IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘චැනල් ෆෝ‘ අලුත් සෙල්ලමක

යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් කඩවී ඇති හෙයින් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි යළිත් ජාත්‍යන්තර ප‍්‍රජාවට බලකරමින් මෙරට ආරක්ෂක හමුදාවන්ට එරෙහිව වාර්තා චිත‍්‍රපට නිපදවූ බි‍්‍රතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ නෝ ෆයර් සෝන් චිත‍්‍රපට කණ්ඩායම ශ්‍රී ලංකා විරෝධී නව ප‍්‍රචාරණ කටයුතු දියත් කොට ඇතැයි ජිනීවා තානාපති ආරංචි කියයි.

සඳුදා (14) ඇරඹෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය ඉලක්ක කරගනිමින් කැලම් මැක්රේ ඇතුළු මෙම චිත‍්‍රපට නිෂ්පාදන කණ්ඩායම අදාළ ප‍්‍රචාරණ කටයුතු දියත්කර ඇතැයි ද මොවුන් විසින් ශ්‍රී ලංකාවට කෙටි චිත‍්‍රපටයක් නිපදවා ඇති අතර එය මේ වන විට ඉංග‍්‍රීසි, ස්පාඤ්ඤ, දෙමළ, සිංහල, ප‍්‍රංශ සහ හින්දි භාෂා වලටද හඬකවා අන්තර්ජාලයට මුදා හැර ඇතැයි පැවසේ.

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුව පැවැත්වූ පරීක්ෂණයේ අවසන් වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම මේ මස 30 වැනිදා සිදු කෙරෙන හෙයින් ඔවුන් මෙලෙස ශ්‍රී ලංකා විරෝධී ප‍්‍රචාරණ ආරම්භ කර ඇති බව කියති.

ඉකුත් වසරේ මාර්තු මාසයේදී ජිනීවා මානව හිමකම් කවුන්සිලයේ 27 වැනි සැසිවාරයේ දී ලංකාවේ මෙරට පැවති යුද්ධයේදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් විනිවිද හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමෙරිකාව ප‍්‍රමුඛව එම කවුන්සිලයට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැරූ ස්ථාවරයට ඇමෙරිකාව සහාය දැක්වීමට ඉදිරිපත් වීම නිසා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණ නොකැඳවනු ඇතැයි වාර්තා වීමත් සමඟ මෙම ශ්‍රී ලංකා විරෝධී ප‍්‍රචාරණ දියත් කෙරෙන බවද ජිනීවා ආරංචි සඳහන් කරයි.



අදහස් (0)

‘චැනල් ෆෝ‘ අලුත් සෙල්ලමක

සොපී Monday, 14 September 2015 05:33 AM

මේ චැනල් ෆෝ නාඩගම නම් ඉවරයක් වෙන්නේම නැති පාටයි. (නි)

:       0       0

නාමල් Sunday, 13 September 2015 03:09 PM

රටේ කීර්ති නාමය රැකගමු... හමුදාවක් කියන්නේ දෙවියන් නෙමේනේ (බ)

:       0       0

සුජීව ප්‍රංශය Sunday, 13 September 2015 05:34 PM

කොටි කළ අපරාධ ගැන කවුරුත් කතාකරන්නේ නැහැ. අද සිංහල දෙමළ මිනිස්සු නිදහසේ ජීවත්වෙන්නේ හමුදාව නිසයි (නි)

:       0       0

තුවාන් Monday, 14 September 2015 07:10 AM

නාමල් - හමුදාවට ඔය වගේ විහිලු කතා කියා අපහස කරන්න එපා. ඔය කට්ටියගේ සේවය එක් වචනයකින් කියා නිම කළ නොහැක!!! (බ)

:       0       0

විජේසුන්දර Sunday, 13 September 2015 06:48 PM

මේවා නවත්වන්නේ කවදාද? (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 13 September 2015 07:12 PM

නාමල්,හමුදාවක් කියන්නේ නම් දෙවියන් නෙමෙයි තමයි. ඒත් යක්ෂයන් එක්ක සටන් කරලා උන්ගේ මව්බිම වෙත තිබු පෙරේත බැල්ම අඩපණ කළා.දැන් දෙවියන් ඇවිල්ලා.එම කරනලද ක්‍රියාදාමයන් එළියට දානවා එකින් එක. (නි)

:       0       0

සංකල්ප Sunday, 13 September 2015 08:33 AM

යුද්ධය අවසන් දවස් කිහිපයේදී දෙමළ ජනතාව මුදා ගැනීම අප රූපවාහිනියෙන් සජීවීව දුටුවා.එය තාමත් දැන් වගේ මතකයි...මානව උල්ලංඝනය අවැසි කිසිවෙක්, එවන් සජීවී දර්ශන ජනතාවට පෙන්වීමට ඉඩ නොදෙනු ඇති බවයි මගේ අදහස...ඉතින්,එය හමුදාවට දිය හැකි හොඳම සහතිකය නොවේද! (බ)

:       0       0

සරනපාල Sunday, 13 September 2015 10:59 AM

ඔය චැනල් ෆෝ එකේ ඩිරෙක්ටෝර් මහත්මය බැඳලා ඉන්නේ දෙමල නෝනා කෙනෙක්නෙ. (බ)

:       0       0

ටෙෂාන් Sunday, 13 September 2015 11:04 AM

මේගොල්ලෝ ඉරාක් නැත්නම් පකිස්තාන් වල මේගොල්ලන්ගේ හමුදාව වෙන ඒවා වල චිත්‍රපටි හදන්නේ නැත්තේ. (බ)

:       0       0

ක්‍රියේෂ් Monday, 14 September 2015 03:06 AM

නාමල් වගේ මිනිස්සු තමන්ගෙ දේශපාලනය වෙනුවෙන් ඕනෑම කෙනෙක් බිල්ලට දෙන්න හදන ජාතියේ අය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 58 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 334 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 53 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 410 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 342 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 874 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site