IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


චන්ද්‍රිකාත් මහින්දත් ශ්‍රීලනිප රැස්වීමට?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (13) ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේ දී රැස් විය.

  ඉදිරි මැතිවරණය ගැන සාකච්ඡා වූ බවත්, අද ගත් තීරණ සෙනසුරාදා (14) විධායක කාරක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිත බවත්, ඉන් පසු අපේ ගම පරිශ්‍රයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේ දී වැදගත් තීරණ රැසක් හෙළි කිරීමට නියමිත බවත් මධ්‍යම කාරක සභාවට  පැමිණි හිටපු ඇමැතිවරු කිහිප දෙනෙක් කීහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ එම රැස්වීමට   හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සහ මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කර ඇති බවයි.



අදහස් (0)

චන්ද්‍රිකාත් මහින්දත් ශ්‍රීලනිප රැස්වීමට?

ලසිත් Saturday, 14 February 2015 12:32 PM

සියළු දෙනාම එකතු වී හොද ගමනක් යමු.(හේ)

:       0       0

කුමාර Friday, 13 February 2015 08:49 PM

යසපාල මයාගේ අදහස මිනිසුන්ට වැටහේවා (ස)

:       0       0

ලෝචන Saturday, 14 February 2015 12:33 PM

ජයන්ත හිතන්නේ ලක්ෂ 58 ඡන්දෙ දුන්නේ ලංකාවේ ඉන්න නුගත් මිනිස්සු කියලද? එකෙන්ම පේනවා ඔයාගේ තියෙන අපූරු උගත්කම.(හේ)

:       0       0

වසන්ත Friday, 13 February 2015 09:01 PM

රටට යහපටක් වෙන්න නම් එසේ විය යුතුමයි රට කෑවේ යූ.එන්.පී. එක අපේ අයට අමතක වෙලා. (ස)

:       0       0

නඩරාජා Friday, 13 February 2015 09:12 PM

යු එන් පිය පැරදී රනිල් පිටු පස්සට යනවිට කව්රුත් දුක්වුනේවත් අඩුවෙත් නැහැ , නමුත් මහින්ද , මහතාගේ පැරදීම වෙනුවන් තවමත් අඩන මිනිස්සු , අනික් පැත්තට චන්දය දීල දුක්වෙන අය පාරට තොටට බැහැල බැලුවොත් හොදට පේනවා (ස)

:       0       0

දයාවතී Saturday, 14 February 2015 01:07 PM

සහන්, ඔයාට කන්න විතරක් තිබුනොත් ඇතිද? අපිටනම් අපේ රට වටිනවා කෑමට වඩා. (හේ)

:       0       0

මාටින් Saturday, 14 February 2015 12:19 AM

නඩරාජලා වගේ හොරකම් කරන්න බැරි නිසා අඬන අය මිසක් පොදු ජනතාව නම් කිරිබත් කාලයි මේ ජයග්‍රහණය සැමරුවේ. (නි)

:       0       0

සුනිල් Saturday, 14 February 2015 04:10 PM

අජිත් වගේ අයට හොඳටම පිස්සු ළඟ නොබලන්න දුර බලන්න (නදී)

:       0       0

රණසිංහ Saturday, 14 February 2015 01:24 AM

කොහොමහරි අපි දිනන්න ඕනෑ (නි)

:       0       0

සම්පත් Saturday, 14 February 2015 02:08 AM

තමන් දිනන්නයි කාට කාටත් ඕනෑ. (නි)

:       0       0

විදාන Saturday, 14 February 2015 02:26 AM

රණසිංහ කියන කතාව ඇත්ත (නි)

:       0       0

මාලි Saturday, 14 February 2015 02:28 AM

මහින්ද මහත්තයා නැතුව ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දිනන්න අපහසුයි (නි)

:       0       0

මුණසිංහ Saturday, 14 February 2015 02:30 AM

මහින්ද නැති ශ්‍රිලනිපයකින් වැඩක් නැහැ. වැටිලා තිබුණු පක්ෂය ගොඩගත්තේ එතුමා. පැරදුනු අපේක්ෂකයකු වෙනුවෙන් වැඩිපුරම දුක්වුණ ලංකාවේ එකම අවස්ථාව මේක. (නි)

:       0       0

අවන්ති Saturday, 14 February 2015 02:43 AM

යසපාල,කුමාර ඔබ දෙදෙනාගේම අදහස් වලට මමත් එකගයි.(නදී)

