IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


චීනයෙන් ශ්‍රී ලංකාවට ආදර්ශ රැසක් ගතහැකියි

(යොහාන් භාසුර)

චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබඳව කොතරම් විවේචන තිබුණත් එම සැසිවාර චීනයට පමණක් නොව සමස්ත ලෝකටම වැඳගත් බවත් රටක දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් දිගු කාලීන සැළසුම් වඩාත් වැඳගත් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය.

චීන ආණ්ඩුව පසුගියදා පැවැත්වූ ජාතික සැසිවාර දෙක පිළිබඳව දැනුවත්කිරීම සඳහා ‘චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය’ කොළඹදී පැවැත්වූ විද්වත් සාකච්ඡාවේදී වෛද්‍ය ජී. වීරසිංහ මහතා එසේ පවසීය.

සැළසුම් කිරීම කාලීන අවශ්‍යතා සඳහා වැඩාත් වැඳගත් වන බව කී වීරසිංහ මහතා චීනය නොමැතිව ලෝකය ගැන කථා කළ නොහැකි තත්වයක් චීනය නිර්මාණය කරගෙන ඇති බව ද සඳහන් කළේය.  

වරින් වර වෙනස් වන ප්‍රතිපත්ති තුළින් බැහැරව, ජාතික ප්‍රතිපත්ති මත ඉදිරියට යෑම වඩාත් වැඳගත් බවත් ශ්‍රී ලංකාවට එවැනි සැළසුමක් නොමැති වීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් එම හමුවට සහභාගි වූ විද්වත්හූ පැවසූහ.

චීනය සිය ආර්ථික හා සාමාජීය ඉලක්ක සපුරා ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින අතර සංවර්ධනයේ නව ජයග්‍රහණ ලබා ගැනීමේ අධිෂ්ඨානය සහ අදාළ සැළසුම් මෙවර චීන රාජ්‍ය කාරක වාර්තාවේ සදහන් වූ බවත් ලෝකයේ ප්‍රගමනයට දෙන දායකත්වය සහ එම සැළසුම් තුළින් ශ්‍රී ලංකාවට ගතහැකි ආදර්ශයන් විශාල බවත් විද්වත්හූ පෙන්වා දෙති.  

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වෛද්‍ය ජී.වීරසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා  අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, චීන අධ්‍යයනය පිළිබද විශේෂඥ මලයාසියාවේ ක්වාලාලාම්පූර්  විශ්විද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් අධ්‍යයනාංශයේ හිටපු ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මහාචාර්ය විමල් හේවාමානගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා යන මහත්වරු එහිදී අදහස් දැක්වූහ.



අදහස් (0)

චීනයෙන් ශ්‍රී ලංකාවට ආදර්ශ රැසක් ගතහැකියි

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

මැතිවරණයට ඇප තැන්පත් කිරීම අදින් අවසන්
2025 මාර්තු මස 19 4 0

පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණපළාතේත් මිෂන් සභාව පවසයි.


දේශබන්ධු මාතර අධිකරණයට ?
2025 මාර්තු මස 19 1045 0

අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව අප වාර්තතාකරුවෝ පවසති.


වන අලියාගේ පහරින් තිදරු පියා මරුට
2025 මාර්තු මස 19 90 0

අම්පාර, දමන නීත්ත අඩි 100 මාර්ගයේදි වන අලියකු පහරදීමෙන් ගල්ඔය වැවිලි සමාගමේ සේවකයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රන් බඩු කොල්ල කා අබාධිතයා මරා ගේට්ටුවේ ගැටගසලා
2025 මාර්තු මස 19 157 0

පැල්මඩුල්ල, මීගහගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වු කිසියම් පුද්ගලයෙකු නිවසේ තිබූ රන් බඩු සහ මුදල් කොල්ලකා නිවසේ සිටි උපතින්ම ආබාධිත පුද්ගලයෙකු ඝාතනය කර


බස්නාහිරට සහ සබරගමුවට අද සවස තද වැසි
2025 මාර්තු මස 19 233 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද


මධ්‍යම අධිවේගයේ අනතුරක්
2025 මාර්තු මස 19 960 0

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 405 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 918 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 332 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site