IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


චන්ද්‍රජෝති සිසුවා ගමම හඬවා සමු ගනී

වැලිවේරියේදී පසුගිය බ්‍රහස්පතින්දා හමුදාව සමග ඇතිවූ ගැටුමේදී වෙඩි පහරින් මිය ගිය අකිල දිනේෂ් (19) සිසුවාගේ අවමඟුල වැලිවේරිය සුසාන භූමීයේදී සිදු විය.ඔහුගේ මිතුරෝත්  නෑයෝත් හඩා වැටෙමින් විලාප තබමින් අවමංගල පෙරහරේ ගමන් කරද්දී බොහෝ දෙනාගේ දෑස් කදුලින් තෙත් විය.

 ළිං ජලයේ පී එච් අගය අඩු වීමට හේතු සොයා ස්ථිර විසදුම් ඉල්ලා සිදු කළ උද්ඝෝණයේදී අකිලට ජීවිතයෙන් සමු ගැනිමට සිදු විය.අකිලගේ නිවසේ සිට කිලෝමීටර් එකහමාරක් දුරින් පිහිටි  කනත්තට අකිල වැලිවේරීයේ හිත මිතුරන්ගේ කර පිටින් ගියේය.

යක්කල චන්ද්‍රජෝති විදුහලේ සිසුහුද  වැලිවේරිය නගර හා ගම් වැසියෝද සිය ඔහුගේ  දේහය රැගත් මංජුසාව රැගෙන ගියහ. ඔහු ක්‍රිඩා පුහුණු වු වැලිවේරිය කාන්ති ක්‍රිඩා පිටිය සුදු පාටින් සරසා තිබිණි.දේහය වැලිවේරිය පොලිසිය අසළින් රැගෙන යද්දී  පොලිස් සාමාජිකයෝ සිරුවෙන් සිට  ආචාර කැර ඔහුට අවසන්  ගෞරව දැක්වුහ. සුසාන භූමියේද පොලිස් විශේෂ කාර්ය බලකායත් කැරලි මර්දන පොලිසියත් රාජකාරියට කැදවා තිබිණි. මතකවස්ත්‍ර පුජා වෙන් හා පැන් වැඩිමෙන් පසුව අකිලට  උරුම වුයේ කාටත් හිමි වන හතර රියනයි.



අදහස් (0)

චන්ද්‍රජෝති සිසුවා ගමම හඬවා සමු ගනී

මංජු Sunday, 04 August 2013 06:47 PM

මේ කිසිත් නොදැන උණ්ඩයකට බිලිවූ අසරණ මල්ලි නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී අප අතරම ඉපදේවා !(දී).

:       0       0

කසුන් සදරුවන් Tuesday, 06 August 2013 09:47 AM

සහෝදරයා, ඔයා කළ වරද තමා පිරිසුදු වතුර ඉල්ලපු එක. පරණ විදියටම වතුර බිවුවා නම් ඔය මුකුත් නැහැ. (නි)

:       0       0

දිනේෂ් Sunday, 04 August 2013 06:49 PM

අකිල ඔබට නිවන් සුව, (ස)

:       0       0

අප්පු Tuesday, 06 August 2013 05:00 PM

අපි හැමෝම අද දුක්වෙනවා. උද්ඝෝෂකයින් දුර දිග හිතල වැඩ කලානම් අදත් අකිල අප සමගය්. කොහොම උනත් වෙඩි තියන්න අණ දුන්න කෙනත්, ජීව උණ්ඩ අරගෙන මෙතනට එන්න කියපු කෙනත් සම්පුර්ණයෙන් වග කියන්න ඕන. අපි හිතමු මේ අයට මරණ දඬුවම දුන්න කියල, අකිලට පන ගන්න පුලුවන්ද? නැතිවීම අපිට නෙමේ දැනෙන්නේ, දෙමව්පියන්ට. (දී)

:       0       0

ධම්මික Monday, 05 August 2013 09:33 AM

අපගේ බලවත් ශෝකය හා කෝපය ! ඔබට නිවන් සුව ! (නි)

:       0       0

අකිල Monday, 05 August 2013 07:08 PM

අකිල ඔබට නිවන් සුව ලැබේව.රජය ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කරමින් සහ මෙම පහත් නින්දීත ක්‍රියාව මම විසින් හෙළ දකිමි.(දී)

:       0       0

පාලිත Wednesday, 07 August 2013 11:38 AM

මෙම අපරාධ සියල්ලටම වගකිවයුත්තන් යුධ අධිකරණයක් හමුවට පැමිණවීමට යෝජනා කරමි (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 04 August 2013 10:52 PM

මෙහෙම බල්ලෝ බළල්ලු වගේ අහිංසක මිනිසුන්ට වෙඩි තියන්න කිසිවෙකුට අවසර නැහැ (නි)

:       0       0

යසස් Monday, 05 August 2013 07:10 PM

නුබට අම මහා නිවන් සුව ලැබේව සොහොරාණනි ........!!!!ඔබට කල දෙයට වග කිය අයට කර්මය දඩුවම් දෙනු ඇත.....අප එතකන් බලා සිටිමු........(දී)

:       0       0

ධර්මසේන Sunday, 04 August 2013 10:53 PM

බොන්න වතුර ඉල්ලපු අසරණ දරුවන්ට වෙඩි තියන්න අන දුන් සියලුම දෙනාට වැහි නැති හෙනම වදින්න ඕනේ

:       0       0

නිශ් Monday, 05 August 2013 02:56 PM

අකිල මැරුණා. හාමුදුරුවන්ගේ භාෂාවෙන් නම් එයා ගෙනාපු ආයුෂ ඉවර වෙලා. ඒත් ඒ ආයුෂ ඉවර කළේ කවුද ..? ඇයි..? කියන එකයි ගැටළුව.. මේ මරණය ඒ අම්මා කොහොම හරි ඉවසාගත්තා කියමුකො... (නි)

:       0       0

මොහමඩ් - සෞදි Monday, 05 August 2013 09:45 AM

"""දේහය වැලිවේරිය පොලිසිය අසළින් රැගෙන යද්දී පොලිස් සාමාජිකයෝ සිරුවෙන් සිට ආචාර කැර ඔහුට අවසන් ගෞරව දැක්වුහ"" ජීවිතයක් නැති වුණාට පස්සේ ආචාර ගෞරව දක්වනවාට වඩා ඔබතුමන් ඊට කලින් හරි විදිහට හැසිරිය යුතුයි. මෙහෙම තරුණ ජීවිතයක් නැති වීම යනු ලෙහෙසි පහසු දෙයක් නොවේ. වදාපු මවට මෙය දරා ගත හැකිද? මෙයට සාධාරණයක් විය යුතුයි. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයට නිසි විසඳුම් දීම තමා මේ මල්ලිට කරන ලොකුම ගෞරවය (නි)

:       0       0

හසාන් Sunday, 04 August 2013 10:55 PM

වීරයෝ බිහිවන්නේ අවස්ථාව අනුවයි.එදා මිනිසා රණවිරුවෙක් වුණෙත් පසුව වැලිවේරියේදී නැවත ඒ තත්ත්වය වෙන්ස වුණෙත් ඒ නිසා.වතුර පොදකට සටන් කරපු සහ මියගිය සැමෝම මගේ හදවතේ විරුවන්.මේ මල්ලිට දෙවියන්ගේ ශාන්තිය හා සමාදානය ලැබේවා! (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 04 August 2013 10:55 PM

අපේ රටේ ආශ්චර්යය තමයි.අකිල සිසුවාට නිවන් සුව! (නි)

:       0       0

දීපාල් Sunday, 04 August 2013 07:03 PM

සමහර දේශපාලන පක්ෂ වලට දැන් සතුටු ඇති පොඩි කොල්ලගේ මරණය උඩින් දැන් ලකුණු ගන්න පුළුවන් නිසා

:       0       0

නුවන් Monday, 05 August 2013 09:49 AM

හොදක් නම් වෙන්න එපා (නි)

:       0       0

කොස්වත්ත Sunday, 04 August 2013 07:05 PM

දයබර පුතුනේ ඔබට මොක්සුව පතමි. (ස)

:       0       0

රොෂානි Monday, 05 August 2013 09:52 AM

අපරාධකරුවන්ට ශාප වේවා ! (නි)

:       0       0

චාමා Sunday, 04 August 2013 07:05 PM

අප අතර නෙවියි වෙන රටක ඉපදෙන්න වාසනාව ලැබේවා. අපිත් එක්ක ඉඳල මේ රටේ දෙපාරක් මැරෙන්ඩ ඒ අසරණය?

