IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


චැනල් ෆෝ නිෂ්පාදකට අපුරේදී විරෝධතා

ශ්‍රී ලංකාවට  යුද අපරාධ චෝදනා කරමින් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ ඒකපාර්ශික චිත්‍රපටයේ නිෂ්පාදක කැලම්  මැක්ක්‍රේ වව්නියාව බලා යන දුම්රිය අනුරාධපුරයේ දී නතර කළ පිරිසක් ඔහුට එරෙහිව විරෝධයක් ඇරැඹූහ.

 

 



අදහස් (0)

චැනල් ෆෝ නිෂ්පාදකට අපුරේදී විරෝධතා

කැස්පර් Wednesday, 13 November 2013 12:20 PM

මේ වන විටත් කෝච්චිය අනුරාධපුර ස්ටේසන් එකේ. (ස)

:       0       0

අභය Wednesday, 13 November 2013 05:02 PM

මේවායින් තහවුරු වෙන්නේ වැඩේ සිද්ධ කළා කියලයි. ලෝකම ඒකපාර්ශවීය නිසා ප්‍රශ්නයක් නැහැ. එහෙම කළා කියලා ඔප්පු වුණත්, ලෝකෙ ලොක්කන්ට ඕනෑ විදියට කරනවා නම් අමුතුවෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

රාධා Wednesday, 13 November 2013 12:20 PM

මේවා කැත වැඩ.එන්න කියලා වීස දීලා ආවට පස්සේ කෙනෙහිලිකම් නොකළ යුතුයි.පුවත් ආවරණය සදහා විදේශිය මාධ්‍යවේදියෙකු නීත්‍යනුකුලව වීසා සහිතව පැමිණියහොත් ,ඔහුට නිදහසේ එම කටයුතු කරගැනීමට ඉඩ දිය යුතුය. (නි)

:       0       0

කැස්පර් Wednesday, 13 November 2013 12:24 PM

චැනල් 4 ලොක්කට දැනගන්න ඕන කරලා තිබ්බේ, එයා කිළිනොච්චි යනවා කියලා අනුරාධපුර ජනතාව දන්නේ කොහමද කියලා. අනුරාධපුර ජනතාව කියන්නේ ‍ලෝකේ වෙන දේවල් ගැන හොඳ අවධානයෙන් ඉන්න ජනතාවක්. ඒක එයා දැනගන්න ඕන. (ස)

:       0       0

බමුණු Thursday, 14 November 2013 06:53 AM

මෝඩ වැඩ නොකර ඉන්න.අපට තිබෙන්නේ ඔවුන්ව ගණන් නොගෙන ඉන්න එකයි. (නි)

:       0       0

නන්දන Wednesday, 13 November 2013 12:27 PM

අපි හොඳ නම් බය වෙන්නේ මොකටද.කතා කිරීමේ නිදහස ලිවීමේ නිදහසේ වැඩ කරගෙන යන්න. එයාට රජයෙන් අවසර දීල නේද? (ස)

:       0       0

ඩිමෝටර් Wednesday, 13 November 2013 05:07 PM

සමහරු මෙයාට ඇති නිදහස ගැන කතාකළාට,රිංගා යාහැකි සිදුරෙන් මෙතුමාලා අපිට වැඩේ දෙනවා. මොහු විසින් කොටින් කළ කිසිම නරකක් වාර්තා කර නැති බැවින් ඔහුට රටට ඇතුළු වීමට අවසරදීමත් නොවිය යුතුව තිබුනා (නි)

:       0       0

සෝමලතා Wednesday, 13 November 2013 12:29 PM

එන්න කියලා ආරාධනා කරලා ඊට පස්සේ වීසාත් දීලා දැන් විරෝධතා කරනවා. අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා. (නි)

:       0       0

ආනන්ද Wednesday, 13 November 2013 12:32 PM

යාපනෙත් උද්ඝෝෂණයක් කරන්න සිහලුනේ ......නියමයි (ස)

:       0       0

රොහාන් Wednesday, 13 November 2013 12:33 PM

ඔවුන්ට ලංකාවට එන්ඩ දුන්න එක හොඳයි මොකද 'උන් දැනගන්ඩ ඕන ලංකාව කියන්නේ කොච්චර උතුම් රටක්ද කියලා. (ස)

:       0       0

සුදත් රෝහණ Wednesday, 13 November 2013 12:36 PM

අපේ මිනිස්සු මෝඩයි. මොනවට මෙයාව පුම්බනවද ? (ස)

