IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර නොදෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සහ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

සභාපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ සිද්ධිය පිළිබඳව කෝප්  කමිටුව හමුවේ තොරතුරු අනාවරණය වූ අවස්ථාවේදීය.

එම සමාගම අධිකරණයට දිවුරුම් පෙත්සමක් ලබාදී මේ සිද්ධිය පිළිබඳව සම්පූර්ණ කරුණු අනාවරණය කර ඇතැයිද සභාපතිවරයා ඒහිදී   ප්‍රකාශ කළේය.

කෝප් කමිටුවේදී මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපති විරාජ් සිල්වා මහතා පැවසුවේ එම ගිවිසුම තමා හිතා මතා කල් නොදැමූ බවයි.



අදහස් (8)

චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි

ukran Friday, 28 March 2025 07:57 PM

එයාලාට විරුද්ධව කතා කරන නිසා බොරු චෝදනා දාලා ඇතුලේ තියන්න හදන්නේ. බොරුවෙන් ජයගන්න බෑ කවදාවත්...

:       92       22

දිනේෂ් Friday, 28 March 2025 09:00 PM

එකක් කියන්නකෝ, හොරු අල්ලන්නද? එපාද?

:       7       61

හසකFriday, 28 March 2025 09:46 PM

ඔයාට ඕන උත්තරේ මොකක්ද? හොරු වීරයෝ කරගෙන ඉන්න අයනං කැමැති නෑ අල්ලනවාට.

:       0       11

ජිල්බුFriday, 28 March 2025 09:58 PM

ukrain, එතකොට ඔය දසනායක හාදයා සියඹලා ගෙනැල්ලාම නැද්ද..?

:       1       13

බකල ජයා Friday, 28 March 2025 08:29 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට එලාම් එක වදිනවා. ආයෙත් මුලක ඉඳලා ඊයේ කරපුවාම අදත් කරනවා.

:       3       46

Thambuththegama sinhaya Saturday, 29 March 2025 06:49 AM

වැඩිය කෑගහන්න ආවොත් ඔක්කොම ඇතුළට දානවා. දන්නේ නැතිවයි මගෙ හිතේ..

:       2       6

නිමල් පෙරේරා Saturday, 29 March 2025 08:23 AM

මේ සමාගමට මැණික් ගරන්න දුන්නා නම් සමන්ත විද්‍යාරත්නලා සතුටෙන්, එකනේ ඔය කියන්නේ. පාර්ලිමේන්තුවේ 159 ටම මේ මනුස්සයා ප්‍රශ්නයක් කියලා පේනවා. ඒකාලේ අල්ලනවා කිව්වේ බැසිල්ලා කළා කියන බිලියන ගණන් වල හොරකම්. අද මොනවාද මේ මාලිමාව කරන විහිළු වැඩ...? මේ දේශපාලන පළිගැනීම් නෙමෙයිද?

:       8       2

Perera Saturday, 29 March 2025 11:34 AM

ක්‍රමයෙන්, මහන්සියෙන්, අනන්දුවෙන් සල්ලි හොයලා දියුණු වෙන්නේ නැතිව ඉක්මණින් හොයන්න ගියාම ඔහොම වෙනවා චාමර... කොහේද ඉතින් මොලේ...?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘රොටුඹ අමිල’ රුසියාවේදී අත්අඩංගුවට
2025 මාර්තු මස 31 31 0

පාතාල කල්ලි නායකයෙක් වන අමිල සම්පත් හෙවත් ‘රොටුඹ අමිල’ නැමැත්තා රුසියාවේදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.


විවාදයට කලින් දේශබන්දු ගෙදර යයි ?
2025 මාර්තු මස 31 810 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින්


’මඩට යන්න එපා’’
2025 මාර්තු මස 31 220 0

මඩ ගැසීම හෝ පෞද්ගලීක කාරණා වැනි දේ නොව පක්ෂයේ ප්‍රතිපත් ජනතාව අතරට ගෙනියන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍ර


උද්ධමනය තවත් ඉහළට
2025 මාර්තු මස 31 17 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකයකට අනුව මාර්තු මාසයේදී මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් යුවළ ගමන්ගත් රියේ ගැටී පෙදරේරුවා මරුට
2025 මාර්තු මස 31 575 0

අනුරාධපුර , කවරක්කුලම ඒ 13 මාර්ගයේදී, විදෙස් ජාතික යුවළක් ගමන් කරමින් තිබූ මෝටර් රථයක යතුරු පැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරු මියගිය බව අ


විදුලිබිඳ වැටීමෙන් සිදුව ඇති පාඩුව කෝටි 830 ක්
2025 මාර්තු මස 31 307 2

පානදුර විදුලි උප පොලේ ප්‍රශ්නය නිසා දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය රුපියල් කෝටි 830 ක් බව එක්සත් ජනරජ පෙරමුණේ නා


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 638 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 738 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1484 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site