උතුරු නැගෙනහිර ඉදිකිරීමට නියමිත රජයේ නිවාස 65,000ට මෙන්ම යාපනයේ චුන්නාගම් ජල ගැටළුවට මෙතෙක් විසඳුමක් නොලැබීම හා ත්‍රීකුණාමලය සාම්පූර් තාප විදුලි බලාගාරයට ඉදිකිරීමට එරෙහිව යාපනයේ උද්ඝෝෂණයක් පැවත්විණි.
යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණය යාපනයේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කොට තිබූ අතර ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වී තිබුණේ රජය මගින් උතුරු නැගෙනහිර යුද අනාථයින් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත චීන නිවාස 65000 ක ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙසයි.
ඔවුන් පෙන්වා දුන්නේ චීන නිවාස සියල්ලම පෙරසවි නිමි නිවාස බැවින් එම නිවාස පළාතේ දේශගුණයට, සංස්කෘතියට,හා ආරක්ෂාවට නොගැලපෙන බැවින් චීන නිවාස වෙනුවට ස්ථිර නිවාස දෙන ලෙසයි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘චීන ගෙවල් එපා‘ : යාපනයේ උද්ඝෝෂණයක්
ජයන්ත Sunday, 10 April 2016 01:35 PM
එහෙනම් ඉතින් පරණ කුඩාරමට වෙලා ඉන්න තියෙන්නේ පවට පින්දෙන්න බැහැනේ පාරේ නිදය ගනිල්ලා. ඉන්දියාව ඕනි විදියට රට ගෙනියන්න බැහැ චීනය අපේ සැබෑ මිතුරා. (බ)
සේන Sunday, 10 April 2016 07:02 AM
චීන නිවාස වගේම ප්‍රමිතියෙන් අඩු ඉන්දියානු නිවාසත් එපා . මේ විරෝධය සංවිධානය කළේ රෝ ඔත්තු සේවයෙන් නෙමේ වෙන්ටෑ.(බ)
ඉසුරන්දි Sunday, 10 April 2016 07:49 AM
තනිකරම ඉන්දීය පාලනයක් උතුරු නැගෙනහිර තියෙන්නේ.නැත්තම් චිනගේ වැඩවලට ඇයි මෙයාලා මෙච්චර උඩ පනින්නේ.(හේ)
මොරිස් Sunday, 10 April 2016 09:20 PM
ඉන්දියාවේ වගේ පාරේ තොටේ නිදාගන්නද දන්නෙ නැහැ එයාලා කැමති? (නි)
බමුණු ආරච්චි Sunday, 10 April 2016 11:03 PM
තල් අතු සහ පොල් අතු ටිකක් යවන්න ගෙවල් හදාගන්න කියලා. සංස්කෘතියට හා ආරක්ෂාවටත් ගැළපෙනවා (නි)
විපුල Sunday, 10 April 2016 08:45 AM
එපානම් ඒ අයට කදවුරු හොද ඇති .... ඔන්න ඔය ටික දකුණේ අහිංසක ගෙයක් නැති අසරණ සිංහල පවුල් වලට දෙන්න ... මොකද ඒ අය ගැන බලන්න කිසිවෙක් නැති නිසා ....(බ)
සුජීව Sunday, 10 April 2016 11:36 PM
විපුල හරි. ඔන්න ඔය නිවාස දකුණේ අයට දෙන්න. (නි)
චින්තන Sunday, 10 April 2016 09:24 AM
ගෙවල් හදන්නේ ලංකාවේ වැලි ,සිමෙන්ති ,ගල් වලින් මුදල් චිනංගෙන් ,ලංකාවේ පරිසරයට විදිහට, ලේසි විදෙහට හදනවනම් ගෙදර බිත්ති කොන්ක්‍රීට් වලින් හදල මුටුකරනවා .කාලයත් අඩුනේ .(කෞ)