IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


චන්නට ගැලපෙන පෙම්වතිය පූජා - ගයත‍්‍රි ඩයස්

සැමියා සහ දරුවන් ඇගේ ජීවිතයයි. ඔවුන්ට ප‍්‍රාණ සමව ආදරය කරන මුත් ඇගේ සැමියා පාසලට අලූතින්ම පැමිණි සොඳුරුතම යුවතිය සමඟ ආදර සබඳතාවක් ඇතිකර ගනී. එය ආරංචි වූ පසු වියරු වැටුණත් අවසානයේ ඇය හා කතා බහ කරගෙන එම ගැටලූ සමථයකට පත් කර ගැනීමට තරම් මේ ගැහැනිය ඉවසිලි සහගත විය.

 

Photos-For-Adv.-Prop

 


0101මේ දිරිය ගැහැනිය කව්ද?
Csk-(10)හිරු දරුවෝ ටෙලිනාට්‍යයෙන් හමුවන වන ජීවි නිලධාරියාගේ බිරිඳයි. අප දන්නා පරිදි ඇය ගයත‍්‍රි ඩයස්ය.


පොඩි මාමාගේ මරණයෙන් පසුව දේපළ ඔහුගේ පුතණුවන්ට හිමිකර ගන්නට නොදී විවිධ උප්පරවැට්ටි යොදන ආඩම්බරකාර ගැහැනිය ද ඇය මය.
හිරු දරුවෝහි සනත් විමලසිරිගේද, පොඩි මාමාහි නිරෝෂන් විජේසිංහගේ ද ආදරණීය බිරිඳ වන ගයත‍්‍රිගේ සැබෑ ජීවිතයේ සැමියා වන්නේ චන්න පෙරේරාය.


මේ දවස්වල දිවයින පුරා සිනමාහල් රැුසක අසීමිත පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර මැද තිරගත වන කල්පාන්තේ සිහිනයක් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ ද ප‍්‍රධාන නළුවා ද වන්නේ චන්නය.
එබැවින්ම අපට ගයත‍්‍රි සමඟ කතාබහ කරගන්නට තිබෙන කාරණා බොහොමයකි.

 


0101 ”ගයත‍්‍රි ඔයා කාලයක් රංගනයෙන් ඈත් වෙලා හිටියෙ මොකද?”
මම ගයත‍්‍රි සමඟ කතාබහ අරඹමින් ඇසුවෙමි.

”මම නිළියක් විතරක් නෙමෙයි, රූපවාහිනී නාළිකාවක චමත්කාර ඉරිදා වැඩසටහන ඉදිරිපත් කරන නිවේදිකාව මම. ඒ වගේම මගේ සැලූන් එකේ කාන්තාවන් ලස්සන කරන වැඩ කරනවා. ඒ වගේම මගේ දරු දෙන්නගෙ වැඩ කරන්න තියෙනවා. ලොකු දුව මෙදා පාර  ඕලෙවල් කරනවා. පොඩි දුව තුනේ පන්තියෙ. මේ දෙන්නගෙ වැඩවලටත් මගේ කාලය මිඩංගු වුණා. ඔය හේතු හින්දයි මම රංගනයෙන් ඈත් වෙලා හිටියේ.

 


0101 එතකොට එකපාරටම ආයෙත් රඟපෑමට එන්න හිතුනෙ?
දැන් දුලා දෙන්නා ලොකුයි. ඒ හින්දා ආපහු රංගනයට කාලයක් හොයාගන්න මට පුළුවන්කම ලැබුණා. ඒ හින්දා හිරු දරුවෝ ටෙලිනාට්‍යයෙත් පොඩි මාමා ටෙලිනාට්‍යයෙත් රඟපාන්න සම්බන්ධ වුණා.

 


0101 රූපලාවන්‍ය ශිල්පිනිය, නිවේදිකාව හා නිළිය යන මේ භූමිකා තුනෙන් වැඩියෙන්ම කැමති භූමිකාව මොකක්ද?
”මේ තුනටම එකවාගේම කැමතියි. ඒ හින්දා කාල වේලාව අනුව මේ තුනේම යෙදෙන්නයි හිතාගෙන ඉන්නෙ.
ඔබේ ස්වාමිපුරුෂයා අධ්‍යක්ෂණය කළ කල්පාන්තේ සිහිනයක් චිත‍්‍රපටිය මේ දිනවල ප‍්‍රදර්ශනය වෙනවා. ගයත‍්‍රි ඔයා ඒක බැලූවද?
ඔව්, බැලූවා

 

Csk-(3)

 

0101 කොහොමද?
ලස්සනයි

ඒකේ චන්න බොහොම ලස්සනට පෙම් රැුඟුම් රඟපානවා. කොහොමද චන්නගෙ ඒ රැඟුම් ගැන ඔබට දැනෙන්නෙ.

