධාරීහු සිදු කළහ.

 



අදහස් (0)

චීනාගේ ලක්ෂ හැත්තෑ දෙක රාජසන්තකයි

පියල් Sunday, 02 June 2013 03:41 PM

ඔහොමවත් චීනා සල්ලි ගෙනියනවා නම් කමක් නැහැ. එයාලට අපි කෝටි 3500 කටත් වඩා ණයයිනේ. (නි)

:       0       0

රංජනී Sunday, 02 June 2013 02:06 AM

චීන්නු ඉන්නෙ නම් හරිම අහිංසක විදයට.ඔන්න චීන්නුන්ගේ පාට් (නි)

:       0       0

පැතුම් Sunday, 02 June 2013 02:12 AM

කමක්නැහැ, වැඩිකල් යන්න ඉස්සර චීනෙයි, ලංකාවයි කියන්නේ දෙකක් නෙවෙයි එකක් වෙනවා. (නි)

:       0       0

උපාලි Sunday, 02 June 2013 04:07 AM

අපේ රටේ තියෙන දුර්ලභ පැළෑටි, මුහුදු ශාක සහ සත්වයින්, දුර්ලභ පාෂාණ වර්ග ආදිය ගෙනිහින් චීන්නු කී දෙනෙක් නම් අහුවුණාද? දැන් විදේශ මුදල් ටිකත් අරන් යනවා. ඒ මිනිස්සු ඇත්තටම හිතනවද දන්නේ නැහැ ලංකාව ඒ ගොල්ලන්ගේ ප්‍රාන්තයක් කියලා. (නි)

:       0       0

නිමල් Sunday, 02 June 2013 05:45 AM

හේමා ,ඔබේ අදහස උපහාසයක්ද? නැතිනම් වහල්ගැති බවද? අපේ ගැහැණු එදා ගමට ආපු මුස්ලිම් තොරොම්බල්කාරයට ගැති වෙච්ච එකේ ප්‍රතිපල අද පෙනෙනවනේ. (නි)

:       0       0

උපාලි Sunday, 02 June 2013 07:15 AM

අමිල, මේ විදේශ මුදල් මහ බැංකුවට බාරදීලා ලංකා මුදල් ලබාගෙන කොටසක් රජයේ ආදායමට බැර කරනවා. ඉතිරිය මේ වැටලීමට සහභාගී වූ සියලුම නිලධාරීන්ට කළ වැඩ කොටසට අනුපාතිකව තෑගි වශයෙන් බෙදා දෙනවා. (නි)

:       0       0

කැනඩා දිසා Sunday, 02 June 2013 08:24 AM

තවත් ඉස්සරහට යමුකෝ. ඔය ඔක්කොම කැසිනෝ සල්ලි. ගේනවා ,දින්නා, අරගෙන ගියා. වෙන මොන බම්බුවක්ද? ලොක්කට ඕනේ කැසිනෝ නම් වෙන මොනවද?(නදී)

:       0       0

තිලක් Sunday, 02 June 2013 10:25 AM

සමහර විට චීන හරි වෙන්නත් පුළුවන්. මමත් නිවාඩුවක් අරන් ලංකාවට යන ගේ යාළුවො කිහිප දෙනෙක් ඩොලර් ගෙනෙත් දුන්න එකතුව 13000 ක්. මේකත් අරන් ගුවන්තොටුපලට ගියාම පරීක්ෂා කරන තැනදී මගෙන් ගොඩක් ප්‍රශ්න කළා. නමුත් ඔවුන් පිළිගත්තා මම කියපු දේ. කරදරයක් නොවී ලංකාවට ගියා (අ)

:       0       0

ෂෙහානි Sunday, 02 June 2013 11:00 AM

හොඳ වැඩේ චීනට!(නදී)

