IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


චීනය රේඩාර් පද්ධතියකට දෙවුන්දර තුඩුව ඉල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට චීනය සූදානම් වන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

එසේ යෝජනා කළහොත් එහි අරමුණ ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.

යෝජනා කිරීමට බලාපොරොත්තු වන රේඩාර් පද්ධතියේ අනෙක් අරමුණ නම් දියේගෝ ගාර්සියා දූපතේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

රේඩාර් පද්ධතිය පිහිටවූවොත් අන්දමන් සහ නිකොබාර් දූපත්  දක්වා නිරීක්ෂණය කිරීමේ හැකියාව එයට ලැබෙන බවත් චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය මෙම ව්‍යාපෘතිය මෙහෙයවීමට ඉඩ ඇති ආයතනය බවත් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.



අදහස් (31)

චීනය රේඩාර් පද්ධතියකට දෙවුන්දර තුඩුව ඉල්ලයි

Samitha S. Aluthgamage Saturday, 08 April 2023 04:30 PM

මේ වැඩේට චීනයට අවසර දෙන්න එපා. එහෙම වුණොත් අපේ අනාගත පරපුර අපට සාප කරාවි. චීන්නු මේ රටේ දූෂිත පාලකයින්ට ඒ දිනවල විශාල ලෙස ණය දුන්නේ ඇයිදැයි දැන් පැහැදිලිව සිතාගන්න පුළුවන්...

:       237       152

samsonSunday, 09 April 2023 12:10 AM

ඉන්දියාව සහ ඇමෙරිකාවත් ඒ වගේමයි. ප්‍රතිලාභ නැතිව ඒ අය ණය දෙන්නේ නැහැ...

:       7       97

SAMSunday, 09 April 2023 05:02 AM

ආරංචි වලට කලබල විය යුතු නැත...

:       10       68

PereraSunday, 09 April 2023 07:00 AM

ඉහත කොමෙන්ටුවට ලැබිලා තියෙන ඩිස්ලයික් ගණනින් පෙනෙනවා ලංකාවේ බහුතරය තවමත් මොලයක් නැති මී හරක් කියලා...

:       58       44

ඩිස්ලයික් Sunday, 09 April 2023 12:18 PM

පෙනෙන විදියට මේ ඩිස්ලයික් ටික සංවිධානාත්මකව කරපු දෙයක්...

:       23       38

සුරංගොඩ Sunday, 09 April 2023 07:40 AM

සමිත කියපුදේ ඉතාමත් නිවැරදියි. එහෙම තියෙද්දී ඩිස්ලයික් දමනවා කියන්නේ රට ජාතියට වඩා බඩ ප්‍රධානයි කියනවා වගේම අදහසක් තමයි. එයින් ඉස්මතු වෙන්නේ, අපේ ලංකා පාලුවන්ගේ අදහස දීමට නම් ලංකාව චීනෙට ඇති සම්පූර්ණ ණය මුදල් කපාහැරීම කළයුතු අතර වාර්ෂිකව ලොකු බද්දක් ලංකාවට ගෙවීමට චීන්නු එකඟවිය යුතු අතර එය නියමිත ගිවිසුම අනුව ගෙවිය යුතුයි. රේඩාර් පද්ධතිය නිසා ලංකාවට කිසිම අගතියක් නොවිය යුතුයි..

:       41       30

kamalMonday, 10 April 2023 02:40 PM

අපි දෙවුන්දර තුඩුව දියුණු කර, සශ්‍රීක කර, දෙව්ලොවක් බවට පත්කරලා තියෙන නිසා ඒක දෙන්න එපා. අපරාදේ...

:       2       7

තිලක් Saturday, 08 April 2023 05:21 PM

ඩොලර් බිලියන ගාණක් උගන්ඩාවේ ගිණුමකට බැරකරන්නම් කිව්වොත් අපේ දේශපාලුවන් අනිවාර්යෙන්ම ඕක දෙනවා. මොකද ඉතින් ඕවා කලින් සිද්ද නොවෙච්චි දේවල්යැ...

