IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


චන්ද්‍රිකයි රනිලුයි ආගමික සංහිදියාව ගැන කතා බහේ

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් කොළඹ ෆොන්සේකා මාවතේ විපක්‍ෂ නායක කාර්යාලයේදී අද උදෑසන පැවැත්විණ.

රටේ ආගමික සහජීවනය නංවාලීම සඳහා අලූත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණ.

ත්‍රෛයිනායික මහා නාහිමිවරුන්ද, කතෝලික, ඉස්ලාම් හා හින්දු ආගමික නායකයින් සමග ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු විවිධ දේශපාලන පක්‍ෂ නායකයින් සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිනිය කීවාය.

එජාප නායකත්ව මණ්ඩලයේ සාමාජිකයන් වන මංගල සමරවීර, තිස්ස අත්තනායක, රුවන් විජයවර්ධන හා රවී කරුණානායක යන මහත්වරු නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග මෙම සාකච්ඡාවට එක් වූහ.

්‍

 

 



අදහස් (0)

චන්ද්‍රිකයි රනිලුයි ආගමික සංහිදියාව ගැන කතා බහේ

රත්නායක ආරච්චිගේ Wednesday, 12 March 2014 10:48 AM

මේවා සිද්දවෙන්න අම්මපා මහින්ද මහත්තයාගේ වාසනාවට. අත්තටම එජාපයට ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් අඩුවෙන වැඩක්.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 12 March 2014 11:02 AM

ජානි, ඔයා හරි. මේ ගැන ජිනීවා වලදී සාකච්ඡා වෙන්නේ නැතුව ඇති. ඒකත් පොඩ්ඩක් මතක් කරන්න තමයි මේ හදිස්සියේම මාධ්‍යවලට එන්න කියල සාකච්ඡාවක් තියලා තියෙන්නේ. (නදී)

:       0       0

නිකිනි Wednesday, 12 March 2014 11:15 AM

අනේ මේ මංගල ටත් ලැජ්ජා නැති හැටි.(නදී)

:       0       0

පානියා Wednesday, 12 March 2014 11:17 AM

චන්ද්‍රිකා දැක්කම රනිල්ට බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවෙලා (දී)

:       0       0

කලන Tuesday, 11 March 2014 06:29 PM

ඕව නොවෙයි ජිනීවා වලින් රට බේරා ගන්න විදිහක් කතා කරන්න (දී)

:       0       0

දසනායක Tuesday, 11 March 2014 06:31 PM

අහන ඉන්නත් ආසයි මොනවා කතා කරන්න ඇත්ද (දී)

:       0       0

උදය Tuesday, 11 March 2014 07:13 PM

මෙයා කොහොමත් මුස්ලිම් ආගමනේ අදහන්නේ

:       0       0

අසිරි Wednesday, 12 March 2014 12:04 PM

මේ රටේ ආගමික සංහිදියාව නැති කරන කට්ටියම තමා ඒ ගැන කතා කරන්නේ.මෙහෙමත් රටක් (දී)

:       0       0

චුටි Wednesday, 12 March 2014 12:05 PM

රයිනයි සුකරයි සෙට් වෙලා කාලෙකට පස්සේ (දී)

:       0       0

රසිකා Wednesday, 12 March 2014 12:05 PM

බොරදියේ මාලු බාන්න හදනබව බොදු ජනතාව දැනගනිත්වා .....(දී)

:       0       0

දොන් Thursday, 13 March 2014 03:05 AM

ඔන්න බබෝ බිල්ලෝ එනවා.(නදී)

:       0       0

කුමාර් Tuesday, 11 March 2014 07:39 PM

එතකොට මේ සාකච්චාවට "ක්‍රිස්තියානි" අයව අරගෙන නැද්ද ? (දී)

:       0       0

දිනු Wednesday, 12 March 2014 12:15 PM

යස අගේට කැපෙන ජෝඩුව (දී)

