IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


චීන මව,ශ්‍රී ලාංකික නැනී ළඟ දියණියදමා පලා යද්දී අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී චීන ජාතික කාන්තාවක් ඇයගේ කුඩා දියණිය , මෙතෙක් කළක් බලා ගත් ශ්‍රී ලාංකික සේවිකාවට භාර දී , ආපසු පළා යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් , ඇය ගුවන් යානයට පිවිසීමට සූදානම් වෙමින් සිටියදී  අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය 35 හැවිරිදි  චීන ජාතික කාන්තාවකි . ඇය 58 හැවිරිදි සිය මව සමග ඩුබායි හි කුළී පදනමට ලබා ගත් නිවෙසක වාසය කර තිබේ . 

ඇය දියණියන් දෙදෙනෙකු සිටින අතර එයින් වයස අවුරුදු 03 යි මාස 06 ක් වන බාළ දියණිය , ඇය බලා ගැනීමට සිටින ශ්‍රී ලාංකික සේවිකාවට දැඩි ලෙන්ගතුකමක් දැක්වූයේ , තම චීන ජාතික මවට වඩා තමන්ට සෙනෙහස දැක්වීම නිසාය .

 මෙම ශ්‍රී ලාංකික සේවිකාව කුරුණෑගල , පොල්ගහවෙළ , පොතුහැර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි .ඇය පසුගිය දා තම සේවා කාළය අවසන්ව යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .

මෙම වෙන්වීමෙන් චීන ජාතික කුඩා දැරිය මහත් අපහසුතාවයට පත් වී සිටි අතර , ඇය  අස්වසාලන්නට නොහැකි තත්වයකට මෙම චීන ජාතික මව  පත් වී සිටියාය .

මේ කිසිවක් සදහන් නොකළ මෙම චීන කාන්තාව , ශ්‍රී ලාංකික සේවිකාව අමතා , තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන බවත් , ඔවුන් රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසත් දන්වා තිබේ .

ඒ අනුව ඇය පිළිගැනීම සදහා මෙම සේවිකාව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ,  මෙම චීන ජාතික කාන්තාව , ඇයගේ  මව සහ බාළ දියණිය රැගෙන ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

කටුනායක ගුවන් තොටුපොළේ දී මොවුන් මුණ ගැසී ඇති අතර , මද වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි චීන ජාතික කාන්තාව , ඇයගේ බාළ දියණිය ශ්‍රී ලාංකික සේවිකාව අතට දී එකවරම ගුවන් තොටුපොළෙන් අතුරුදහන්  වී තිබුණි .

 

 



අදහස් (5)

චීන මව,ශ්‍රී ලාංකික නැනී ළඟ දියණියදමා පලා යද්දී අත්අඩංගුවට

Muthu Wednesday, 13 March 2024 01:18 PM

කුණු වූ දුගඳ හමන දේශපාලු කතා අස්සේ, අහන්නට ලැබුණු මනුෂ්‍යත්වයේ හුණුවටයේ කතාවක්. මේ දරුවා ආයිමත් ඒ අම්මාට දෙන්න එපා. ලංකාවේ අම්මත් එක්ක කවුරු හරි පුළුවන් කෙනෙක් දරුවා බලාගන්න.

:       3       54

Dimuthu Jayasinghe Wednesday, 13 March 2024 08:43 PM

මෙම දරුවා බලහත්කාරයෙන් දමායාමට මෙම චීන ජාතික කාන්තාව ලංකාවට පැමිණ නොතිබුණි. ඇය මෙම ගෘහ සේවිකාව අමතා තමාට ඇති පෞද්ගලික ප්‍රශ්න කීපයක් විසඳා ගන්නා තෙක් දරුවා රැකබලා ගැනීමට පුළුවන්දැයි විමසා ඇත. ඉන්පසු සේවිකාව කැමැත්ත ප්‍රකාශ කොට ඇති අතර ඒ අනුව එම චීන ජාතික කාන්තාව ගුවන්තොටුපළට පැමිණ දරුවා සේවිකාව වෙත ලබා දී ඇත. එම අවස්ථාවේදී සේවිකාව විසින් දරුවාට අදාළ කියැවිලි සහිත ලිපිගොනුවද ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ දරුවා බලා ගැනීමට ඒවාද අවශ්‍ය වන බව පවසමින්. නමුත් ලාංකික කාන්තාවක් සමග සිටින චීන ජාතික දැරිය ගුවන්තොටුපළ පොලීසියට ඇසගැටී කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී සියල්ල හෙළිවිය. ලංකාවේ නීතිය යටතේ එලෙස දරුවන් රැකබලා ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ඇත. නිසි නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබීම නිසා මිගමුව අධිකරණය හමුවේ මෙම නඩුව විභාගයට ගැනුනි. අවසානයේ දරුවා චීන ජාතික කාන්තාවටම ලබාදෙන ලදී. ඔවුන්ට රටින් පිටවීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා නඩුව මාර්තු 18 දිනට කල් තබන ලදී...

:       2       26

Dimuthu Jayasinghe Wednesday, 13 March 2024 08:54 PM

ප.ලි මෙම චීන ජාතික කාන්තාව වෙනුවෙන් නීතිඥ සහාය ලබාදීම සඳහා ලංකාවේ වෙසෙන චීන ජාතිකයෙකු රුපියල් ලක්ෂ තිස් පහක් ඉල්ලා ඇත්තේ පොලිසියද අපකීර්තියට පත්කරමින් යම් යම් ප්‍රකාශ නිකුත් කරමින්ය. අවසානයේ කැලණිය විශ්ව විද්‍යාලයේ චීන භාෂා මහාචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමියන්ගේ කාරුණික මැදිහත් වීමෙන් ඉතා අඩු මුදලකට නීතීඥ සහාය ලබාගැනීමට හැකි විය. එම ස්වාමීන් වහන්සේ කිසිඳු මුදලක් ලබා නොගෙන මුලු දවස පුරාවටම කටුනායක පොලිස් ස්ථානයේත්, මීගමුව අධිකරණයේත් භාෂා පරිවර්තක සේවය ලබා දීම ලංකා මාතාවට ඉමහත් ගෞරවයකි...

:       0       7

chandima Thursday, 14 March 2024 12:35 AM

චීනයේ එක අම්මට එක දරුවයි කියනවා නේද? හදන්න පුළුවන්... මේ ළමයාව යැව්වොත් චීන්නු ළමයාව මරලා දායි. මේ දෙවැනි ළමයා කියනවා නේද? එහෙදී මැරුවොත් නඩුකාරතුමාටත් මිනීමරුවට පව් ගෙවන්න වෙනවා.

:       0       1

දයාන් Thursday, 14 March 2024 10:40 AM

දිමුතු ජයසිංහ මහතාට ස්තුතියි... ඒ මේ පිළිබඳව සත්‍යය පැහැදිලි කිරීම ගැන.. සත්‍යය වශයෙන්ම සිදුවෙන්න ඇත්තේ මෙයයි.. මේ වගේ දේවල් සාමාන්‍ය සිද්ධීන්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 323 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1185 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 415 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1231 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 220 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 3447 7

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38578 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25386 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 936 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site