:       58       141

de silva Saturday, 08 April 2023 06:58 PM

දෙන්න එපා.., දුන්නොත් ජනතාව පෙළගැසී මේක හදන්න ඉස්සර කුඩුපට්ටම් කළ යුතුයි. මෙහෙම දේවල් අපට අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම මේක කළොත් ඉන්දියාව විරුද්ධ වෙනවා. ලෝකයේ අපට උදව් කරන රටවල් බොහෝමයක් ඉන්දියාව සමග සිටගන්නවා.

:       49       20

Buddika Saturday, 08 April 2023 08:07 PM

චීනයෙන්, ඉන්දියාවෙන් ණය අරගෙන අද අපි වැටිලා ඉන්න අසරණ තත්වය මේකයි. මේ තත්වයට රාජපක්ෂ පරපුරම සහ ඔවුන්ව රකින එවුනුත් වගකිව යුතුයි.

:       31       31

Kumara Saturday, 08 April 2023 09:08 PM

නුඹලාට ඕනෑමනම් එන්න සත්තුත් එක්කම මැදමුල්ලනට...

:       20       16

ranil Saturday, 08 April 2023 09:10 PM

මීටත් වඩා මොනවා දෙන්නද? අනාගත පරපුර මේකෙ ඉන්නේ නැහැ. මේකෙ ඉන්නේ සිංහල බුද්ධාගමේ අය විතරයි.

:       18       3

Chathuri Sunday, 09 April 2023 01:25 AM

චීනාගේ ඇස් දෙක බාගෙට ඇරිලා තියෙන්නේ. ඒ වුණාට. අපේ අයගේ ඇස් සම්පූර්ණයෙන් ඇරුණාට. අන්ධයෝ වගෙ වැඩ කරන්නේ... අන්ධ මනුස්සයාටත් දුර පේනවා නුවණින්. මේ නඩේගේ මොලේ තියෙන්නේ මහ බැංකුවේ. සල්ලි පස්සෙම දුවනවා. නාකි ගොබ්බ මයිනෝ දැනටමත් සකච්ඡා පවත්වනවා ඇති. චීනා දන්නවා මොවුන් රටට, ජනතාවට සේවය කරන්නේ නැහැ. මොවුන්ගේ බොක්ක පුරෝගන්න ඇවිත් ඉන්නේ කියලා. මහලොකු උගතා කවුරුත් රට බාරගන්න ඉදිරිපත් වුනේ නැහැ කියලා. බැංකු හොරා රට විකුණලා ගොබ්බයින් ටික මැරෙනකම් රජ වාසලේ ඉන්න ඇවිත් තියෙන්නේ. ගොබ්බයින් සුද්දන්ට බනිනවා රටේ සම්පත් හොරාකෑවා කියලා මේ ටික එකතුවෙලා. චීනාට රට විකුණනවා. දෙමව්පියන්ගෙන් ලැබුණු දේවල් නෙමේ. මේ රට ආදිකාලේ රජවරු සටන්කරලා බේරගත්තු රට. මේ නාකි ටික ඒ කාලේ හිටියානම්... වංගෙඩියේ දමලා කොටවනවා. සුද්දෝ ටික...

:       23       20

ලුම්බිණි Sunday, 09 April 2023 06:21 AM

මේ වැඩේට චීනයට අවසර දෙන්න එපා. නිකම් කරදරේ වැටෙන්න එපා.

:       38       19

නිහාල් Sunday, 09 April 2023 07:55 AM

එක්කෝ ණය ගෙවන්න. නැත්නම් අපේ ඉල්ලීම් වලට ඉඩ දෙන්න... චීන රජයේ පණිවිඩයක්.

