(යොහාන් භාසුර)
වසර තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය, පැරණි සංඝාවාසය සහ බුද්ධ වන්දනා මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අනිද්දා (24) නැවත විවෘත කෙරේ.
මෙම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කතේෂ්වරන්, ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, පලනි දිගම්බරම් යන මහත්වරු සහභාගි වීමට නියමිතය.
ඉන්දීය ආචාර්යවරුන් වන ඒ. අශෝකන් සහ ඊ. රාජා යන මහත්වරුන්ගේ ධන පරිත්‍යගයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ හයකට වැඩි මුදලක් වැය කරමින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු කළ බව චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානාධිපති නුගගොල්ලේ චන්දරත්න හිමියෝ පැවසූහ.
කොරෝනා වසංගතය හේතුවෙන් වන්දනාකරුවන්ගේ පැමිණීම අඩාලවීමත් සමගම වසර තුනකට වඩා කාලයක් වසා දමා තිබූ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක සාංචි චේතියගිරි මහා විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියන්ගේ ඉල්ලීම පරිදි ඉන්දීය ආචාර්යවරුන් වන ඒ. අශෝකන් සහ ඊ. රාජා යන මහත්වරු ප්‍රසංස්කරණය කිරීමට ඉදිරිපත් වූ බව නුගගොල්ලේ චන්දරත්න හිමියෝ පවසති.
ඒ අනුව පහත මාලයේ (අඩි 18) බුද්ධ ප්‍රතිමා වහන්සේ ද, පළමු මහලේ (අඩි 26) සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ද, එහි පිහිටි (අඩි 06) හිඳි පිළිම වහන්සේලා ද සම්පූර්ණයෙන්ම වර්ණාලේපිත කර පැරණි සංඝාවාසය සහ භික්ෂු නේවාසික කාමර ගොඩනැගිල්ල ද පිළිසකර කර ඇතැයි චන්දරතන හිමියෝ වැඩි දුරටත් පැවසූහ.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය 24 සිට යළි විවෘතයි