:       0       0

මොරිස් Saturday, 14 February 2015 03:00 AM

බන්දුල පෙරේරා මහතාගේ අදහස හරියට හරි (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 14 February 2015 03:01 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ දිවංගත බණ්ඩාරනායක මැතිතුමාගේ අදහස් වලින් පිරුණු ඉතා පිරිසිදු දේශපාලන පක්ෂයක්. එම පක්ෂයේ පිවිතුරු බවට විශාල කැළලක් උනේ මහින්ද මහත්තයාගේ පාලන කාලේ කියල කවුරුත් පිළිගන්න, පිළිගතයුතු සත්‍යයක්. දැන් තියෙන්නේ ඔය අපවිත්‍ර පක්ෂය පවිත්‍ර කරගෙන ජනතාව ඉදිරියට ගෙන එන්නයි. හැබැයි ඔය නම් දරාපු හොරු ටික ආයෙමත් ඕක අස්සේ දාගත්තොත් වෙන්නේ තව අවුරුදු 20 ට වත් ඔලුව උස්සන්න බැරිවෙන එකයි.(නදී)

:       0       0

නිශාන් Saturday, 14 February 2015 03:34 AM

යසපාලට ඉතිහාසය අමතක වෙලා. චන්ද්‍රිකා නෝනටත් ඔහොම තමයි කිව්වේ. පෞරුෂය කන්නද ජනතාව බඩ ගින්නේ නම් ? (නදී)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 03:36 AM

ෂෙල්ටන් දේශපාලනයේදී කතා කරන්නේ දිව දෙකකින් බව අමතකද ? (නදී)

:       0       0

සහන් Saturday, 14 February 2015 03:36 AM

යහපාල ,කොච්චර කන්න නැති උනත් හිටපු ජනපති හොඳයි නේද ? (නදී)

:       0       0

ඩබ්ලිව්.ඒ ජයසිංහ Saturday, 14 February 2015 03:47 AM

යාදෙක නොරත රත සමග පැසීමක් නැත. ලාකඩ එසේ නැත රත් කල විලස පාසේත (නදී)

:       0       0

ශෙල්ටන් Friday, 13 February 2015 10:58 AM

යාදෙක නොරත රත ...එකට යාකල නොහැක ...බලමු. බලමු..(ස)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 04:38 AM

යසපාල මහතාණෙනි, අදික ලුණු සෞඛයට අහිතකර නිසාද වසර 2 ට කලින් සමුගත්තේ (නදී)

:       0       0

පිවිතුරු යහපාල Friday, 13 February 2015 12:44 PM

මහින්ද මහත්තය නැති ශ්‍රී ලංකා එක ලුණු නැති පරිප්පු හොද්දක් වගේ තමයි.එතුමා හින්ද එතුමාගේ පෞර්ශය නිසා ලැබුණු ඡන්ද ලක්ෂ 58ක් මිසක් ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද කියල හිතල වැඩකලොත් ඒ අධිතක්සේරුවෙන් මහින්ද මහත්තය අගමැති අපේක්ෂකයා නොකර තරගෙට ආවොත් කට්ටිය ඉතින් ආයෙත් අවුරුදු 20 කට විපක්ෂේ තමයි..(අ)

:       0       0

දිනුක් Saturday, 14 February 2015 06:05 AM

මේ තරම් හොර වැඩ කරලත් තාමත් මේ මිනිස්සු අන්ධයෝ වගෙයි හිතන්නේ, කතාකරන්නේ.(අ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 14 February 2015 06:27 AM

යසපාල,මහින්ද මහත්මයා ගැන දැන් ගොඩක් හිතන්න යන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමා නැත්නම් ක්ෂය වී යන්නේ නැහැ. දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමාට තිබෙන ගෞරවය දිනෙන් දින වර්ධනයවීගෙන යනවා. මොන පක්ෂයද, නායකයා කවුද කියන එකට වඩා මිනිසුන් දැන් බලන්නේ ඔවුන්ගේ චරිතය කොහොමද කියන එකයි. (නි)

:       0       0

ඩිල්ශාන් Friday, 13 February 2015 01:29 PM

ඔව් ඉතින් මේ ඔක්කොම මැතිවරණ ජය බලාගෙන තමා වැඩ කරන්නේ. රටට හෙන ගැහුවත් මොකද? (අ)

:       0       0

කණිෂ්ක Saturday, 14 February 2015 07:09 AM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

