IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


'චාන්දනී සහ ජැකලීන්'

2016-09-24-ent-94

ගායන ක්ෂේත‍්‍රයට පැමිණ ඇය ගෙවූ කාලය තිස්වසරකට සමීපය. ඒ ගෙවී ගිය කාලයේදී ‘‘සිංහල’‘ ගීත ගොන්නක් ගායනා නොකළත් චාන්දනී හෙට්ටිආරච්චි යන ඒ ශිල්පිණිය පුන්සඳක් ලෙසම ගී ලොව සැරි සරන්නීය. මාල ගිරවුණේ, විලාසිතා, සඳ නැගෙනා, සල්මල් පීදුනු (පියල් සමග) ඇය විසින් ගායනා කරන ලද ජනප‍්‍රිය වූ ගීත කීපයකි. චාන්දනී එදා මෙන්ම අදත් එකලෙස ජනප‍්‍රියත්වයක් ලබා සිටින්නේ, ඇය සතු නොවෙනස් වූ වඩාත් ආදරණීය වූ හඬ නිසාමය. ඇයගේ අනන්‍ය වූ ඒ හඬට සමකළ හැකි නොවූවත්, ඇයගේ ආදරණීය රිද්මයට සම වූ හඬකින් ගීත ගයන තවත් ශිල්පිණියක දැන් ක්ෂේත‍්‍රයට අවතීර්ණව සිටින්නීය. ඒ වෙන කවුරුවත් නොවේ චාන්දනීගේ දියණිය ජැකලීන්ය. රසිකයින් කියන විදියට වඩාත් රොමෑන්ටික් හඬකට උරුමකම් කියන ඒ ‘‘අම්මයි - දුවයි’’ අපට හමු වූ මොහොතකි මේ.

 

‘‘චාන්දනී’’ තවමත් ඔබ හරිම තරුණ පෙනුමෙන් යුතුයි. කොහොමද එහෙම වුණේ?

2016-09-24-ent-93කොහොමද කියන්නෙ. මම දන්නෙ නැහැ. එහෙමද කියලා.

 

ඔබට හැඟෙන විදියට?

මට ජීවිතේ ප‍්‍රශ්න තිබුණා. ප‍්‍රශ්න තිබියදී මම ඒවා විසඳෙන්න කාලයට ඉඩ දුන්නා. නමුත් ඒවා ඇඟට ගත්තෙ නැහැ. මගෙ යුතුකම් වගකීම් දරමින් සංගීත ලෝකයේ රැුඳී සිටිනවා. අමුතුවෙන් රුව ලස්සන කර ගන්න කියලා සැලෝන්වලට ගියෙත් නැහැ. හැබැයි කොණ්ඩයනම් හදාගන්න ගියා. ඔබ එදාටත් වඩා අද කාර්යබහුලයි.

මගේ සංගීත කණ්ඩායම වන චාන්දනී විත් C&C නිසා අපි ඇත්තටම අතිශය කාර්ය බහුලයි.

 

C&C සංගීත කණ්ඩායම වැඩිපුර දායක වන්නෙ?

එක් එක් කාලවලදී අපි කොළඹ ප‍්‍රකට හෝටලවල සංගීත කණ්ඩායම ලෙස ගිවිසගෙන කටයුතු කළා. වත්මනෙහි කිංස්බරි, ගලධාරී සහ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. :ක්‍ඍ සහ ත්‍ක්‍* සමග ගිවිසගෙන කටයුතු කරනවා. ඒවායේදී අපි බටහිර සම්ප‍්‍රදායේ විවිධ ශෛලීන්ට අනුව අපේ සංගීත රසය ලබා දෙනවා.

 

බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි ඔබගෙ කටහඬ හරිම ‘‘පේ‍්‍රමාන්විතයි’‘ කියන දේ? ඔච්චරටම ඒ හඬ පේ‍්‍රමාන්විත වුණේ කොහොමද?

මම මගේ ජීවිතයම මියුසික්වලට කැපකළා. ඊට ආත්මයෙන්ම ආදරය කළා. ඔබ කියන විදියට මට එවැනි හඬක් ඇත්නම්? එය දෙවියන්ගෙන් ලැබුණු දායාදයක්. මගේ මුළු ජීවිතයම වෙනස්කරන්න, සතුටු කරවන්න, සියල්ලට මුල්වුණේ මියුසික්. පොඩි කාලයේ ඉඳලාම වෙන දෙයක් ගැන මම දැනගෙන හිටියේ නැහැ. දන්නෙ ඔච්චරම තමා. ඒ මියුසික්ම විතරයි. බිරිඳක් - මවක් ලෙස ඒ යුතුකම් ඉටු කරමින් දරු දෙදෙනාගේ කටයුතු ගැනත් සොයා බලමින් ජීවිතය ගෙවනවා.

