IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


චන්න උපුලිට දුවගෙන් අමුතු තෑග්ගක්

2016-07-30-ent-16

පසුගිය දිනක නර්තන ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය තරු යුවළක් ඔවුන්ගේ 25 වැනි විවාහ සංවත්සරය සැමරුවා. නර්තනය කියූ පමණින් ඕනෑම අයෙකුට හුරු පුරුදු මේ යුවළ චන්න විජේවර්ධන සහ උපුලි පණිභාරතයි.

චන්න උපුලි විවාහ සංවත්සරය වෙනුවෙන් ඔවුන් දෙපළගේ එකම දියණිය අසේකා කෙදිනකවත් අමතක නොවන විදිහේ තිළිණයක් ඔවුන් දෙපළට ලබා දුන්නා.

චන්න උපුලි 25 වැනි විවාහ සංවත්සරයට දුවගෙන් ලැබුණු අමතක නොවන තෑග්ග ගැන උපුලි පණිභාරත සැඳැල්ල අපි සමග විස්තර කළේ මෙලෙසින්.

 

කලා ලෝකයේ සුවිශේෂි චරිත කිහිපයක්ම පසුගිය දිනවල ඔවුන්ගේ සංවත්සර දින සැමරුවා. ඔබ දෙපළටත් විවාහ සංවත්සර උත්සවයක් සමරන්න හිතුණේ ඇයි?

2016-07-30-ent-14එහෙම උත්සවයක් පවත්වන්න හීනෙකින්වත් හිතලා තිබුණේ නැහැ. ඇත්තටම අපි කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. දුව අසේකා තමයි අපි දෙන්නටම හොරෙන් මේ උත්සවය ලෑස්ති කරලා කරලා තියෙන්නේ.

 

උත්සවය පැවැත්වුණේ කොහෙද?

දයාසිරි ජයසේකර ඇමතිතුමාගේ (මගේ නංගිගේ සැමියා) ගෙදර තමයි අපිට හොරෙන් මේ උත්සවය ලෑස්ති කරලා තිබුණේ. දුව චන්නට කෝල් කරලා කිව්වා දයාසිරි ඇමතිතුමාගේ ගෙදර රැුස්වීමක් එන්න කියලා. ඒ වෙලාවේ මගේ නංගි කිව්වා චන්න එන එකේ ඔයත් එන්නකෝ නංගිලත් හැමෝම ගෙදර ඉන්නවා කියලා. අපේ අම්මා ඉන්නෙත් නංගිලගේ ගෙදර නිසා චන්න එක්ක ගිහින් අම්මවත් බලල එන්න ඕන කියලා මටත් හිතුණා.

 

දයාසිරි ඇමතිතුමාගේ ගෙදරට ගියාට පස්සේ මොකද වුණේ?

අපි දෙන්නා නිකන් පන්තියකට යද්දි ඇඳගෙන යනවා වගේ සාමාන්‍ය ඇඳුම් ඇඳලා ගියා. ගිහින් එතන බහින කොට කලාවේ, සිනමාවේ අපේ යාලූවො හැමෝම එකතු වෙලා නෙළුම් මල් අරගෙන අපිව පිළිගන්න බලාගෙන හිටියා. ඇත්තටම මට අදහගන්න බැරි වුණා. හරියට හීනයක් වගේ.

වසර 25 කට පස්සේ සාමාන්‍ය ඇඳුමකින් සැරසිලා විවාහ සංවත්සරය සැමරුවා.

 

මීට පෙර සංවත්සරයක් සමරලාම නැද්ද?

ජීවිතේට කවදාවත් අපි විවාහ සංවත්සර උත්සව පවත්වලා නැහැ. කාර්යබහුල ජීවිතෙත් එක්ක සමහර දවසට කසාද බැඳපු දිනෙත් අමතක වෙනවා. අහම්බෙන් වගේ තමයි මේ පාර මතක් වුනෙත්. නිකන් ඔය කතා කර කර ඉන්න කොට අපි බැඳලා අවුරුදු 25 කියලා දුවත් එක්ක කිව්වා. ඒත් එයා මේ වගේ ලොකු හපන්කමක් කරාවි කියලා හිතුනෙම නැහැ.

