IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


චාල්ස් මුණුබුරාටත් තේ වර්ගයක්

නුවරඑළිය ලබුකැලේ ‘මැක්වුඩ්ස්‘ තේ කර්මාන්ත ශාලාවට ගිය බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරු ඔහුගේ 65 වැනි උපන් දිනය වෙනුවෙන් එහිදී විශේෂයෙන් සැකසූ කේක් ගෙඩියක් ද කැපුවේ ය.

එම කර්මාන්ත ශාලාවෙන් නිපදවන තේ වර්ගවල රස බැලීමටද අමතක නොකළ චාල්ස් කුමරු ඔහුගේ මුණුබුරු සිහිවීමට නිපද වූ ‘ප්‍රින්ස් ඔෆ් ජොර්ජ්‘ තේ වර්ගය ඉතා රසවත් බව පැවැසීය.

තේ දලු නෙළන කාන්තාවන්ගේ සුව දුක් විමසීමට චාල්ස් කුමරු තේ වතු යාය මැදට ගමන් කළේ  එම කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති මෙන්ම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා ද සමගිනි.

දළදා සමිඳු වැඳ පුදා ගැනීමට මහනුවරට ගිය චාල්ස් කුමරු දැක බලා ගැනීමට මහනුවර බාලිකා පාසල් කිහිපයකම දැරියෝ දළදා මාලිගාවේ වාහල්ගඩ ඉදිරිපිට රැස්වී සිටියහ.

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 

 



අදහස් (0)

චාල්ස් මුණුබුරාටත් තේ වර්ගයක්

රන්ජනී Tuesday, 19 November 2013 02:19 AM

ඉන්දික එහෙම කියන්න එපා! එංගලන්තේ පුරවැසිකම ලැබුන අය රටට අදරේ නැතුව නෙවේ. නොයක් හේතුන් නිසා එංගලන්තේ පදිංචි උනාට උපන් රටට ආදරේ කරන අය ඉන්නවා.(නදී)

:       0       0

අසෝක Tuesday, 19 November 2013 02:20 AM

එතකොට ඔය එංගලන්තේ බැංකු තැන්පත් තියෙන, ගෙවල් තියෙන නිතරම එංගලන්තේ ෂොපින් යන, එංගලන්තේ බෙහෙත් ගන්න යනඅමෙතිවරු එංගලන්තෙට විරුද්ද වෙන්නේ අපිව අන්දන්න නේද? (නදී)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Tuesday, 19 November 2013 04:08 AM

ඔටුන්න හිමි රජ කුමරුගේත් එනගලන්ත අගමැතිගේත් වෙනස කොහොමද මෙන්න නියම මහත්වරු ....ඔබට දිර්ගායු ලැබේවා (නදී)

:       0       0

මියු Monday, 18 November 2013 05:15 PM

වෙන අය නම් මල් මාල දාපු ගමන් ගලවනවනේ. බලන්න ඒ අතින් මෙතුමා කොච්චර නිහතමානිද කියලා (නි)

:       0       0

රන්ජනී Tuesday, 19 November 2013 05:49 AM

අසෝක, ඔය ලංකාවේ මැති ඇමතිවරු ගාන නම් කියන්න දන්නේ නැහැ. එයාලට සල්ලි තිබෙන නිසා ප්‍රශ්නයක් නැහැනේ. බැංකු තැන්පතු වලට නම් ලංකාවේ වගේ පොළියක් ලැබෙන්නේ නැහැ.අයට වඩා වැය වැඩියි. (නි)