:       0       0

ජයසේන Sunday, 04 August 2013 07:06 PM

සාපලත් දේශයක ඇයිද ඔබ ඉපදුනේ (දී)

:       0       0

බණ්ඩාර Sunday, 04 August 2013 10:59 PM

මේවා දේව ශාප

:       0       0

සම්පත් Monday, 05 August 2013 09:52 AM

අපේ සල්ලි අපිටම ගහනවා. (නි)

:       0       0

සීතා Saturday, 10 August 2013 10:25 PM

අනේ අර අම්මා අඩා වැළපුන හැටි,අම්මා කෙනෙකුට දරා ගන්න පුලුවන්ද? යුද්ධ කරන්න ගිහින් නොවේ මැරුම් කෑවේ (නි)

:       0       0

ජයසේන Sunday, 04 August 2013 07:06 PM

සාපලත් දේශයක ඇයිද ඔබ ඉපදුනේ (දී)

:       0       0

බණ්ඩා Sunday, 04 August 2013 11:01 PM

මේ වගේ රටවල යළි නොම ඉපදේවා! ඔබට නිවන් සුව (නි)

:       0       0

දිනේෂ් Sunday, 04 August 2013 07:07 PM

මිනි මරුවනේ තොපට දැන් සතුටුද? නිවන් සැප ලැබේව පුතේ.(දී)

:       0       0

බන්ටු Sunday, 04 August 2013 11:07 PM

මංජු, මේ මල්ලිට නැවතත් අපි අතරම ඉපදේවා කියන්න ලැජ්ජා නැද්ද? නුඹ ක්‍රීඩා වලට දක්ෂ නම් මල්ලියෙ ඇමෙරිකාව වගේ රටකත්, හොඳට ඉගෙනගන්න දක්ෂ නම් ජර්මනිය වගේ රටකත් ආයෙ ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

ලහිරු Monday, 05 August 2013 09:55 AM

අපි ණයවෙලා අරන් දුන්න උණ්ඩ වලින් අපිටම වෙඩිතියනවා. (නි)

:       0       0

අනුර Monday, 05 August 2013 09:56 AM

අපරාධකරුවන් මිහිපිටදීම අපාගත විය යුතුමයි (නි)

:       0       0

කපිල Sunday, 04 August 2013 07:12 PM

මංජු මේ ජරා මිනිස්සු අතර නො ඉප දෙන්න ප්‍රර්ථනා කරන්න

:       0       0

සෙන්සා Monday, 05 August 2013 09:58 AM

තුන් කල් නොපෙනෙන දේශපාලකයින්ට මෙවා නොපෙනේ.බඩගෝස්තරවාදීන්ට තමා හා තම පවුල පමණය (නි)

:       0       0

අසන්ක Monday, 05 August 2013 03:18 PM

අද ඉදලා මම නම් එක සතයක්වත් හමුදාවට දෙන්නේ නැහැ. අපෙරදේ අපි එයාලට කරපු උදව් පිටරට වල ඉදලත්. අපේ සල්ලි වලින් අපේම ජාතිය නසනවා (නි)

:       0       0

දිස්සනයක. Sunday, 04 August 2013 07:16 PM

අහිංසක ඔබගේ මරණය තව කෙනෙකුගේ බල පැවැත්ම උදෙසා සිදු කල ක්‍රියාවලියේ ප්‍රතිපලයකි. බලය සඳහා සිත් පිත් නැති වුන් ඕනෑම දෙයක් කරවී. ඔබගේ අහිංසක මුහුණ දුටු විට මගේ හදවත දහස් වරක් හඬා වැලපේ.මිනිසුන් වෙනුවෙන් සබැ මිනිසුන් පාලකයන් බවට පත් දේශයක නැවත උපදින්නට ලැබේවා!ඔබට නිවන් සුව ! (දී)

:       0       0

ඩොන් Sunday, 04 August 2013 11:26 PM

ලංකාවේ වෙන දේවල් ඇහුවම හරිම දුකයි. මේ වගේ දේවල් ඇහුවම මට නම් ලංකාවට එනවා තියා උපන් රට කියලා ඇති ආදරයක් නැතුව යනවා. මේවා සියල්ලම දේශපාලනය කරන අයගේ වැරදි. ඔබට නිවන් සුව! (නි)

:       0       0

චාමි Monday, 05 August 2013 10:02 AM

'රණවිරු රියල් ස්ටාර්' (නි)

:       0       0

මානගේ Monday, 05 August 2013 07:53 PM

මෙතරම් ශාප තැබීම් දැනටමත් මන්තරයක් ජපකලා හා සමානයි.මෙය සිදු කළ අයටත් අනුබල දුන් අයටත් මේ ශාපය ලැබෙනවා සිකුරුයි!!!! (නි)

:       0       0

ඔන්කල් Sunday, 04 August 2013 07:27 PM

අකිල පුතේ, මම ඔබේ ඡායාරූපය අන්තර්ජාලයෙන් දුටුවා. ඔබට නිවන් සුව! (නි)

:       0       0

කමල් Sunday, 04 August 2013 07:27 PM

විනාඩි 05 ක් දෙන්නම් යන්න කිව්වා එක හමුදා නිලධාරියෙක්. අනේ ඔහුගේ පරපුරේ අයටත් ළමයි ඇති නේද? (නි)

:       0       0

සාලින්ද Monday, 05 August 2013 10:10 AM

අපි සිංහලයන් වශයෙන් මෙවැනි දේවල් ඉක්මනට අමතක වෙන ජාතියක් (නි)

:       0       0

සමීර Monday, 05 August 2013 10:10 AM

අපි සිංහලයන් වශයෙන් මෙවැනි දේවල් ඉක්මනට අමතක වෙන ජාතියක්. ජීවිතය පුජා කළ කොල්ලෝ, ඔබට නිවන් සුව යාලු ! (නි)

:       0       0

කුමාරි Monday, 05 August 2013 10:13 AM

රත්තරන් පුතේ, ඔයාට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

සමීර Sunday, 04 August 2013 07:39 PM

මල්ලි , අපි අතර ඉපදෙන්න එපා. අපිට වෙලා තිබෙන ටික ඇති. මල්ලිට වුන දේ තමා අපි හැමෝටම හෙට වෙන්නෙත්. ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

අමර Sunday, 04 August 2013 11:52 PM

මෙවන් අකල් මරණයක් මතු බවයක නොවේවා! ඔබට නිවන් සුව පුතා. අම්මා කෙනෙක් කෙසේ වාවා ගන්නද? මේ අසාධාරණය දෙවියන්ටම පෙනේවා! (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 05 August 2013 10:15 AM

අර තිරිසන් සතුන් මරනවට විරුද්ධ අය මේ තරම් අසරණ මිනිසුන් මරලා දානවට කැමතිද? (නි)

:       0       0

පියුමි Monday, 05 August 2013 08:19 PM

මෙවන් විපතක් කිසිවෙකුටත් නොවේවා!!!! (නි)