 

අමතක නොවන විවාහ සංවත්සර උත්සවයට ඇවිල්ලා ඉඳපු අමුත්තෝ ගැනත් කියමු?

කලා ලෝකේ, සිනමාවේ දැවැන්ත චරිත සබීතා, වීණා, මාලනී, දිල්හානි, ශ‍්‍රියානි, ජීවන්, භාතිය සන්තුස්, බන්දු, රවීන්ද්‍ර රන්දෙණිය, 125 කට විතර අසේකා ආරාධනා කරලා තිබුණා. මට ඒ වෙලාවේ හිතුන දෙයක් තමයි ඇත්තටම අපි දෙන්නා ගොඩාක් වාසනාවන්තයි. සිනමාවේ, නර්තනයේ වගේම හැම ක්ෂේත‍්‍රයකම අය ඇවිත් හිටියා. ඒ වගේම නර්තන කණ්ඩායමේ දරුවෝ. චන්නගෙයි මගෙයි ජීවිතේ නොමැකෙන දවසක් එදා. මොකද අපට ඕන තරම් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒත් මිනිස් සම්පත කවදාවත් හම්බ කරන්න බැහැ.

සියලූ සම්පත්වලට වැඩිය මිනිස් සම්පත එකතු කර ගන්න හරිම අමාරුයි. අසේකාගේ පුංචි වචනයට ඒ අයගේ පැමිණීම ගැන පුදුම සතුටක් දැනෙනවා. මම හිතන්නේ ඒ තමයි චන්නයි මමයි හම්බ කරපු දේවල්. ඒවා මුදල්වලට වඩා වටිනවා.

 

සංවත්සරයට චන්නගෙන් මොනවද ලැබුණේ?

චන්නගෙන් මට ලැබුණා ඉතාම වටින වළල්ලක්. චන්න වළල්ල අරන් තිබුණේ එදාම උදේ. සමහර දවසට බැඳපු දවසත් අමතක වෙන එකේ, බැඳලා අවුරුදු 25 කියලා මට විශේෂයක් දැනුණේ නැහැ. ඇත්තටම මට චන්නට මුකුත්ම ගන්න බැරි වුණා.

 

විවාහ වෙලා වසර 25 කියන්නේ ආපසු හැරිලා බැලූවොත් ලොකු අරුතක් තියෙනවා. ආදරය, වේදනාව, දුක, සතුට, ජය, පරාජය, හැලහැප්පීම්, නොගැලපීම් මේ හැම දෙයක්ම ඕනම ජීවිතයකට ගලා එන පොදු දේවල්. චන්න - උපුලි කියන මේ ජීවන ගමන දිහා ආපසු හැරුනොත්?

ජීවිතේ ලොකු අරුතක් තියෙනවා. චන්නයි මමයි නිතරම උත්සාහ කළේ අපේ දේ රැුකගෙන අපි යා යුතු තැනට යන්න. අදටත් විවේචනවලට ලක්වෙමින් තමයි අපි මේ ගමන යන්නේ. මොකද හේතුව චන්න කියන්නේ නිතරම අලූත් දෙයක් සොයන්න නිතර උත්සාහ කරන කෙනෙක්. අපි ආපු ගමනේ ගොඩක්ම තියෙන්නේ ගල් මුල් සහ විවේචන. චන්න ඒ හැම දෙයක්ම ජීවිතේට ශක්තියක් කර ගත්තා. අපේ ජීවිතවලත් මේ කියපු හැම දෙයක්ම ගලාගෙන යනවා. ජීවිතේ දුක සතුට සමබරව බෙදී යා යුතුයි. වසර 25 ගෙවුණා, දැනුණෙවත් නැහැ. ඉදිරියටත් හොඳ නර්තන දරු පරපුරක් බිහි කිරීම තමයි චන්නගෙත් මගෙත් එකම බලාපොරොත්තුව. ආපස්සට හැරුණොත් ජීවිතේ ගැන වචනයෙන් කියා ගන්න බැරි සතුටක් දැනෙනවා.

 

අසේකා ඔබ දෙපළට සංවිධානය කරපු පුංචි උත්සවය ගැනත් කියමු?

