IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


චැනල් 4 කට්ටියට තතු පහදයි

ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භවීමට පෙර දින එම ගොඩනැගිල්ලේදීම ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර පෙන්වාදුන් " යුද්ධයේ අවසන් අදියර" නම්වූ වාර්තා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනු ලැබිය.

ස්වාධීන වාර්තා චිත්‍රපට සමාගමක් මඟින් නිෂ්පාදනය කරන ලද එමඟින් යුද්ධය පැවති කාලයේ උතුරු නැගෙනහිර පදිංචිව සිටි අහිංසක දෙමල ජනතාවට කොටි සංවිධානයේ ක්‍රියා කාරකම් නිසා විඳින්නට සිදුවූ අමානුෂික දුක් ගැහැට පිලිබඳව එම සිද්ධී වලට මුහුණදුන් අයගේ අත් දැකීම් උපයෝගී කර ගනිමින් අව්‍යාජව සාකච්ඡාවට ලක් කැර තිබිණි.

ජිනීවා මානවහිමිකම් සැසිවාරයට පැමිණ සිටි නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් එම චිත්‍රපට දර්ශනයටත් අනතුරුව පැවැත්වූ සාකච්ඡා වටයටත් සහභාගි වුහ.

ඒ සඳහා ජිනීවා සම්මේලනයට ශ්‍රී ලංකාවෙන් සහභාගිවූ නියෝජිත පිරිසේ සාමාජිකයින් සහ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ පදනම සහ එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා වූ කමිටුවේ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.

එදින පැමිණ සිටි මාධ්‍යවේදීන් අතර බ්‍රිතාන්‍යයේ චැනල් 4 ආයතනය මඟින් විකාශනය කල ශ්‍රී ලංකා විරෝධී ලෙසට බොහෝදෙනා හැඳින්වූ චිත්‍රපට නිෂ්පාදනය කළ  

කැලම් මැක්රේ සමඟ එම ආයතනයේ වාර්තකරුවකුවන ජෝනතන් මිලර්ද සිටියේය. 

ඔවුන් සමඟ ශ්‍රී ලංකාවේ යුද වාතාවරණය පැවති සමයේ උතුරේ සේවයකළ වෛද්‍යවරයෙකුවු වර්ධරාජා තුරෙයිරාජා ද පැමිණ සිටිනු දැකගත හැකිවිය. ඔහු දැනට ඇමෙරිකාවේ ජිවත්වන බවත් ළඟදි එංගලන්තයට පැමිණීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ විය.

ජොනතන් මිලර් චැනල් 4 නාලිකාවට ගොනුකරනු ලැබූ වාර්තාවක කතාකළ තුරෙයිරාජා කිවේ යුද්ධය පැවති සමයේ ශ්‍රී ලංකා හමුදා ඕනෑකමින්ම රෝහල් වෙත ප්‍රහාර එල්ල කරනු තමන් දුටු බවයි.

චිත්‍රපට දර්ශනය අවසානයේ පැවති සාකච්ඡා වටයේදී ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ පදනම සහ එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා වූ කමිටුවේ සාමාජික සාමාජිකාවෝ කැලම් මැක්රේ නිෂ්පාදනය කළ චැනල් 4 නාළිකාවෙහි ප්‍රදර්ශනය කළ වැඩසටහන් වලත් ජොනතන් මිලර් බොහොකලක සිට ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවලත් ඇති පක්ෂක්ග්‍රාහී භාවය සහ ව්‍යාජ භාවය පිළිබඳව කරුණු ඉදිරිපත්කරමින් තර්ක කළහ.

මෙම වැඩසටහන සඳහා සහභාගිවූ ශ්‍රී ලංකාවෙන් පැමිණ සිටි කණ්ඩායම මුනිවත රකිනු දැකීමට ලැබීම පුදුමසහගත බව එතැනසිටි බොහෝදෙනෙක් පැවසුහ.