:       0       0

දිසානායක Sunday, 04 August 2013 07:43 PM

තිරිසනුන් ගැන සිතා සිය දිවි නසා ගන්න දිවයිනේ ............ තුන් දෙනෙක් දැන් මරා දමලත් එකෙක් වත් නැත පෙරමුණේ ......... (නි)

:       0       0

දේශප්‍රේමී Monday, 05 August 2013 12:02 AM

නීතියෙන් මෙම මරණයට වගකිවයුත්තන් බේරුණත්, කර්මයෙන් ඔවුන්ට බේරීමට හැකියාවක් නොමැත.සියල්ල අනිත්‍යයය! ඔබ මෙවන් අපායක නොඉපදී මිනිසුන්ට දෙවියන් මෙන් සලකන රටක උත්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! බුදු සරණයි ලක්වාසීන්ට! බුදු සරණයි ලංකාවට! (නි)

:       0       0

ජීවා Monday, 05 August 2013 10:19 AM

මේවා කළවුන්ට හොදක් නම් වෙන්න එපා (නි)

:       0       0

රත්නසිරි Sunday, 04 August 2013 07:45 PM

මෙවන් මරණ වලට, අතුරුදහන් කිරීම වලට සම්බන්‍ධ නොවූ පක්‍ෂ හෝ විපක්‍ෂ දේශපාලකයකු නම් කරන්න පුළුවන්ද? ඔවුන්ට අවශ්‍ය ජනතා කඳුලු (නි)

:       0       0

ජනක Monday, 05 August 2013 10:20 AM

මේ කිසිත් නොදැන උණ්ඩයකට බිලිවූ අසරණ මල්ලි නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී අප අතරම ඉපදේවා! (නි)

:       0       0

රාහුල Sunday, 04 August 2013 07:46 PM

නිවන් සුව පතමි. (නි)

:       0       0

කුමාර Monday, 05 August 2013 10:22 AM

මල්ලි , නුඹ අවුරුදු 60 ටත් කරන්න බැරි දෙයක් අවුරුද 17න් කරලා ගියේ. ඔබට නිවන් සුව පතමි! ----- -වැලිවේරිය සහෝදර කැළ --------- (නි)

:       0       0

චන්දි Monday, 05 August 2013 10:24 AM

ඔව් ලලිත්, ඔයා කියපු විදියට ස්වබාව ධර්මය මේ මහා අපරාධය කළ කෙනාට ඉක්මනින්ම දඩුවම් දේවි.තුන් දෙනෙක් ගේ ජිවිත බිලි අරගෙනත් මේ මිනිස්සුන්ට තාම වතුර ලැබිලා නැද්ද? සුර සැප විදින මැති ඇමතිවරුන්ට මේක දේව ශාපයක්ම වෙලා එයාලා බොන වතුරත් වස විසම 'වේවා'' (නි)

:       0       0

රංග Monday, 05 August 2013 08:42 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

මාලක Monday, 05 August 2013 12:12 AM

ලබන ඡන්දෙට මෙයාලට මේවා අමතකයි. අකිල සිසුවාට නිවන් සුව අත් වේවා ! (නි)

:       0       0

කසුන් Monday, 05 August 2013 10:27 AM

එක් වරක් නොව දහස්වර මේ ගෑන කිව්වාට කමක් නැත. තවමත් තමන් "සිංහල බොදු" යැයි කියාගන්නා බොහෝ මහජන නියෝජිතයන් මේ ගැටළු පිළිබදව නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි දැයි ප්‍රශ්නයකි.තමන්ට හිමි වරප්‍රසාදයන් අහිමිවේ යැයි බියකින් හෝ ඉහළින් එන අණ වලට පමණක් කට ඇරෙන සිද්ධියක් පෙනෙන්නට තිබේ. අහිංසක සිංහල බොදු ජනතාව මුලාකරමින් ඔවුන්ගේ මනාපයෙන් බලයට පැමිණි අය ආශ්චර්යයේ සිහින දකිමින් සිටිති.. (නි)

:       0       0

නිලුකා Monday, 05 August 2013 08:42 PM

ඔබට නිවන් සුව පුතේ! (නි)

:       0       0

රාජකරුණා Sunday, 04 August 2013 07:52 PM

අකිල සිසුවාට නිවන් සුව අත් වේවා! (නි)

:       0       0

ශාෆික් Monday, 05 August 2013 10:38 AM

මේ ඡායාරූප දකිනකොට පුදුම කලකිරීමක් මට ඇති වුණේ. ඒ මවට කොයිතරම් වේදනාවක් ඇද්ද? ඒ තිරිසන් ක්‍රියාව හෙළා දකිමු. (නි)

:       0       0

සසන්ක Monday, 05 August 2013 12:23 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ... අසරණ අපි මොනවා කරන්නද? (නි)

:       0       0

හේරත් Sunday, 04 August 2013 07:57 PM

මේවා දෙවියොම බලා ගන්න ඕනේ (දී)

:       0       0

රූපා Monday, 05 August 2013 12:31 AM

අකිල පුතුට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

සමන් Monday, 05 August 2013 10:44 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

කුමාර Sunday, 04 August 2013 08:01 PM

අකිල සිසුවාට නිවන්සුව ලැබේවා !!! (නි)

:       0       0

චන්දී Monday, 05 August 2013 12:38 AM

පුතණුවනි, ඔබට නිවන් සුව පතමි! මෙවන් අකල් මරණයක් නොවේවා! පුතා යලිත් අප අතරම ඉපදේවා! (නි)

:       0       0

හර්ෂ Monday, 05 August 2013 10:47 AM

බන්දුලයෝ, නුඹ මේ පැත්තේ හිටියා නම් මේ වතුර බොනවද ? නුඹට දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ වතුර පොවනවද ? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 05 August 2013 03:58 PM

අකිල ඔබට නිවන් සුව

:       0       0

ප්‍රදීපා Monday, 05 August 2013 12:48 AM

කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවී නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

නදිකා ශ්‍යාමලි Monday, 05 August 2013 10:57 AM

වතුර බිදුවක් කළ හදියක්.දෙයියනේ දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ. වගකිවයුත්තෝ තාමත් නිහඩයි නේද, කොහොම වුනත් රටට වටිනා ජීවිත 03 ක් නැතිවුනා විතරයි. (දී)

:       0       0

රණේ Sunday, 04 August 2013 08:08 PM

කවුරු මොනවා කිවුවත් ලිවුවත් වැලිවේරියේ ජීවත්වෙන අපි විතරයි වුණේ මොකද්ද කියලා දන්නේ. සති කීයක් තිස්සේ පාලකයන්ට අපේ ප්‍රශ්නේ ගැන ඉතාම සාමකාමී විදියට දැනුම් දුන්නද? මම හමුදාවේ කොල්ලන්ට දුන්න ලේ වලට දුක් වෙනවා. ඊළඟ ඡන්දෙදි අපි චන්ඩි පාලකයෝ ගැන බලා ගන්නම්. දෙවියනේ! අනේ දෙවියනේ මොවුන්ට දඬුවම් දෙනු මැනවි. අපිට දැන් අපේ දුක කියන්න ඉන්නේ ඔබ විතරමයි. (නි)

:       0       0

කුමාර Sunday, 04 August 2013 08:11 PM

වැරදි කළ අයට හෘද සාක්ෂිය හොල්මන් කරමින් නිසි දඬුවම් ලබා දෙනු ඇත (නි)

:       0       0

වජිර රොමේ Monday, 05 August 2013 01:06 AM

අකිල මල්ලි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

රිශාන්ත Monday, 05 August 2013 01:11 AM

කවුරු කළත් මේවා සහගහන වැඩ (නි)

