ඉන්දියානු කාන්තාවකගේ ගුවන් ගමන් බලපතක් භාවිතා කරමින් සෞදි අරාබිය හරහා ඉතාලි යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෙක් සෞදි අරාබියෙන් පිටුවහල් කොට යළි ශ්‍රී ලාංකාවට එවනු ලැබ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙකි.
ඔහු මීට දින දින පහකට පෙර එනම් පසුගිය 18 වෙනිදා තම වලංගු ගුවන් ගමන් බලපත්‍රය භාවිතා කරමින් මෙරට සිට සෞදි අරාබිය වෙත ගොස් ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
පසුව ඔහු එහි දින කිහිපයක් ගතකොට හිතවතෙකු මාර්ගයෙන් ලබාගත් වෙනත් ගුවන්ගමන් බලපත්‍රයකින් සෞදි අරාබියේ සිට ඉතාලිය බලා යාමට උත්සහ කරද්දී සෞදි බලධාරීන් විසින් ඔහු අත් අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ මිතුරා විසින් ලබා දුන් ගුවන්ගමන් බලපත්‍රය ඉන්දියානු කාන්තාවකගේ බවත් එයට ඔහුගේ පින්තූර අලවා තිබු බව විමර්ශණ වලදී හෙළි වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද මුලික පරීක්ෂණ වලින් අනතුරුව සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චුන්නාකම් මිනිහා සෞදියෙදි හුණු ගා ගනී
චන්න බුවනක Friday, 22 May 2015 08:32 AM
සෞදි වලදී හිරේ නොදා ලංකාවට එවපු එක හොඳයි. (ම)