:       0       0

සකුරුන්ද Tuesday, 19 November 2013 05:42 PM

කැමරන්, කතා කරපු/ කරන හැටි බලනකොට, චාල්ස් හොඳයි ගෞරවාන්විතව හැසිරුනා කියලා කියන්න පුළුවන්. රජපවුල පැතිගන්නේ නැහැ දැන්. දෙමලුයි කැනඩාව වගේ රටවලුයි විරුද්ධ වෙද්දී එයාල ආපු එක වැදගත්. හැබැයි චෝගම් මහා නාස්තියක්. අපේ රටට දරන්න බැහැ මේ වෙලාවේ. අනාථ සිංහල මිනිස්සු තාම පාරේ. ඒකෙන් තේරෙනවා රටේ ඇත්ත තත්ත්වේ පාලකයෝ දන්නේ නැහැ කියලා. ලෝකේ හදන්න ඉස්සර, ඡන්දෙ / බලය දීපු සිංහලයන්ගේ ප්‍රශ්න හොයලා විසදන්න, නුවණ තියෙනවා නම්.... සිංහල මිනිස්සු විරුද්ධ වුණොත් හතුරන්ට බලය ලැබෙනවා. ඉවසීමට සීමා තිබෙන බව පාලකයන්ට මතක් කර දෙන්න. (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 18 November 2013 05:35 PM

ප්‍රින්ස් ඔෆ් ජෝර්ජ් තේ කෝප්පයක් අපිටත් රස බලන්න ආසයි (නි)

:       0       0

නිල්කමල් Tuesday, 19 November 2013 05:54 AM

සනත් ඉන්දික, ඔය දෙන්නගේ වෙනස වෙන්නේ එක් කෙනෙක් දේශපාලකයෙක් ඡන්දෙන් එන. අනිත් කෙනා උරුමයෙන් එන කෙනෙක් (නි)

:       0       0

දොන් සරත් Tuesday, 19 November 2013 06:16 AM

ඔහු එංගලන්තයේ රජ පරම්පරාවේ නිසා ඒ පරම්පරාවේ වැදගත්කම ප්‍රදර්ශනය කළා. (නි)

:       0       0

නෝනිස් Monday, 18 November 2013 06:22 PM

මේ යහපත් කුමාරයාගේ හදවත පිරිසිදුයි (නි)

:       0       0

සිරියලතා Monday, 18 November 2013 06:24 PM

මොනවා වුණත් හොද මිනිසෙක් (නි)

:       0       0

රන්ජනී Tuesday, 19 November 2013 06:56 AM

නීල්කමල්, ඔයා හරි. රජ්ජුරුවෝ උඩමනේ. දේශපාලකයෝ ඔහොම දැගලුවේ නැත්නම් බිම වැටෙනවා.ප්‍රින්ස් චාල්ස් නම් උත්පත්තියෙන්ම උත්තමයෙක්.ඔහුට දීර්ඝායුෂ පතමු. (නි)

:       0       0

දිලංක Tuesday, 19 November 2013 07:12 AM

ඒ කාලේ සුද්දටම රට දීලා හිටියා නම් අද අපේ රට ඉතා දියුණු රටක් (නි)

:       0       0

නිලාන් Tuesday, 19 November 2013 07:34 AM

අන්න නියමම සුද්දෝ ..... (නි)

:       0       0

රෝස් Monday, 18 November 2013 06:53 PM

ඔටුන්න හිමි රජෙක් වුණත් බුද්ධිමත් චාම් මිනිසෙක් (නි)

:       0       0

අරුණ Monday, 18 November 2013 06:54 PM

ඔබතුමා මගේ රටට ඇවිත් කළ ගෞරවයට, සකල ශ්‍රී ලාංකීක අප සැම කෘතගුණ සලකමු. තිර ජීවනය ලැබේවා! (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Tuesday, 19 November 2013 07:46 AM

සුද්දන්ට බැන්නට ඒ අය ආශ්‍රය කරනකොට ඒ මිනිස්සු කොච්චර අවංක ,නිහතමානිද කියලා තේරෙනවා. (නි)

:       0       0

සේන Tuesday, 19 November 2013 07:47 AM

ලොවෙන් හතරෙන් එකක් පාලනය කළ මහා රැජිනගේ පුතා අපේ රටේ එක ඡන්ද කොට්ඨාශයක් පාලනය කරන මන්ත්‍රීගේ පුතාට වඩා දස දහස් ගුණයක් නිහතමානියි (නි)

