IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


චම්පික වැඩට බහී

බස්නාහිර මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නගර 23ක සංවර්ධනය මේ මාසයේ දී ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.

බණ්ඩාරගම, බොරැල්ල, පිළියන්දල, ජා ඇල, ගම්පහ, හෝමාගම, හොරණ, කඩුවෙල, කළුතර, කඩවත, මහර, ගොංගිතොට, උඩුපිල, මල්වතුහිරිපිටිය, එෙඬ්රමුල්ල, මහරගම, කොට්ටාව, මීරිගම, පානදුර, රාගම, වැල්ලම්පිටිය ආදී නගරවල සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 400ක් වැය කිරීමට යයි.

මාර්ග තදබදය අවම කිරීම වෙනුවෙන් අතුරු මාර්ග සංවර්ධනය, නගර කේන්ද්‍ර කරගනිමින් ඇති බස්නැවතුම්පළ හා වෙළඳපළ ආදිය මාර්ග තදබදය ඇති නොවන පරිදි සැලසුම් කිරීම, ආදිය මේ යෝජනා ක්‍රම අතර වෙයි.

මහනගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද එම අමාත්‍යාංශ ආයතන නිලධරයෝද එහි වූහ.



අදහස් (0)

චම්පික වැඩට බහී

විරසිංහ Wednesday, 02 March 2016 06:33 AM

ලංකාවේ අනාගතය ඔබතුමා අතේ.අපේ එකම බලාපොරොත්තුව ඔබයි.අපි ඔබත් සමග.(ම)

:       0       0

ජනහිත Wednesday, 02 March 2016 12:41 AM

මුලින්ම මහනගර සීමාවේ මහජනතාවට පහසුවෙන් ඇවිදින්න පුළුවන් විදියට පදික වේදිකාව සකස් කළයුතුයි. (නි)

:       0       0

මුණසිංහ Wednesday, 02 March 2016 12:44 AM

දැන්ද වැඩට බහින්නේ? අවුරුදු 2ක් වෙන්නත් ගියා. (නි)

:       0       0

ජයවර්ධන Wednesday, 02 March 2016 12:56 AM

ඉතාම හොඳයි. හැකිතාක් ඉක්මනින් අවසන් කරන්න. හැබැයි අනවශ්‍ය දේශපාලන බලපෑම් කරන්න, අසරණ මිනිසුන්ට වන්දි ගෙවන ඒවා ගසාකන්න, තමන්ගේ වාසියට පාරවල් බෝක්කු කණු වෙනස් කරන්න නම් කිසිලෙසකින්වත් ඉඩදෙන්න එපා ඇමතිතුමනි. අපි ඔබ ගැන තදබල විශ්වාසයකින් පසුවෙනවා. පසුගිය ආණ්ඩුව කාලේ දේශපාලනයෙන් වාසි ගත් හෙන්චයියන්ම ඔබතුමන්ලාවත් රවට්ටාගෙන වාසි ගන්න හදනවා ඇඟට පතට නොදැනි. සාධාරණයට හා නීතියට පමණක් හිස නමන්න. (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Wednesday, 02 March 2016 12:57 AM

ඉතා කාර්යශූර ඇමතිවරයෙක්. ඔබතුමාට ජනතාවගේ සුබ පැතුම්! (නි)

:       0       0

සඳුන් Wednesday, 02 March 2016 01:03 AM

ඉඩම් අත්පත් කරගැනිමේදි, වන්දි ගෙවිමෙදී, නැවත් ප්ලෑන් ගැසට් කිරිමේදි වන වංචා දූෂණ නවත්වන්න කටයුතු කරන්න. අමාත්‍යංශ හරහා අසරණ මිනිසුන්ට බලපෑම් කරන්න නම් ඉඩටදන්න එපා ඔබතුමා ඉන්නාතුරු. (නි)

:       0       0

ලලිත් Wednesday, 02 March 2016 01:09 AM

සමහර පැතිවල මිනිසුන්ගේ ඉඩම් අත්පත් කරගත්තාට, කොච්චරක් ගත්තද ඒකට ගෙවන වන්දිය කීයද කියලා ප්‍රාදේශිය සභාවෙන් කියන්නේ නැහැ. රස්සාවට නිවාඩු දාලා දවස් ගණන් ප්‍රාදේශිය සභා ළඟ රස්තියාදු කරවනවා අසරණයන්ව. අවම වශයෙන් ඉඩමෙන් කොටසක් පාරට ගත්තා නම් ඒ ගත් ප්‍රමාණය, එයට තක්සේරුකළ වන්ද මුදල ලිඛිතව දියයුතුයි නේද? (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 02 March 2016 01:07 AM

සමහරුන්ට වන්දි ගෙව්වා. නමුත් අපේ ඉඩම් ගත්තට වන්දි දුන්නේ නැහැ. අඩුතරමින් ගත් ඉඩම් ප්‍රමාණය හා ගෙවීමට නියමිත වන්දිය මොකක්ද කියලාවත් කියන්නේ නැහැ. මෙවැනි ප්‍රශ්න ඇති අයට පැමිණිලි කරන්න ඔබ අමාත්‍යංශයේ ස්ථානයක් දෙන්න. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 02 March 2016 07:12 AM

වෙන ආණ්ඩුවක් එන්න කලින් මේවා නිමාවක් වෙනවනම් අපිත් සතුටුයි. (ම)