:       0       0

මර්ස් Wednesday, 13 November 2013 12:44 PM

රටට ආව මිනිහෙකුට ඔහොම කරන්න එපා. අපේ සිංහලකම පෙන්වන්න. වැරදි නැති ජාතියක් කියලා. (ස)

:       0       0

සුදත් Wednesday, 13 November 2013 12:57 PM

සනත්,කටාර්,ඔබ හරි. අපේ අය දුම්රිය පොළ ගිනි නොතියා ගියොත් ලොකු දෙයක් (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 13 November 2013 05:38 PM

බලලා එන්න ඉඩ දුන්නා නම් හොඳයි. අපි බිය විය යුතු නැහැ. ලංකාව වැරදි කරලා නැති බව ගියා නම් තේරෙයි. කොහොමත් එංගලන්ත අගමැතිතුමා යනවනේ. (නි)

:       0       0

ජයන්ත Wednesday, 13 November 2013 01:06 PM

පිස්සු වැඩ නොකර පැත්තකට වෙන්න. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ධම්ම Wednesday, 13 November 2013 01:08 PM

ජනාධිපතිතුමා මැක්රේට දුන්නු උත්තරය හොඳටම ඇති. එයාට නිදහසේ රට වටේ යන්න ඉඩ දෙන්න. (ස)

:       0       0

සෙනරත් Wednesday, 13 November 2013 01:11 PM

බැරිද මෙයාට කියල කොටින්ගේ වීඩියෝ එකක් ලෝකෙටම විකාශනය කරවන්න. (ස)

:       0       0

ශාන්ත Wednesday, 13 November 2013 01:15 PM

ලංකාව කොච්චර මෝඩද ? (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Wednesday, 13 November 2013 01:22 PM

මෙයාට කැවුම් කිරිබත් ටිකක් එක්ක ලුණු මිරිස් ටිකක් කවන්න. (ස)

:       0       0

සිරානි Wednesday, 13 November 2013 01:25 PM

මේ ඉන්න අය ටිකට් අරගෙනද ඇතුලු වුනේ දුම්රියපොලට. (ස)

:       0       0

ජමිස් Wednesday, 13 November 2013 05:57 PM

අනේ මනෝජ්, ඇත්තම කියයි එතකොට. (නි)

:       0       0

රකිත් Wednesday, 13 November 2013 01:42 PM

අපේ විරෝධය පෙන්වන්න ඕනෑ මෙයා කරන වැඩවලට! (නි)

:       0       0

මොහමඩ් Wednesday, 13 November 2013 01:46 PM

මේක මෝඩ වැඩක්. එයාට උතුරට ගිහිල්ලා අපේ රටේ සංවර්ධනය පෙන්නන්න ඕනෑ. කොටින්ගේ කාලේ සහ දැන් තිබෙන දියුණුව පෙන්නන්න ඕනෑ. උතුරේ සහ දකුණේ මිනිස්සු සමගියෙන් සහ සාමයෙන් ඉන්න හැටි පෙන්නලා කොටින්ට පන්දම් අල්ලන එක නවත්තන්න ඕනෑ. (නි)

:       0       0

උපාලි Wednesday, 13 November 2013 01:54 PM

"මේ විරෝධය දැක්වීමේ කිසිම වරදක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක විරෝධතා මර්දනය කළ හැකිද? මර්ධනය කළ යුතුද? කොහෙත්ම නැහැ. එවැනි සාමකාමී විරෝධතාවලට අවහිර කළ නොහැකියි". අපේ ජනාධිපතිතුමා බ්‍රිතාන්‍යයට ගිය හැමවිටම කොටි මොන තරම් විරෝධතා පෑවද? සාමකාමී නොවන විරෝධතාත් තිබුනා. ඒ වෙලාවේදී බ්‍රිතාන්‍යය දුන්න උත්තරේ තමයි මම මුලින් ලිව්වේ. ඒ උත්තරේ ඇත්තෙන්ම හරි. (නි)

:       0       0

තරිදු Wednesday, 13 November 2013 01:55 PM

අපි ටිකට් ගත්තේ නැහැ. ඇයි ප්‍රශ්නයක්ද? අනික මේවා කියන ඔයාල ලංකාවේ නෙමෙයිද? (නි)

:       0       0

මාලක Wednesday, 13 November 2013 02:03 PM

සනත් ඔබ හරි. (නි)