 

දියණිය ජැකලීන් ගැන හිතන්නෙ කොහොමද?

ඇයගෙ කුඩා කාලයේදී මම මගේ සංගීත කටයුතුවලට ඇයවත් රැුගෙන ගියේ. ඒ හැර වෙන විකල්පයක් මට තිබුණෙත් නැහැ. මොකද ඇයව දාලා යන්න කෙනෙක් හිටියෙ නැහැ. මේ වටපිටාව එක්ක තමයි එයා හැදී වැඩුණේ. පසුව අවුරුදු 16 දී විතර හිල්ටන් එකේ අපි ප්ලේ කරද්දී ඇයත් ගායනයට එක්වුණා. එතැන් සිට පටන් ගත්ත ගමන ඇය දිගටම පවත්වාගෙන යනවා.

 

‘‘චාන්දනී’’ නිතර ඔබට රූපවාහිනියේ පෙනෙන්නට - දකින්නට නැති වුණත් ජනප‍්‍රියත්වයේ අඩුවක් නම් නැහැ නේද?

බොහෝ දුරට මම නිතරම පෙනී සිටීම්වලට කැමති නැති කෙනෙක්. ඒ මගේ හැටි. නමුත් ජාතික රූපවාහිනියේ මා නොවන මම සහ සිහිනයකි ? වැඩසටහන්වලට දායක වුණා. ඒ වැඩ සටහන්වලට කොහොමටත් මම හරි කැමතියි.

 

හොඳට ‘‘හිට්’’ වෙන අලූත් ගීතයක් කළොත් හොඳයි කියලා නේද හැමෝම කියන්නෙ?

මගේ සැමියා චමින්ද විසින්ම නිර්මාණය කළ ගීතයක් තියෙනවා. එය හරිම අපුරුයි. ඇත්තටම ඒ ගීත නිර්මාණ එළියට දාන්න ඕනෑ. රසිකයින්ට ඒක අපූරු ගීත තිළිණයක් වේවි.

 


ජැකලින්


 

ජැකලීන් අපට ඇත්ත කියන්න. ඔබගෙ අරමුණ වුණේ මොකක්ද?

අම්මා කිසිදාක මාව සංගීතයට පෙළඹුවේ නැහැ. අම්මා කියනවා වගේම මම හැදුණේ සංගීත පරිසරයක. පාසලේදී ගායනා කණ්ඩායමේ පවා හිටියා. බටහිර සංගීතය කළා. ඉතින් ඒක පසුකලෙක සුන්දර ගමනක් වුණා.

 

ඔබගෙ අම්මා ගැන හිතන්නෙ කොහොමද?

හරිම සුන්දර කාන්තාවක්. උතුම් මවක්. අම්මට තියෙන්නෙ යුනික් වොයිස් එකක්. ඒ ශෛලියට සමව ගයන්න මට හැකියාවක් නැහැ. අම්මා යනු මට නම් සංගීත ක්ෂේත‍්‍රයේ එක්තරා පරිච්ෙඡ්‏දයක්.

 

අම්මගෙ ගී අතරින් ඔබ වඩා ප‍්‍රිය?

‘‘මාල ගිරවුණේ’’ ගීතයට හරිම ආසයි.

 

මේ සංගීතය හැර අම්මා ගැන වූ වෙනත් දක්ෂතාවයක් ගැන අපට කිව්වොත්?

අපෙ අම්මට ඇත්තටම පුදුම රසට උයන්න පුළුවනි. ලෝකයේ කොහේ ගිහින් කෑමක් කෑවත් අම්මා උයන කෑම පරදවන්න තරමට මම වෙන කොහෙවත් කාලා නැහැ. ඇත්තටම අම්මගෙ කෑම හරිම රසයි.

 

‘‘ජැකලීන්’’ දැන් විවාහ වෙන්නත් වයස හරි නේද? එහෙම හිතෙන්නෙ නැද්ද?

දැන් අවුරුදු 26 යි. තවම හිතන්නෙ මම මගේ සංගීත ගමන ගැනයි. මා කළ යුතු ගීත නිර්මාණ ගැනයි. අද මගේ ජීවිතය ගෙවෙන්නෙ එහෙමයි.

 

අම්මගෙයි - දුවගෙයි ප‍්‍රසංගයක් කරන්න සූදානම් නැද්ද?

අම්මා කොහොමටත් වසරකට වතාවක් ප‍්‍රසංගයක් පවත්වනවා. පසුගිය වසර දෙකක කාලයේදී මම ලංකාවේ හිටියෙ නැහැ. ඒ නිසා ඒවාට දායක වෙන්න බැරි වුණා.

 

සඳුන් ගමගේ

 

2016-09-24-ent-95



අදහස් (0)

'චාන්දනී සහ ජැකලීන්'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 694 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 1577 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 76 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 1840 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 2542 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 2424 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39511 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25740 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1182 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site