:       0       0

චන්දි Sunday, 04 August 2013 08:14 PM

නොසිතු,මොහොතක,නොසිතු අයුරින් සදහටම ලොවෙන් සමුගත් පුංචි පුතේ, ඔබට නිවන් සුව පතමි! මෙයින්වත් අන් අය පාඩමක් ඉගෙන ගනිවි යැයි සිතමි (නි)

:       0       0

අමිල Monday, 05 August 2013 01:22 AM

සිත් පිත් නැති මේ සඳහා සැම අතින්ම දායකවූවන්ට ශාප වේවා! ඔවුන්ටත් මේ දුකම දැනේවා! (නි)

:       0       0

කුමාර Monday, 05 August 2013 11:05 AM

මෙයට සම්බන්ධ වුණ සියල්ලටම මගේ ශාපය ! (නි)

:       0       0

ඊෂාන් Wednesday, 07 August 2013 12:59 PM

අපේ රටේ ආශ්චර්යය තමයි. (නි)

:       0       0

සම්පත් Monday, 05 August 2013 11:07 AM

අපි දුක් මහන්සියෙන් හම්බ කරලා ඒවා ඔක්කොම මේ රටට පූජා කරලා ඉන් යැපෙන දේශපාලුවෝ සහ රජයේ නිලදාරින් අපිටම වෙඩිතියනවා නොවේද? (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 04 August 2013 08:16 PM

නිවන් සුව අත් වේවා.(අ)

:       0       0

මහේස් Tuesday, 06 August 2013 07:53 PM

අනේ බන්දුල මහතාට ඥානය පහල වේවා. තව තවත් කඩේ නොයාමට ශක්තිය ලැබේවා (අ)

:       0       0

සෑම් Sunday, 04 August 2013 08:18 PM

දැන් සන්තොසද (දී)

:       0       0

හාරූන් අන්සාර් Sunday, 04 August 2013 08:19 PM

ආසියාවේ ආශ්චර්ය අපි හැමදාම දකිනවනේ. ආසියාවේ වසන්තය අපිට ඕනෑ! ජනතාව අපි, ජනතාවගේ සේවකයා කව්ද කියල තීරණය කරන්න ඕනෑත් අපිමයි!!! (නි)

:       0       0

දසුනි Monday, 05 August 2013 02:03 AM

මිනිස් ජීවතයක වටිනාකම නොදන්නා අපේ රටේ ඉපදෙන්න එපා මල්ලි. ඔබට නිවන් සුව! (නි)

:       0       0

හේමන්ත Monday, 05 August 2013 11:16 AM

ඔබ නැවත කිසි තැනක උපදින්න එපා! සසර දුකක්ම බව ඔබ ජිවත්වන අපට තවදුරටත් සංවේදී ලෙස අවබෝධ කළා. පුතුනි ඔබට නිවන් සුව! (නි)

:       0       0

බන්දුල Sunday, 04 August 2013 08:23 PM

මහා පාරවල් හරස් කරලා අනුන් පීඩාවට පත් කරන අපේක්ෂාවෙන්ම මේ වගේ උද්ගෝෂණ සංවිදනය කරලා මේ සිසුවටත් අනෙත් මිය ගිය දෙදෙනාටත් අකාරුණික මරණයකට මග පාදලා දීපු අයට ශාප වේවා ! මියගිය සියලු දෙනාට මෙවන් අකල් මරණයක් සසර වසන තුරා යලි අත් නොවේවා! (නි)

:       0       0

චානිකා‍ Monday, 05 August 2013 11:17 AM

හමුදාවට විතරක් බැනල වැඩක් නැහැ. ඒ ගොල්ලන්ව ඔතනට ආයුධත් සමග එවුවේ මේ දේවල් කරන්නද? (නි)

:       0       0

දනුෂ්ක​ Monday, 05 August 2013 02:13 AM

ඔබට නිවන් සුව​! නැවත මේ අපායේ නොඉපදේවා! (නි)

:       0       0

මනෝජ් Monday, 05 August 2013 10:39 PM

මේ කරන සංවර්ධනය මොකක්ද? අපිට අධීවේගී පාරවල් එපා. අලුත් ගුවන් තොටුපලවල් එපා. තියෙන ටිකෙන් ජීවත්වෙන්න නිදහසක් දෙන්න. මේක දේශපාලුවන්ගේ රටක් නෙමෙයි, මේක අපි හැමෝගෙම රට. (නි)

:       0       0

අශෝක Monday, 05 August 2013 11:19 AM

වෙඩි තියන්න අණ කරපු අයටත් වෙඩි තියපු අයටත් ඔය වගේම ළගදීම දෙවියෝ බලා ගනී (නි)

:       0       0

චතුරි Tuesday, 06 August 2013 01:23 PM

ජ්‍යාත්‍යන්තර අධිකරණ වලට ගෙනිච්චත් මදි මේ කරන වලට

:       0       0

පියල් Tuesday, 06 August 2013 01:27 PM

වෙඩිතියන්න කියපු කෙනා කව්ද කියන එකයි වැදගත් ජනතාවට

:       0       0

ප්‍රභාෂ් Monday, 05 August 2013 02:19 AM

පුතේ,ඔබට මෙවන් අකල් මරණයක් කිසිදා අත් නොවේවා! ඔබට නිවන් සුව. (නි)

:       0       0

පද්මිණි Monday, 05 August 2013 11:26 AM

මේ ශාපලත් රටෙන් පැනගොස් ජිවිත බේරාගන්නා ලංකිකයිනි, ඔබලාගේ හුස්ම ගැනීමේ අයිතියත් මේ විදියට වළදානවා නම්... (නි)

:       0       0

සමීර වීරක්කොඩි Monday, 05 August 2013 02:23 AM

පොපි මල් පිපෙනා බියකරු මොහොතක උණු ලේ ගෑවුණ ඔබගේ දෑතින්... පොපි මල් පොකුරක් බැතියෙන් නෙලලා.... නොමියන අකිලගේ සොහොන් කොතේ පලදා .... උමතු ලෙසින් ඔබ කළ වරදට ,සමාව ගනු මැන සොල්දාදුවනේ.... (නි)

:       0       0

ප්‍රදීප් Monday, 05 August 2013 11:26 AM

අකිල මල්ලි, ඔබට නිවන් සුව!!! (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Sunday, 04 August 2013 08:34 PM

අනේ පුතේ, ඔයාට මෙවන් අකල් මරණයක් නම් නැවත නොවේවා! (නි)

:       0       0

මහේෂ් Sunday, 04 August 2013 08:34 PM

මොවුන්ට තිබුණු මගේ ගෞරවය අවසානයි (නි)

:       0       0

සරත් Monday, 05 August 2013 02:33 AM

මේ වළලන්නේ රටේ අනාගතයයි. අද වතුර ටිකට මරණ දරුවන් හෙට හුස්මපොදටත් මරනු ඇත. පුළුවන් තරම් බුද්ධියට නොව චණ්ඩින්ටම බලය දෙන්න. ඔබ සැමට නිවන් සුව. (නි)

:       0       0

රන්ජිත් Sunday, 04 August 2013 08:34 PM

අපේ සමාජයෙහි මෙවැනි අසම්මත වෙඩි තැබීම් පසුගිය කාලයේ නොතිබුන දෙයක්. අලුත් සංස්කෘතියක් නිර්මාණ කිරීම මෙම සිදුවීම් තුලින් සිදු වුණොත්, හමුදාව සහ රජය වගකීම බාර ගත යුතු වේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 05 August 2013 11:34 AM

ලැම්බෝගිනියක්,ෆෙර්රේරි කාර් එකක් ඉල්ලලා නෙමෙයි ජීවිතය පුජා කළේ.බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලලා. (නි)

:       0       0

අප්පුහාමි Monday, 05 August 2013 11:05 PM

තව කොපමණ අම්මලට මේ වගේ අඩන්න වේවිද තව ඉදිරියේදී! (නි)