:       0       0

දයානන්ද Tuesday, 11 March 2014 07:53 PM

මේවා විහිලු කියලා තමයි හැමෝම කියන්නේ (දී)

:       0       0

ඩයස් Wednesday, 12 March 2014 12:24 PM

දෙන්නම තකට තකට නේ(දී)

:       0       0

කෝලිත Tuesday, 11 March 2014 08:26 PM

දේශපාලන වේදිකාව විවිධ පැති වලට දවසින් විහිදෙනවා (දී)

:       0       0

නයනජිත් Tuesday, 11 March 2014 08:38 PM

අනේ අපිට මොකද අනේ ඕන දෙයක් කතා කරගත්දෙන් (දී)

:       0       0

විරංග Wednesday, 12 March 2014 12:28 PM

මේවා කරන්න තිබුනේ මීට කලින් නේද? (දී)

:       0       0

ලීලා Tuesday, 11 March 2014 08:40 PM

ආගමික සහජිවනය නම් වටිනවා ,නමුත් මේ දෙන්නා විතරක් කොහොමද ආගමික සහජීවනය ගැන කතා කරන්නේ (දී)

:       0       0

චානක Tuesday, 11 March 2014 08:54 PM

ඔක්කොම මතක් වෙලා තියෙන්නේ දැන්නේ දන්නේ මේ ගොල්ලොන්ට (දී)

:       0       0

කර්තිනි Wednesday, 12 March 2014 12:46 PM

මරක්කල අපි නැත්නම් කන්න මස් ටික කෝ? (දී)

:       0       0

ලියනගේ Tuesday, 11 March 2014 09:24 PM

මෙයට තවත් ලජ්ජා නැද්ද? ඔක්කොම මතක් වෙලා තියෙන්නේ දැන්. (අ)

:       0       0

මංගල Tuesday, 11 March 2014 09:26 PM

මෙතන ඉන්න අයගෙ ජාන පරීක්ෂාවක් කලොත් අපිට දුවන්න තමයි වෙන්නේ. (අ)

:       0       0

සූරී Tuesday, 11 March 2014 10:02 PM

මේ සක්කච්ඡාව ගැන බොහොම දෙනෙකු රත්වෙලා වගෙයි ! (දී)

:       0       0

නුවන් Tuesday, 11 March 2014 10:10 PM

මෙයාලගේ අදහසට මමත් එකඟයි (දී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 11 March 2014 10:11 PM

කිසිදු ආගමික ස්ථානයකට බාධා හිරිහැර කිරීම සිංහල බෞද්ධයෝ කවදාවත් අනුමත කරන්නේ නැහැ. හිතට අමාරු බෞද්ධයාට මොනවා උනත් නොඇරෙන ඇස් කන් මේ සිදු වුනු සුළු සිදුවීම් කීපයකදී ඇරුනු ඉක්මනේ හැටි දැක්කම .(දී)

:       0       0

ආලවක Wednesday, 12 March 2014 02:25 PM

මේ සැරේ මෙයා මොන උප්පරවැට්ටියක් අටවන්න එනවද මන්ද. (දී)

:       0       0

සනත් Wednesday, 12 March 2014 02:31 PM

දැන් මෙතන ගිලෙන්නෙ කවුද?පිදුරු ගහ කවුද?අර පැරණි බෞද්ධ විහාර වනසලා එව්වගෙ පල්ලි,කෝවිල් හදනා අය ගැන නම් කතාවක් නෑ වගෙ.අන්‍යාගම් කරනයට ගව ඝාතනයට විරුද්ධ අයට එරෙහිව නම් පුදුම උද්යෝගයෙන් වැඩ මෙයාලා. (දී)

:       0       0

සුනිල් යහම්පත් Wednesday, 12 March 2014 02:47 PM

බලයේ ඉන්නා කාලයේ මේ දෙගොල්ලොම කරන්න තිබ්බ දේවල් නොකර . බලයෙන් පැරදුනාම කරන්න දඟලනවා . හෙමෝම මෙහෙමයි . බලය නැති කල මුළු රටම සර්වසාධාරන රටක් කරන්න කතාව. බලය ලබුනාම වෙන දෙයක් (දී)