:       26       15

amila Sunday, 09 April 2023 10:03 AM

එයාලගේ රටේ දේවල් කරන්න අපෙන් අවසර ඉල්ලන්නේ ඇයි...?

:       15       13

Wimalaweera Sunday, 09 April 2023 10:05 AM

කොහොමටත් දැනටම චීන්නුන්ට අවශ්‍ය ඉලෙක්ට්‍රෝනික දේවල් රහසිගතව ඒ අයගේ ලංකාවේ ඇති ඉඩම්වල සවිකරගෙන ඇති. ලංකාවේ අයට එව්වා සොයන්න චීන්නුන්ගෙන් අවසර නැහැ.

:       16       15

SL Sunday, 09 April 2023 10:48 AM

අපිට තවත් යුක්රේනය වගේ වෙන්න ඕනේ නැහැ. ඉන්දියාව කියන්නේ අපිට සමීපතම රට සහ චීනය වගේම ඉන්දියාවත් අපිට ඉන්න හිතවතුන්... මේ රටවල් දෙකේම ආරක්ෂාව, සමගිය රකින්න අපි සාධාරණව තීරණ ගතයුතුයි. චීනය මෙහෙම ඉල්ලීමක් කරන එක හරි අසාධාරණයි.

:       29       14

P d sarath Sunday, 09 April 2023 11:06 AM

මේ අවසර දීමෙන් අපරට ආනාගතයේදී ලෝක බලවතුන්ගේ යුදපිටියක් වෙයි. මෙතමයි, අපේ රට පාලනය කළ පාලකයින් අපට ඉතිරි කළ ශේෂය මෙය වෙනස් කරමු. එය කළ හැක්කේ මාලිමාවට පමණයි...

:       21       17

sukitha Sunday, 09 April 2023 01:24 PM

ඉන්දියාවේ ව්‍යාප්ත වාදයට යටනොවී සිටිමට නම් චීනය සමඟ සම්බන්ධතා ඇති කරගත යුතුයි. ළඟදී ඉඳලා පිටරටවල වෙබ්සයිට්වල භාණ්ඩ මිල වැටෙන්නේ ඉන්දියානු රුපියල් වලින්... සෙවුම් ප්‍රතිඵල පවා ඉන්දියාවට මුල්තැන ලැබෙනවා. එයාර්ටෙල් ආයතනය මෙහෙ මුල් බැසගන්න දඟලන දැඟලිල්ල ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඉන්දියන් එකෙක් වෙන රටකට ගියොත් තව 10ක් ගෙන්න ගන්නවා. ඒ 10, 100ක් ගෙන්න ගන්නවා. මැදපෙරදිග ගිහින් බලන්න. මෙලෝ රහක් නැති ජාතියක්...

:       9       57

චන්දිම Sunday, 09 April 2023 02:44 PM

මගේ මතය නම් මේ කාරණාව බොරු ආරංචියක් නොවී සත්‍ය කරුණක් නම් (මොකද මේ දවස් වල මැතිවරණය කල් දාපු ගැටලුව මිනිස්සුන්ට අමතක කරන්න විවිධ මාතෘකා මේ අය මවලා එලියට දාන නිසා) ආණ්ඩු පක්ෂයේ හෙන්චයියලා ඊළඟට මේක හරිම හොඳ සුපිරි වාසි සහගත වැඩක් කියාලා තලු මරමර වොයිස් කට් දෙවි. ඔවුන්ට ඒ වගේ දේවල් පුහුණු කරන්න උපදේශකයෝත් ඉන්නවා. මතකයිනේ, ඒ අය අර ප්‍රතිත්‍රස්ත පනත රහට වර්ණනා කරන හැටි... මෙහෙම දෙයක් හැබෑවටම ඉදිරියේදී වෙනවා නම් කාරණාව පිළිබඳව ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර වෙන්නේ කුමක්ද කියන දේ රටේ මිනිස්සුන්ට දැනගැනීමට සැලැස්විය යුතුබවයි. නැතුව අර පොහොට්ටු පක්ෂයේ කාලකන්නි කියන ඒවා නම් තඹ දොයිතුවකටවත් විශ්වාස කරන්න එපා.