:       0       0

දමයන්ත Wednesday, 02 March 2016 01:38 AM

ඇමතිතුමනි, වන්දි ගෙවිමේ පටිපාටිය විනිවිද වියයුතුයි. ඉක්මන් වියයුතුයි. බොරු ගණන දාලා වැඩිපුර ගන්න බැරි වෙන්නත්, මොකුත් නොදන්න සාමාන්‍ය මනුස්සයාගේ වන්දිය වෙන කාටවත් පිල්ලි ගහගන්න බැරිවෙන විදියටත් වැඩපිළිවෙළක් ඔබතුමා මැදිහත් වී යොදන්න. (නි)

:       0       0

දිසානායක Wednesday, 02 March 2016 01:39 AM

හොඳ වැඩක් (නි)

:       0       0

දංගල්ල Wednesday, 02 March 2016 01:34 AM

පාරවල් කඩාගෙන මාස ගණන් අපිට බලාගෙන ඉන්න බැහැ. දුහුවිලි පිරිලා. හැකිතාක් ඉක්මනින්න අවසන් කරන්න බලන්න. (නි)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 01:58 AM

ඇමතිතුමනි, මඟ දිගයි. මිරිඟුව පෙනෙයි. කටු අකුල් වැඩියි. ප්‍රවේශමෙන්. අපි යහ සිතින් සෙත් පතමු. (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 02 March 2016 02:08 AM

ඉතාමත් හොඳයි. නමුත් කොන්ත්‍රාත්කරුවන් ඇතුළු සිවිල් ඉංජිනේරු සමුහයට ගසාකන්න ඉඩ තියන්න එපා. (නි)

:       0       0

සරත් Wednesday, 02 March 2016 02:24 AM

වැඩක් කළ හැකි ඇමතිවරයෙක්. ඔබට ජය! (නි)

:       0       0

සේනක Wednesday, 02 March 2016 02:50 AM

පහුගිය කාලේ හිටිය හොරුන්ව නම් ගාවගන්න එපා. අනවශ්‍ය අතපෙවීම් කිරීමට ඔබගේ නිලධාරින්ට ඉඩදෙන්නත් එපා. (නි)

:       0       0

රංග Wednesday, 02 March 2016 07:50 AM

මෙයා වැඩට බැස්සේ දැන්ද දක්ෂ නමුත් කරපු වැඩක් නම් නෑ... (ර)

:       0       0

සිරි Wednesday, 02 March 2016 08:28 AM

ඔය කියන පැලැස්තර වැඩ ටික කළාම මෙගා පොලිස් වෙනවද? කලින් තිබුණ රජයන් කලෙත් ඔය පැලැස්තර ක්‍රමයම නේද ? (ම)

:       0       0

ජයන්ත දසනායක Tuesday, 01 March 2016 01:07 PM

අවුරුදු කීයක් යනවද? හොඳ වැඩක්. (ර)

:       0       0

දිල්ෂාන් Wednesday, 02 March 2016 08:48 AM

කටින් බතල කොළ හිටවමු පුරුදු ලෙස. ලබන මාසේ අර නගරය දියුණු කරනවා. 2020 මුළු රටම දියුණු කරනවා. අපි රැවටී ඡන්දය දෙනවා. (ර)

:       0       0

සරත් Wednesday, 02 March 2016 09:04 AM

මොන වැඩද කටින් බතල හිටවන්න පුළුවන් (ම)

:       0       0

අනුර Tuesday, 01 March 2016 01:35 PM

අවුරුද්දක් ගියා. කොහෙද හිටියේ? (නි)

:       0       0

නිමල් Tuesday, 01 March 2016 02:17 PM

රුපියල් කෝටි 400ක්?? (නි)

:       0       0

ජගත් Tuesday, 01 March 2016 02:30 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සේනක Tuesday, 01 March 2016 03:01 PM

මෙයා සාර්ථකව අවසන් කළ වැඩේ මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියනවද? (නි)

:       0       0

නිම්මි Tuesday, 01 March 2016 03:07 PM

මෙයා නම් යමක් කරන්න පුළුවන් කෙනෙක්. නමුත් තමුන්ගේ ප්‍රතිපත්ති පාවාදුන් නිසා මට නම් අප්‍රසන්නයි. නමුත් රටට සේවයක් කරන්න ශක්තිය ලැබේවා! (නි)

:       0       0

රොෂාන් Tuesday, 01 March 2016 03:17 PM

මීළඟ රැස්වීම කවදාද? (නි)

:       0       0

කමනි Tuesday, 01 March 2016 03:27 PM

ඕවා අපේ ජීවිත කාලය ඇතුළත කරන්න. අපිත් ආසයි ඕවා බලාගන්න. (නි)

:       0       0

අජිත් රණසිංහ Tuesday, 01 March 2016 04:29 PM

ඔක්කොම ව්‍යාපෘති එකපාරටම පටන් ගත්තොත් වසර පහකට අඩු කාලයකදී ඉවර කරන්න පුළුවන් (නි)

:       0       0

රන්ජිත් Tuesday, 01 March 2016 04:30 PM

කරුණාකරලා හෝකන්දර තලවතුගොඩ පාරටත් මොනවාහරි කරන්න ඇමතිතුමා (නි)

:       0       0

කසුන් Wednesday, 02 March 2016 05:38 AM

දක්ෂ ඇමති කෙනෙක්. අනිත් අයටත් ඔබ ආදර්ශයක් ඇමතිතුමා. මම ඔබට සුබපතනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 502 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 497 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 151 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1478 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1120 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 439 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site