:       0       0

වීරසේකරගේ Wednesday, 12 March 2014 01:41 AM

හොඳ හමුවීමක්. (ස)

:       0       0

සත්‍ය්‍යා Wednesday, 12 March 2014 02:13 AM

ආගමික "සහජීවනය" ගැන කතා කරන්න ඉස්සරවෙලා, පන්ති, කුළ හා උගත් නුගත් අය අතර ඇති පරතරය නැති කරන්න ක්‍රමයක් ගැන ඔළුවට එන්නෙම නැද්ද. නැත්නම් හිතාමතාම "හේතු" වෙන් පැනල ගිහින් "පලය" ට පමණක් ලන්වෙන්න හදනවද? (අ)

:       0       0

ජනි Wednesday, 12 March 2014 02:49 AM

ආගමික සන්හින්දියව ,තව ටික දොහකින් දේසපාලන සන්හින්දියාවට අත් පොත් තබයිද දන්නේ නැහැ .අනේ !!පොන්සේකා මහත්තය අමතකවෙලානේ .(අ)

:       0       0

නීල් Wednesday, 12 March 2014 02:53 AM

රනිල් මහත්තයට ලැබෙන්න තියෙන ඡන්ද ටික කඩාගන්න හදනවද කොහෙද .(අ)

:       0       0

ජානි Wednesday, 12 March 2014 04:46 AM

නයනජිත්, ඔය ජිනීවා වැඩ වලට තල්ලුවක් දෙන්නයි. මේ රටේ සහජීවනයක් නැහැ කියලා අවධානය ගන්නයි හදන්නේ. ඊළඟට ඒකත් ඇතුල් වෙයි ජිනීවා ලැයිස්තුවට. ? නිකම් හිටියම වෙනදේවල් ඔය.(අ)

:       0       0

අසෝක සිරිදේව Wednesday, 12 March 2014 05:41 AM

මේ අයට රට ගැන මහා කැක්කුමක් තියෙනවලු. හැබැයි ජාතික ගීය කියනකොටවත් නැගිටින්නේ නැහැ. හැබැයි සුද්දන්ගේ රටවල් වලට ගියාම උන්ගේ ජාතික ගීය කියද්දී නැගිටිනවා. (අ)

:       0       0

ද සිල්වා Wednesday, 12 March 2014 05:43 AM

හරිනම් විනය පරීක්ෂණයක් තියන්න ඕනේ රනිල්ට විරුධව , පහුගිය එජාප ආණ්ඩුව විසුරවා හැරියේ චන්ද්‍රිකා. එතුමිය එක්ක බහුබූත දෙඩවීම නිසා තිබෙන ඡන්ද ටිකත් කැඩෙනවා , (අ)

:       0       0

දමයන්ත Wednesday, 12 March 2014 08:35 AM

නියම නායකයන් දෙන්නා (ස)

:       0       0

චින්හක Wednesday, 12 March 2014 08:45 AM

ආගමික සන්හිදියාව.........ඒබලයට එන්න කරන වෑඩ (අ)

:       0       0

ප්‍රියා Wednesday, 12 March 2014 09:02 AM

කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ.................(අ)

:       0       0

සලාස් Wednesday, 12 March 2014 09:21 AM

මම මේවට කොහෙන්ද අනේ හිනා වෙන්න ඕන මට නම් දැන පිස්සු වගේ (අ)

:       0       0

හේතිමගේ Wednesday, 12 March 2014 09:35 AM

සන්තොසයි දැන්වත් එකතු වීම (අ)

:       0       0

කමනී Wednesday, 12 March 2014 09:45 AM

පරදේසක්කාරයින්ගෙන් රටට තියෙන චෝදනාවලින් රට බෙරගන්න කතා කළොත් හොඳයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 182 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5025 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4188 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6796 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 946 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1671 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site