විජේදාස Saturday, 14 February 2015 07:09 AM

බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ගිහාන් Saturday, 14 February 2015 07:24 AM

බන්දුල යහපාල , කාට හරි බලය තිබෙන කොට හදා ගන්න පෞරුෂය වගේ නෙවෙයි බලය නැති වෙලා හදා ගන්න පෞරුෂය .. අන්න එහෙම බැබලෙන පෞරුෂයක් තමයි මෛත්‍රීපාල මැතිතුමාට තියෙන්නේ. ඔය රැවුල කරකවමින් ගමේ වටේට ගිය පලියට හැම කෝරලේ මහත්තයාම වීරයෙක් නෙවෙයි. බලය තියන කන් ඔක්කොම සුපිරි තරු තමයි. පෞරුෂයක් කියල දෙයක් තිබුණ නම් ප්‍රතිවාදී අපේක්ෂකයා නැගිටලා එවි කියල බයේ හිරේට නියම කරාවිද ? ඔය වගේ බය ගුළු වැඩවලට ද මේ තමුන්නැහේ උඩ පැන පැන ප්‍රබල පෞරුෂයක් කියන්නේ. (අ)

:       0       0

යසපාල Friday, 13 February 2015 02:19 PM

මහින්ද මහත්තය නැති ශ්‍රී ලංකා එක ලුණු නැති පරිප්පු හොද්දක් වගේ තමයි. එතුමා හින්ද එතුමාගේ පෞරුෂය නිසා ලැබුණු ඡන්ද ලක්ෂ 58ක් මිසක් ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද කියල හිතල වැඩ කළොත් ඒ අධිතක්සේරුවෙන් මහින්ද මහත්තය අගමැති අපේක්ෂකයා නොකර තරගෙට ආවොත් කට්ටිය ඉතින් ආයෙත් අවුරුදු 20 කට විපක්ෂේ තමයි. (අ)

:       0       0

යසිරු Saturday, 14 February 2015 07:28 AM

දැන් එතකොට ශ්‍රී ල නි පය පටන් ගත්තෙත් මහින්ද මහතාද ? අනේ නිකම් යන්න යහපලයෝ. වැදගතුන් දේශපාලනය කල පක්ෂයක් යු එන් පි එකෙන් පැනපු ගෙම්බන් දමා ගෙන , අට පාස් වාචාලයන් ලව්වා වේදිකාවල කතාවල් පවත්තමින් පක්ෂය නැති කලේ කවුද ? මේ අපිද ? (අ)

:       0       0

මෙවන් Saturday, 14 February 2015 07:32 AM

බණ්ඩාරනායක නම කියවෙන එකත් සඳහන් වෙන එකත් නැති කල කෙනාවද මේ ආපහු පක්ෂයට ගෙන්වා ගන්නේ ? අන්තිමේ ආ ගිය තැන්වල කිව්වේ ඔය පක්ෂය හැදුවෙත් තමන්ගේ පරම්පරාවේ උදවිය කියල. බණ්ඩාරනායක මහත්තයලා එතකොට නිකම් බලා ගෙන ඉඳලා මේ පවුලේ උදවිය පක්ෂය නිර්මාණය කරන කල්. (අ)

:       0       0

පද්මිණි Friday, 13 February 2015 02:39 PM

මහින්ද මහතා නැතුව වෙන කෙනෙක් සොයාගන්නම බැරිද? (නි)

:       0       0

සමන්ත Friday, 13 February 2015 02:42 PM

ඩිල්ශාන්, ඔයාට දරාගන්න බැරිද ඒක? (නි)

:       0       0

මාලනී Friday, 13 February 2015 02:55 PM

සමගිය බලය වේ. (නි)

:       0       0

නලීන් Friday, 13 February 2015 02:55 PM

යසපාල හරියටම හරි (නි)

:       0       0

ජයන්ත Friday, 13 February 2015 02:57 PM

බුද්ධිමත් ජනතාව රට බේරගත්තා! ඒ වුණාට තව නුගතුන් රටේ ඉන්නවා (නි)

:       0       0

ජයන්ත Friday, 13 February 2015 03:33 PM

සමහරු ලුණු නැති පරිප්පු හොඳි ගැන කියනවා. තව අවුරුදු 8 ගියා නම් කාට කාටත් පරිප්පු නැතුව ලුණු කන්න තමයි වෙන්නේ (නි)

