එංගලන්තයට එරෙහිව මේ මස 26 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට චාමර සිල්වා ඇතුළත් කර තිබේ. චාමර වසර හතරකට ආසන්න කාලයකට පසුව නැවතත් ටෙස්ට් සංචිතයට පැමිණීම කැපී පෙනේ. සංචිතයට නම් කර සිටි උප නායක ඇන්ජලෝ මැතිව්ස් අද (23) පෙරවරුවේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්වීම නිසා චාමර සිල්වාට ස්ථානය හිමිවී තිබේ. මෙවර අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 1,143 ක් රැස් කළ චාමර, එංගලන්තයට එරෙහිව පැවැති පුහුණු තරගයේදී ලකුණු 163 ක් රැුස්කිරීමට ද සමත් විය. චාමර 2006 වසරේ දෙසැම්බර් මස නවසීලන්තයට එරෙහිව ටෙස්ට් වරම් ලබා මේ වන විට තරග 11 කදී සාමාන්‍ය 33.56 ක් රදවා ගනිමින් ලකුණු 537 ක් රැස්කර තිබේ.
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චාමර සිල්වා ටෙස්ට් සංචිතයට
දිනේෂ් Saturday, 24 March 2012 08:08 PM
කවුරු දැම්මත් දැන් අපට ගහනවා. දැන් සල්ලිවලටනේ ගහන්නේ. ඇයි අජන්ත මෙන්ඩිස්ව හංගලද ?
සුදන්ත Saturday, 24 March 2012 10:34 PM
ඇත්තටම ඔහුට අවස්ථාවක් දියයුතුයි.
උවයිස් Sunday, 25 March 2012 02:49 PM
චාමර හා අපේ කණ්ඩායමට සුබ පැතුම්. නැවතත් කණ්ඩායමට ආපු නිසා අපේ පිතිකරු ලැයිස්තුව ශක්තිමත් වෙනවා.
saman Sunday, 25 March 2012 06:14 PM
කොමෙන්ට් පල කොරන්නේ නැත්තේ ඇයි? පල කොරන්න බැරිනම් අපි මේවා බලන්නෙත් නෑ
ප්‍රදීප Friday, 23 March 2012 08:17 PM
ලංකාවට ජය පතමු
සමන් කුමාර Saturday, 24 March 2012 12:16 AM
මේක තමයි තේරුමක් නැතිදේ .. චාමර කණ්ඩායමේ දිගටම හිටිය නමුත් ෆේල් උන.. මෙයාගේ වයසත් වැඩියි ලෝකල් මැච් වල ගැහුවා කියල තව තව කණ්ඩායමට දාන එකේ තේරුමක් නෑ. මේක නවකයකුගේ අවස්ථාව නැතිකිරීමක්