:       0       0

ජෙරාඩ් Monday, 18 November 2013 07:01 PM

ඔටුන්න හිමි කුමරෙකුගේ අනාගත රජෙකුගේ නිහතමානීකම අගයනු වටී (නි)

:       0       0

කළණ Tuesday, 19 November 2013 08:21 AM

48 හිටපු බොරු වීරයෝ රට නිදහස් කරගත්තට වඩා හොඳයි අපි තවමත් බ්‍රිතාන්‍යය යටතේ හිටියා නම් කියලා හිතෙනවා,දැන් ඉන්න දේශපාලුවෝ කරන වැඩ දැක්කහම. රටට මොකක්ද වෙලා තියෙන සෙතේ 48න් පස්සේ? මොකක්ද අපිට ලැබුණු නිදහස, එකම දෙයයි ලැබුනේ. ඒ සුළුතර මිනිස්සු කොට්ඨාශයකට සැප විඳින්න අවස්ථාවක් ලැබුණා (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 19 November 2013 08:27 AM

දිලංක ගැන කණගාටුයි.අපේ පාසල් විසය පථයෙන් ඉතිහාසය හා ප්‍රජාචාරය කියන විෂයන් දෙකටම තිත තැබීමේ ප්‍රතිපල (නි)

:       0       0

චානක Tuesday, 19 November 2013 08:28 AM

නිහතමානිකම කොච්චරද කියනවා නම් එදා මල් මාලාව දාගෙනමලු එතුමා දවසේ වැඩිහරිය ගතකරලා තියෙන්නේ (නි)

:       0       0

සේන Tuesday, 19 November 2013 08:30 AM

දිලංක වගේ අයයි තම රට පාවාදෙන්නේ. අපේ අත්තලා මුත්තන්ටත් ලැජ්ජාවෙන වචන කියන්න එපා (නි)

:       0       0

ලහිරු Monday, 18 November 2013 07:43 PM

රාජ පරම්පරාවනේ (දී)

:       0       0

අමිල - කටුනායක Tuesday, 19 November 2013 08:45 AM

මෙවර සංචාරය ලක් වැසියන්ට ද එතුමාට ද වැදගත්, පිරුණු කලේ දිය නොසැලේ. (ස)

:       0       0

ඉන්දික Monday, 18 November 2013 08:02 PM

අපේ හුගක් අය එංගලන්තෙට විරුද්ද වෙන්නේ එයාලට එහෙත් එක්ක සම්බන්ද වෙන්ඩ හැකියාවක් නැති කුහක කමට, ඔය හුගක් දේශප්‍රේමියෝ එංගලන්තේ පදිංචිය හම්බවෙනවානම් රටට මොනවා වුනත් කමක් නැහැ කියනවා (අ)

:       0       0

සාන්ත Tuesday, 19 November 2013 09:08 AM

සුද්දෝ නිසා අපේ උන් කහට කෝප්පයක් හෝ බොනවා... (ස)

:       0       0

රන්ජිත් Monday, 18 November 2013 08:11 PM

ලංකාවේ තේ වලට හොද ඉල්ලුමක් තියෙනවා (දී)

:       0       0

වර්ණ Saturday, 23 November 2013 12:12 AM

සුද්දන්ට බණින්නේ සුද්දා ගැන නොදන්නා අය. සුද්දා කියන්නේ නරක කෙනෙක් නෙමෙයි (නි)

:       0       0

පුක්කුස වීරේ එඩ්මන්ටන් Monday, 18 November 2013 08:41 PM

යම් පුද්ගලයන් රාජ්‍ය තන්ත්‍රය භාවිතා කර තමන්ගේ ව්‍යාපාරයට අයිති තේ පමණක් පිට රට විකිණීම සිදු කරනවා කියන කටයුත්ත දැන් ඔප්පු වෙනවා නේද? පෙද්රු වතු යායට රජ කුමරා යනවා කියා ඔහු ඇත්තටම ගියේ කාගේ වත්තටද? මේ සියල්ල දුෂණයන්ය. (දී)