:       0       0

ශෙහානි Sunday, 02 June 2013 11:10 AM

චීන්නු මෝඩයි කියන කතාව ඇත්ත. සල්ලි වෙස්ටර්න් යුනියන් එකෙන් යැව්වා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

සමන් පෙරේරා - සෞදි Saturday, 01 June 2013 06:06 PM

රේගුවට මෙවන් කාර්යයන් කිරීමට ඇති හැකියාව අපි අගය කරනවා, මෙවන් රාජසන්තක මුදල් බෞද්ද කටයුතුවලට යොදවනවානම් ගොඩක් පින් ලැබේවි.(නදී)

:       0       0

පෙරේරා Saturday, 01 June 2013 06:15 PM

චීනා චීනේ ලොක්කෙකුව අදුරනවානම් තමයි ලංකාවට ප්‍රශ්නයක් වෙන්නේ.(නදී)

:       0       0

අමාලි සිල්වා Saturday, 01 June 2013 06:48 PM

ස්තුති කරලා අරින්න තිබුනා චීනට, අපිට විදේශ විනිමය දුන්නට. අල්ලපු රේගු නිලදාරින්ට සහ ආරක්ෂක නිලදාරින්ට බොහෝ ස්තුතිවන්ත වෙනවා (නි)

:       0       0

හේමා Saturday, 01 June 2013 07:24 PM

චීනා අපිට හරියට උඩු කරනවා. චීනා නැති නම් අපි ඉවරයි.(නදී)

:       0       0

චන්දි Saturday, 01 June 2013 07:43 PM

ඉතින් ඊට පස්සේ ඔය සල්ලිවලට මොකද කරන්නේ අනේ මන් දන්නැති නිසයි ඇහුවේ හොදේ .(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Saturday, 01 June 2013 07:57 PM

චීන්නු ඔහොම තමා. මේක පටන්ගත්තා විතරයි.(නදී)

:       0       0

සංජු Saturday, 01 June 2013 09:01 PM

ඕවා නම් ඇල්ලී... ලංකාවට එන වීසා නොඇල්ලි... (නි)

:       0       0

සංජු Saturday, 01 June 2013 09:03 PM

චිනේ නැතිවුනොත් අපි ඉවරයි (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 01 June 2013 09:35 PM

මගීන් සහ බඩු ස්කෑන් කරන්නේ ආරක්ෂක අංශ නිසා ප්‍රතිලාභ ලබාදී දිරිමත් කළ යුතුයි (නි)

:       0       0

සමදර ආරියදාස Saturday, 01 June 2013 09:38 PM

සල්ලි රාජසන්තක කරන්න බැහැනේ. දඩයක් ගහලා යවන්න (නි)

:       0       0

විරාජ් කාලිංග Saturday, 01 June 2013 09:42 PM

අහුවුනේ ඔච්චරයි. තව කී දෙනෙක් නම් රටේ සල්ලි පිටට ඇදලා ඇද්ද? අපිත් රැවටෙනවා ,රැවටී රැවටී ඒකම කරනවා (නි)

:       0       0

වේහා Saturday, 01 June 2013 10:08 PM

සමන් බෞද්ධ වැඩ ඇරෙන්න වෙන වැඩ නැද්ද මේ රටේ කරන්න? (නි)

:       0       0

සිල්වා Saturday, 01 June 2013 10:26 PM

මොන්නවා උනත් චීන්නු හොදා ඔය ඉන්දියන් මලබාරියන්ට වඩා. ඉන්දියන් එන්න ගත්හොත් මේක හුරගෙන කාලා තමයි යන්නේ. අපි නොදන්නා ඉන්දියන්... (නි)

:       0       0

අමිල Saturday, 01 June 2013 10:31 PM

මමත් මේ දන්නේ නැති හින්දයි අහන්නේ ,රාජ සන්තක වෙනවා කියන්නේ මොකක්හරි එකවුන්ට් එකකට දානවා කියන එකද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 123 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 816 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1724 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1105 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 461 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 282 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25053 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site