IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


චීනයේ වසර දෙක අයි.එම්.එෆ් ණයට ගැටළුක් ද?

(විමුක්ති එස් රුද්‍රිගු)

පැරිස් සමාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දිය යුතු යැයි නිර්දේශ කර ඇති වසර 10 ණය ආපසු ගෙවීම අත් හිටුවීමේ කාල සීමාව වෙනුවට චීනයේ එක්සිම් (අපනයන - ආනයන) බැංකුව මෙරටට ලබා දී ඇත්තේ වසර දෙකක කාලයක් වීම හේතුවෙන් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය  ලබා ගැනීමේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවට බලපෑමක් එල්ල කළ හැකි බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් සමාජය වසර 15 ක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු යැයි නිර්දේශ කර තිබෙන බවද ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

එසේම ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ පැරිස් සමාජයේ නිර්දේශවලට අනුකූලව ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දෙන බව දැනටමත් ලිඛිතව දන්වා අවසන් බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණයට සහය දැක්වීමට ඉන්දියාව තීරණය කරමින් වසර 10 ක ණය ආපසු ගෙවීමේ කාල සීමාව අත් හිටුවීමක් සහ වසර 15 ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාල සීමාවක් ලබා දීමට තීරණය කර ඇතැයි ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

චීන එක්සිම් බැංකුවේ කොන්දේසි හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වේදනාවන් තවත් ඉදිරියට දිග් ගැස්සී යාමට අවස්ථාවක් තිබෙන බවද එම පුවත්පත පෙන්වා දී ඇත.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති එකම විකල්පය වන්නේ ස්වෛරී හිඟ මුදල් පිළිබඳ ප්‍රතිපත්ති මත මෙරටට ණය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වීම බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

 



අදහස් (0)

චීනයේ වසර දෙක අයි.එම්.එෆ් ණයට ගැටළුක් ද?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 33 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 47 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 748 0

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 799 0

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 496 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


බීඩි කොළ ඇසුරුම් 40ක් සැකකරුවන් සමඟ මාට්ටු
2024 නොවැම්බර් මස 17 94 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site