පුංචි ටී පාටි එකක් ලෑස්ති කරලා තිබුණා. හැමදාම නටන අපි එදා නම් නැටුවේ නැහැ. එදා අපේ විවාහ උත්සවයට ඇවිල්ලා ඉඳපු අයගෙන් 50 ක් විතර මේ උත්සවයටත් ඇවිල්ලා හිටියා. ගොඩක් අය අප අතරත් නැහැ දැන්. මේ වගේ දෙයක් අසේකා තනියම කළා කියන්නේ අපි දෙන්නට බය නැහැ. අපේ දේ ඇය ඉදිරියට ගෙන යාවි කියලා හිතේ තිබුණ විශ්වාසය තව තවත් වැඩි වුණා. මේ විවාහ සංවත්සරය අපි දෙන්නගේ ජීවිතේට අසේකා දුන්න වටිනාම තෑග්ගක්.

චන්න උපුලි 25 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් එකම දියණිය වූ අසේකා අම්මටයි, තාත්තටයි දුන්න පුදුම හිතෙන තෑග්ග ගැන ඇය අපට කිව්වේ මේ විදිහට.

 

මේ වගේ දෙයක් කරන්න හිතුණේ ඇයි?

අම්මා මාත් එක්ක කිව්වා අපි බැඳලා අවුරුදු 25 කියලා. ඉතින් එයාලගේ ජීවිතේ ගොඩක්ම කාර්ය බහුලයි. පුංචි වෙනසකටත් එක්ක හිතුණා විවාහ සංවත්සර උත්සවයක් පවත්වන්න. ලොකුවට ප්ලෑන් කරන්න කාලයක් තිබුණේ නැහැ.

ඔක්කොටම තිබුණේ දවස් දෙකක් වගේ කෙටි කාලයක්. අම්මගෙයි, තාත්තගෙයි හිතවත් අය ගෙන්නගන්න පුළුවන් වේවි ද කියලා පුංචි බයක් දැනුණා. තාත්තත් මේ දවස්වල ගොඩක් කාර්යබහුල නිසා ලොකුම බය තිබුණේ අම්මයි තාත්තයි ගෙන්නගන්න පුළුවන් වෙයිද කියලා තමයි.

 

අම්මට හොරෙන්, ගෙදර ඉඳගෙන කොහොමද මේ වගේ උත්සවයක් සංවිධානය කළේ?

ඒ දවස් ටිකේ අම්මට සෑහෙන්න බොරු කියන්න වුණා. පුංචි (දයාසිරි ජයසේකරගේ බිරිඳ* තමයි ගොඩක්ම උදව් කළේ. තාත්තට රැුස්වීමක් කියලා බොරුවක් කියලා තමයි ගෙන්න ගත්තේ. අම්මයි තාත්තයි ඇරෙන්න අනෙක් ඔක්කොමලා දැනගෙන හිටියා. ඒ වගේම මට ගොඩක් උදව් කළා. තව දෙයක් තමයි අම්මගෙයි තාත්තගෙයි යාළුවන්ට ආරාධනා කරද්දි සමහර අයට පුංචි කෙටි පණිවිඩයකින් තමයි ආරාධනා කළේ. පුංචි කෝල් එකකට, කෙටි පණිවිඩයකට ආරාධනාව භාර අරගෙන ආපු හැමෝටම ගොඩක් ස්තූතිවන්ත විය යුතුයි.

කවදාවත් අම්මයි තාත්තයි හිතුවෙ නැහැ මම මේ වගේ දෙයක් කරාවි කියලා. එයාල ගොඩක් විනෝද වුණා. අම්මගෙයි තාත්තගෙයි කාර්ය බහුල ජීවිතේට පුංචි හරි විවේකයක් ලබාදෙන්න පුළුවන්වීම ගැන ගොඩක් සතුටුයි.

 

නදීශා අතුකෝරළ

 

sandalla

 

2016-07-30-ent-17
2016-07-30-ent-15



අදහස් (0)

චන්න උපුලිට දුවගෙන් අමුතු තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 135 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 168 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 298 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 112 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1109 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2510 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site