IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


චීන කොරෝනා විකෘතිය ලෝකයට අලුත් තර්ජනයක්

චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති ‘කොවිඞ් 19’ නව උප ප්‍රභේදය ලෝකයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.

මේ වනවිට චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු බවත් දෛනිකව ‘කොවිඞ් 19’ ආසාදිතයන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වන බවත් පැවැසෙයි.

චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ, එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සෞඛ්‍ය සීමා ලිහිල්කිරීමට රජය පියවර ගැනීමත් සමඟය. සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට රජයට සිදුවූයේ එම සීමා සම්බන්ධයෙන් රජයට ජනතා විරෝධයක් එල්ල වුණු බැවිනි.

චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ උප ප්‍රභේදය මීට පෙර ඇමෙරිකාවෙන් මෙන්ම යුරෝපා රටවලින් ද වාර්තා වී ඇත. ඒ පසුගිය අගෝස්තු මාසයේය. කෙසේ නමුත් සාර්ථක එන්නත්කරණය හමුවේ ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ අඩපණ විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ චීන වැසියන් නිසි එන්නත්කරණයකට ලක් නොවුණු බැවිනි. චීන වැසියන්ට ලබා දී ඇත්තේ චීනයේ නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත් පමණි. බටහිර රටවල එන්නත් චීනය ප්‍රතික්ෂේප කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඞ්හොම් ගෙබ්‍රියේසිස් චීන රජයට සහ සෞඛ්‍ය අමත්‍යාංශයට පැහැදිලි කර ඇත්තේ, සාර්ථක එන්නත්කරණයක් ක්‍රියාවට නංවා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගන්නා ලෙසය.

(රොයිටර්)



අදහස් (4)

චීන කොරෝනා විකෘතිය ලෝකයට අලුත් තර්ජනයක්

Senaka Thursday, 22 December 2022 11:53 AM

ඔය විරෝධය හෙන ගේමක් දීලා බටහිර මාධ්‍ය විසින් තමයි හදලා උලුප්පලා ගත්තේ... මේ කට්ටිය කරන වැඩනිසා දැන් ලෝකෙටම ආපහු විඳවන්න වෙනවා...

:       11       13

sharm warn Thursday, 22 December 2022 11:54 AM

වටේම ගිහින් ගෙටම ඇවිදින්ද?

:       4       14

Mahasen Thursday, 22 December 2022 01:16 PM

අපිටත් නත්තල් තෑගි සතියකින් වගේ එවයි. තව අවුරුදු දෙකකට විතර ඇති...

:       2       12

DewA Thursday, 22 December 2022 02:26 PM

අපි චීන සංචාරකයන් ඉඹලා පිලිගනිමු

:       4       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site