IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


චැනල් ෆෝ ගැන ආණ්ඩුවේ මත දෙකක්

(අංජුල මහික වීරරත්න)

රාජපක්ෂලාට  විරුද්ධව චැනල් ෆෝ නාලිකාව නැගූ චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කිරීමත් ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම චෝදනා විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරීමත් එකිනෙකට නොගැලපෙන හතරබීරි කතාවක් බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජුබුර් රහුමාන් මහතා පැවසීය.

ජනාධිපති යටතේ තිබෙන ආරක්ෂක අමාත්‍යංශය අදාල චෝදනාව ප්‍රතික්ෂේප කරන විට ජනාධිපතිවරයා චෝදනාව ගැන හොයන්න කමිටුවක් පත් කිරීම විහිළුවට කරුණක් නොවේ දැයි මුජුබුර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය.

ආරක්ෂක අමාත්‍යාංශය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරයා දන්නේ නැද්දැයි ප්‍රශ්න කළ මුජුබුර් රහුමාන් මහතා ආරක්ෂක ලේකම්වරයා අදාළ නිවේදනය නිකුත් කළේ ආරක්ෂක ඇමතිවරයාට නොකියා දැයි විමසීය.

ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ මේ පරස්පර හැසිරීමෙන් පෙනෙන්නට තිබෙන්නේ  මේ කාරණය සම්බන්ධයෙන් බරපතල ලෙස මත දෙකක් තිබෙන බව යැයි රහුමාන් මහතා කීය.

ආරක්ෂක ලේකම් කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයේදී  පමණක් නොව ඔහු ළඟින්ම ඇසුරු කළ පුද්ගලයෙක් බව කී  රහුමාන් මහතා එවැන්නකුගෙන් බලාපොරොත්තු විය හැක්කේත් එම චෝදනාව ප්‍රතික්ෂේප කිරීමක් බවද පැවසීය.

සමගි ජන බලවේගයේ මැද කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මුජුබුර්  රහුමාන් මහතා මේ බව කීය.

 



අදහස් (7)

චැනල් ෆෝ ගැන ආණ්ඩුවේ මත දෙකක්

මහසෙන් Monday, 18 September 2023 03:12 PM

මේක තමා මෙයාට අවසානේ. ලැබුණු ජොබ් එක... දවස ගානේ එනවා. මොනවා හරි කියනවා. යනවා. වෙන්න නගරාධිපති වෙලා. පාර්ලිමේන්තුවෙන් ආවා. අන්තිමට දෙකම නෑ නේද ලොක්කා...? අවසානේ මයික් ටයිසන් කෙනෙක් වුණා...

:       6       5

Ariyathilak Monday, 18 September 2023 05:40 PM

"නිසි විමර්ශනයක් කරන්න" 1. පාස්කු ප්‍රහාරය සම්බන්ධව නිසි විමර්ශනයක් කර සාධාරණ නිමාවක් සිදු වී නැත. 2. මෙහි අගමුල නිසියාකාරව නීත්‍යානුකූලව එළිදරව් වී නැත; 3. සෑම කරුණකම අග පිළිතුර වෙනුවට ඉතිරි වී ඇත්තේ "?" ප්‍රශ්නාර්ථයක්... 4. ආණඩුක්‍රම ව්‍යවස්ථාව, අපරාධ නීතිය, අධිකරණය අනුව උත්තර දීමට රජය බැඳී ඇත; එකී බැදීම අනුව තවමත් නිසිලෙස උත්තර ලැබී නැත; 5. පාස්කු ප්‍රහාරය පිළිබඳව අදාල වන්නේ එහි වින්දිතයින්ට හෝ කිතුදහම අදහන්නට පමණක් නොව රටේ සමස්ත පුරවැසියන්ටම අදාල වන බව; 7 " නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය" යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවෙන් පනවා ඇත; 8 සිදු වූ අපරාධයක් සම්බන්ධව, අපරාධය සිදු වූ රටේ ඒ අපරාධය නිසි පරිදි විමර්ශන කොට (රජය) විශේෂයෙන් ඒ රටේ ජනතාවට අවසාන ලෙස පිළිතුරු - උත්තර නො දීම; 9. ලෝකයේ යම් ස්ථානයක අපරාධයක් සිදුවුව හොත් එම අපරාධය පිළිබඳව නීතිය අනුව විමර්ශනය කොට අපරාධකරුවන් නීතිය හමුවට පත්කිරීම... ඒ අපරාධය සිදු වූ රටේ රජය අපොහොසත් නම් හෝ ඒ වගකීම ¡.නො සලකා හැරීම, ¡¡.නිසි ලෙස විමර්ශනය නොවීම...