චන්න ඔයිට වැඩියෙ වෙනස් විදිහෙ චරිතයක් රඟපානවා නම් මම හුඟාක් කැමතියි.

ඒ කියන්නෙ තාමත් චන්න පෙම්වතා විදිහට රඟපානවාට ඔයා කැමති නෑ.

එහෙම අකමැත්තක් නෑ. මම කිව්වෙ මගේ කැමැත්ත.

 


0101 නමුත් චන්න තවමත් ලාබාල කෙල්ලො එක්ක තුරුල් වෙවී පෙම් කරන කොට ගයත‍්‍රිට ඊර්ෂ්‍යා හිතෙනව නේද?
ඉස්සර නම් එහෙම හිතුනා. නමුත් දැන් මම ඉන්නෙ එහෙම ඊර්ෂ්‍යා හිතෙන වයසක නෙමෙයි. මම දැන් ඒ වයස පහුකරලා.

 

 

0101 චන්න දරුවො දෙන්නෙකුගෙ තාත්තෙක්. කොල්ලො කරන වැඩ දැන් නතර කළොත් නේද හොඳ?
චන්නට තාම තරුණ පෙනුම තියෙනවා. ඒ හින්දා එයාට පෙම්වතාගෙ චරිතය රඟපාන්න පුළුවන්. ඒ නිසා ඒකෙ වරදක් මම දකින්නෙ නෑ. රඟපෑම චන්නගෙ රැකියාවනෙ.

Csk-(10)

 


0101 හොඳයි චන්නට ගැලපෙනම පෙම්වතිය කවුරු කියල ද ගයත‍්‍රිට හිතෙන්නෙ?
”මම නම් කැමතිම කාංචනා මෙන්ඩිස්ට, හැබැයි දැන්නම් පූජා හොඳයි කියලා හිතෙනවා.”

 


0101 එතකොට යශෝධා විමලධර්ම, චතුරිකා පීරිස්, චයිත‍්‍රා චන්ද්‍රනාත් චන්නට ගැලපෙන්නෙ නැද්ද?

නොගැලපෙනවා නෙමෙයි, මං කිව්වෙ හොඳම කෙනා.

ඒත් චන්න නම් දවසක් දා කිව්වෙ යශෝධා චන්නට හරියටම ගැලපුණා කියලා.

ඒ චන්නට හිතෙන හැටි, මං කිව්වෙ මට හිතෙන හැටි.

 


0101 හොඳයි එතකොට ගයත‍්‍රි ඩයස්, එයා චන්නට ගැලපෙන පෙම්වතියක් නොවෙයිද?
චන්න ගයත‍්‍රි ගැලපුණේ ඉස්සර. මම දැන් චන්නගෙ බිරිඳ මිස පෙම්වතිය නෙමෙයි

 


0101 චන්න චිත‍්‍රපටි කිහිපයක්ම කළා. අංජලිකා කළා. ඔයාට චරිතයක් දුන්නෙ නෑ. කල්පාන්තේ සිහිනයක් කළා. ඒකෙත් ඔයාට චරිතයක් නෑ. ඇයි ඒ? ඔයාගෙ රඟපෑම් චන්නට එපා වෙලාද? 
මාව පේන මානෙ තියාගෙන චන්නට වෙන නිළියො එක්ක පෙම් රැඟුම් රඟපාන්න බැරුව ඇති මං හිතන්නෙ. නැතත් ප‍්‍රධාන චරිතයට වෙනත්් නිළියො අරගෙන මට සුළු චරිත දුන්නොත් මම කොහොමටවත් චන්නගෙ චිත‍්‍රපටිවල රඟපාන්නෙ නෑ. මම ගයාත‍්‍රි ඩයස්.

 


0101 මට පේන්නෙ දෙන්න දෙමහල්ලො විරසකවෙලා වගේ? 
අනිත් පවුල්වල තියෙනව වගේ පොඩි පොඩි ප‍්‍රශ්න නම් අපේ ගෙදරත් තියෙනවා....  ඕව කතා බහ කරලා හරි රණ්ඩු වෙලා හරි විසඳ ගන්නවා.... ඒවා කල් පවතින විරසක නෙමෙයි. බත් හැලිය ඉදෙනකම් විතරක් තියෙන විරසක.

