IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


චැනල් ෆෝ පිරිස පන්නනු

බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකා වේ කැලම් මැක්රේ ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ පැමිණ ජාතික සමගිය නැති කිරීමට පැමිණ ඇති බැවින් ඔවුන් රටින් පිටුවහල් කරන්නැයි  කියන උද්ඝෝෂණයක් වවුනියාව දිසාපති කාර්යාලය ඉදිරිපිට දී දැන් පැවැත්වේ. සිංහල, දෙමළ හා මුස්ලිම්වරු  සටන් පුවරු රැගෙන උද්ඝෝෂණය කරති.



අදහස් (0)

චැනල් ෆෝ පිරිස පන්නනු

ඉන්ද්‍රකීල Thursday, 14 November 2013 10:19 PM

රංජිනී, දැනුත් ch 4 තව මඩ බොරු ෆිල්ම් හදනවා.එයාලට ගෙවන විදියට වැඩ කරන්න වෙනවනේ. ගෙවන්නේ කවුද කියලත් කතා කරන්න.? එයාල උතුරේ දේශපාලකයන්ටත් සල්ලි දෙනවා කියලා ආනන්ද සාගරී මාද්‍ය වලට කියලා තිබුනා. මේවා විශාල ප්‍රශ්න රටට තියෙන, (දී)

:       0       0

අජිත් Thursday, 14 November 2013 05:44 PM

කලන, ඔයා හිතන්න එපා මිනිස්සු මෝඩයි කියලා. අමතක කරන්න එපා තරාදියක දෙපැත්තක් තියෙනවා. (නි)

:       0       0

ඇසළ Thursday, 14 November 2013 05:51 PM

සොබනාට තාමත් සුද්දන්ට ආවඩන එක නවත්තන්න බැහැ වගේ. ඇයි සිංහල අපි කළුද. තමා තමාගේ මුහුණට කෙළ ගසා ගැනීමක් වගේ.අපි එකමුතු විය යුතුයි. (නි)

:       0       0

රන්ජනී Thursday, 14 November 2013 06:04 PM

වීසා දුන්නේ ඕකට තමා. දැනගන්න ඇතිනේ ලංකාවේ මිනිස්සු රටට ආදරේ කරන තරම. ඔහොම නොකළා නම් මැක්රේට ඕනෑ විදිහට වැඩ ටික කරගන්නවා. ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියලත් කියාවි.ඔබලාට ජය! (නි)

:       0       0

මුතුකුඩ Thursday, 14 November 2013 06:05 PM

චැනල්4ට වීසා දීලා ලංකාවට ගෙන්නලා දැන් කෑ ගහනවා මැක්රේ පන්නමු මැක්රේ පන්නමු කියලා.මැක්රේ දුෂ්ඨයා වෙලා ජනතාව නලුවෝ වෙලා.ඉතින් මීට වඩා චිත්‍රපට ලෝකයේ කොහෙද තියෙන්නේ? (නි)

:       0       0

සොබනා Thursday, 14 November 2013 06:07 PM

රාජ්‍ය නායකයන් ලංකාවේ තියාගෙනම අපි ලෝකෙටම පෙන්වලා දෙනවා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකයි කියලා. (නි)

:       0       0

සොබනා Thursday, 14 November 2013 06:09 PM

ලෝකයේම ඉන්නේ ලංකාවේ වගේ කට්ටිය කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නේ. (නි)

:       0       0

කුමාරන Thursday, 14 November 2013 06:09 PM

රත්තරන් මිනිසුනේ,ඔබ බත් කන ජාතියක් බව පෙනෙනවා.ඔබලාටත් ඔබ වැනි කොන්දක් තිබෙන දුවරු,පුතණුවන් මෙලොවට බිහි කළ දෙමාපියන්ටත්,ත්‍රිවිධ රත්නත්‍රයේ සහ දෙවියන්ගේ පිහිටයි. (නි)