:       0       0

සිසිර Sunday, 04 August 2013 08:34 PM

පුතා නුඹට නිවන් සුව පතමි. (නි)

:       0       0

ධම්මික Monday, 05 August 2013 03:07 AM

ඔබට නිවන් සුව මල්ලියේ ...! කවදාවත් නැතුව මට ඉකිගැහිලා ඇඩුනා. (නි)

:       0       0

මැණික් Monday, 05 August 2013 11:34 AM

ඔබට කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. උතුම් වූ නිවන් මග ඔබට පසක් වේවා! (නි)

:       0       0

චූලා Monday, 05 August 2013 03:19 AM

ලක් මෑණියන්ට මැණිකක් අහිමි වුණා. මේ අහිංසක මිනිසුන් ඉල්ලා සිටියේ ප්‍රධාන මානුෂික අයිතිවාසිකමක්. කාලයක සිට පැවති මෙම ප්‍රශ්නය විසදා නොදුන් නිසා මෙම වැසියන් උද්ඝෝෂණය කළා. වහාම කමිටුවක් පත් කර මෙම ඉල්ලීම මගහරින ලද නිලධාරීන් එම පදවි වලින් ඉවත් කරන්න. මෙම දරුවාට මවිසින් කරන ලද පින් අනුමෝදන් කරමි. එම පින් බලයෙන් නිවන්/චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිත්වා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 05 August 2013 11:37 AM

ඔබ සැමට නිවන් සුව. (නි)

:       0       0

කමල් Monday, 05 August 2013 11:41 AM

මල්ලි ඔබට නිවන් සුව අත්වෙවා. (නි)

:       0       0

නාත් Monday, 05 August 2013 03:42 AM

රට තවදුරටත් මෙහෙමනම් ඔබ නැවත මේ රටේ ඉපදෙන්න එපා. ඔබට නිවන් සුව! (නි)

:       0       0

නිර්මල Monday, 05 August 2013 04:03 AM

බොන වතුරින් පීනන සුපිරි පන්තියක් සිටිනා රටක, මේ ජනතාව බීමට ඉල්ලුවේ පිරිසිදු වතුර.... (නි)

:       0       0

ප්‍රිය Monday, 05 August 2013 11:59 PM

මේ සැරේ ඡන්දේ දෙනකොට කල්පනා කරලා ඡන්දේ දෙන්න.ලංකාව දැන් ලිබියාවට වැඩිය ටිකයි වෙනස්. අනේ මෙහෙමත් රටකනේ අපි ජීවත් වෙලා ඉන්නේ! (නි)

:       0       0

ලලිත් Monday, 05 August 2013 04:35 AM

බයවෙන්න එපා මල්ලි. ඔය වෙඩි තියපු අයටයි, වෙඩි තියන්න නියෝග දීපු අයටයි, වතුර අපවිත්‍ර කරපු අයටයි සියල්ලටම ළඟදීම ස්වභාව ධර්මය දඩුවම් දේවි. (නි)

:       0       0

ගුණේ Monday, 05 August 2013 11:48 AM

මෙම අපරාදය කළවුන්ට සහ එයට අනුබල ලබා දීපු සියල්ලන්ටම ශාප වේවා! (නි)

:       0       0

ඉෂාඩ් Wednesday, 07 August 2013 01:30 PM

සාමදානයේ සැතපේවා! (නි)

:       0       0

ක්‍රිස් Monday, 05 August 2013 11:49 AM

ලලිත්, ඔයාගේ කතාව හරියටම හරි (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 05 August 2013 11:50 AM

අකිල පුතේ,ඔබගේ ආත්මය සමාදානයේ සැතපේවා! අජරාමර නිවන් සුව ලැබේවා! සාමකාමී උද්ගෝෂණයකට මෙවැනි අපරාදයක් කළ සැමට හා අනුබල නියෝග දුන් සැමට හොඳින් ඉන්න නොලැබේවා! (නි)

:       0       0

නීලම්බරී Sunday, 04 August 2013 08:47 PM

මිතුරෝත් නෑයෝත් හඩා වැටෙමින් විලාප තබමින් අවමංගල පෙරහරේ ගමන් කරද්දී බොහෝ දෙනාගේ දෑස් කදුලින් තෙත් අතර රට වැසියා ද දුකටපත් විය. බුදු දහමට අනුව කර්මය හා කර්ම විපාකය පිළීගත යුතූය. කිසිදු ආත්ම භවයක මෙවන් අකල් මරණයක් ඇති නොවේවා.අකිල සිසුදරුවාට නිවන් සුවය පතමි.(අ)

:       0       0

රමණි Monday, 05 August 2013 11:52 AM

හරිම දුකයි (නි)

:       0       0

නිශාන් Monday, 05 August 2013 05:07 AM

මේ ඝාතනය ගැන මගෙ බලවත් ශෝකය සහ කෝපය !!! (නි)

:       0       0

බෝනි Tuesday, 06 August 2013 02:24 PM

අවුරුදු ගණනාවක් ගියත් කිසිදා අමතක නොවන්න. අනෙක් අය වගේ...ඔබට නිවන් සුව සහෝදරයා .....,.

:       0       0

ජගත් Sunday, 04 August 2013 08:51 PM

මෙහෙමත් රටක්! (නි)

:       0       0

ෆ්‍රාන්ස් Monday, 05 August 2013 05:13 AM

ඉතිහාසයේ අත්දැකීම් අනාගතයේ වෙන බව කවුරුත් දැනගත්තොත් හොදයි (නි)

:       0       0

සුප්‍රා Monday, 05 August 2013 11:55 AM

රට ආයෙමත් 88,89 වගේ වෙලා. නුඹලට ලේ දුන්නු , බෝධි පූජා තියපු ඒ මිනිසුන්වම කිසිම හිතක් පපුවක් නැතුව මරලා දැම්මා. සිත් පිත් නැති මේ සඳහා සැම අතින්ම දායකවූවන්ට ශාප වේවා! ඔවුන්ටත් මේ දුකම දැනේවා! (නි)

:       0       0

රේණුක Monday, 05 August 2013 05:26 AM

පුතාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

බණ්ඩා Monday, 05 August 2013 05:29 AM

රණ විරුවන්ගේ තත්ත්වය පහත හෙළන්නට වෑයම් කරන්නවුන් හට රණවිරුවන්ම පාඩමක් ඉගැන්විය යුතුය. නැත්නම් ඔබ කළ මහඟු සේවය ජනතාවට අමතකරන්න වෙයි. (නි)

:       0       0

අනුශා Monday, 05 August 2013 11:57 AM

මෙවන් අපරාධ කල අයටත් එසේම වේවා

:       0       0

වජිර Sunday, 04 August 2013 08:53 PM

රත්තරන් පුතුට නිවන් සුව! (නි)

:       0       0

රුවන්ගල Monday, 05 August 2013 05:03 PM

පවු අහිංසක කොල්ලා. අකිල, ඔයාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

දමිත් Monday, 05 August 2013 11:58 AM

දුෂිත දේශපාලකයෝ ඉන්නකල් මේ රට වැනසෙනවා (නි)

:       0       0

කළා Monday, 05 August 2013 11:58 AM

ඔබට නිවන් සුව පතමි පුතේ! (නි)

:       0       0

නීලම්බරී Sunday, 04 August 2013 08:56 PM

ගමම හඬවා සමුගත් චන්ද්‍රජෝති සිසුවාට නිවන් සුව අත් වේවා! (නි)

:       0       0

සාරා Monday, 05 August 2013 12:02 PM

ස්වභාව ධර්මය ඔබේ අකල් මරණයට වැරදිකරුවන්ට නිසි දඩුවම් දේවී පුතේ. රත්තරන් වටිනා පුතෙක් දෙමව්පියන්ට අහිමිකළා. ඔබට පුතේ නිවන්සුව (නි)

