IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


චුයින්ගම්+රෙදි ඩයි = තක්කාලි සෝස්

මිනිස් පරිභෝජනයට නුසුදුසු තක්කාලි සෝස් ලීටර 2000ක්, බාල මිරිස්කුඩු කිලෝ 1000ක් සහ කහ කුඩු කිලෝ 500ක් කොම්පඤ්ඤවීදියේ භාණ්ඩ නිෂ්පාදනාගාරයක තිබී පාරිභෝගික අධිකාරිය මගින් අද (11) අත්අඩංගුවට ගෙන ඇත.

වටානා පිටි, තිරිඟු පිටි හා රතු රෙදි ඩයි  මිරිස් කුඩු ද,   චුයින්ගම් හදන ගම් වර්ගයකට රෙදි ඩයි එකතු කිරීමෙන් තක්කාලි සෝස් ද, සිවුරු පඩු පොවන රෙදි ඩයි වලින් කහ කුඩු ද නිෂ්පාදනය කර තිබේ.

වැසිකිළි සහ පිඟන් සෝදන දියර නිෂ්පාදනය කරන භාජන වල තක්කාලි සෝස් හදා ඇත.

 



අදහස් (0)

චුයින්ගම්+රෙදි ඩයි = තක්කාලි සෝස්

චමත් Wednesday, 11 December 2013 07:38 PM

හොදක් නම් වෙන්න එපා මිනිස්සුන්ට වහ කවනවට. (නි)

:       0       0

ශිරෝ Thursday, 12 December 2013 01:49 PM

හෙන ගහන අපරාද මේවා . පුංචි දරුවොත් මේවා කනවා. හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා. දැන් ගොඩක් අය ගෙදරදී පාවිච්චි කරන්නේ කුඩු කරලා තියෙන මිරිස් සහ කහ. ගෙදරදී උයාගෙන කෑවත් කන්න වෙන්නේ වහ නේද? එහෙන් කෘෂි රසායන දාපු එළවලු. මොනවා කන්න දෙන්නද දරුවන්න්ට. (ස)

:       0       0

සත්‍යපාල Wednesday, 11 December 2013 07:46 PM

දැන දැන මෙවැනි විෂ මිනිස්සුන්ට කවන මේකා අදම එල්ලපියෝ ! (නදී)

:       0       0

ස්ටැන්ලි Wednesday, 11 December 2013 07:51 PM

නීතියේ හිදැස් තියෙන නිසා බොහොමයක් දෙනා වංචාවෙන් බොරුවෙන් දිවිය ගෙවන්න පුරුදුවෙලා. ගුරුවරු දේශපාලකයෝ ආගමික නායකයෝ හැමෝම වංචාවට යොමුවෙලා. මතට තිත කීවට ගෙන්වන ලොක්කෝ බේරන්න රජයේම අය ඉදිරිපත් වෙනවා. ඉතින් කොහොමද පොලිසියක් නීතියක් රජයක් විශ්වාසකරන්නේ. මේ සිද්දවෙන දේවල් පාලනයේ සිටින දේශපාලකයන්ට නවත්වන්න පුළුවන්කම තිබියදීත් නොකරන්නේ ඕනේ කමක් නැති නිසා බව මේ සිද්ද වන දේවල් දිහා බැලුවහම පේනවා. ජනතාව කලකිරෙන්නේ මේවායින් තමයි. (නදී)

:       0       0

රසික විතාන Wednesday, 11 December 2013 07:57 PM

මේවා අපිට වැඩක්ම නැති ආහාර. අපේ පාරම්පරික ආහාර රටාවට යොමු වෙනවා නම් මේ වගේ ආහාර අපට වැඩක් නැහැ. සල්ලි දීල වස ගන්නේ සියදිවි නසාගන්න මෝඩයන්.අ පි පොඩි අවදියේ ගෙදර කුළුබඩු ගෙදරමයි හදාගත්තේ. (නදී)

:       0       0

දර්ශා Wednesday, 11 December 2013 07:59 PM

සංකර කෑම් බීම්වලින් ඈත් වී ගමේ හොද කෑම බීම වලට හුරුවිය යුතුයි. පහේ කුඩු වුනත් අපිම සකසා ගන්නවා නම් ඉතා හොදියි. (නදී)

:       0       0

තුසී Wednesday, 11 December 2013 08:16 PM

මේ රටේ නීතියක් නැති බවට හොඳ ශාක්ෂි. මොන තරම් පාපයක්ද මේ වගේ විස අහිංසක මිනිසුන්ට විකුණන එක. පොඩි දරුවෝ පවා පිළිකා රෝග වලට ලක් වෙනවා. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 11 December 2013 08:23 PM

මොවුන් මිනිසුන්ට පිළිකා සාදන මිනිස් වෙසින් සිටින මඳුරු විශේෂයකි. ඩෙංගු මදුරුවාසේම මොවුන්වද දුටු තැන විනාශ කර දැමිය යුතුය.(නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 11 December 2013 08:29 PM

