යාපනය චුන්නාකම් පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවකු මිය යාමේ සිද්ධියට සම්බන්ධ බව කියන චුන්නාකම් පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු සිව් දෙනෙක් ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් ඒ.ආනන්දරාජා මහතා අද (14) නියෝග කළේය.
එමෙන්ම මොවුන්ව විශේෂ ආරක්‍ෂාවක් යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සිද්ධියට චෝදනා එල්ල වන ඥානලිංගම් මයුරන් නමැති පොලිස් කොස්තාපල්වරයාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත‍්‍රාත්වරයා තෙවන වරටත් වරෙන්තු නිකුත් කළේය.
2011 වසරේ නොවැම්බර් 25 වනදා කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශී‍්‍ර ස්කන්ධරාජා සුමනන් සැකකරු මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට චෝදනා එල්ලවීම මත එවක චුන්නාකම් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චින්තක බන්ඩාර පොලිස් කොස්තාපල්වරුන් වන ඥානලිංගම් මයුරන්, සංජීව රාජපක්‍ෂ, කෝංගලගේ ජයන්ත සහ හේමචන්ද්‍ර වීරසිංහ යන පස්දෙනාට එරෙහිව කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ මෙම නඩුව විභාග වේ.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඉකුත් 07 වනදා අත්අඩංගුුවට ගත් හේමචන්ද්‍ර වීරසිංහ නැමති පොලිස් කොස්තාපල්වරයා ලබන 24 වනදා දක්වා රිමාන්ඩ් කළ අතර සෙසු සැකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගන්නැයි නියෝග කරමින් පසුගිය 10 වැනිදා පැවති නඩු විභාගයේදී වරෙන්තු නිකුත් කැර තිබිණි.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චුන්නාකම් හිටපු ඕඅයිසීත් රිමාන්ඩ්