:       0       0

කිංග්ස්ල් පෙරේරා Saturday, 14 February 2015 09:37 AM

මම කැපුවත් නිල් නොවේ. කැපුවත් කොලත් නොවේ. හැබැයි මම රට බේර දුන්න මහින්ද මහතා සමගයි. මම මහින්ද මහතා නැති ශ්‍රී ල නි ප යේ සාමාජිකයෙක් නොවෙමි (නදී)

:       0       0

කුමාර් Saturday, 14 February 2015 09:50 AM

ශෙල්ටන්, යාදෙක නොරත රත, සමග පෑහීමක් නැත, ලාකඩ එසේ නැත, එකක් රත්කල විටද පෑහේ. වාසියට හෝයියා. (නදි)

:       0       0

ඡානක Saturday, 14 February 2015 09:51 AM

අනේ මාටින්, මහින්ද පැරදිලා උඹලා කිරිබත් හදන් කෑවෙත් මහින්දගෙ කාලේ රුපියල් 50 ට තිබ්බ හාල් වලින්නේ (නදී)

:       0       0

හර්ෂණී Friday, 13 February 2015 04:09 PM

අපි නම් ඉතින් කවදත් මහින්දට... (නි)

:       0       0

ඕෂධ Saturday, 14 February 2015 10:00 AM

රණසිංහ ඔබ කියන එක හරියටම හරි.(හේ)

:       0       0

ශාන් Saturday, 14 February 2015 10:00 AM

රණසිංහ ඔබ කියන එක හරියටම හරි කොහොමහරි අපි දිනන්නම ඕනෑ. අනේ මහත්තයෝ කරුණාකරලා මට ටිකක් පැහැදිලිකරනවද අපි කියන්නේ කව්ද කියලා ?(හේ)

:       0       0

ශාන් Saturday, 14 February 2015 10:00 AM

රණසිංහ ඔබ කියන එක හරියටම හරි කොහොමහරි අපි දිනන්නම ඕනෑ. අනේ මහත්තයෝ කරුණාකරලා මට ටිකක් පැහැදිලිකරනවද අපි කියන්නේ කව්ද කියල ? (අ)

:       0       0

මලිඳු ප්‍රසාද් Friday, 13 February 2015 05:13 PM

හෝ, හෝ, හෝ (නදී)

:       0       0

ද සිල්වා Saturday, 14 February 2015 10:55 AM

චන්ද්‍රිකා , මහින්ද දෙන්නම අවුරුදු 18 විතර රට පාලනය කලා එම කාලයේ කරන්න බැරි වුන දේවල් ඉදිරි වසර 5 තුල කරන්න පුලුවන්ද ? කරුණාකර ජනාධිපති තුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා එකේ හිටපු හොරු ටික එලියට දමා, අවංක බුද්ධිමත් දේශපාලකයන් සමඟ ඉදිරියට ගියොත් ඉදිරි මැතිවරණ දිනන්න පුළුවන් , මිනිසුන්ට ප්‍රශ්නය තිබෙන්නේ චන්ද්‍රිකා මහින්ද ගැන නොවේ ඔවුන් වටා සිටින හොරුන් ගැනයි , හොරුන් නැතිව අාවොත් අපි ශ්‍රී ල නි පෙ ට ඡන්දය දෙනවා නැත්නම් හෙළ උරුමයට හරි ජ වී පෙ ට ඡන්දය දෙනවා ,(අ)

:       0       0

කසුන් Friday, 13 February 2015 06:17 PM

යහපාලගේ කතාවට මම එකඟ වෙනවා. චන්ද්‍රිකාට හෝ වෙන කෑගහන කිසිම කෙනෙකුට මහින්ද චරිතය නැතිව ගමනක් නැහැ. (නදී)

:       0       0

පස්චාත්තාප වීරසිංහ - මලගනේ Saturday, 14 February 2015 11:07 AM

මමත් නම් දුන්නේ යහපාලනේ වෙනුවෙන් තමයි. ඒ වුනාට දැන් වැටහෙනවා මෙතන තිබුනේ වෙනම ගේමක් බව. යූඑන්පිය කෙක්කෙන් බේරී දේ කොක්කෙන් කරගත්ත. අපි රැවටුනා. ඒවාට හරියන්න සලකන්න මහ ඡන්දෙ එනකන් තමයි බලන් ඉන්නේ. ආපුදෙන්කෝ මහ ඡන්දෙ. තව දින කීයද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 136 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 82 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 627 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1416 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 190 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 93 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site