හිතාගන්නත් බැහැ මේක ඇත්තක්ද කියලා. මිනිසුන්ට පිළිකා නෙමේ හැදෙන ලෙඩේ හොයාගන්න බැරිවෙනවා. කුඩු විකුණන අය මිට හොදා මොකද කුඩු කියල දැනගෙනයි මිනිස්සු අරගෙන බොන්නේ. නමුත් මේ කියන මිරිස්,කහ කුඩු කියන වස විකුනන්නේ අහිංසක මිනිස්සු රවටලා. මේ අයට ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනා. ඒත් ලංකාවේ උසාවියට ඉදිරිපත් කරන කොට මේවා නිකම්ම යට යනවා. (නදී)

:       0       0

ලකී Wednesday, 11 December 2013 08:35 PM

අනේ මෙහෙමත් වැඩ? (නි)

:       0       0

නිහාල් Wednesday, 11 December 2013 08:40 PM

මෙහෙම අයට තමයි ප්‍රසිද්ධියේ උල තියන්න ඕනෑ. (නි)

:       0       0

නිහාල් Wednesday, 11 December 2013 09:11 PM

මෙම නිෂ්පාදකයින්ගේ වෙළද නාමය ප්‍රසිද්ධ කළහොත් වෙළද පොළේ දැනට ඇති ශරීරයට නුසුදුසු ආහාර මිළදී ගැනීමෙන් පාරිභෝගිකයා වළක්වාගත හැකියි. (නි)

:       0       0

හේමන්ත Thursday, 12 December 2013 08:22 AM

වසක් විසක් ගැන අවිශ්වාසයක් නැතුව අද කාලේ කන්න තියෙන්නේ වහ විතරමයි. (නි)

:       0       0

සතයයා Wednesday, 11 December 2013 09:22 PM

මේ ක්‍රමය හොඳයි කියන අය ඔය සෝස් තිබුනේ වැසිකිලි වලේ උනත් කමක් නැහැ. රටේ හැටියට තමයි වැඩ. (නදී)

:       0       0

සේන Thursday, 12 December 2013 04:24 PM

මේකට සම්බන්ධ ඔක්කොම කොටුවේ බෝ ගහ යටට ගෙනැල්ල එල්ලන්න ඕන. වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. (ස)

:       0       0

තිසේරා Thursday, 12 December 2013 08:55 AM

මිනිමැරීමට තැත් කිරීම යටතෙවත් නඩු දාන්න බැරිද? කොහොම වුණත් හෙට අනිද්ද‍‍ා වෙද්දි මේ මිනිස්සු එළියට ඇවි්ලලා කිසිඳු රසායනිකයක් අඩංගු නොවේ˜ කියලා රාජ්‍ය ලාංඡනයත් එක්ක ස්ටිකර් එකක් අලවාගෙන විකුණනයි නැවතත්’ (නි)

:       0       0

මුතු මැණිකේ Thursday, 12 December 2013 05:03 PM

තිලක් ඩුබායි කියලා ලියන කෙනා මේ ගැන මොකද දන්නේ නැහැ කියන්නේ? (නි)

:       0       0

මදු ..ප්‍රන්සය Wednesday, 11 December 2013 10:30 PM

පුළුවන් තරම් ගෙදර කෑම කන්න පුරුදු වෙමු ! (ස)

:       0       0

සේනානායක Saturday, 14 December 2013 01:35 AM

ඇයි හරියටම නම, ගම විස්තර හෙළි කරන්න බැරි? මම හිතන්නේ ඒක වගකිව යුතු අයගේ යුතුකමක්.(නදී)

:       0       0

දිලිප් Wednesday, 11 December 2013 05:59 PM

බුදු අම්මෝ! (නි)

:       0       0

අල්විස් Thursday, 12 December 2013 10:38 AM

මේ නඩේ මොනම හේතුවක් නිසාවත් නිදහස් කිරීම වැරදියි. රජ කාලේ නම් ගස් බැඳලා පතුරු ගහනවා.(නදී)

:       0       0

පෙරේරා Thursday, 12 December 2013 12:13 AM

කෝ අර කිරිපිටි අර්බූදෙදි පාරවල් වල උද්ගෝෂණය කරපු අය???? (ස)

:       0       0

සරත් Wednesday, 11 December 2013 06:23 PM

පවුලේ සාමාජිකයන් සමග සමහර වෙලාවට පිටතින් කෑම ගන්නා විට දරුවනුත් මමත් නිතරම ප්‍රිය කරන්නේ සෝස්, සහ වර්ණවත් කෑම. නමුත් මගේ බිරිද එවැනි කෑම වර්ග ප්‍රිය නොකරන අතර සෑම විටම අපද ඒවායින් වළක්වා ගන්න මහන්සි වෙනවා.එසේම නවීන "කෑම නගර" වල තියෙන වර්ණවත් බීම සහ කෑම සහ ශීතකළ අහාර වර්ග කිසිවක් (අයිස් ක්‍රීම් හැර ) නිවසට ගේන්නේ නැහැ.දරුවනුත් ඒකට දැන් පුරුදුවෙලා. එවැනි කෑම ජාති ඉල්ලන්නෙත් නැහැ. මෙවැනි ප්‍රවෘත්ති බලනකොට ඇයගේ ක්‍රියාව කොයිතරම් නිවැරදිද කියලා හොදටම වැටහුනා. මගේ බිරිදට ගොඩක් ස්තුතියි (නි)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Wednesday, 11 December 2013 06:25 PM

