IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


චන්ද්‍රිකාවෙන් දුටු සුන්බුන් මැලේසියා යානයේ නොවේ

ඕස්ට්‍රේලියාව ආසන්න මුහුදු ප්‍රදේශයේ තිබී හමුවූ සුන්බුන් අතුරුදන් වූ යානයේ නොවන බව ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි. චන්ද්‍රිකා ඡායාරූප අනුව ඕස්ට්‍රේලියා හා චින නෞකා යොදා සිදුකරන ලද සෝදිසියක දි සොයාගත් සුන්බුන් කොටස් ධීවරයන් විසින් මසුන් ඇල්ලීමට යොදාගත් උපකරණ බව ඔවුන් පවසා ඇත. ඕස්ට්‍රේලියාව විසින් චන්ද්‍රිකා ඡායාරූප පිළිබද අනාවරණය කිරීමෙන් පසු මැලේසියා බලධාරීන් කියා සිටියේ එම්.එච්.370 ගුවන් යානය ඉන්දියන් සාගරයට කඩා වැටී ඇති බවයි. එම කොටස් ගුවන් යානයේ ‍‍නොවන බව තහවරු වීමත් සමග යානයේ අතුරුදන්වීම තවදුරටත් අභිරහසකි



අදහස් (0)

චන්ද්‍රිකාවෙන් දුටු සුන්බුන් මැලේසියා යානයේ නොවේ

දුෂාන් Tuesday, 01 April 2014 07:29 PM

මේ ඕක මගේ කාමරේ තියෙන්නේ ඇවිල්ල අරන් යනවලා.(නදී)

:       0       0

ශාලි Tuesday, 01 April 2014 07:29 PM

ප්ලේන් එක තියෙන්නෙ මාමගෙ ගෙදරලු.(නදී)

:       0       0

නිශ්ශංක Wednesday, 02 April 2014 04:11 PM

බලමු මොකද වෙන්නේ කියලා. (ස)

:       0       0

මහේෂ් Tuesday, 01 April 2014 08:20 AM

අපේ ලංකා‍වෙ නම් සිදු වූ දේත්, ඉදිරියට වෙන්න තිබෙන දේත් දන්නා පුද්ගලයන් ඉන්නවා. එහෙම කෙනෙක්ගෙන් ඇහුවා නම් හරි. (නි)

:       0       0

සුදේශ් Tuesday, 01 April 2014 09:10 AM

අද අප්‍රේල් 1 වෙනිදා... (ස)

:       0       0

ඔනරබල් Tuesday, 01 April 2014 08:39 PM

මේ යානෙට එයාලගේ අම්ම අප්පා තෙල් ගහනව කියලද එක එක්කෙනාට ඕනෙ දිහාවල අරන් යන්න (දී)

:       0       0

දර්ශා Tuesday, 01 April 2014 09:21 AM

අයියෝ ආයෙමත්. (ස)

:       0       0

බර්ටි මල්ලි Tuesday, 01 April 2014 08:53 PM

කොහොමින් කොහොම හරි මිනිස් ජීවිත ටික බේරුනොත් ඇති.... (දී)

:       0       0

ශාන්ති Tuesday, 01 April 2014 10:42 AM

සුදේශ්, අද අප්‍රේල් 1 වෙනිදා වුණාට කමක් නැහැ. ඔන්න බොරු එහෙම කියනවා නෙමෙයි. (ස)

:       0       0

තිළිණ කළුතොටගේ Tuesday, 01 April 2014 11:30 AM

ඔය මහ ලොකු තාක්ෂණය තියෙන ඇමරිකාවට බැරියැ ඕක හොයල දෙන්න. (ස)

:       0       0

ගමගේ Tuesday, 01 April 2014 11:34 AM

ඇමෙරිකාවේ වැඩක්. (ස)

:       0       0

අසේල Tuesday, 01 April 2014 11:34 AM

මේකත් හරියට අර කැස්බෑවා වගේ. (ස)

:       0       0

මහානාම Wednesday, 02 April 2014 12:35 PM

ඇත්තෙන්ම මේ යානයට මොකද වුණේ? (නි)

:       0       0

චතුර Tuesday, 01 April 2014 12:29 PM

මේ අර කේලමා කොහෙද දන්නේ නැ නේද ? ඒ වගේ ගියද දන්නේ නැ.(දිල්)

:       0       0

රුපි Tuesday, 01 April 2014 10:29 PM

මොනවා කීවත් එක රටකටවත් තාම යානාවට මොකද උනේ කියල හොයාගන්ඩ බැරි උනානේ.ඇමරිකාවේ අයට බැරියයි අපේ දේවල් හොයන වෙලේ යානයට මොකද උනේ බලන්න (දී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 02 April 2014 12:59 PM