:       0       0

කුමාරන Wednesday, 13 November 2013 06:18 PM

මලීෂා, ඔයා කියන්නේ ඇත්ත. මමත් දැක්කා. (නි)

:       0       0

සම්පත් Wednesday, 13 November 2013 02:15 PM

සිරානි, ඔබත් ලාංකිකයෙක් වෙන්න බලන්න. එකමුතුව සටන් කරන්න මේ වගේ දේකට කොහොම හරි ඇතුලට එන ක්‍රම ඕන තරම් තියනවා. රටට ආදරේ නැති උන් ඉන්නකම් මකරු වැඩ දානවා. (ස)

:       0       0

ෆර්සානා Wednesday, 13 November 2013 02:17 PM

මට හමුවුනොත් ඔය මැකරගේ කන පලනවා. (ස)

:       0       0

කමලා . Thursday, 14 November 2013 09:51 AM

කෝච්චියේ ගිය අහිංසක ජනතාව පව්.(දී)

:       0       0

සුදත් Wednesday, 13 November 2013 02:33 PM

ෆර්ෂානා,මේ පවත්වන්න යන්නෙ ගහන මරණ උත්සවයක් නොවෙයි. (නි)

:       0       0

කිර්ති Wednesday, 13 November 2013 02:41 PM

ඔහුට වීඩියෝ දර්ශන ලබාදුන්නේ අපේ හමුදාවේම අය කියලා එයා පසුගිය දවසක කියලා තිබුනා. අන්න ඒ අයටයි විරෝධය පළකරන්න ඕනෑ (නි)

:       0       0

නාමල් Wednesday, 13 November 2013 02:41 PM

ෆර්සානා, ඔයා හරි.අපේ රටට ඕනෑ ඔයාලා වගේ කෙල්ලෝ තමයි (නි)

:       0       0

ලහිරු Wednesday, 13 November 2013 02:41 PM

ඔය ජෝන් කියන කෙනා පුනරුත්තාපනය වුණ කෙනෙක්ද. (නි)

:       0       0

දිලුම් Wednesday, 13 November 2013 02:42 PM

මේක වැරදියි. කරන්න තිබුණේ සද්ද නැතුව ඉන්න. උද්ඝෝෂණ කරනවා කියන්නේ ඒකෙ මොකක් හරි ඇත්තක් තියෙනවා කියන එකයි. ඔය කරන එකෙන් වෙන්නේ ලංකාවේ නම ැත වෙන එක (නි)

:       0       0

රන්ජනී Wednesday, 13 November 2013 02:48 PM

මෙහෙම කරන එකත් හොද දෙයක්. සද්ද නැතුව නිදහසේ යන්න දුන්නා නම් තවත් හොද වීඩියෝ ටිකක් බලන්න තිබුනා.ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියලා හිතාවි. රජරට මිනිසුනේ, ඔබලාට අපි ස්තුතිවන්ත වෙනවා.රටේ ජනාධිපතිතුමා යුතුකම් ඉටු කළා.රටට ආදරේ ඇති මිනිසුන් මේ කරන්නේ විශාල යුතුකමක් කියලා මම හිතන්නේ. (නි)

:       0       0

මලීෂා හංසි Wednesday, 13 November 2013 03:00 PM

චැනල් 4 සෙට් එකට උතුරට යන්න දෙන්න ඕනෙ කියන සියලුම දෙනාට, ඔයාලා හිතාගෙන ඉන්නෙ ලංකාවට අවට පස්සෙ ඔය සෙට් එක තමන්ගෙ සියලුම මත වෙනස් කරල උතුරට හිගින් ඇවිල්ලා එල්ටීටීඊ එක කරපු මිනිමැරුම් ලෝකෙට කියයි කියලද? ඔය කට්ටිය ආවේ සැලැස්මකට.ඒකනෙ ආව ගමන් අර අහවලා හම්බවෙන්න ගියේ.මොනවා උනත් අනුරාධපුරේ කට්ටිය කරලා තියෙන්නෙ හොඳ දෙයක්. (ස)

:       0       0

ප්‍රමුඛ. Wednesday, 13 November 2013 03:07 PM

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, විරුද්ධ මත දරන්නන්ට ඇති අවකාශය, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට පවත්නා ඉඩ කඩ කෙබඳුද යන්න මුළු ලෝකයාටම මේ තුලින් පසක් වේවි.සිංහල අන්තවාදීන්ගේ හැසිරීම තේරුම් ගනීවි. (ස)

