IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


’’චැනල් 4’’ හෙළිදරව්ව ගැන හොයන්න රජය සූදානම්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මෙරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් "චැනල් 4" නාලිකාව කළ හෙලිදරව්ව ගැන සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳවත් ඊට අමතරව ජාත්‍යන්තරවත් පරීක්ෂණ අවශ්‍ය නම් රජයක් ලෙස ඒ සම්බන්ධවත් කටයුතු කිරීමටත්  කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කිසිදු අයුරකින් රජය පසුබට වන්නේ නැතැයි නානායක්කාර මහතා කීය.

සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මනුෂ නානායක්කාර මහතා මේ බව කීය.

පාස්කු ප්‍රහාරය සම්බන්දව බරපතල ප්‍රකාශයක් චැනල් 4 නාලිකාවෙන් ඉදිරිපත් කළ බවත් ඒ තොරතුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි හෙක්ටර් අප්පුහාමි  මහතා ඉල්ලා සිටියේය.



අදහස් (15)

’’චැනල් 4’’ හෙළිදරව්ව ගැන හොයන්න රජය සූදානම්

පිටිගල මිලානෝ Tuesday, 05 September 2023 11:17 AM

විරුවෙක්ව මාකට් කරන්න පරිසරයක් හදාගන්න ලේ පිපාසිත ලේ පාට සාටක පොරවාගත්ත උන් මේ අපරාධය වෙන්න ඉඩ හැරියා. එසැනින්ම විරුවා මාකට් වුනා.

:       17       62

ඇන්ටන් Tuesday, 05 September 2023 11:29 AM

අනේ එපා බං. ඔය තේරීම් කමිටුවට දෙන තේ එකට යන ජනතා මුදලවත් ඉතුරු වෙයි. මෙච්චර කල් හොරු / මිනී මරුවෝ අල්ලපු හැටි අපි දැකලා තියෙනවනේ. මිනී දිහා බල බල කලිසම උස්ස උස්ස හිනා වෙච්ච එකාව ජනාධිපති කරගෙන මොන කමිටුද බං

:       2       49

ජගත් ලියනගේ Tuesday, 05 September 2023 11:47 AM

පරක්කු වෙලා හරි මතක් උනා. නේද ?

:       2       15

මැක්ස් Tuesday, 05 September 2023 11:51 AM

කුප්‍රකට කිලින්ග් ෆීල්ඩ් හි තවත් අදියරක් වන මේ ගැන මොනවා හොයන්න ද! චැනල් 4 වැනි පාදඩ මාධ්‍ය සහ එහි පල කරන "මුදල් ගෙවා කරන ලද" "හෙළිදරව්" පිලිබඳ නොදන්නේ හෝ උනන්දුවක් දක්වන්නේ ශ්‍රී ලංකාව කියන්නේ රාජපක්ෂවරු යයි සිතා සිටින අද බාලයනුත්, ඔවුන් සමග දේශාපලන වයිරයෙන් කටයුතු කරන මෝඩයන් ය. ජවිපෙ සාමාජික ඊබ්‍රහිම්ගේ පුතුන් දෙදෙනාත්, තවත් මුස්ලිම්වරු කීප දෙනෙක් තම ජීවිත දුන්නේ ගොටාභය රාජපක්ෂ දිනවීමට යයි කතාවක් විස්වාසක කල හැක්කේ නරුමයකුට පමණි. 2918 පවතී පළාත් පාලන මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ලබා සිටි එම කඳවුරට ජයග්‍රහණය සඳහා මෙවැනි ප්‍රහාර වුවමනා වන්නේ අහවල් දෙයකට ද? අනෙක් අතට තමාගේ නිල නිවස වට කොට සිටි අරගලකරුවන් යයි කියන නොමේරු රැලට එක වෙඩිල්ලක් නොතබා ධුරයෙන් ඉවත්ව ගිය පුද්ගලයකු වූ ගොටභය රාජපක්ෂ මහතා තම බලය සඳහා මෙවැනි ප්‍රහාරයක් සැලසුම් කළා යයි කතාවක් ගෙතිය හැක්කේ ස්විට්සර්ලන්තයේ පදිංචිය අපේක්ෂා කරන සරනාගතයකුට නම් විය හැකිය.