මට නම් මේ ගැන මුකුත්ම තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

සාලිය Tuesday, 01 April 2014 01:19 PM

බින් ලාඩන් උන්න තැන හොයා ගත්තේ, ඒත් මේ වගේ දෙයක් හොයා ගන්න බැරි ඇයි මේ අයට.(නදී)

:       0       0

කළු Monday, 31 March 2014 08:42 PM

හත්වලාවේ මේක කොහාට මංගච්චලද (අ)

:       0       0

සේන Tuesday, 01 April 2014 02:26 PM

ඒ කියන්නෙ යානයේ හිටපු මිනිස්සු ජීවතුන් අතර ඇති කියන බලාපොරොත්තුව තවත් තියෙනවා. එයාලාට ඉක්මනට ගෙවල් වලට යන්න ලැබේවා! (ස)

:       0       0

සුමින්ද Tuesday, 01 April 2014 02:41 PM

මේ අනතුර මගින් තහවුරු වෙනවා තාමත් අපි නොදන්නා ගොඩාක් දේවල් මේ මහා පෘථිවි තලය තුල සැඟවී තියෙන බව.ඒ වගේම අපි තාමත් ජීවත් වෙන්නේ සියවස් ගණනක් පසුපසය.සොබාදහම විසඳුමක් දෙනකම් තවත් කාලයක් ඉවසන්න වෙයි. (ස)

:       0       0

මෙනකා ලොකු පතිරණ Monday, 31 March 2014 09:12 PM

ගොඩක් දෙනෙකුගේ එකම පැතුම එම යානයත් එහි ගිය මගිනුත් කිසිම අනතුරකට ලක් නොවී නැවත ඒ අයගේ නෑදෑහිත මිතුරන්ට මුණ ගැසෙන්න කියායි. (අ)

:       0       0

දානා Monday, 31 March 2014 09:25 PM

පෙලෙන් පොජ්ජ ඇමෙරිකාවට මන්ධු වෙලා බොලන්...(අ)

:       0       0

අමිල Monday, 31 March 2014 10:21 PM

මට නිකන් පිස්සු වගේ ඇත්තටම මොකද්ද උනේ මේ යානයට (දී)

:       0       0

නජිත් Monday, 31 March 2014 10:49 PM

ඔය යානය පැහර ගත්තා මොකද කියන්නේ (දී)

:       0       0

අමිත් Monday, 31 March 2014 10:57 PM

තාක්ෂණයෙන් අද ලෝකය ඉහලයිලු!!! අනේ මන්දා අල්පෙනෙත්තක් නැතිවුනත් හොයාගන්න පුලුවන්... ඒත් මේක? (දී)

:       0       0

ප්‍රභාත් Monday, 31 March 2014 11:06 PM

ඔය යානය ඉන්දියන් සාගරය පැත්තට අවිල්ලාලු (දී)

:       0       0

සංජු Tuesday, 01 April 2014 04:18 PM

මේක සැලසුම් සහගත පැහැර ගැනීමක්.හැමෝම ජීවත්ව සිටිනවා.මුහුද මැද තියන දුපතකට ගොඩ බාල ඇති.අපි නොදන්නා දුපත් කොච්චරක් නම් තියේද ඔය හරියෙ.ගුවන් යානයක් ගොඩ බාන්න පුළුවන්. (ස)

:       0       0

ප්‍රභාත් බාලසූරිය Tuesday, 01 April 2014 04:21 PM

ටයිටැනික් නැව වගේ අවුරුදු 85කට විතර පස්සේ මුහුද යටින් හොයා ගනීවිද දන්නෙ නැහැ. (ස)

:       0       0

චමින්ද ජයනාත් Monday, 31 March 2014 11:49 PM

මේ යානයට ඇත්තටම වුණ දේ මම හිතන්නෙ නැහැ කවදාවත් දැනගන්න පුලුවන් වෙයි කියලා. මේවා ලොකු ලොකු රටවල ලොකු ලොකු රහස් වෙන්න පුලුවන්. (නි)

:       0       0

චාමි Monday, 31 March 2014 11:58 PM

අනේ! අර ඉන්දියාවේ පේන බලන කෙනාගෙන් අහලා බලන්නකෝ කොහෙටද වැටුනේ කියලා. (නි)

:       0       0

චන්දන Tuesday, 01 April 2014 04:59 PM

සමාන්තර ලෝකෙකට ගියාද දන්නේ නැහැනේ.(නදී)

:       0       0

නෙතූ Tuesday, 01 April 2014 12:24 AM

මට නම් හිතෙන්නේ වෙන ලෝකෙකට අරන් ගිහින් වගේ. හොයාගන්න බැරි වුණාට වෙනත් ජීවින් ඉන්නවා. විශ්වය අනන්තයක් (නි)

:       0       0

සරත් Tuesday, 01 April 2014 05:30 PM

ඕක අපේ අර ජ්‍යෝතිෂ මහත්තයාගෙන් තමා හරියටම දැනගන්න වෙන්නේ. (නි)