:       0       0

සොබනා Thursday, 14 November 2013 06:11 PM

ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ පැමිනීමටත් මේ වගේ උද්ඝෝෂණ කරන්නකෝ.එතකොට අපිට හිතාගන්න පුළුවන් ලංකාවට ආදරේ අය ඉන්නවා කියලා. (නි)

:       0       0

කුමාරසිරි Thursday, 14 November 2013 06:11 PM

වීසා දුන්නේ පවතින රජයෙන්, උද්ගෝෂණය කරන්නේ කොටින්ගෙන් බැට කෑ මහජනතාව. මේක තේරුම් ගන්න බැරි අයත් ඉන්නවා . (නි)

:       0       0

කුමාරන Thursday, 14 November 2013 06:23 PM

ැනල් 4 එකේ මීළග ත්‍රාස‍ජනක චිත්‍රපටියේ ප්‍රධාන චරිතේ අපේ සොබනාට දෙනවලු. (නි)

:       0       0

ජූඩ් Thursday, 14 November 2013 06:25 PM

කුමාරන, බත් කන එක කෙසේවෙතත්, අනාගෙන කන වගනම් පේනවා. (නි)

:       0       0

රොහාන් Thursday, 14 November 2013 06:27 PM

මං හිතන්නේ,කළණ හොද නුවණක්කාරයෙක් වගේ.මං අහන්නේ දැන් උද්ඝෝෂණය කරන අපේ කොල්ලෝ මෝඩයෝද? කලන 'මෝඩකමට නෙමෙයි, හිතේ තිබෙන කැක්කුමට'. චැනල් ෆෝ නාලිකාව අපේ මවුබිමට කොච්චර මඩ ගැහුවද? ඒවා අපට අමතක කරන්න පුලුවන්ද .....? (නි)

:       0       0

දොන්සේතං Thursday, 14 November 2013 06:34 PM

මැක්රේලා චිත්‍රපටි ගහනවා. පැකර්ලා කැසිනෝ ගහනවා. අපි ගමේ ඉදන් කසිප්පු ගගහා බුරු ගහනවා. අපේ මල්ලි බුකියේ ඉදන් රේස් දානවා. මැති අැමතිගොල්ලෝ පගා ගගහා කොමිස් ගහනවා. කාටද අාඩම්බර? (නි)

:       0       0

පසන් Friday, 15 November 2013 03:44 PM

මෙතන දකින සමහර අයෙග අදහස් දැක්කම මට හිතෙන්නෙ කියාගන්න බැරි දුකක්. අපි අවුරැදු 30ක් යුද්දෙන් විඳෙවුවා. මෙතන අදහස් දක්වන බොහෝ දෙනෙක් යුද්දෙ මොනවගේද කියලවත් දැනිලා නැති අය ගානයි. ගොඩක් සිංහලෙයෝ හිතන්නෙ පක්ෂ, පාට, ජාති ආගම් කරපින්නා ගෙන. ඒක තමා අපේ රටට තියන බරපතලම විනාශේ. අපේම අම්මලගෙ දරුවො තමන්ගෙ ඇස් ඉස් මස් ලේ දන් විතරක් නෙවෙයි තමන්ගෙ ජීවිත පවා දන් දීලා මේ රට අද බෝම්බයක් පුපුරන්නෙ නැති, කාටත් නිදහසේ පාරෙ බැහැලා යන්න පුලුවන් රටක් බවට පත් වෙලා තියනවා. මෙතන අදහස් දාලා තියන සමහර අය ගැන මට හිතෙන්නෙ මේ වගේ දෙයක්. තමන්ගෙ සාක්කුව පිරෙන්නෙ නැති ඒක ගැන දුක්වෙන, යුද්දෙ වවාගෙන කාපු, තමන්ගෙ දහඩිය මහන්සියෙන් හම්බ කරන් කන්න බැරි. පිටරට වලට කත් අදින, බංකොලොත් දේශපාලන මත දරන, පිරිසක් කියලා. අපිට තියෙන්නෙ එක රටයි. අනෙක ඔය මාධ්‍ය කාරයෝ ටික අපි අවුරැදු 30 ක් යුද්දෙන් දුක් වෙද්දි අපේ අයිතිවාසිකම් ගැන කාතා කෙරුවද? ඔය අද ගිරිය පුප්පන් කෑගහන අය එදා නිදන් ද හිටියෙ. පිටරට සල්ලි වලට තමන්ගේ ආත්ම ගරුත්වය පාවලා නොදී හොඳ සිංහලයෙක් වෙන්න උත්සහ කරපන් යාලුවේ. මේ අපේ රට. මේ අයිති අපට. මේක රකින්න ඕනේ අපි. කොහේවත් යන මිනි කාක්කන්ට ගැති වෙලා නෙවෙයි. (ස)

