(කාංචන කුමාර ආරියදාස)
රුපියල් ලක්ෂ එකසිය විස්සක මුදලකට ගජමුතු පහක් චීන ජාතික ව්‍යාපාරිකයකුට අලෙවි කිරීම් සඳහා සුදානම් වූ මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවකයන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයන් තුන්දෙනෙකු අද (25) සැකපිට මාතලේ සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ අධිකරණයේ ලේඛනාගාණාගාර සේවකයෙක් ,නඩු භාණ්ඩ කාමරයේ සේවකයෙක් සහ රත්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයන් සතුව තිබූ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ බවට සැකක කරන ගජමුතු පහක් ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යාංශය දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට ලද තොර තොරතුරක් මත මෙම වැටලීම මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශනශන අංශයේ නිලධාරීහු මාතලේ නගරයේ පිහිටි සුපිරි හෝටලයක කාමරයකදී පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
දින ගණනාවක කාලයක සිට ගජමුතු පහක් රුපියල් ලක්ෂ 120 ක මුදලකට චීන ජාතිකයෙකු හට අලෙවි කිරීම් සඳහා සූදානම් වන බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි
චීන ජාතිකගේ තැරැව්කරුවෙකු ලෙස වෙස්වලාගත් පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන් සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සුපිරි හෝටල් කාමරයේ රැඳී සිටිමින් මෙම කණ්ඩායම කොටු කරගෙන තිබේ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චීන ජාතිකයාට ගජමතු විකුණන්න ගිය 5ක් දැලේ