:       0       0

ලාල් Monday, 18 November 2013 08:53 PM

ඒ පොඩි ළමයාත් කවදා හෝ රජ වෙනවා (දී)

:       0       0

මහේෂ් Monday, 18 November 2013 08:56 PM

ලෝකයේ මාධ්‍ය ගොතන කතා වල හැටියට උද්දච්ච මිනිහෙක් බලාගන්නයි අපේ රටේ මිනිස්සු බලා හිටියෙ. නමුත් චාල්ස් කුමරා මාධ්‍ය පවසන ආකාරයේ කෙනෙකු නෙමෙයි හොද මිනිසෙක් බව ඔහුම ඔප්පු කළා (නි)

:       0       0

රත්ගමයා Monday, 18 November 2013 09:01 PM

අනේ මන්දා කවදා මේ රට අපේ වෙයිද කියලා (නි)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 19 November 2013 10:03 AM

දිලංක වැනි අය දියුණුව කියා හිතන් ඉන්නේ මොකක්ද දන්නේ නැහැනේ. අනේ ඉතින් මෙහෙම අයත් එක්ක නේද අපි අපේ රට දියුණු කරන්න යන්නේ. ඔහොම යං... (ස)

:       0       0

පෙටී Monday, 18 November 2013 09:14 PM

පිරුණු කලේ දිය නොසැලේ කියන්නේ මේකට ...අගෙයි කුමරුනි...අර මිදි යුෂ කාපු අස්වයා තප්පු ලාලා ගම කෑවේ වයසේ ප්‍රස්නයක් නිසාද?බොල් කලයක් නිසාද? (නදී)

:       0       0

චමින්ද ලන්ඩන් Monday, 18 November 2013 09:19 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ! ලංකාවේ තේ ව්‍යාපාරය පිටරටට ප්‍රචාරය කරන්න ඉන්න අයම තමන්ගේ වත්තේ තේ විතරක් පිට රටට විකුනන්න මුලික වුනාම අනිත් වතු වහෙනවනේ. මේක ජාතියටම මහා පාඩුවක් බව වැටහෙන්නේ නැද්ද?(නදී)

:       0       0

සංජීව Monday, 18 November 2013 09:56 PM

ඔහු හොද කෙනෙක් වගේ පෙනෙන්නේ නම්.(නදී)

:       0       0

නාලක Monday, 18 November 2013 09:56 PM

පුක්කුස විරේ එඩ්මන්ටන්...: මම නම් හරිම සතුටුයි ව්‍යාපාරික දැනුමක් තියෙන කෙනෙක් තානාපති කෙනෙක් වෙලා කාගේ හරි දෙයක් ලංකාවේ නමින් මාර්කට් කරනවට... කුහක නැතුව බලන්න... කොහෙන් ආවත් කතා ආවත් වාසිය ලංකාවට නේ... ඔයත් පුළුවන් නම් අඩු ගානේ තේ අක්කරයක්වත් වවන්න නැත්නම් තේ කඩයක්වත් දාන්න...... තේ වතු සමාගමක සභාපති වෙන එක... එංගලන්තේ තානාපති වෙන එක කෙසේ වෙතත්...(නදී)

:       0       0

නෙවිල් සිල්වා Monday, 18 November 2013 10:37 PM

තනතුරු වල බලය පාවිච්චි කරලා තමාගේ ව්‍යාපාර උලුප්පා ගැනීම නොකළ යුතුයි. වැරදි වැඩ. අනිකුත් තේ වැවිලිකරුවන්ට කරන අසාධාරණයක්. අපි මේවා කලින් කිව්වා. මහා රැජිනගෙන් ගරු නාමයකුත් ගනියි. එතකොට එයා ගොඩ. (නදී)