:       1       6

ගනේගොඩ Sunday, 09 April 2023 02:49 PM

අපි චීනයත් සමග නැගී සිටිමු !

:       6       6

පොඩිඑකා Sunday, 09 April 2023 02:55 PM

කන්න බොන්න, අඳින්න පළඳින්න... මේ හැම දෙයක්ම අපිට ලැබෙන චීනයට අපි උදව් කරමු...

:       9       5

පොඩිආරච්චි Sunday, 09 April 2023 03:14 PM

ඉස්සර ඇමෙරිකාවට ගොට්ට අල්ලලා යන එන මං නැතිවෙලා ඉන්න අපි, අද චීනයත් සමග නැගී සිටිමු...

:       10       6

විපරමා Sunday, 09 April 2023 03:25 PM

දූෂිත රාජපක්ෂලා හිටියා නම් දීලා දානවා.. පවුල් පාලනේ අය හිතාගෙන ඉන්නේ අපේ රට ඔවුන්ගේ බූදලේ කියලානේ...!

:       1       11

අතුලසිරි Sunday, 09 April 2023 04:07 PM

කකුල් දෙකේ දාගෙන ඉන්න සෙරෙප්පු දෙකේ ඉඳන් ඔලුවේ දාගෙන ඉන්න තොප්පියට යනකම් " Made in China " ඔය කරේ තියාගෙන ඉන්න ජංගම දුරකථනයත්, චීනයෙන් ආපු එකක් ! තවත් මොන කතාද?

:       1       9

Perakum Sunday, 09 April 2023 05:11 PM

මෙහි දැක්වෙන අදහස් කියවන මට පෙනෙන්නෙ තවමත් රටට ආදරය කරන සැලකිය යුතු ජනතාවක් ඉන්න බවයි... එය සතුටට කරුණකි. එසේම මෙය සිදුනොවන්නක් බව පැහැදිලියි.

:       3       2

kapila Sunday, 09 April 2023 05:43 PM

ගත්තු ණය ගෙවාගන්න බැරි වුණාම, අමුඩේ ඉල්ලුවත් දෙන්න වෙනවා...

:       2       9

චන්දිම ෆොන්සේකාMonday, 10 April 2023 01:14 AM

ඔවු ලොක්කගේ යට (රට) අමුඩේ තමයි ඉස්සෙල්ලම පෙන්නලා අහන්න ඕනෑ ගන්නවද කියලා.

:       3       0

වජිර Tuesday, 11 April 2023 07:38 PM

මෙතන ගොඩාක් චිනෙට පක්ෂපාත කොමෙන්ට්ස් කරල තියෙන්නේ චීන්නු. චීන්නු සිංහල ඉගෙන ගන්නෙ අපේ මොල හෝදන්න. අපි අහුවෙලා ඉන්න තරමක්!

:       0       0

බද්රානි Wednesday, 12 April 2023 09:20 PM

චීන්නු, ලංකාවේ මුළු දකුණම යටත් කරගෙන "හෙළ යක්ඛ පුතුන්ගේ" පශ්චාත් භාගයේ නැට්ටක් එල්ලන දවස වැඩි ඈතක නැහැ. අනික චීනා දන්නවා මේ උපන්ගෙයි මෝඩයින්ට සලකන්න ඕනා විදිහ.. ඉන්දියාව උතුර සංවර්ධනය කළාම හෙළ අම්බරු රැලට ඒ පැත්තේ රස්සාවකුත් හොයා ගන්න අපහසු වෙන එකක් නැහැ. අර පහුගිය කාලේ දේශප්‍රේමී උණ හැදිලා හිටපු අයට දැන් සනීපද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 596 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4215 24

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1620 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 664 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3843 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2870 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 321 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site