:       0       0

සිහින කුමාර Friday, 15 November 2013 02:42 AM

සොබනා සුද්දන්ට ආවඩනවා වගෙයි (නි)

:       0       0

සම් Friday, 15 November 2013 12:03 PM

සිංහල මුස්ලිම් ද්‍රවිඩ ජනතාවට අපගේ උපහාරය. අප එකට නැගී සිටියොත් කිසිවෙකුට අප පාගා දැමීමට නොහැකිය. මුන් හදන්නේ නැවත යුද්ධයක් ඇති කර බඩ වඩා ගැනීමයි. නැවතත් අන්තවාදීන්ට අපේ නිදහස් නැති කර දැමීමට ඉඩ නොතබමු. (ස)

:       0       0

රොබෙර්ට් Friday, 15 November 2013 03:25 AM

මෝඩ මිනිසුනේ, මේවා කරන්නේ කවුද කියලාවත් තේරුම් ගන්න බැරී මෝඩයෝ වගේ අදහස් දාන්නා එපා. ඒකෙන් වෙන්නේ තමන්ගේ මෝඩකම පේන එක විතරයි. ලංකාවේ ඉන්නේ මෙච්චරම මෝඩයෝද කියලා හිතෙනවා. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා ටත් වඩා පහළට යන්න එපා (නි)

:       0       0

සිරානි Thursday, 14 November 2013 03:59 PM

මෙයාට වීසා නොදී හිටියා නම් ඉවරනේ. එන්න කියල දැන් පිස්සු කෙලිනවා. (ස)

:       0       0

ජයසිංහ රංජනි Thursday, 14 November 2013 04:02 PM

හොඳයි. (ස)

:       0       0

ශාන් Thursday, 14 November 2013 04:18 PM

රතුපස්වල මිනිසුන් මෙන් නොව රටට සැබෑවටම ආදරේ කරන මිනිසුන් කොටසක්..ඔබලාට ජාතියේ උපහාරය.. (ස)

:       0       0

චන්දි Thursday, 14 November 2013 04:29 PM

ඔය වගේ අයට වීසා දුන්න එකයි මම දකින ප්‍රධාන වැරැද්ද (නි)

:       0       0

සුමිත් Thursday, 14 November 2013 04:32 PM

ශාන්, රතුපස්වල මිනිසුන්ද හඬ නැගුවේ මේ රට වෙනුවෙනි. මේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙනි. (නි)

:       0       0

සුභාෂිණි Thursday, 14 November 2013 04:42 PM

යුද්ධයෙන් දුක් විඳපු අය දන්නවා ආයේ යුද්ධයක් ඇති වුණොත් කව්ද විඳවන්නේ කියලා. මේ මිනිස්සු ප්‍රායෝගිකයි.පිටරටවල ඉදන් නම්බුව ගැන හිතුවට මේ මිනිස්සුන්ට ඕනෑ අායෙත් යුද්ධයට පණපොවන්න නෙමෙයි (නි)

