දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය මාසයේදී 18.7 % කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
අගෝස්තු මාසයේදී පමණක් විදෙස් සංචාරකයින් එක් ලක්ෂ හැටහයදහස් හයසිය දහ දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ මාසික දත්ත වාර්තා වල සඳහන් වේ. මෙම පිරිසෙන් වැඩි පිරිසක් චීනයෙන් හා ඉන්දියාවෙන් පැමිණි අය වෙති.
එසේම පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සැසඳීමේදී මෙම වර්ධනය පෙන්නුම් කර ඇත.
මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ගතවූ මාස අටක කාලය තුළ විදෙස් සංචාරකයින් එකොළොස් ලක්ෂ හැත්තෑ දෙදහස් හාරසිය හැටපස් දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉකුත් වසරේ මුල් මාස අට තුළ පැමිණි සංඛ්‍යාව සැසඳීමේදී එය සියයට 17.1% වර්ධනයක යැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
චීනෙන් ඉන්දියාවෙන් වැඩිපුර එති
චමල් Monday, 07 September 2015 01:45 PM
ඉන්දියාවෙන් එන්නේ සංචාරකයෝද? දවසේ විහිලුව (අ)
විජයබාහු Monday, 07 September 2015 02:04 PM
ඉන්දියාවෙන් අාව සරණාගතයෝයි චීනෙන් වැඩ කරන්න ආව කට්ටිය වෙන්න ඇති ඔය කියන්නේ (බ)
සිල්වා Monday, 07 September 2015 03:54 PM
සංචාරක පහසුකම් වැඩිකර යුරෝපීය සහ එංගලන්තේ ඇමරිකානු සංචාරකයන් ඇදගැනීමේ වැඩපිළිවලක් යොදන්න. සිංගප්පුරුව මැලේසියාව ඩුබායි යන රටවල ඉතා නවීන තාක්ෂණය යොදාගෙන සංචරක ප්‍රවර්ධනයක් ගොඩ නඟාගෙන තියෙන්නේ. ඒ වගේම ලංකවේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය කෙරුනා නම් හොඳයි. කොළඹ ලොකු වෙනසක් ඒ තුළින් නිර්මාණය වෙනවා. (නි)
චානක ලොස් ඇන්ජලිස් Monday, 07 September 2015 06:16 PM
අද චීනයේ ආර්ථිකය කඩාවැටෙමින් පවතින්නේ.චීන ජාතිකයන් නම් දරා සිටින්නේ රටකට අඩිය තිබ්බොත් එම රටේ පැළවී, ව්‍යාපාරත් කරගෙන එම රටේම බින්න බහින්නයි.චීනය ඔවුන්ගේ දරිද්‍රතාවය ලොවට පෙන්වීම රට තුළ වාරණය කර තිබෙනවා. (නි)
සම්පත් Monday, 07 September 2015 06:40 PM
පසුගිය දවස්වල කොල්ලුපිටියේ සිඟමන් ඉල්ලු පවුලත් චිනයේ අය නේද? (නි)
කුමාර Tuesday, 08 September 2015 12:39 AM
ඉන්දියාවේ අය ලංකාවට ආවට සල්ලි වියදම් කරන්නේ නැහැ.මම ඉන්දියන් අය එක්ක වැඩකරන නිසා දන්නවා (නි)
මලිත් Tuesday, 08 September 2015 01:29 AM
මන් දැකලා තියනවා සංචාරකයන් ගොඩාක් අසරණ වෙනවා විධිමත් ප්‍රවාහන ක්‍රමයක් නොමැතිකම නිසාවෙන්. දුම්රිය නැවතුම්පළේ විකාශය කරන විකාශන මඟින් පමණක් ඔවුන්ට පහසුවෙන් දුම්රිය සොයාගැනීමට අසීරුවෙලා වික්ෂිප්ත වෙලා ඉන්නවා. කිසිම නාම පුවරුවක් නැහැ. බස් නැවතුම්පොළ දක්වා යාමට වුවත් නොදන්නා සංචාරකයන් කී දෙනෙක් සිටිනවාද? ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට අපහසුතාවයට පත්නොවන ලෙස මේ නාමපුවරු සවිකරමින් රට පුරාම විධිමත් පාලන සැකැස්මක් ස්ථාපනය කළයුතුයි. (නි)
නෝමන් Tuesday, 08 September 2015 01:36 AM
හොඳ ප්‍රවණතාවයක් මේක (නි)
මැටිපහන Tuesday, 08 September 2015 04:21 AM
මලිත්ගේ අදහසට මමත් එකඟයි. (ම)