:       0       0

වසා Sunday, 04 August 2013 09:03 PM

මෙම අවාසනාවන්ත සිදුවීමට බිලිවූ අහිංසකයාගේ ඡායාරූප ටික දකිනවිට දෙනෙතට කදුළු එනවා. ඔබට මෙවන් දුකක් කරදරයක් මින් මතු භවයකදී අත් නොවේවා! නිවන් සුව අත්පත් වේවා! (නි)

:       0       0

ලුම්බිණි Monday, 05 August 2013 06:17 AM

මේ සිදුවූ ශෝක ජනක සිද්ධිය නිසාවත් මේ රටේ මිනිසුන්ට අද රටේ සිදු වෙමින් යන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීමට හැකිවේවා කියල පතනවා. ඒ තුලින් මෙවන් අසාධාරණයන් යලිත් නොවේවා කියලා හිතමු. (නි)

:       0       0

කාන්ති Sunday, 04 August 2013 09:09 PM

ඔබේ අකල් මරණය ගැන මමද ශෝක වන්නෙමි.ඔබට නිවන් සුව ලැබේවා. (නි)

:       0       0

ප්‍රිය Sunday, 04 August 2013 09:11 PM

මේ අම්මට දුන්න ගින්දර කවදා හෝ නොවරදවාම නුබලටත් ලැබෙයි. අම්මෙකුට පුතෙක් රටක් වටිනවා. (නි)

:       0       0

වසන්ත Monday, 05 August 2013 12:14 PM

ඉතා කණගාටුදායකයි. අපට උස ගොඩනැගිලි,ණයට හදන පාරවල්,කැසිනෝ සැල්, තරු හෝටල් වලින් සැනසීමක් ලැබේද ඉතින්? අපි කාගේත් ජීවිත අවිනිශ්චිතයි. දෙවියනි,බුදුහාමුදුරුවනි, අපේ රටේ මිනිසුන්ට සහනයක් ලබා දෙන්න,අපිව ආරක්ෂා කරන්න. අකිල දරුවට නිවන් සුව. (නි)

:       0       0

චන්දා Monday, 05 August 2013 06:38 AM

ලොකු වැස්සකටත් නිතර අදහස් දාන කටුනායක අමිල කොලුවා පලාතේ පෙනෙන්න නැහැ. කිමද කාරණා ගොළු වී සැංගී? (නි)

:       0       0

සත්‍යා Monday, 05 August 2013 07:02 AM

දකුණට මෙහෙම නම් ඉතුරු ටික අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

චන්දා Sunday, 04 August 2013 09:16 PM

බලවත් ශෝකය. නොමනා උග්ගොෂණ පාරට ගෙනා යටි කූට්ටුවන් මේවාට වගකිව යුතුයි. (නි)

:       0       0

දිල්ශාන් Monday, 05 August 2013 12:32 PM

මෙවෙනි නොහික්මුණු පාලකයන් සිටින රටක ඔබ මතු නො ඉපදේවා ! (ස)

:       0       0

හෝකන්දර සුදින්නා ථෙරණිය Wednesday, 21 May 2014 01:50 PM

මේ අහිංසක දරුවාට මෙන්ම අප කාටත් මරණය උරුමයි. ඒත් මේ වගේ කැරලිවලට මින් ඉදිරියට නොයන්න. ඒ මෙවන් අකල් මරණය කින් ගැලවෙන මගයි. පද හතරක වස් කවියකින් සෙත් කවියකින් ඔබේ ඉල්ලීම් ඉල්ලන්න. නැත්නම් ඔබට හොද වෙන පරිසරයක් සොයාගන්න.(නදී)

:       0       0

දිසා Monday, 05 August 2013 07:06 AM

මුළු ලොවටම මැණිකක් වූ ශ්‍රී ලංකාවෙ උපදින්නට ඔයත් පුතේ පෙර පින් කර තිබෙන වගයි.මමත් එහෙමයි.නමුත් රත්තරන් පුතේ, ඒ රට අද අධමයන් විසින් විනාශ කොට හමාරයි.අප මේ පුංචි ලස්සන සිංහල,දෙමල ,මුස්ලිම් ,බර්ගර් සහ තවත් විවිධ වූ ජාතීන් එකම සහෝදරත්වයෙන් බැදී ජීවත් වුණ මේ ස්වර්ණදීපය,බෙදුම්වාදී යුද්ධයෙන් පසු තමන්ගේ මඩිය තර කර ගැනීමේ අබිලාෂයෙන් ජනතාව කොටවන මිනිසුන් මේ බිමේ සිටිනා තුරා පුතුනේ නොඉපදියන් මගේ පුතේ.ඔයාට නිවන් සුව (නි)

:       0       0

සිත Tuesday, 06 August 2013 06:21 AM

ලංකාවට ගිය කලක් .මේවා දැකලා පින් දෙනවා අපි ලංකාවෙන් ඈත්වී පිට රටක ගත කරන්න ලැබීම ගැන.ඔබට නිවන් සුව. (නි)

:       0       0

චන්ද්‍ර Monday, 05 August 2013 07:10 AM

මෙවැනි අපරාධ කරන්න එන දෙන්නන්ට කුමක් වෙලාද?ලංකාවේ දේශපලුවොන්ගේ වැඩ නිකන් ජාත්‍යයන්තර මැදිහත්වීම් වලට අතවනනවා වගේ. (නි)

:       0       0

කල්යාණි Monday, 05 August 2013 12:48 PM

අහිමිවුණා තරුණ ජීවිතයක්.පුතා ඔබට නිවන් සුව. (ස)

:       0       0

කමල් Sunday, 04 August 2013 09:27 PM

පොලිසියේ අය ලැජ්ජා නැතුව ඇවිල්ලා ඉන්න හැටි. (නි)

:       0       0

සමීර වීරක්කොඩි Sunday, 04 August 2013 09:28 PM

සොවින් තැවෙන අකිලගේ අම්මේ, ඔබ නුතන පටාචාරාවයි. බුදුන් දවස පටාචාරාවට පුතුන් අහිමි වුයේ මිනී මස් කන උකුස්සෙකු නිසයි .එහෙත් අද ඔබගේ පුතුන්ගේ වටිනා ජීවිතය උදුරා ගත් අයට කුමක් කියමිද ? අකිල පුතේ, ඔබට නිවන් සුව. (නි)

:       0       0

අරලිය Monday, 05 August 2013 12:56 PM

අකිල පුතේ ඔයාට නිවන් සුව ඇත වේවා ! ජාති ජාති උපදින හැම ආත්මයකම මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ! (ස)

:       0       0

සීත Tuesday, 06 August 2013 06:32 AM

අනේ අහිංසක ජිවිතයක්! පවු දෙයියනේ ඒ අම්මා.මේ තරම් කල් උස්මහත් කරන්න කොයිතරම් දුක් විදින්න ඇද්ද? මේවා සාධාරණරයි කියන්නත් මිනිස්සු ඉන්නවනේ. (නි)

:       0       0

අරුණ Monday, 05 August 2013 01:03 PM

මෙවැනි අකල් මරණයක් මතු සසරෙහිදී ඔබට කිසිදා අත් නොවේවා! (නි)

:       0       0

ධම්මික Sunday, 04 August 2013 09:31 PM

හිස අත් නගා දිවුරා නුඹෙ දෙණ මත්තේ... ලේවල පළිය මතු යම් දින ගත යුත්තේ... නඩු සහ බඩු දැනට ඇත්තේ එක පැත්තේ... පාරෙයි ගනුදෙනුව බේරා ගත යුත්තේ... (නි)

:       0       0

නිමල් Sunday, 04 August 2013 09:32 PM

මේ අපරාධය කළ අයට ශාප වේවා! (නි)