:       0       0

නීල් Thursday, 14 November 2013 04:42 PM

සිංහල, දෙමල ,මුස්ලිම් සහෝදරවරුනි මෙවැනි මොහොතක අපි ශ්‍රී ලාංකිකයෝ ලෙස හැසිරීම ඉතාම හොද දෙයක්. අපි අතර සුළු ප්‍රශ්න තිබුනත් පිටතින් බාධක එනවිට හැමදෙනාම එකමුතු වෙමු. (නි)

:       0       0

රොෂාන් Thursday, 14 November 2013 04:59 PM

හිස නමා ඔබ සැමට ආචාර කරනවා (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Thursday, 14 November 2013 05:05 PM

අපි ළඟ වැරදි තියාගෙන පිස්සු නැටුවට වැඩක් තිබෙනවද? බොරු වැඩ. (නි)

:       0       0

සුමිත් Thursday, 14 November 2013 05:09 PM

එයාලා ඇවිල්ලා ලංකාවේ ඇත්ත තත්ත්වය ලෝකයට පෙන්නුවට කමක් නැහැ. එතකොට අපේ තිබෙන දුර්වලකම් හදාගන්න පුළුවන් (නි)

:       0       0

කුමාරි Thursday, 14 November 2013 05:15 PM

සිංහල ,දෙමල, මුස්ලිම් ඔක්කොම කියන දේ අහලා ඔයාව කරුණාකර යවන්න. (නි)

:       0       0

වසන්ත Thursday, 14 November 2013 05:15 PM

මෙයාව අැයි ඉතින් ගෙන්නුවේ? (නි)

:       0       0

වසන්ත Thursday, 14 November 2013 05:16 PM

මුළු ලංකාවම එක පාරට පාරට බැස්සොත් මෙයා බයවෙයිද? (නි)

:       0       0

ඉම්රාන් Thursday, 14 November 2013 05:22 PM

වීසා දුන්නේ ලංකාවේ ආණ්ඩුවයි මෙයාලට එන්න. ඉතින් ඇයි නිකම් බොරුවට පාරට වෙලා උද්ගෝෂණ පවත්වලා තමුන්ගේ වටිනා කාලය නාස්ති කරන්නේ? ඔහේ කිසිම තේරුමක් නැතුව උද්ගෝෂණ පවත්වනවා. (නි)

:       0       0

නිලා Thursday, 14 November 2013 10:01 PM

එන්න කියල පාවාද දාලා පන්නන වැරදිනේ........ (දී)

:       0       0

අජිත් Thursday, 14 November 2013 05:29 PM

නියමයි. ඔහොම යමු. රටට ආදරේ කරන මිනිසුන්. ඔබලාට ජය! (නි)

:       0       0

තාරුක Thursday, 14 November 2013 10:07 PM

ගෙන්නුවේ පන්නන්නද? (දී)

:       0       0

කලන Thursday, 14 November 2013 05:31 PM

මෝඩ මිනිසුනේ, පිස්සු වැඩ කරන්නේ නැතුව තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න (නි)

:       0       0

සොබනා Thursday, 14 November 2013 05:33 PM

ලංකාවේ මෝඩයෝ රැවැට්ටුවට ලෝකයා රවට්ටන්න බැහැ. (නි)

:       0       0

අෂි Thursday, 14 November 2013 10:09 PM

සොබනා. විරෝදය පාන්න මිනිස්සුන්ට තියෙන නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ එකක් කියලා දන්නේ නැද්ද? (දී)

:       0       0

ජානි Thursday, 14 November 2013 10:12 PM

කලන, අපිට සුළු ජාතියක් වෙන්න වුනේ ඔයාල වගේ ආත්මාර්ථකාමී මිනිස්සු නිසයි. හරි දුකයි ඇයි මෙහෙම වුනේ කියලා. දැන්වත් හිත දියුණු කරගන්න. (දී)

:       0       0

සකුරුන්ද Thursday, 14 November 2013 10:15 PM

රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බ අය ගැනයි කතා කරන්න ඕනේ, ශාන් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 20 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 83 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 550 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 717 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 61 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


බදුල්ල සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 77 0

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14605 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 198 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site