:       0       0

ශ්‍රී Wednesday, 13 November 2013 03:18 PM

ඇයි අපේ ජනාධිපතිතුමාට එන්න කියල යූකේ වලට එක සැරයක්. ඊට පස්සේ එතුමා යන හැමතැනදිම කොටින්ට උද්ඝෝෂණ කරන්න ඉඩ දුන්නේ එයාල..... ඇයි අපිට බැරි ..චැනල් 4 එකට විරුද්ධව උද්ඝෝෂණන කරන්න. (ස)

:       0       0

නඩරාජා Wednesday, 13 November 2013 03:29 PM

සිංහල දෙමල බේද වැඩි කරන්න ආපු එක උගුලක් තමයි මෙක්රේ කාරයා. (ස)

:       0       0

කුමාරන Wednesday, 13 November 2013 03:40 PM

මනෝජ්, හැදියාව පෙන්නන්න ඕනේ මනුස්සයන්ට.ඔය මිනිහා මනුස්සයෙක් නොවෙයි.අපි හැදියාව ඕනෙවට වඩා පෙන්නන්න ගියොත් පස්ස පැත්තවත් ඉතුරු කරන එකක් නැහැ. (ස)

:       0       0

හේමන්ත Wednesday, 13 November 2013 03:40 PM

චැනල් ෆොර් පෝ... (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 13 November 2013 03:41 PM

"ශ්‍රී 2013-11-13 15:18:16" ඔබේ ප්‍රතිචාරය අගය කරනවා..මක්රේ වර්තමානය ගැන නෙමෙයි අතීතය ගැන ෆිල්ම් ගහන කෙනෙක් ..එයාට මේ සාමෙන් වැඩක් නැහැ..යන්නේ තව කුණු එකතු කර ගන්න ඊලඟ ෆිල්ම් එකට.. (ස)

:       0       0

සිංහ Wednesday, 13 November 2013 03:48 PM

මේ වගේ දේවලුත් තියෙන්න අවශ්‍යයි ... (ස)

:       0       0

දම් Wednesday, 13 November 2013 03:57 PM

දයාබර ජෝන්, ඔයා ඇත්ත දන්නේ නෑ කියන එකවත් ඔයාට තේරෙන්නේ නෑ, තමුන් කිසිදෙයක් දන්නේ නෑ කියල නොදන්නා ඔය වගේ කට්ටිය මෝඩයෝ... (ස)

:       0       0

ෂෆීක් Wednesday, 13 November 2013 04:00 PM

චෝග්ම් කවර් කරන්න ආවා නම් ඒක කරගෙන යන්න ඕනේ. අනවශ්‍ය ප්‍රශ්න දාන්නේ නැතිව. (ස)

:       0       0

සත්‍යපාල Wednesday, 13 November 2013 04:40 PM

මුළු රටක් ලෝකය ඉදිරියේ නින්දාවට පත් කරන්නට චිත්‍රපටි හදපු එකෙකුට විරුද්ධව කොන්දක් ඇති මිනිස්සු විරෝධතා දක්වනකොට භය වෙන්නේ නිවට පරගැති බියසුල්ලෝ. (නි)

:       0       0

ජෝන් Wednesday, 13 November 2013 11:49 AM

මිනිසුනේ ඇත්ත දන්නැතුව නිකන් බොරු වැඩ කරන්න එපා. (ස)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Thursday, 14 November 2013 06:03 AM

සෝමලතා නංගියේ, ආරාධනා කළේ එක කට්ටියක්. විරෝධතා දක්වන්නේ තව කට්ටියක්.මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ හැටි. (නි)

:       0       0

මනෝජ් Wednesday, 13 November 2013 12:06 PM

මෝඩ කමට විරෝධතා උපවාස කරලා තේරුමක් වැඩක් නෑ. ඒ මනුස්සයට අපි පෙන්වන්න ඕනේ අපේ රටේ හැදියාව ආගන්තුක සත්කාරය වගේ හොඳ ගතිගුණ. (ස)

:       0       0

සනත් - කටාර් Wednesday, 13 November 2013 12:16 PM

මේවා පාලකයොන්ගෙ වැඩ .රටේ මිනිස්සු අතරට යන්න බැරි නිසා අහිංසක මිනිස්සු ටිකක් ඉස්සරහට දාල වීරයෝ වෙන්න හදනවා.මක්රේ ට වඩා හානියක් ඔය මිනිස්සු රටට කරලා තියනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 768 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2044 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 414 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 165 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 184 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1533 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14618 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 31 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 109 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site