IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


චීන බොදු සමුළුවට ලංකාවෙනුත් යති

චීනයේ බීජිං නුවර  ඓතිහාසික ෆාමන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත 27 වෙනි ලෝක බෞද්ධ මහා සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  විශේෂ දූත පිරිසක් අද  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් චීනය බලා  පිටත්ව ගියහ.

කොළඹ-හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති පෑලයගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ  පරිවේනාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ දූත පිරිසේ නායනත්කවය දැරූහ.

මල්වතු පාර්ශවය නියෝජනය කරමින් තිබ්බොටුවාවේ මේදාලංකාර, අස්ගිරි පාර්ශවය නියෝජනය කරමින් එහි ජාත්‍යන්තර පාසැලේ  ප්‍රධාන ආචාර්ය මංගල, බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂක දරණාගම කුසලධම්ම, කැළණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වැලමිටියාවේ ඥානරතන සහ උඩගලදෙනියේ ධර්මපාල යන හිමිවරුන්ද,   සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය හාවෝ වේමින්  සහ ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරී බුද්ධික සංජීව යන මහත්වරුන්ද මෙම දුත පිරිසට අයත් වුහ.

මෙහිදී මාධ්‍ය අමතමින් වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ පැවසුවේ  මෙරට කීර්තිමත් විද්වතෙකු වු ආචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමන්ගේ අදහසක් අනුව 1950 මැයි මස 25 වෙනිදා කොළඹ දී ආරම්භකරන ලද මෙම ලෝක බෞද්ධ මහා සම්මේලනයට මේ වසරේදී 64 වසරක් සපිරෙන බවත්  මෙවන් සම්මේලනයක් ලංකාවේ ආරම්භ කරමින් එය ලොව පුරා පතුරුවාලීමට හැකියාව ලැබීම විශේෂත්වයක් බවයි.

ලොව පුරා රටවල් රැසක බෞද්ධ නායක ස්වාමීන්වහන්සේලා මෙන්ම ගිහි ප්‍රභූ පිරිස්ද ඇතුලූව 600 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 27 වන ලෝක බෞද්ධ මහා සමුලූව සඳහා ශුභාශිංසන එක් කරමින්  අසිරිමත් සම්බුදු දහම ලොව පුරා අර්ථාන්විතව ව්‍යාප්ත කරළීම වෙනුවෙන් මෙම සම්මේලනය දරණ උත්සාහය අගයකරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් යවන ලද විශේෂ ශුභාෂිංසන පණිවිඩයක්ද මෙම සමුළුවේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

රටවල් 35 ක මහායාන, ථෙරවාද හා වජ්‍රායන බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ඇරඹී මෙම සම්මේලනයේ ප්‍රධාන අරමුණ වන්නේ බෞද්ධ ඉගැන්වීම් වඩාත් නිවරදි ආකාරයෙන් පිළිපැදීම සහ බුදුදහම ප්‍රචාරනය කිරීම වන අතර සමාජ, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු සංවිධානය කරමින් මානව හිතවාදී සේවයක  නියැලීමයි.

ලෝක සාමය හා සහජීවනය වෙනුවෙන් වඩතේ ඵලදායී අයුරින් ක්‍රියාකිරීමත්, අනෙකුත් සංවිධාන හා එකමුතුව වඩාත් සුරක්ෂිත හෙට දිනක් සඳහා කටයුතු කිරීම වෙනුවෙන් ලෝක බෞද්ධ මහා සම්මේලනය වර්තමානයේදී පෙරමුණ ගෙන සිටී.
 

 2 4 DSCF0644 DSCF0664



අදහස් (0)

චීන බොදු සමුළුවට ලංකාවෙනුත් යති

නලීන් Tuesday, 14 October 2014 01:46 AM

ඉතා විශිෂ්ට සංඝ සහභාගිත්වයක්. අති සාර්ථක වේවා !!! (නි)

:       0       0

ඉන්දික Tuesday, 14 October 2014 04:20 AM

සාධු සාධු සාධු !!!!!!! (නි)

:       0       0

සුරංග Tuesday, 14 October 2014 04:51 AM

ඉතාම හොඳ වැඩක්.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 14 October 2014 05:18 AM

ලෝකයාට බුදු දහමේ අරුත පැහැදිලි කරන්න හොදම මාර්ගයක් මේක.(දිල්)

:       0       0

එරංග Monday, 13 October 2014 01:56 PM

හරිම සතුටුදායක පුවතක් (නි)

:       0       0

හේරත් Monday, 13 October 2014 02:16 PM

කාලෝචිත දෙයක්. බොහොම හොඳයි (නි)

:       0       0

අකිල Tuesday, 14 October 2014 07:45 PM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

චින්තක Monday, 13 October 2014 04:19 PM

පවතින වාතාවරණය යටතේ මෙවැනි සම්මේලනයක් පැවැත්වීම බෞද්ධ චිරස්ථිතියට ඉතා වැදගත්. (නි)

:       0       0

උපාලි Monday, 13 October 2014 11:34 PM

ඉතාම වටිනා වැඩක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 84 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2164 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 314 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 401 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1616 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1584 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site