IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘චීන-ලංකා සබඳතාවෙන් වෙනත් රටකට ගැටළුවක් නෑ‘

ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා අන් කිසිදු රටකට තර්ජනයක් හෝ බාධාවක් නොවන බව  චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී මහතා අද (8) පැවැසීය. 

චීනය හා ශ්‍රී ලංකාව ඉතිහාසගත සබඳතාවක් තිබෙන බවත් ශ්‍රී ලංකාවේ කටයුතු සඳහා චීනය සෑම සහයෝගයක්ම ලබාදෙන බවත් ඔහු කීවේය.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හා ලංකාවේ සංචාරයකට පැමිණ සිටින චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී මහත්වරුන් අතර පැවැති ද්විපාර්ශවීක සාකච්ඡාවලින් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (8) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම කරුණු පැවැසීය. 

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී මහතා මෙසේ ද කීය.

“චීනය හා ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවක් තිබෙනවා. එම සබඳතා ඉදිරියටත් පවත්වා ගැනීමටත් දෙරට අතර පවතින සබඳතා පුළුල් කිරීම අප අවධානය යොමු කර තිබෙනවා.

අප විසි එක්වැනි සියවසේ සේද මාවත ඉදිකිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා. එය රටවල් දෙක අතර ආර්ථික කටයුතු සඳහා උපකාර වනවා පමණක් නොව ශ්‍රී ලංකා ආණ්ඩුව වර්තමානයේ ක්‍රියාත්මක කරමින් සිටින පස්වසරක සංවර්ධන සැලැස්මට සැසඳෙනවා. ඒ නිසා දෙරටේ ආර්ථික කටයුතු වර්ධනය වේවි. ඒ වගේම ශ්‍රී ලංකාවට නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ හැකියාව හා අවස්ථාව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා අපි සෑම සහයෝගයක්ම ලබාදෙනවා. ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට ස්වාධීනව නැගී සිටීමේ අවස්ථාව උදා වෙනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක් වූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ ද කීවේය.

“චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙරට සංචාරය සුවිශේෂී අවස්ථාවක්. පසුගිය වසරේ ජනවාරි මාසයේ පැවැති ජනපතිවරණයෙන් පසු චීනයේ ඉහළ පෙළෙ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හා චීන විදේශ අමාත්‍යවරයකු මෙරට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වී ලබන වසරට අවුරුදු 60ක් සපිරෙනවා. එමෙන්ම චීනය හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු රබර් සහල් ගිවිසුමට ලබන වසරට අවුරුදු 65ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් අප චීනයේ බීජිං නුවර ශ්‍රී ලංකාවක් බවට පත්කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සියල්ල සැමරීම සඳහා අප වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ‘‘

 



අදහස් (0)

‘චීන-ලංකා සබඳතාවෙන් වෙනත් රටකට ගැටළුවක් නෑ‘

ගුණේ Saturday, 09 July 2016 01:54 AM

ඔබ එහෙම කිවුවට ඕකට අකමැති මහා බලවතෙක් සමීපයෙහි සිටිනවා (නි)

:       0       0

ලලිත් Saturday, 09 July 2016 03:58 AM

උදව්වක් ගත්තට නම් වරදක් නැහැ. කියන විදිහට රටේ ඉතුරුම් ප්‍රමාණවත් වෙන්නේ මාස හතරකට කන්න විතරයි. එහෙවු එකේ බොරු සෝබන වලට ගිහින් තියෙන තුට්ටු දෙකත් වියදම් කරලා ගිහාම අපිට තමයි විඳින්න වෙන්නේ. (ර)

:       0       0

සුගත් Saturday, 09 July 2016 11:58 AM

අනේ අපිට කන්න නැති වුනාට කමක් නෑ, අපිට රටක් නැති වුනත් කමක් නෑ, අනේ අර අවංකව රට ගැන හිතන මංත්‍රීලාට කෝටි 3 , 4 වාහන ටික අරන් දෙන්න. එතකොට එතුමන්ලා අපි ළඟටම ඇවිත් අපේ ප්‍රශ්න වලට විසඳුම් සොයාවි.(හේ)

:       0       0

ලලිත් Friday, 08 July 2016 05:49 PM

එ්ක ඇත්ත. කාටවත් වැඩක් නැහැ එ්වා. නමුත් මෙලහකටත් මෙහාට ඔත්තුකාරයෝ එවලා උන් එවන පණිවුඩ වලට කන්දීගෙන ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1342 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 821 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2075 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 413 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 707 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1757 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site