:       0       3

Ariyatjilaka Monday, 18 September 2023 05:44 PM

ප්‍රතික්ෂේප කිරීම යුක්ති සහගත නැත" යන්නෙන් එම channel 4 පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා වැඩ සටහන අන්තර්ගතය සියල්ල "පිළිගත යුතු ය", "පිළිගත්තා" යන්න අදහස් නො කෙරේ.

:       0       0

Ariyathilaka Monday, 18 September 2023 06:50 PM

නැත... "ප්‍රතික්ෂේප කිරීම යුක්ති සහගත නැත" යන්නෙන් එම channel 4 පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා වැඩසටහන අන්තර්ගතය. සියල්ල "පිළිගත යුතුයි"... "පිළිගත්තා" යන්න අදහස් නොකෙරේ...

:       0       0

pj Tuesday, 19 September 2023 04:21 AM

ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු ඇතිවන විනිවිද බවේ ප්‍රශ්ණයට විමර්ශනයකින් පිළිතුරු ලැබෙන බව රනිල් දනී. ඔබ නොදනී.

:       0       0

Bamunuarachchi Tuesday, 19 September 2023 11:24 AM

ඉහිරුන කිරට බළලුත් සාක්කිලු. වැඩේ කරපු ගොයියෝ දැන් වැඩේ කණපිට ගහන්න හදනවා.

:       0       0

Ariyathilaka Tuesday, 19 September 2023 01:14 PM

¡¡¡. සිතාමතා පැහැර හැරීම, ¡v. අපරාධය කුමන ආකාරයකින් හෝ අවසන් විසදුමක් සාධාරණ සැකයෙන් ඔබ්බට දීමට උත්සාහ නො කිරීම. හෝ වේ නම් එවැනි විටක එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුව (මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය) සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව අන්තර් ජාතික සම්මුතිය අනුව, ලොව වෙසෙන ඕනෑම පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හෝ සිවිල් සංවිධානයකට හෝ ජන මාධ්‍ය ආයතනයකට හෝ රාජ්‍යයකට හෝ රාජ්‍ය ඒකාබද්ධ සංවිධානයකට හෝ තත් අපරාධය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ඒ අපරාධය පිළිබඳව ¡. සොයා බැලීම, ¡¡. ගවේශනය කිරීමට, ¡¡¡. ගවේශනය කොට එළිදරව් කිරීමට ¡v. මාධ්‍යවලින් එළි කිරීමට, ව්ද්‍යුත්,මුද්‍රිත, වාර්තා වැඩ සටහන් එළි දැක්වීමට, v. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීමට , v¡. වෙනත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට මැදිහත් වන ලෙස ආයාචනා කිරීමට, v¡¡. ලෝකයේ අන්‍ය රාජ්‍යයන් දැනුවත් කිරීමට , හිමි කම් ඇති බව; යන හේතු අනුව චැනල් 4 (channel 4) වෙතින් එළි දැක්වා ඇති පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා වැඩ සහහන පිළිබඳව නිසි විමර්ශනයකින් තොරව එහි අන්තර් ගතය ප්‍රතික්ෂේප කිරීම යුක්ති සහගත නැත;

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 152 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 262 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 179 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 139 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 483 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 98 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 280 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1335 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site