 


0101 එහෙනම් උන් හිටි ගමන් වෙබ් අඩවිවල ඔය දෙන්න දික්කසාද වුණා, දික්කසාද වෙන්න ගියා කියලා ප‍්‍රවෘත්ති පළවෙන්නෙ?
පුංචි සිද්ධියක් වෙච්ච ගමන්  ඕවා වෙබ් අඩවිවලට දෙන්නෙ කව්ද දන්නෙ නෑ. මොකක් හරි දෙයක් වෙලා ඒකට විසඳුමක් හොයනවා මිසක දික්කසාද වෙලා හරියනවද? දික්කසාද වුණාම සියලූම ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙනවද? නැහැනෙ.

කොහොම වුණත් ඔය කටකථා අපි නම් ගණන් ගන්නෙවත් නැහැ.  ඕනෙ කෙනෙක් වෙබ් අඩවිවල  ඕනෙ එකක් දාගත්ත දෙන්. අපිට මොකද?

 

Photos-For-Adv.-Prop01

shanthakumara

 



අදහස් (0)

චන්නට ගැලපෙන පෙම්වතිය පූජා - ගයත‍්‍රි ඩයස්

සිතුමිණි Saturday, 13 December 2014 02:59 PM

ගයත්‍රී, චන්න දෙන්නම ලස්සනයි, දක්ෂයි. ගයත්‍රී හොඳ පිළිතුරු දීල තියනවා. මේ පවුලට කතා හදල අවුල් කරන්න බලන මිනිස්සු ඉන්පස්සේ බලාපොරොත්තු වෙන්නේ ළමයි අනාථ වෙනවා දකින්නද? "මොකක් හරි දෙයක් වෙලා ඒකට විසඳුමක් හොයනවා මිසක දික්කසාද වෙලා හරියනවද? දික්කසාද වුණාම සියලූම ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙනවද? "පවුල් වල ප්‍රශ්න නැත්තේ කාටද? (නදී)

:       0       0

රමණි Sunday, 14 December 2014 08:46 AM

අක්කි, ඔයා ගොඩක් ලස්සනයි. ඔයාට තියෙන්නේ අමුතුම ලස්සනක්. ඒ වගේම අක්කි හොද අම්ම කෙනෙක්. (ර)

:       0       0

විදුරංග Friday, 19 December 2014 02:54 AM

ඇහිබැම මීට වඩා ලස්සනට සකසා ගන්න. ඔබ තවත් ලස්සනට පෙනේවි. (නදී)

:       0       0

යෙශික Tuesday, 16 December 2014 10:40 AM

ඔයා ලස්සන වාසනාවන්ත අම්මා කෙනෙක්. සුබ පතනවා පවුලටම. (නදී)

:       0       0

සුපුන් චන්ද්‍ර - ලන්ඩන් Tuesday, 16 December 2014 10:45 AM

ආ මග කෙටියි. යායුතු මග දුරයි. නුවනින් අවදියෙන්. තරණය කළ යුතුයි. ඔබ පවුලටම සුබපතනවා වාසනාවන්ත අනාගතයකට. (ර)

:       0       0

තීක්ෂණ සල්ගාදු Tuesday, 16 December 2014 10:46 AM

මුහුණ රවුම් පිරිපුන් ගැහැණු අය කෙහොමත් වාසනාවන්තයි කියලා මම අහලා තියෙනවා. කල්පනාවෙන් ඉතිරි ජිවිත කාලයත් ගත කරන්න. ඉරිසියා කාරයන්ගෙ ලණු කාලා පවුල නම් කඩාගන්න එපා. (ර)

:       0       0

දයානාත් Sunday, 14 December 2014 07:01 PM

දික්කසාද උණාම සියලූම ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙනවද? ඔබ දෙපලට හැමදාමත් යහපත් පවුල් ජිවිතයක් ගතකරන්න ලැබේවා! හතර දෙනාටම වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා!" පවුල් වල ප්‍රශ්න නැත්තේ කාටද? (නදී)

:       0       0

සත්‍යා Saturday, 20 December 2014 02:26 PM

මට ඔය අත්දැකීම තියෙනවා. පවුල් අවුල් වෙන්නේ තුන්වැන්නෙක් එකතු වුණොත් තමයි. ඔයා මොළය තියෙන කාන්තාවක්. (නි)

