(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර නොදෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සහ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.
සභාපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ සිද්ධිය පිළිබඳව කෝප් කමිටුව හමුවේ තොරතුරු අනාවරණය වූ අවස්ථාවේදීය.
එම සමාගම අධිකරණයට දිවුරුම් පෙත්සමක් ලබාදී මේ සිද්ධිය පිළිබඳව සම්පූර්ණ කරුණු අනාවරණය කර ඇතැයිද සභාපතිවරයා ඒහිදී ප්‍රකාශ කළේය.
කෝප් කමිටුවේදී මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපති විරාජ් සිල්වා මහතා පැවසුවේ එම ගිවිසුම තමා හිතා මතා කල් නොදැමූ බවයි.
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි
ukran Friday, 28 March 2025 07:57 PM
එයාලාට විරුද්ධව කතා කරන නිසා බොරු චෝදනා දාලා ඇතුලේ තියන්න හදන්නේ. බොරුවෙන් ජයගන්න බෑ කවදාවත්...
දිනේෂ් Friday, 28 March 2025 09:00 PM
එකක් කියන්නකෝ, හොරු අල්ලන්නද? එපාද?
හසකFriday, 28 March 2025 09:46 PM
ඔයාට ඕන උත්තරේ මොකක්ද? හොරු වීරයෝ කරගෙන ඉන්න අයනං කැමැති නෑ අල්ලනවාට.
දමිත් Friday, 28 March 2025 09:10 PM
පාර්ලිමේන්තුවේ 159ක් තියාගෙන, බොරුවට බුරන මේ වගේ අයට බයවෙන්නේ නෑ ආන්ඩුව. ඡන්දෙ නොදීපු ඔයාලාම තමයි කෑගහන්නේ හොරු අල්ලන්නේ නෑ කියලා. අල්ලනකොට කියනවා පළිගන්නවාලු. පොඩ්ඩක් බුරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නකෝ වැඩක් කරගන්න දීලා...
ජිල්බුFriday, 28 March 2025 09:58 PM
ukrain, එතකොට ඔය දසනායක හාදයා සියඹලා ගෙනැල්ලාම නැද්ද..?
බකල ජයා Friday, 28 March 2025 08:29 PM
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට එලාම් එක වදිනවා. ආයෙත් මුලක ඉඳලා ඊයේ කරපුවාම අදත් කරනවා.
Thambuththegama sinhaya Saturday, 29 March 2025 06:49 AM
වැඩිය කෑගහන්න ආවොත් ඔක්කොම ඇතුළට දානවා. දන්නේ නැතිවයි මගෙ හිතේ..
නිමල් පෙරේරා Saturday, 29 March 2025 08:23 AM
මේ සමාගමට මැණික් ගරන්න දුන්නා නම් සමන්ත විද්‍යාරත්නලා සතුටෙන්, එකනේ ඔය කියන්නේ. පාර්ලිමේන්තුවේ 159 ටම මේ මනුස්සයා ප්‍රශ්නයක් කියලා පේනවා. ඒකාලේ අල්ලනවා කිව්වේ බැසිල්ලා කළා කියන බිලියන ගණන් වල හොරකම්. අද මොනවාද මේ මාලිමාව කරන විහිළු වැඩ...? මේ දේශපාලන පළිගැනීම් නෙමෙයිද?
Perera Saturday, 29 March 2025 11:34 AM
ක්‍රමයෙන්, මහන්සියෙන්, අනන්දුවෙන් සල්ලි හොයලා දියුණු වෙන්නේ නැතිව ඉක්මණින් හොයන්න ගියාම ඔහොම වෙනවා චාමර... කොහේද ඉතින් මොලේ...?