:       47       25

Dinesh Tuesday, 05 September 2023 06:54 PM

රාජපක්ෂලා පිළිගත්තත් බයියෝ පිළිගන්නේ නෑ

:       0       0

mangala Tuesday, 05 September 2023 12:03 PM

ඕවා හොඳයි අපේ ගොන් වහන්සේලාටම විශ්වාස කරන්න. සරණාගතභාවය ගන්න නොකියන බොරුවක් නෑ ලංකාවෙන් යන උන්. දැන් ඉතින් ඔය කතාවම ඇති ඔය කියන එකාට ලංකාවට ආපහු යන්න නම් බෑ මාව මරයි කියන්න. මෙහේ උන් ඇම කාලා කාලයක් නියවයි ඕකට, අර රදගුරු තුමා මහ මොලේ හෙව්ව වගේ. අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවක් නෙවෙයි පලු දෙකම නෑ. අසරණ මිනිසුන්ගේ බදු සල්ලි වලින් කොමිටියකුත් දාලා උගතුන් යයි කියන කීපදෙනෙකුග් එදා වේල සරිකරදෙන එක තමයි වෙන්නේ.

:       11       30

නිරීක්ෂකයා Tuesday, 05 September 2023 12:03 PM

ආයුබෝවන්ඩ තමනුයි තවත් හාදයෙකුයි ඒ කාලේ "සොනික්" "සොනික්" කවුද කියල ලොකුවට හෙව්ව නේද. හොයා ගත්තද

:       0       28

Perera Tuesday, 05 September 2023 01:07 PM

මොනවා හොයන්නද ?දැන් පුලුවන්නම් පලයල්ලා ජිනීවා හරීන් ගොයියත් අර ඉස්සර දිව්වා වගේ

:       0       20

බද්රානි Tuesday, 05 September 2023 01:13 PM

චැනල් 4 නාලිකාවට මේ ගැන අමුතුවෙන් කියන්න තරම් දෙයක් නැහැ. මොලය කලඳක් හෝ තියන මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා මේ ප්‍රහාරය සැලසුම් කලේ කවුද බව...මේ ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් වෙනුවට, උසස් වීම් ලබා දුන්නේ ඇයි...? අත්‍යාවශ්‍ය කරුණු වෙනුවට, අනවශ්‍ය කරුණු ගොනු කරමින් පල හෑලි ලියා කොළ පුරවා අවශ්‍ය කරුණු යටපත් කිරීම තමයි මේ තක්කඩි මිනීමරු කල්ලිය සිදු කරන්නේ...? ඉන්දියන් බුද්ධි අංශය දැනුවත් කර තිබියදීත් ඒ ගැන ක්‍රියාත්මක නොවුනේ ඇයි...? එවකට හිටපු ඇමති ආරක්ෂක අංශ වලට පමණක් තොරතුරු ලැබුනේ කෙසේද..? සමහර නරුමයෝ හිතාගෙන ඇති අපි බබ්බු කියලා... මේ පාස්කු මිනීමැරුම සිදුකල කල හා ඊට අනුබල දුන් හා එය මෙහෙයවමින් බෝම්බ තාක්‍ෂණය ලබාදුන්, මෙන්ම මේ ප්‍රහාරය සාධාරණීකරණය කරමින් ප්‍රහාරයේ මහා මොළ කරුවන් වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාටම ඒ ලේවල ශාපය නොලැබුනොත්, මේ සියලු ආගම ධර්මයන් හා විශ්ව ධර්මයන් බොරු.....කකුළුවා හැලිය රත් වෙන තුරු නටනවා හොඳටම...තොපට ශාප වේවා!!!

:       7       30

Hafeel Tuesday, 05 September 2023 02:35 PM

ඔයාගේ පින් ජනාධිපති රනිලුත් දැනට වසරකට පෙර ජනාධිපති දුරය වැඩ බාරගත්තු වෙලාවත් රටේ ජනතාව පොරුන්දුවක් දුන්න, ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලීසිය මාර්ගයෙන් පරීක්ෂණය කරනවයි කියල. මෙයාත් ඒ දවස්වල විපක්ෂයේ ඉඳ ගැන මේ ආණ්ඩුවට දොස් කිව්වා. එම මෙයාත් මෙයාගේ රනිලුත් කිසිසේත්ම විශ්වාස කල නොහැකි.

