ඉන්දියාවේදී පැවැති ‘චැම්පියන්ස් ලීග් විස්සයි/20’ ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හර්බජාන් සිං ගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන් පිල සමත්විය. ඩැනියල් විටෝරි මෙහෙය වු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව ඊයේ (9) චෙන්නායි නුවරදී පැවැති අවසන් මහා තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 31 ක විශිෂ්ට ජයක් ලැබුහ.
මුම්බායි ඉන්දියන්ස් පිලට කී‍්‍රඩා කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග මෙම තරගාවලියේදී තුන් ඉරියව් දස්කම් දක්වමින් තරගාවලියේ වීරයා සම්මානය ලැබීය.
ජයග‍්‍රාහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 108 කි. ලසිත් මාලිංග යවන ලද යෝකර් පන්දුව හමුවේ වේගවත් පිතිහරඹයක නිරතවෙමින් සිටි තිලකරත්න ඩිල්ෂාන් දැවී ගියේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි.
තරගාවලිය පුරා ලකුණු අතර සිටි ක‍්‍රිස් ගේල් (5) සහ විරාට් කෝලි (11) අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගත් හර්බජාන් සිං මුම්බායි පිල ජයග‍්‍රාහී මාවතට ගෙන ඒමට සමත්විය. හර්බජාන් සිං ලකුණු 20 ට කඩුලූ 3 ක් ලබා තරගයේ වීරයා විය.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 139 (අම්බටි රයිදු 22, ජෙම්ස් ෆෑන්ක්ලින් 41, සුරේකුමාර් යාදේව් 24, ලසිත් මාලිංග 16, ඩැනියල් විටෝරි 30/2, රාජු බට්කාල් 21/3)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී 108 (තිලකරත්න ඩිල්ෂාන් 27, සුරාබ් තිවාරි 17, ලසිත් මාලිංග 23/2, අබු අහ්මඞ් 26/2, හර්බජාන් සිං 20/3, යුස්වේන්ද්‍ර චාහල් 9/2)
සිංහල දෙමළ අළුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා චතුරස්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ ද
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහ
පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘චැම්පියන්ස් ලීග් විස්සයි/20’ ක‍්‍රිකට් ශූරතාව මුම්බායි ඉන්දියන්ස් පිලට