:       0       0

සරසි Tuesday, 16 December 2014 12:58 AM

ඔබ මේ වෙනතුරු කිසිම කටකතාවක් හදාගන්නේ නැතුව , වැදගත් ජීවිතයක් ගතකරනවා. රඟ පාන්නෙත් තෝරාගත් චරිතයක ඉඳලා හිටලා. දරුවන්ටත් අඩුපාඩුවක් කරන්නේ නැති බව පේනවා. ඔබට සමාජයෙන් හොඳ පිළිගැනීමක් තිබෙනවා. ඒ ගැන සිතා සන්තෝෂ වෙන්න. (නි)

:       0       0

සංසලා Thursday, 18 December 2014 01:24 AM

ඒ ඒ නිර්මාණයට වඩාත් ගැළපෙන කෙනාවයි තොරගන්න ඕනෑ.ඒකට ඔබත් හවුල්වන්න. ඔබ බිරිඳ යැයි කියා ප්‍රධාන චරිතය ඔබට දීලා නිර්මාණය අසාර්ථක වුණොත් එම පාඩුව ඔබ පවුලටම නේද? (නි)

:       0       0

කුමාරි Thursday, 18 December 2014 05:13 PM

හොඳ පවුලක් (නදී)

:       0       0

කුමාරි Thursday, 18 December 2014 05:13 PM

හොඳ පවුලක්! (නි)

:       1       0

හසිත් Sunday, 14 December 2014 12:36 PM

ගයත්‍රී , බය වෙන්න අවශ්‍ය නැහැ, කලා ලෝකයේ අනුන්ගේ පවුල් කඩන ඉහලම හැකියාව තියන බවලතුන් දෙන්නම දැන් ඒක කරලා ඉවරයි. මේ සැරේ ඒගොල්ල අල්ල ගෙන ඉන්නේ ලේසියෙන් ගැලවිලා යන්න බැරි දෙන්නෙක්. (නදී)

:       1       0

කලන Tuesday, 16 December 2014 02:56 AM

මෙච්චර ලස්සන බිරිඳක් ඉඳලත් සමහරු විකාර කියවනවා (නි)

:       0       0

පසිදු Saturday, 20 December 2014 04:30 AM

ඔය හොඳ අම්ම කෙනෙක්, හොදම හොඳ... හොද බිරිදක් අවබෝධයෙන් ජීවත් වෙනවා කියලා හිතෙනවා. ලස්සන පවුල රැකගෙන ජීවිතේ ලස්සනට ගෙනියන්න 4 දෙනාටම සුබපතනවා.(හේ)

:       0       0

පැතුම් Tuesday, 16 December 2014 03:20 AM

ඔබ ලස්සනයි. දක්ෂයි. චන්නත් කඩවසම්. දක්ෂයි. මොනතරම් හොඳ සුසංයෝගයක්ද? පවුල දැක්කම බඩ පිරෙනවා. සමගියෙන් ඉන්න. (නි)

:       0       0

සිතුම් Saturday, 13 December 2014 09:46 AM

ඇත්තටමද ඔය කිව්වේ.(හේ)

:       0       0

අකලංක Thursday, 18 December 2014 03:47 AM

ඔබ සුන්දරයි. දක්ෂයි. හැබැයි නැති ලොකුකම් ඔළුවට ගන්නේ නැතුව නිහතමානී වෙලා ජීවිතය සාර්ථක කරගන්න බලන්න. (නි)

:       0       0

එරංග Tuesday, 16 December 2014 08:49 AM

දෙන්නෙක් කසාද බැඳපු ගමන් අමතකවෙන පළවෙනි දෙය "කරපු ආදරය"... මතක තියාගන්න පළවෙනි දෙය " හිත් රිදුනු ඒවා". ඕකෙ අනිත් පැත්ත ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් පවුල් කොච්චර රැකෙයිද? ලස්සන වෙයිද? (නි)

:       0       0

දිල්ක සමරසිංහ Saturday, 13 December 2014 09:54 AM

ලස්සන පවුලක්. පවුල නම් කඩාගන්න එපා.(හේ)

:       0       0

තිලංගිකා Wednesday, 17 December 2014 10:04 AM

ඔයාගෙ ලස්සන වටිනාකම තියෙන්නේ චන්නත් එක්ක එකට ඉන්නකම් විතරයි. ලස්සන පවුල නම් කඩා ගන්න එපා.(නදී)