මෙහෙම අය තමා ලංකාවම නැති කරන්නේ. දැන් දඩුවම් ලිහිල් නිසා මේවා නවත්වන්නේ නැහැ. සියලු විස්තර නම, ගම ,පින්තූර එක්ක දාන්න ඕනෑ ඔක්කොටම දකින්න. (නි)

:       0       0

ශාන්ති Thursday, 12 December 2013 11:25 AM

මම හිටියේ හරිම තරහකින් මේ වැඩේ කරපු අයත් එක්ක. මට හිනාවක් ගියා හේමන්තගේ කතාවෙන්. ඒක නම් ඇත්ත හේමන්ත (නි)

:       0       0

ආරියසේන Wednesday, 11 December 2013 06:43 PM

හැම පැත්තෙන්ම වංචාව හොරකම. ඇල්ලුවට වැඩක් නැහැ. දඩ ගෙවලා නිදහස් කරයි. (නි)

:       0       0

ජයපාල Thursday, 12 December 2013 11:40 AM

ආසියාවේ ආශ්චර්යය! (නි)

:       0       0

දයාන් Wednesday, 11 December 2013 06:44 PM

මිනිසුන්ට වස විෂ කවන නුඹලාට නිරයද ප්‍රමාණවත් නොවේ. (නි)

:       0       0

නිසංසලා Thursday, 12 December 2013 11:55 AM

මෙහෙම ගියොත් ලංකාවෙ මිනිස්සුන්ට හැදෙන ලෙඩවල් ගැන හිතා ගන්නත් බැරිවෙයි. නේද? (ස)

:       0       0

ශාන් Thursday, 12 December 2013 01:27 AM

මේ අය හංගල තියන ආයුද හොයන්න එක්කන් යන්න. (ස)

:       0       0

ෂාෆික් Wednesday, 11 December 2013 06:58 PM

සල්ලි කිවුවොත් අායෙ මොනවා කරලා වුණත් කමක් නැහැ. (නි)

:       0       0

ශාන්ති Thursday, 12 December 2013 01:48 AM

අම්මෝ මෙහෙමත් මිනිස්සු , මොන ජරා වැඩක් කරලා හරි කමක් නැහැ , සල්ලි හොයන්ඩ පලුවන්නම් . උල තියන්ඩ වටිනවා , මේ කරන අපරාද වලට. (අ)

:       0       0

සුනිල් Thursday, 12 December 2013 12:19 PM

මුන්ට හොඳක් වෙන්න එපා. (ස)

:       0       0

ඉන්දික Thursday, 12 December 2013 12:25 PM

නිෂ්පාදන නාමය ජනතාවට හෙළිකරන්න (නි)

:       0       0

මගලී පරනෑන්ඩු Wednesday, 11 December 2013 07:04 PM

ඔව් අද කියනවා හෙට නැහැ කියනවා. අර කිරිපිටි වල වගේ. කාවද විශ්වාස කරන්නේ. සල්ලි වලට සේරම යට වෙලා අද. මිනිස්සු වස විස කනවා සල්ලි දීලා.(නදී)

:       0       0

අනු Thursday, 12 December 2013 01:14 PM

මේ ‍දේ කරලා තියෙන්නේ අහවල් ජාතියේ ව්‍යාපාරිකෙයක් නම් එම ජාතිකයන්ටත් මේවා අලෙවි කර තිබේ දැයි සොයා බැලීම වටි. (ස)

:       0       0

රජින්ද Wednesday, 11 December 2013 07:27 PM

දේශප්‍රේමී පාලකයින් ඉන්නා රටක ඔය වගේ පොඩි පොඩි දේවල් දැන් වගේම ඉදිරියටත් වෙයි. ගණන් ගන්න එපා. ඉවසන්න දේශප්‍රේමියනි! ඉවසන්න! හෙට අනිද්දාට ඔය අත්අඩංගුවට ගත්තයි කියන මහත්තුරු ටික එළියට එනවා. (නි)

:       0       0

නාලක Thursday, 12 December 2013 03:46 AM

Iමට නම් පුදුම තරහක් එන්නේ (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 12 December 2013 03:47 AM

මේවා නම් පුදුම නව නිපැයුම්. මේ කපටි මිනිස්සු, අනුන්ට වස කවා, මුදල් උපයා ජීවත්වෙන විදිහ අන්තිම නින්දිතයි. කොයි ලොව යන්නේ මරණින් පස්සේ... පින් පවු එනවා ඔබ පසුපස්සේ..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 61 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 0 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 339 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 53 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 410 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 342 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14544 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site