:       0       0

සුද්දා Monday, 05 August 2013 07:28 AM

තව දෙන්නකෝ ඡන්දෙ, එතකොට තමයි හරි (නි)

:       0       0

චින්තක Monday, 05 August 2013 01:07 PM

රටට ජනතාවට ආදරය කරන දේශපාලකනි, එහෙම අය සිටිනවා නම් වහාම ඉල්ලා අස්විය යුතුයි, මෙවැනි දේවල් තවත් වන්නට පෙර (නි)

:       0       0

බණ්ඩාර Monday, 05 August 2013 01:08 PM

ඔබට ඔබට නිවන් සුව! අපගේ බලවත් කණගාටුව. (ස)

:       0       0

කුමාරි Monday, 05 August 2013 07:31 AM

මල්ලි හෘද සාක්ශියට බොරු කරන්න බැහැ කවදාවත්. මල්ලි ,ඔබට නිවන් සුව පතනවා හදවතින්ම (නි)

:       0       0

සමන් Monday, 05 August 2013 07:34 AM

තුන් දෙනෙක් නොවේ දහයක් මැරුණත් ඡන්දයට පෙර මිනිස්සුන්ට අමතකයි. නිවැරදි පාලකයන් තෝරා ගැනීම වගකීමෙන් කරන්න ඕනෑ.මියගිය තිදෙනාටම නිවන් සුව. (නි)

:       0       0

සමන් කුමාර Monday, 05 August 2013 07:36 AM

ප්‍රභාකරන්වත් කවදාවත් තමන්ගේ මිනිස්සු කන්න බොන්න ඉල්ලනකොට මැරුවේ නැහැ. ප්‍රභාකරන් මැරුණේ තමන්ගේ මිනිස්සු වෙනුවෙන්. අපිව මරන්නේ අපේම මිනිස්සු. (නි)

:       0       0

නිලන්ත Monday, 05 August 2013 07:42 AM

සුදු මල්ලි ඔයාට නිවන් සුව! (නි)

:       0       0

සරත් Monday, 05 August 2013 07:44 AM

අපේ මානව හිමිකම් වලට මොකද වු‍ණේ? නීතියක් නැති රටක දුක්විදින ජනතාව වෙනුවෙන් අපි කණගාටු වෙමු. මැතිවරණ වලදී බුද්ධිමත් තීරණ ගන්න. (නි)

:       0       0

සත්‍යා Sunday, 04 August 2013 09:45 PM

අකිල, ඔයාට නිවන් සුව! (නි)

:       0       0

ජයී තිසර Monday, 05 August 2013 01:23 PM

අකල් මරණයකට පත්වූ අහිංසක අකිල දරුවාට නිවන් සුව පතමින් මගේ ශෝකය පළකරමි. (ස)

:       0       0

ආරි Monday, 05 August 2013 07:50 AM

තිරිසනුන් ගැන සිතා සිය දිවි නසා ගන්නා දිවයිනේ ..... තුන් දෙනෙක් දැන් මරා දමලත් කවුරුවත් නැත පෙරමුණේ..... (නි)

:       0       0

දම්මික Sunday, 04 August 2013 09:48 PM

තිරිසන් සමාජයේ වරදින් ජීවිතය උදුරා ගත්තේ අහිංසක දරුවෙක්ගේ. රත්තරන් මල්ලියෝ, ඔයා අප අතරම ඉපදේවා! (නි)

:       0       0

නලින් Monday, 05 August 2013 07:51 AM

මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

ආරි Monday, 05 August 2013 08:01 AM

මළ මිනී දේශපාලනයට ජනතාව අද ඇද දමා... ආණ්ඩුවේ හොරණෑ මුව හමට තඩිබානවා... මිටි ගණන් ලිපි ලියා - ජනතා අඳෝනා... පලකළත් වැඩක් නෑ - ඕනෑ දේ වෙනකම්ම... බකන්නිලාගෙන ඉන්නවා... හෙට දවසෙ දරුවන්ට කියා දෙන.. මානුෂීය ජනතාවාදී දේශපාලනයද මේ.....? (නි)

:       0       0

රොෂාන් Monday, 05 August 2013 01:32 PM

අම්මේ... දෙවියන් දෙනවා දෙවියන් ලබාගන්නවා. මේ සත්‍යය අපි සියලුදෙනාටම උරුමයි. ඔබේ දරුවා වෙනුවෙන් පින් කරන්න එය ඔහුට සෙවනක් වෙයි. වැරදි කරුවන්ට දෙවියන්ගේ දඬුවම් ලැබෙනවා නිසැකයි. ඉවසා සිටින්න. (ස)

:       0       0

ලසන්ත Monday, 05 August 2013 08:01 AM

කව්ද ඔය කම්හලේ අයිතිකරු? නම ගම කියන්න බැරි සම්භාවනීය උත්තමයෙක්ද? (නි)

:       0       0

මලිත් Monday, 05 August 2013 01:34 PM

මල්ලියේ අයෙත් මේ වගේ රටක නම් උපදින්න එපා.ඔබට නිවන් සුව ! (ස)

:       0       0

කුමාරි Tuesday, 06 August 2013 03:55 PM

මේ ආකාරයෙන් මිනිසුන් ඝාතනය කිරීමට උපදෙස් දුන් සියලු දෙනාම සහ ඊට සම්බන්ධ සියලු දෙනාටම මෙවැනි ඉරනමක් අත් වේවා! (අ)

:       0       0

බන්දුල Monday, 05 August 2013 08:03 AM

මේ රැල්ල එනකොට මුලදීම මට පුළුවන් විදියට මම සටනක් ගෙනගියා අදහස් වලින්. 'හැමදාම මේකට ඉඩ දෙන්න එපා.මේක දැන්ම නවත්වන්න.මිනිස්සු පවුල් ආරවුල් වලටත් පාරවල් හරස් කරන්න ගනීවි හෙට අනිද්දා' කියලා.පොලිසිය බලාගෙන ඉන්නේ නැතුව මිනිස්සු පාරවල් හරස් කරන එක මුලදීම බලය යොදා නතර කළා නම් පොලිසියේ කීප දෙනෙකුට තුවාල වෙලා උද්ඝෝෂකයින් ටිකකට ඉස්පිරිතාලේ ඉන්න වැඩ සිද්ධ වෙලා මේක මරණ වලින් තොරව විසදා ගන්න තිබුනා.වැරදි ආදර්ශෙට දිගටම ඉඩ දීපු එකේ ප්‍රතිපල දැන් ලැබිලා තියෙනවා.මහ පාර අයිති මගී ජනතාවට.ඒක මිනිසුන්ගේ බුදලයක් නෙමෙයි. ඇයි ඒ දේ තේරුම් ගන්න මේ අයට බැරි? ඒ ටික තේරුම් ගත්තා නම් අද මේ විදියේ දෙයක් අපිට දකින්න වෙන්නේ නැහැ. (නි)

:       0       0

දමිත් Sunday, 04 August 2013 10:05 PM

ලංකාවෙ නම් ඉපදෙන්න එපා (නි)

:       0       0

චන්දා Monday, 05 August 2013 01:45 PM

මිය ගිය සිසුවාගේ අවසන් කටයුතු සිදුවෙන දින දෙසු බන දහම් හා කතා දෙන අවවාද මෙන්ම ඉගි මොකද උනේ යන්න යම් තරමක් තේරුම් ගැනීමට උපකාරී වෙන හැඩයි. (ස)

:       0       0

සම්පත් ප්‍රියංකර Monday, 05 August 2013 08:23 AM

අපරාධකරුවන්ට උපරිම දඩුවම් ලබාදෙන්න (නි)

:       0       0

විමල් Monday, 05 August 2013 08:25 AM

ලොක්කන්ට ලම්බෝගිනි,දුප්පත් අසරණ ජනතාවට වියෝ ගිනි... (නි)