රැස්වීමෙන් පසුව මැක්රේ සහ ජොනතන් මිලර් සමඟ ඉතා සුහදව කතාබහ කිරීමට අවස්ථාවක් ලබාගත් ජාත්‍යන්තර බෞද්ධ පදනම සහ එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා වූ කමිටුවේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ යථා ස්වභාවය, කොටි සංවිධානයේ අමානුෂික ක්‍රියා කාරකම් සහ පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන විවිධාකාර ප්‍රතිසන්ධාන වැඩසටහන් පිලිබඳව ඔවුන් දෙදෙනාම දැනුවත් කිරීමට හැකි විය.

 

 

 

 

 



අදහස් (0)

චැනල් 4 කට්ටියට තතු පහදයි

පවන් Friday, 28 March 2014 05:11 PM

ශ්‍රී ලංකාවෙන් පැමිණ සිටි කණ්ඩායම මුනිවත රකිනු ලැබුවේ ඇයි? (නි)

:       0       0

ලංකාසිරි Friday, 28 March 2014 06:14 PM

මේවට යවනකොට හොඳට කතාවට දක්ෂ අයව තෝරලා යවන්න ඕනෑ. අපේ ගෙදරත් වරක් නවාතැන් දුන්නා ලංකාවෙන් ආ කට්ටියකට. එතන කෙනෙක් රැස්වීම් වලට ගිහින් නිදි කිරනවා කියලයි අනෙක් අය කිව්වේ. රටට ආදරයක් ඇති මනා අවබෝධයක් ඇති කතාවේ දක්ෂයින් තමයි අපි යවන්න ඕනෑ. (නි)

:       0       0

සුභාෂිනී Friday, 28 March 2014 09:37 PM

යුරෝප පාර්ලිමේන්තු ඡන්දේ ලගයි. ඒ නිසා මෙහේ දේශපාලඥයින්ටත් ඡන්දේ වගේම සල්ලිත් ඕනා. ලංකාවේ ඉදලා මෙහෙ පදිංචි වෙලා ඉන්න අයට සල්ලිත් තියෙනවා, ඡන්දෙත් තියෙනවා. ඒ නිසයි අපේ ප්‍රශ්ණෙ විකුනගන කන්න හදන්නේ.(නදී)

:       0       0

රොෂාන් දී සොයිසා Friday, 28 March 2014 10:29 PM

ඔය මොනවා පෙන්නුවත් වැඩක්නැ කුරීරු අසමජ් ජාති වැඩ කලේ කවුද අරංතලාවේ භික්‍ෂුන්.පල්ලිය තුලදී මුස්ලිම් ජනයා.අනුරාදපුර මහා බෝදීන්වහානසේ ලග අහිංසක උපාසක අම්මලා ඝාතනය කරේ කවුද.ශ්‍රී ලංකාවෙන් පැමිණ සිටි කණ්ඩායමට මතක්වුනේ නැද්ද මෙවා. (දී)

:       0       0

සඳුන් Saturday, 29 March 2014 03:58 AM

ලංකාවෙන් ගිය සමහර අය යන්න ඇත්තේ සංචාරයක්ද කියලත් වෙලාවකට හිතෙනවා. (නි)

:       0       0

සාලිත Saturday, 29 March 2014 04:49 AM

දැන් මොනවා කිවුවත් වැඩක් තියෙනවද? (නි)

:       0       0

සරත් Friday, 28 March 2014 02:50 PM

ඇමෙරිකාවට වඩා සීලාචාර රටක් හැටියට තමයි අපි ඔක්කොම එංගලන්තේ ගැන හිතාගෙන හිටියේ. නමුත් ඒක වැරදී බව කැමරන් ලෝකෙටම පෙන්නලා. බලනකොට ඔක්කොම එකයි. (ස)

:       0       0

ජයා Friday, 28 March 2014 03:49 PM

ජරාවක් කාලාවත්ද.... නැතිනම් ඡන්දෙට පෝස්ටර් ගහපු උදවිය ජිනිව වල ටුවර් එකක් ඇරලද.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 140 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1288 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1233 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1247 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1320 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1164 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24032 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23237 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site