:       0       0

සමන්ත Monday, 18 November 2013 10:46 PM

මේ උත්තමය අනෙක් රටවල නායකන්ට ආර්ශයක්.(නදී)

:       0       0

ශාන් Tuesday, 19 November 2013 10:41 AM

සුද්දා මේ රට පාලනය කරනවා නම් කොච්චර හොදට තිබේවිද? (නි)

:       0       0

ඩාවින්චි Monday, 18 November 2013 11:48 PM

ඔය තේ ඉතින් චාල්ස්ලාටම තමයි අපි කුඩුතමයි ගහන්නේ.(නදී)

:       0       0

උපාලි Tuesday, 19 November 2013 12:14 AM

උසස් පුද්ගලයෙක් නිහතමානී වන තරමට ඔහු/ඇය ජනතාවගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙනවා. (එකේ අනික් පැත්තත් එහෙමයි). ඒ අතින් චාල්ස් කුමරුන් ඉන්නේ ඉතා ඉහල මට්ටමකට. එතුමාගේ නිහතමානී හැසිරීම, දේශීය සිරිතට ගරු කිරීම වැනි දේ අපේ ජනතාව සතුටින් අගය කරන බව මේ අදහස්වලින්ම පැහැදිලියි. ඔහුට දීර්ඝායු වේවා! (නදී)

:       0       0

චින්තක පෙරේරා Tuesday, 19 November 2013 11:14 AM

චාල්ස් කුමාරයා අවංක නිහතමානී උත්තමයෙක් කියන සිංහලයන් තමන්ගේ රට ගැන හෝ වැඩවසම් රජ පරම්පරාවක කාර්ය භාරය ගැන අවබෝධයක් තිබෙනවද කියන එක මට ප්‍රශ්නයක්. මල් මාලය දවස පූරා දාගෙන හිටියට, තේ දළු කඩන ගැහැණු එක්ක කතා කළාට, ළමයින් එක්ක වචන දෙකක් කතා කළාට චාල්ස් කුමාරයාගේ නියම චරිතය එළියට එනවද? මෙයා කරන්නේ රාජකාරියක්. තමන්ගේ රාජකීයත්වයට අනෙක් අයගේ පිළිගැනීමට ලක් කිරීමක්. ඔය තේ වතු තියෙන ඉඩම් සිංහල ජනතාවගෙන් උදුරා ගත්තේ 1744 අසාධාරණ මුඩුබිම් පනත මගින්. ඒකේ සිංහල මිනිහගේ අවසරයකින් තොරව ඉන්දියාවෙන් දෙමල වහල්ලු ගෙනල්ලා මුලින් කෝපි පසුව තේ වගා කළා. ලංකාවේ අයිතිය පරදේශිකයින් සමග බෙදා ගන්න වුණේ චාල්ස් කුමාරයාගේ මුතුන්මිත්තෝ රජ කරන කාලේ සිංහල ජනතාවගේ අවසරයකින් තොරව සිංහලයාට සමාන වන සේ පුරවැසිකම් දුන්න නිසයි. ඔහු ලංකාවට ආ එක ඔවුන් ඉතිහාසයේ කළ දේවල් අමතක කරන්නක් නොවේ. ඒවා මතක් කරලා අපේ අයිතිය අාපහු ලබාගන්න අවස්ථාවක් කරගන්න සිංහලයා කටයුතු කළයුතුයි. සුහදබව රැකගෙන බුද්ධිමත් ලෙස අපේ ගෞරවයත් අයිතියත් රැකගන්න සිංහලයා කටයුතු කළයුතුයි. (නි)

:       0       0

නඩරාජා Tuesday, 19 November 2013 12:49 AM

චාර්ල්ස් කුමරාට ශ්‍රී ලංකා ජනතාව දැක්වු ආදරය කැමරන් සුද්දන්ට පෙන්වන්න ඕනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 700 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 265 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 3170 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 2052 1

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1756 2

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1606 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14580 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 175 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site