IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


චරිත හේරත්ගෙන් ජනතාවට උපදෙසක්

(යොහාන් භාසුර)

ජනාධිපතිවරයා ලෙස පත්වන පුද්ගලයාට වඩා ඔහු සමඟ ඉන්න කණ්ඩායම ගැන හොඳ අවබෝදයකින් ජනතාව කටයුතු කළ යුතු බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව බරපතල තීරණයක් ගතයුතු බවත් නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (20) පැවසීය.

මහාචාර්ය චරිත හේරත් මහතා නිදහස ජනතා සභාව මූලස්ථානයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම නොවැම්බර් වන විට පවත්වා අවසන් කළ යුතු බව කී මහාචාර්යවරයා අයි.එම්.එෆ්. කියන පදයට නටන ආණ්ඩුව සහ පාර්ලිමේන්තුවේ සිටින 225 එපා කියන මතයේ ජනතාව සිටින බව ද සදඟන් කළේය.

ආර්ථිකය වැටී ඇති මෛවැනි අවස්ථාවක 13 වැනි ව්‍යවස්ථා සංසෝධනය ගැන කතා කරන ඇතැම් ජන කොටස් වෛයිරි දේශපාලනය කරන බවත් ඉන්දියාව ඩොලර් බිලියන දෙකක් දුන්න එක වැඳගත් මෙන්ම චීනය සමඟ මෝඩ විදියට වැඩකරන්න ගොස් ආණ්ඩුව වැඩ වරද්දා ගත් බවත් ඒ මහතා කීය.

කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරයෙක් ඉන්දියාවට ගිහිල්ලා ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්’ යැයි පැවසීම ගැටලුසහගත බව කී හේරත් මහතා සඳහන් කළේ පොදුජන පෙරමුණේ ආශිර්වාද මැද ජනාධිපති හැදුව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ගෙන් මතය ප්‍රකාශ කළ යුතු බවත්ය. 



අදහස් (1)

චරිත හේරත්ගෙන් ජනතාවට උපදෙසක්

Lelwala Wednesday, 21 February 2024 07:55 AM

ඊළඟ මැතිවරණයේදි ඔය සෙට් එකම ගෙදර.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 80 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 485 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1032 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 922 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 148 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 935 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38855 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site