IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


චෙන්නායි සුපර් කිංග්ස් ලොක්කාට මුම්බායි පොලිසියට එන්න කියයි

අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් දැනට උද්ගතව තිබෙන අර්බුදකාරී තත්ත්වය වෙනස්ම ඉසව්වකට ඇදගෙන යමින් චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ප‍්‍රධානියා වන ගුරුනාත් මෙයියප්පන්ට වහාම මුම්බායි පොලිසියේ පෙනී සිටින ලෙස මුම්බායි පොලිසිය විසින් නොතීසි නිකුත් කරනු ලැබ ඇත.

අයි. පී. එල්. තරගාවලියේ ඔට්ටු දැමීම සම්බන්ධයෙන් ගුරුනාත් මෙයියප්පන්ගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිත අතර ලබන සඳුදා දක්වා තමන්ට කාලය දෙන ලෙස ගුරුනාත් මෙයියප්පන් මුම්බායි පොලිසියෙන් ඉල්ලීමක් කර ඇතත් මුම්බායි පොලිසිය එම ඉල්ලීමට එකග වී නැතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කරයි.

සිකුරාදා (ඊයේ) පස්වරු 5.00 ට පෙර මුම්බායි පොලිසියේදී පොලිස් නිලධාරීන් හමුවිය යුතු බව මෙයියප්පන්ට දැනුම් දී තිබේ.
ඔට්ටු දැමීම සම්බන්ධයෙන් මෙයියප්පන්ගෙන් ප‍්‍රශ්න කිරීම අයි. පී. එල්. තරගාවලියේ කීර්තිනාමයට මෙන්ම ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයට පවා බෙහෙවින් හානිකර තත්ත්වයක් වියහැකිබව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

මෙයියප්පන් යනු ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිවරයා වන එන්. ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන්ය. ශී‍්‍රනිවාසන් මහතාට අයත් ඉන්දියා සිමෙන්ති සමාගම චෙන්නායි සුපර් කිංග්ස් සමාගමේ හිමිකරුවාද වෙයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සම්බන්ධයෙන් මෙයියප්පන්ගේ භූමිකාව මේ දක්වා පැහැදිළි නැතත් වාර්තා වන ආකාරයට ඔහු කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස සැලකේ. සෑම තරගයකදීම කණ්ඩායමේ වැදගත්ම පුද්ගලයන් සිටින ආවරණය කරන ලද කුටියේ නිත්‍ය සාමාජිකයකු වූ මෙයියප්පන්, කී‍්‍රඩක වෙන්දේසියේදීද කැපී පෙනුණු චරිතයක් විය.

මේ වන විටත් අත්අඩංගුවට ගෙන සිටින බොලිවුඞ් නළුවක වන වින්දු ධාරා සිං සහ ගුරුනාත් මෙයියප්පන් ඉතා සමීප මිතුරන් ලෙස සැලකේ.

මුම්බායි පොලිසියේ පෙනී සිටින ලෙස මෙයියප්පන්ට යවන ලද නොතිසිය, පසුගිය බ‍්‍රහස්පතින්දා ඔහුගේ චෙන්නායි නිවසට ෆැක්ස් මගින් යවා ඇති අතර චෙන්නායි සුපර් කිංග්ස් කාර්යාලයේ කළමණාකරුවකු විසින් එය බාරගනු ලැබ ඇත.

”ප‍්‍රශ්න කිරීම් වලදී වින්දු ධාරා සිං විසින් ප‍්‍රකශ කරන ලද යම් යම් කරුණු සම්බන්ධයෙන් අපට පැහැදිළි කිරීමක්  ඕනෑ කර තිබෙනවා” යයි මුම්බායි පොලිස් කොමසාරිස්වරයකු වන හිමාන්ෂු රෝයි මහතා ප‍්‍රකාශ කර තිබේ.

”ධාරා සිංගේ ඇතැම් ප‍්‍රකාශ වල සත්‍යතාව පරීක්‍ෂා  කිරීමට නම් ඇතැම් විට මේ දෙදෙනා හගිස්සවන්නට සිදුවෙන්න පුළුවන්. ඒත් ධාරා සිං සහ මෙයියප්පන් දෙදෙනා සාමාන්‍ය වශයෙන් සමාජයේදී මුණ ගැසුණ අය නම් අප මේ සඳහා මෙයියප්පන්ට නොතීසි නිකුත් නොකරන්නට තිබුණා” යයිද හිමාන්ෂු රෝයි මහතා වැඩිදුරටත් පවසා තිබිණ.

මේ සම්බන්ධයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කාර්යාලයෙන් හෝ අයිතිකරුවන්ගෙන් කිසිදු ප‍්‍රකාශයක් නිකුත් කර නොතිබිණ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කර ඇති අයි. පී, එල්. තරගාවලියේ සභාපති රජිව් ශුක්ලා මහතා පවසන්නේ මෙම කාරණා සම්බන්ධයෙන් මුම්බායි සහ නවදිල්ලි පොලිස් නිලධාරීන්ට සියලූ බලතල ඇති බවත් පූර්ව නිගමනයන්ට එළඹෙන්නේ නැතිව, පරීක්‍ෂණ අවසන් වන තුරු බලා සිටිය යුතු බවත්ය.

මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ බිරිඳ සහ බොලිවුඞ් නළු වින්දු දාරා සිං එක්ව අයි. පී, එල් තරග නරඹන ඡයාරූප කිහිපයක්ද මේ වන විට ඉන්දීය පොලිසිය සතුව පවතී.

කි‍්‍රකට් කී‍්‍රඩකයන් සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණ කටයුතු දින 15 ක් ඇතුළත අවසන් කරන මෙන් ඉන්දීය අධිකරණය ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයට දන්වා තිබේ. ඒ සඳහා සහයෝගය ලබාගැනීමේ අදහසින් යුතුව ඉන්දීය කි‍්‍රකට් පාලක මණඩලයේ සාමාන්‍යාධිකාරී මහාචර්ය රත්නකාර් ෂෙට්ටි මහතා මුම්බායි පොලිස් කොමසාරිස් හිමාන්ෂු රෝයි මහතා හමුවූ බවද පී. ටී. අයි. පුවත් සේවය වාර්තා කරයි.

 



අදහස් (0)

චෙන්නායි සුපර් කිංග්ස් ලොක්කාට මුම්බායි පොලිසියට එන්න කියයි

ලලිත් Friday, 24 May 2013 11:38 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවාලු. අපේ අයට ඊළඟ සැරේ නෝ චාන්ස්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 871 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 405 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 881 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3208 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 589 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site