:       0       0

රාජිත-දෝහා Monday, 05 August 2013 01:52 PM

සොයුරනෙනි ඔබට නිවන් සුව ලැබේවා, මෙවන් දුර්ජන රටක යලි ඉපදෙන්න නොලැබේවා. (ස)

:       0       0

සම්පත් Monday, 05 August 2013 08:35 AM

කුඩුකාරයෝ හුරතල් කරනවා... වතුර නැතුව උද්ගෝෂණය කළහම වෙඩි තියනවා (නි)

:       0       0

බණ්ඩාර Monday, 05 August 2013 08:36 AM

වැරදි කළ අයට ස්වභාවධර්මයේ නිසි දඬුවම් ලැබේවා! ලැබේවා!! ලැබේවා!!! (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 06 August 2013 04:26 PM

ශාපවේවා! ශාපවේවා!! ශාපවේවා!!! (නි)

:       0       0

විනීතා ධර්මසිරි Tuesday, 06 August 2013 08:31 AM

අකිල පුතනුවනි, දස එකඩ මස් පුරා... ලොවට ඔබ තිළිණ කළ... ගත රුහිරු ස්වේත කිරි කරන් නුඹ දැඩිකරපු... මවටත්... ඩා බිංදු මුතු කරන් ඒවාට මිල අරන්... නුෂව පෝෂණය කළ... පියාටත්... නුඹෙ අඩුව දැනේවී සදාකල්... පුතේ ඔබ අජරාමර නිවනින් සැනසෙන්න! (නි)

:       0       0

විජේසිංහ Monday, 05 August 2013 02:08 PM

නුබ අපට සබැ විරුවෙකි. (ස)

:       0       0

නිලූ Monday, 05 August 2013 02:09 PM

අහිංසක ඔබට නිවන් සුව අත්වේවා!! ඔයාගේ පපුවට වෙඩි තියපු කෙනා කව්රු උනත් ඒකෙ ප්‍රතිපල ඒ මිනිස්සු ගෙවන එක කිසිදු බල වේගයකට නවතන්න බැහැ.(ස)

:       0       0

නිශාර්ඩ් Monday, 05 August 2013 08:51 AM

ආයුද නැතුව උද්ගෝෂණය කරන මිනිසුන් අතරට ආයුධ ගෙන යෑම සහ නිරායුධ පුරවැසියකු වෙඩි තබා ඝාතනය කිරීමෙහි වගකීම නිස අය බාරගෙන චූදිතයාට නිසි දඬුවම් පැමිනවිය යුතුයි. නිරායුද වැසියන් අතරට ආයුධ සමග යෑම ආරක්ෂක අංශ සහ පොලිසි වලට තහනම් කළ යුතුයි (නි)

:       0       0

අබේ Sunday, 04 August 2013 10:31 PM

මියගිය අකිල ඇතුළු අනිකුත් දෙදෙනාට නිවන් සැප ලැබේවා!තුවාල ලබා දැනට රෝහල් ගත කළ අයටත් ඉක්මනින් නිරෝගී සුවයම ලැබේවා! (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 04 August 2013 10:31 PM

මරණයේ වේදනාව මියගිය අයට නොව ජීවත්ව සිටින අයටයි. (නි)

:       0       0

අනිල් Sunday, 04 August 2013 10:31 PM

නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සරත් Monday, 05 August 2013 09:02 AM

මාගේ බලවත් ශෝකය. ඔබට නිවන් සුව මල්ලියේ! (නි)

:       0       0

අසංග Monday, 05 August 2013 02:24 PM

මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා....නිවන් සුව ලැබේවා.(ස)

:       0       0

චානක. Tuesday, 06 August 2013 11:29 PM

දරුවන් අතට අරගෙන හුරතල් කරන , දරුවන්ට ආදරේ අය දැන් පොළොවේ හැපිලා අඩනවා ඇති.. (නි)

:       0       0

සජිත් Monday, 05 August 2013 09:08 AM

මේවා දකිනකොට චැනෙල් 4 ඇත්ත කියලා මිනිස්සු පිළිගනීවි (නි)

:       0       0

දුෂානි Wednesday, 07 August 2013 11:25 AM

අකිල මල්ලි, ඔබට නිවන් සුව!!! (නි)

:       0       0

මුන්සීර් Monday, 05 August 2013 02:28 PM

නිවන්සුව ලැබේවා !!! (ස)

:       0       0

දිල්ශාන් Monday, 05 August 2013 06:43 PM

මෙවැනි සිදුවීම් අකිලගෙන් නවතිවිද? අකිලට සාධාරණයක් ඉටු වෙනවද?

:       0       0

බෙන්තොට Monday, 05 August 2013 09:13 AM

අලුත් ලොවක් ගැන සිතීම .... දඩුවම් දෙන වරද නම් ... කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් ....... (නි)

:       0       0

ධනුෂ්ක Monday, 05 August 2013 02:34 PM

කණගාටු පුවතකි. කීමට ඇත්තේ මතු ආත්මයක නැවත අපි අතරට එන්නත් ලංකාවේ නොඉපිද වෙන රටක ඉපදීමට වාසනාව ලැබෙන්න කියලා.(ස)

:       0       0

දේශපිය Monday, 05 August 2013 09:14 AM

සංවර්ධනය නම් ඉහළටම.රටම වල පල්ලට.88 89 වෙන්න වැඩිකල් යන්නෙ නැතිවෙයි මෙහෙම ගියොත්. මිනිස් ජීවිතයක වටිනාකම නොදන්නා අපේ රටේ ඉපදෙන්න එපා මල්ලි. ඔබට නිවන් සුව! (නි)

:       0       0

යසින්ත Sunday, 04 August 2013 06:41 PM

අකිල සිසුවාට නිවන් සුව ඇත වේවා, (දී).

:       0       0

පොඩ්ඩා Tuesday, 06 August 2013 09:29 AM

අකිල සොයුර ඔබට නිවන් සුව!. මේ වගේ දෙවල් කරලත් ඊලග ජන්දෙදි අපේ අයට මේවා අමතක වෙනවනෙ. (නි)

:       0       0

රජින්ද Sunday, 04 August 2013 10:41 PM

ඔබගේ ආත්මයට දුකක් නැති,බියක් නැති,සැනසීමත්, වාසනාවන්ත උත්පත්තියකුත් ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර, මතු කිසිදු භවයකදී මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා! ඔබට නිවන් සුවයම අත්වේවා! (නි)

:       0       0

ජනා Monday, 05 August 2013 02:40 PM

අපි මේකට විසදුමක් ගනිමු , සියල්ලන්ම එක්වන්න (නි)

:       0       0

කිත්සිරි Monday, 05 August 2013 09:20 AM

ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුවා දිය කෙලියේ... මෙවැනි අපරාධ කරන බලපුලුවන්කාරකම් පෙන්වන අය මරණින් මතු අපාගත වනු ඇත. මීට වඩා ලක්ෂ කෝටි වාර ගණන් මරණයේ වේදනාව විඳිනු ඇත. අකිල පුතුට මෙවන් විපතක් කළේ ඔහු පෙර සසරේ කළ අකුසලයක් බව අදහමි. ඔබේ භවගාමී දිවිය යහපත් වී නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

සෙලිය Sunday, 04 August 2013 06:47 PM

කිසිදු ආත්ම භවයක මෙවන් අකල් මරණයක් ඇත නොවේවා (දී).

:       0       0

මොහමඩ් Sunday, 04 August 2013 10:43 PM

අතීතයට එක්කළ තවත් ඛේදවාචකයක්. අපේ ප්‍රශ්න විසදන්නේ මෙහෙමද? මල්ලියේ, නුඹ සැමදා අපේ හදවතේ රැදේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 72 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 119 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1773 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2657 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2016 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 522 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36865 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24331 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 572 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site