:       0       0

කුමාර Tuesday, 01 April 2014 12:30 AM

කාලගුණය හොඳ නැහැ කියලා කල්දානවා. අැයි සබ්මැරින් යවලා පරික්ෂා නොකරන්නේ? (නි)

:       0       0

රණේ Tuesday, 01 April 2014 12:34 AM

ඇත්තෙන්ම මේ යානය කොහේ ඇද්ද? (නි)

:       0       0

ලොසා Tuesday, 01 April 2014 12:34 AM

මම දැනගත්තා වැරදි තීරණයක් කියලා (නි)

:       0       0

රජින්ද Tuesday, 01 April 2014 12:40 AM

මේ යානය ලොකු සැළසුමක තවත් එක් ආරම්භයක් විය හැකිය. දැනට ලෝකයේ සිදුකෙරෙන හා සිදුකරමින් පවතින වඩාත් වියදම් අධිකම මෙහෙයුම මෙය බවයි සැළවෙන්නේ. එහෙත් කිසිවෙකුත් බලාපොරොත්තු නොවන ආකාරයේ සිදුවීමක් හෝ අනතුරක සේයාවක් හෝ නොමැතිව යානය පැහැරගත්තා නම් මඟීන් 239 දෙනෙක් කෑම-බීම දෙමින් කිසිදු රහසක් එළියට නොයන පරිදි රඳවා ගැනීම බොහෝ අසීරු කාර්යක්. එසේ රඳවා ගන්නේ නම් එය මෙතෙක් ලොව බිහිවූ කිසිදු අන්තවාදී කණ්ඩායමකට කළ නොහැකිවූ කාර්යයකි. ඩ්‍රෝන යානා, චන්ද්‍රිකා, ගළවා ගැනීමේ ගුවන් යානා, යුධ නෞකා වලින් මිදී මීටර් 209 ක් දිග මීටර් 60ක් උස යානයක් සඟවා තැබීම දැවැන්ත කාර්යයකි. (නි)

:       0       0

ශාන්ති Tuesday, 01 April 2014 12:54 AM

අපි ගොඩ දෙනෙකුගේම පැතුම එම යානයේ සිටින සියලුම දෙනාටම කරදරයක් නොවීමයි. (නි)

:       0       0

මධු Tuesday, 01 April 2014 01:15 AM

ඒ කියන්නේ අභිරහස තවත් දිග්ගැස්සුණා. (නි)

:       0       0

මධූ Tuesday, 01 April 2014 01:15 AM

එතකොට මේකට මොකද වුණේ? (නි)

:       0       0

කුමුදු Tuesday, 01 April 2014 01:15 AM

පිටසක්වළකින් පැමිණ ගුවන් යානය පැහැරගෙන ගොස්ද? (නි)

:       0       0

රමේෂ් Tuesday, 01 April 2014 01:19 AM

මම කියුවේ ඔය යානය තවම මේ පෘතුවි තලය තුල තියෙනවා (දී)

:       0       0

සිම්නා Thursday, 03 April 2014 11:29 PM

ඇත්තෙන්ම මේ යානයට මොකක්ද වුණේ? (නි)

:       0       0

භානු Tuesday, 01 April 2014 02:47 AM

අනේ මන්ද මීට පස්සේ ගුවන් ගමනක් යන්න කලින් අපේ කේන්දර බලවා ගන්න ඕන ද නැතිනම් නියමුවා ගේ කේන්දරේ බලන්න ඉල්ලා ගන්න ඕන ද කියල මට නම් තේරෙන්නේ නැහැ. (දී)

:       0       0

ලොක්ක Tuesday, 01 April 2014 03:14 AM

මෙහෙ වන පොජ්ජට වැටිලද කියල හෝදිසි පොජ්ජක් කරලා බලන්න (දී)

:       0       0

චන්දික Tuesday, 01 April 2014 03:29 AM

කවදාවත් මෙවන් විනාශයක් නම් වෙන්න එපා (දී)

:       0       0

දිසා Tuesday, 01 April 2014 06:26 AM

දානා,ඇමෙරිකාවට නොවෙයි, මත්තල පැත්තට ගොඩබැහැලාද දන්නෙ නැහැ. (නි)

:       0       0

ශ්‍රීනා Tuesday, 01 April 2014 06:47 AM

අපේ රටේ මිනිසුන්ට අපේ රටේ ඇති වටිනාකම තේරුම් ගන්න බැහැ. (නි)

:       0       0

නිර්වාන් Tuesday, 01 April 2014 07:45 AM

ඒකත් කොහේ හරි වාහන අවහිරතාවයකට අහුවෙලාද දන්නෙ නැහැ (නි)

:       0       0

චමත් Wednesday, 02 April 2014 10:13 AM

ඔය යානය පිටසක්වල ජීවීන් තමයි පැහැරගෙන තියෙන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 364 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2617 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1986 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 208 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1209 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1319 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26912 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23509 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site