මුරලි විජේගේ විශිෂ්ට ඉනිම නිසා චෙන්නායිහි (25) පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන් සුදුසුකම් ලැබීමේ තරගයෙදී චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 86 කින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් පිල අතර අවසන් මහා තරගය හෙට (27) චෙන්නායි හිදි පැවැත් වේ. පන්දු 58 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 4 ක් සමගින් වේගවත් ලකුණු 113 රැස් කිරිමට මුරලි විජේ සමත් වු අතර ඔහු තරගයේ වීරයා සම්මානයද දීනා ගත්තේය. මෙම තරගයේදී දිල්ලි පිලේ ප්‍රධාන පන්දු යවන්නා වු මොන් මෝකල් ක්‍රීඩා නොකළ අතර ඔහු මෙවර අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියාද විය. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 55 ක් ලබා ගැනිමට සමත් විය. චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 222 (මුරලි විජේ 113, මයිකල් හසී 20, මහේන්ද්‍ර සිං දෝනි 23, ඞ්වේන් බ්රාවෝ නොදැවි 33) දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් ඕවර 16.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 136 (මහේල ජයවර්ධන 55, රවිචන්ද්‍ර අශ්වින් 24/4, ඇල්බි මෝකල් 28/1)
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චෙන්නායි පිල අවසන් මහා තරගයට
නිශාන්ත Saturday, 26 May 2012 07:49 AM
මැච් එක fix කළාද දන්නේ නෑ
අශේන් Saturday, 26 May 2012 08:01 AM
ඕව බන් සල්ලි වලට වෙන වැඩනේ බන්