:       0       0

අඛිල Wednesday, 17 December 2014 10:07 AM

ඉවසීමෙන් කටයුතු කරන්න. (නදී)

:       0       0

සරා Saturday, 13 December 2014 11:07 AM

අනේ ඔව් ගයත්‍රී අපිට මොකද?ඔය කව්රුත් ප්‍රශ්න වැඩිකරනවා මිස නිරාකරණය කරන්නේ නෑ (අ)

:       0       0

චන්දන Sunday, 14 December 2014 06:23 AM

මොලේ තියන කෙනෙක් වගේ (නදී)

:       0       0

සමන්ත Wednesday, 17 December 2014 10:25 AM

(මට සුළු චරිත දුන්නොත් මම කොහොමටවත් චන්නගෙ චිත‍්‍රපටිවල රඟපාන්නෙ නෑ. මම ගයාත‍්‍රි ඩයස්.) මේ වගේ කතා කියන්න එපා (නදී)

:       0       0

නිලන්ත Friday, 19 December 2014 12:31 PM

මාකටිං නේද? (නදී)

:       0       0

ප්‍රගීත් Sunday, 14 December 2014 06:31 AM

ගයාත්‍රි, මම ස්වාමි පුරුෂයෙක් විදියට ඔයාට එක උපදේශයක් දෙන්නම්. "මම ඉන්නෙ එහෙම ඊර්ෂ්‍යා හිතෙන වයසක නෙමෙයි. මම දැන් ඒ වයස පහුකරලා...." කියන අදහස අන්තිම නරක අදහසක්. ඔය අදහසම ඇති විවාහ ජීවිතයක ප්‍රේමය පෑල දොරින් පිටමං කරන්න. ඔයාට දැන් හිතෙන්න පුළුවන් ඔයා ඒ වයස පහු කරලා කියලා. නමුත් තව අවුරුදු දහයකින් ඔයාට අනිවාර්යයෙන් හිතෙනවා මීට අවුරුදු දහයකට කලින් ඔයා ඔය කියන වයස පහු කරලා ඉඳලා නෑ කියලා. නමුත් අපතේ ගිය කාලය ආපහු ගන්න බෑ. (නදී)

:       0       0

ඉසිරංගී Monday, 22 December 2014 04:12 AM

අවබෝධයෙන් ජීවත් වෙන්න (බ)

:       0       0

කුමාරි Saturday, 13 December 2014 12:25 PM

නළු නිළියන් තුල සිටින ආදර්ශමත් කාන්තාවක්. ඒ හැම කියමනකම එයා හැම දේටම වඩා එයාගේ දරුවන්ගේ අනාගතේ ගැන හිතනවා කියන එක තියනවා. හතර දෙනාටම වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා! (නදී)

:       0       0

දුම්මලසුරිය Saturday, 13 December 2014 01:20 PM

ගයත්‍රී ඇත්තටම ඔයා දක්ෂ රංගන ශිල්පිනියක්. පොඩි මාමා හි ඔයා දක්ෂ රංගනයක යෙදෙනවා. චන්නත් මම කැමති කඩවසම් නළුවෙක්. ඔයත් චන්නට නොදෙවෙනි ලෙස තාමත් ලස්සනයි. ඒ මොනවා උනත් ඔයා දරු දෙන්නෙකුගේ අම්ම කෙනෙක් කියන එක ඔයා හොදින් හිතට අරන් ජිවත් වෙනබව පේනවා. ඔයාල දෙන්නගේ පවුල් ජීවිතය එක එකාගේ ඕපාදුප නිසා විනාස කර නොගෙන අවබෝධයෙන් ජිවත් වෙන්න. ඔබ දෙපලට හැමදාමත් යහපත් පවුල් ජිවිතයක් ගතකරන්න ලැබේවා! (නදී)

:       0       0

එරංග Monday, 15 December 2014 03:41 AM

හසිත් මට ඔයාගෙ කටට සිනි ටිකක් දාන්න හිතෙනවා. කතාවනම් මසුරන්. (බ)

:       0       0

චන්දන Monday, 15 December 2014 03:47 PM

කියන්නේ ඇත්තද බොරුද කියල මම කියන්නේ නැහැ. එත් කතාවෙන් ගම්‍ය වන්නේ ලංකාවේ අම්මා කෙනෙකුගේ ගති ලක්ෂණ තමයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 28 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2029 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1052 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 910 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 713 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2435 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site