:       1       14

abcdef Tuesday, 05 September 2023 02:56 PM

පාස්කු ප්‍රහාරය නැවතත් රනිල්ගේ අදක්‍ෂකම වහාගන්න ද? මෛත්‍රිපාල තව තවත් හිර කරන්න ද? ගෝඨාභය නැවත දේශපාලනයට එයි කියන බයට ද? නිවැරදි පිළිතුරට චැනල් 4 වැඩ සටහන් නිෂ්පාදනය කරනු බැලීමට එංගලන්තයට යෑමටඅඩු පොළියට බැංකු ණයක්

:       2       9

lakshitha Tuesday, 05 September 2023 04:13 PM

ඕක කාටවත් ඇහෙන්න කියන්න එපා. බෞද්ධ නායකයෙකුට බලයට එන්න උදවු කරලා සහරන් කරගෙන තියෙන්නේ පවක්. කන්‍යාවෝ 7 දෙනා අපහු ගනීවි. සහරාන් පවු.

:       2       9

බද්රානි Tuesday, 05 September 2023 07:49 PM

සමහරක් සිංහල ටිකිරි මොළ කාරයෝ හිතාගෙන ඉන්නේ සහරාන් බෝම්බ තියාගෙන මරුනේ කන්‍යාවීයෝ හත් දෙනෙක් ලබා ගන්න කියලද...? එහෙම මෝඩයෙක් ද එතකොට රාජ්‍ය බුද්ධි අංශයේ සාමාජිකයෙක් වෙලා රජයෙන් පඩි ගත්තේ...?ඔය කියන සිංහල බෞද්ධ නායකයා මැර සංඝ කල්ලියක් යොදාගෙන මේ රටේ මුස්ලිම් ජනතාව හා සිංහල ජනතාව අතර බෙදීමක් ඇති කළා... හලාල්, වඳ කොත්තු, හා වඳ සැත්කම් වැනි බොරු සමාජ ගතකොට... ඒ වගේම තව්හිත් ජමාද් සංවිධානයේ නායක අබ්දුල් රසීක් යොදාගෙන බුදුන් වහන්සේට අපහාස කරමින් ප්‍රකාශ නිකුත් කළා... උඹලගේ මහලොකු බෞද්ධ නායකයා මොකක්ද කලේ ඒකට.? දඬුවම් දුන්නද..? දැන් කෝ ඒ පුද්ගලයා.? මොන්ටිසෝරි මොළ කාරයින්ට මතක නැද්ද එව්වා...එදා අනුරාධපුර රාජධානියෙන් ආරම්භ උන බෞද්ධ පුනර්ජීවනය දකුණේ තක්කඩි පාලකයින් පැමිණ විනාශ කළා. ගරුතර සංඝරත්නයට තිබුණු ගෞරවය විනාශ කළා.. බුදු දහම, බලය ලබා ගැනීමේ දේශපාලන මෙවලමක් කර ගත්තා..බෞද්ධ සම්ප්‍රදාය පදනම්ව පැවැති ප්‍රබුද්ධ යහපත් සමාජය නරුමයින්ගෙන් පිරි සමාජයක් බවට පරිපර්තනය කළා. එදා අපේ මුතුන් මිත්තන් බේර වැවෙන් මෙහාට දකුණේ බළල් පැටියෙක් වත් වද්දා ගන්න එපා කියපු එකේ අර්ථය පැහැදිලි උනා, මුළු රටම විනාශ කලා

:       0       2

sarath Wednesday, 06 September 2023 10:20 AM

චැනල් 4 එකෙන් කියන්නේ බොල විපක්ෂේ ඉන්න කාලේ කියපුවා මිසක් අලුත් දෙයක් නොවේ ?

:       0       2

නිහාල් Wednesday, 06 September 2023 10:21 AM

පැන්ඩෝරා පේපර්ස් ගැන හොයන්න කමිටුවක් දැම්මා වගේ ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 801 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1712 2

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 672 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4037 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3055 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 5236 5

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26079 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 313 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1349 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site